සම්පූර්ණ ලිපියම පහත යොමුවෙන් කියවන්න.
http://slstorybook.blogspot.com/2017/09/blog-post_36.html?m=1
මෙන්න වැදගත් කොටස.
බස්තියන් මහතා මේ නොකියා කියන්නේ සොයිසා මහතාගේ මරණයට මන්ත‍්‍ර තන්ත‍්‍රා දී කර්ම ඇතැම්විට සහයවීම ද හේතු පාදක වී ඇති බව නොවේද?
මුඛ පරම්පරාගතව එන කතාව නම් බත්තරමුල්ලේ ශ්‍රී සුභූති නාහිමියෝ ‘පිල්ලියක්’ එවා සොයිසා මහතා මරා දැමූ බවය. මේ පිල්ලිය ගැන පුවත නිරවුල්ව දැන සිටි අවසන් පුද්ගලයා වූයේ පී.කේ.ඩබ්ලිව්. සිරිවර්ධන මහතාය. ඔහු අපේ ජාතික ගීයේ නීත්‍යානුකූල අයිතිකරු විය. මරදානේ ප‍්‍රකට පොත් ප‍්‍රකාශකයකු වූ ඔහු ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි ලවා ජාති මමත්වය සඳහා කවි ලියවා එවා පොත් වගයක් පළ කළේය.1894 දී පානදුරේ උපත ලත් සිරිවර්ධන මහතාගේ මාපියන් සොයිසා පවුලේ සමීපතමයන් විය. පාසල් වියෙන් පසු එවකට තිබූ ඉහළම පොත් ප‍්‍රකාශන ආයතනයක් වූ ඩබ්ලිව්.ටී. බැස්ටියන් සමාගමේ සේවයට බැඳුණු සිරිවර්ධන මහතා 1921 දී තමාගේම පොත් ප‍්‍රකාශන ආයතනයකට අත ගසා ඇත. මහා කවි ආනන්ද රාජකරුණා, ආනන්ද සමරකෝන්, සාගර පලන්සූරිය (කේයස්*, මීමන පේ‍්‍රමතිලක වැනි කවීන් බොහොමයකගේ පොත් පළ කරන ලද්දේ පී.කේ.ඩබ්ලිව්. සිරිවර්ධන මහතා විසිනි. සිරිවර්ධන මහතා පොත් ප‍්‍රකාශයට පත් කළ හිමිනමක් වූයේ බත්තරමුල්ලේ ශ්‍රී සුභූති හිමියන් ය.
සුභූති හිමියන් එවකට මන්ත‍්‍ර ගුරුකම් ගැන උසුලා ඇත්තේ ඉමහත් කීර්තියකි. චාල්ස් හැන්රිද සොයිසා ඔය ගුරුකම් ගැන එතරම් සැලකිල්ලක් දැක්වූ පුද්ගලයකු නොවීය. එහෙත් ඔහු සුභූති හිමියන්ගේ කෙරුවාව ගැන හොඳින් දැන සිට ඇත.
දිනක් තම මන්දිරයේ සඳලූතලයට වී පාර දෙස බලා හුන් සොයිසා මහතාට දැකගත හැකි වූයේ පාරේ වඩින බත්තරමුල්ලේ සුභූති හිමියන්ය. සුභූති හිමියන් තම මන්දිරය අසලින් යන විට හීන් හඬින් මෙසේ කියා ඇත.
‘‘මුත්තර බල්ලන් යන්නේ!’’ සොයිසා මහතා හීන් හඬින් කියූ දේ පාරේ වඩිමින් සිටි සුභූති හිමියන්ට ඇසී මහත් කෝපයට පත්විය. සොයිසා මහතා හොඳින් පෙනෙන තැනකට පාරේ තැනකට ගිය සුභූති හිමියන් දබර ඇඟිල්ල දිගු කොට මෙවැනි අභියෝගයක් කොට ඇත.
‘‘හොඳයි මම උඹට මුත්තර බල්ලෙක් එවන්නම්!’’
සුභූති හිමියන්ගේ අභියෝගය සොයිසා මහතාට හරිහැටි ඇසුනේ නැති මුත් උද්‍යානයේ මල්වලට සාත්තු කරමින් සිටි ‘ධමරු බාස්’ ට හොඳ හැටි අසාගත හැකි විය. හාමුදුරුවන්ගේ කෙරුවාව දත් ධමරු බාස් බියපත්ව සිද්ධිය සොයිසා මහතාට සැල කර සිට ඇත.
1982 නොවැම්බර් 13 දක්වා අවුරුදු 88ක් ජීවත්වූ පී.කේ.ඩබ්ලිව්. සිරිවර්ධන මහතා රස කර කියා ඇති පරිදි නැවත පංසලට වැඩම කළ සුභූති හිමියන් තම කුටිය වසාගෙන දින ගණනාවක් ජප කරන්නට විය. අවසානයේ ජපකොට සොයිසා මන්දිරයට බලගතු පිල්ලියක් එවා ඇත. චාල්ස් හැන්රි ද සොයිසා මහතාගේ බැල්ලියට වැසී ඇත්තේ එම පිල්ලියයි.. පිල්ලියෙන් වියරු වැටුණු බැල්ලිය ඇඟට පැන සපා කෑම නිසා සොයිසා මහතාගේ මරණය සිදුවී ඇත. බත්තරමුල්ලේ සුභූති හිමියන්ගෙන්ම පී.කේ.ඩබ්ලිව්. සිරිවර්ධන මහතා මේ සිදුවීම පැහැදිලි ලෙස අසා දැනගෙන ඇත. නමුත් මේ සිද්ධියට සම්බන්ධ කිසිවකු ජීවතුන් අතර සිටීදැයි සැක සහිතය.
------------------------------
පිල්ලියක් කියන්නේ පණ තියෙන ඇඟක් උවමනාවෙන් පිස්සු වට්ටලා අවශ්‍ය අරමුණක් ඉටු කර ගන්න එකයි.
උදාහරණයක් හැටියට ඉතාම ප්‍රකට වහල් බන්ධනය ගැන කියන්න පුළුවන් , ඒක හරියට කළොත් අදාළ කෙනා තමන්ට ඉතාම හොඳින් කීකරු වෙනවා.
පිස්සු බලු ලෙඩේ කියන්නෙ උවමනාවෙන්ම කරන්න ඕන දේ ඉබේ සිද්ධ වෙන එකයි.
හැබැයි එතකොට වෙන්නෙ දරුණු භයානක දේවල්.
පිස්සු බල්ලෙක් කෑවාම පස්සෙ මිනිහෙක් බල්ලෙක් වගේ හැසිරෙන්නේ අර පිස්සු බල්ලාට වැහිල හිටපු ගුප්ත බල්ලා මිනිස් ඇඟ පාලනයට නතු කර ගැනීම නිසයි.
මේක නවත්තන හැටි mbbs බේසිකයො නොදන්න හිංදයි ඕක හැදුනොත් මැරෙනවාමයි කියල කියන්නේ ....