එල්ලුම්ගහ පෙනි පෙනී උපාධි පිට උපාධි ගත් ඉන්දික

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    එල්ලුම්ගහ පෙනි පෙනී උපාධි පිට උපාධි ගත් ඉන්දික

    එල්ලුම්ගහ පෙනි පෙනී උපාධි පිට උපාධි ගත් ඉන්දික​

    August 31, 2023 02:09 pm






    මරණීය දණ්ඩනය නියමවූවෙකුට අනාගතය ගැන බලාපොරොත්තුවක් ඉතිරි නොවන තරම්ය. ජම්පරයත්, පිඟානත්, කෝප්පයත් හැර අන් යමක් ඔවුන් සතුව නොමැත. එහෙත් 'සිරකරුවෝද මනුෂ්‍යයෝය' යන වැකියට නිසි වටිනාකමක් දෙමින් මරණයේ නිමේෂය තෙක්ම බලාපොරොත්තු අහුලා ගන්‍නට මරණීය දණ්ඩනය නියමවූවෙකුට බාධාවක්ද නැත.
    බමුණුසිංහ ආරච්චිගේ ලක්මිණ ඉන්දික බමුණුසිංහද එසේ බලාපොරොත්තු අත්නොහැරි චරිතයකි. එමෙන්ම ඔහු මෙරට බන්ධනාගාර ඉතිහාසයට අලුත් පිටුවක්ද එක්කර ඇත. ඒ මරණය තෙක්ම මිනිසකුට ඉගෙන ගැනීමට දේවල් ඇතැයි ලොවට පසක් කරමිනි.
    ඒ අනුව 2015 වසරේදී ශාස්ත්‍රවේදී උපාධියත්, 2019 වසරේදී ශාස්ත්‍රපති උපාධියත් ලබාගත් ඔහු මේ වනවිට ඉන්නේ දර්ශනපති උපාධිය අභියසය. දර්ශනපති උපාධියේ පර්යේෂණ නිබන්ධනය පසුගිය 28 වැනිදා විශ්වවිද්‍යාලයට භාර දුන්නේ බන්ධනාගාරයක සිට එවැන්නක් කළ මෙරට පළමු වැනියාත්, ලොව හයවැනියාත් ලෙසිනි.
    සෑම කළු වලාකුළකම රිදී රේඛාවක් ඇතැයි කියන්නා සේ මෙම රිදී රේඛාව සොයා ගන්න ට බමුණුසිංහට දෛවය විසින් ලබාදුන් තීන්දුවක් ප්‍රබල ලෙස බලපෑම් කළේය. පාසල් වියේ සිටම ක්‍රීඩාවටත්, ඉගෙනීමටත් එක ලෙස දස්කම් දැක්වූ ඔහු 2013 වසර වනවිට උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස දස වසරක සේවා කාලයක් සම්පූර්ණ කර තිබුණි.
    මේ අතර බම්බලපිටියේ විසූ කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ වාස් ගුණවර්ධන, ඔහුගේ පුතු ඇතුළු පොලිසියේ සිව්දෙනෙකු‍ට මරණ දඬුවම නියම විය. උප පොලිස් පරීක්ෂක ලක්මිණ ඉන්දික බමුණුසිංහ ද ඒ අතර විය. 2015 වසරේදී එම තීන්දුව ලැබෙන විට බමුණුසිංහ රක්ෂිත බන්ධනාගාරයේ දෙවසරක කාලයක් ගෙවා දමා අවසන්ය. එම කාලය ඔහේ ගෙවා නොදැමූ ඔහු ඒ වනවිට ශාස්ත්‍රවේදී විභාගයද ලියා අවසන් කොට තිබුණි.
    "එයා සැකකරුවකු ලෙස 2013 වසරේ රිමාන්ඩ් කරද්දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යායාලයේ බාහිර උපාධි අපේක්ෂකයෙකු ලෙස ලියාපදිංචි වෙලා හිටියේ. එයා දේශනවලට සහභාගි වෙලා හිටියත් පළමු පරීක්ෂණයට මුහුණ දීලා හිටියේ නෑ. ඒ විභාගේ ලියනවා නම් ඒකට බන්ධනාගාර නිලධාරීන්ගේ අවසරය ලබාගන්න ඕනෑ. ඒ අනුව එවකට බන්ධනාගාර නිලධාරිවරයකු වූ චන්දන ඒකනායක මහත්තයාට මේ ගැන කියලා ඉල්ලීමක් කළාම එතුමා අවශ්‍ය අංශ දැනුවත් කරලා මහත්තයට ලිඛිත පරීක්ෂණයට මුහුණදෙන්න බන්ධනාගාරය තුළම අවස්ථාව හදලා දුන්නා." ඒ බමුණුසිංහගේ ආදරණීය බිරිඳගේ හඬය.
    ඔහු හා ජීවිතය අරඹන විටම තමන්ගේ සිහින බොඳ කරවන තීන්දු ලැබුණද බමුණුසිංහගේ චිත්ත ධෛර්යයට ඇයගෙන් ලැබුණේ ඉමහත් ශක්තියකි. තමා නිර්දෝෂී බව ඔහු ඇයට කීවා පමණක් නොව කවදාක හෝ මුහුණ දීමට සිදුවන මරණය තෙක් හොඳින් ජීවත් වීමටද හෙතෙම අධිඨන් කරගත්තේ ය. තවද මරණය පෙනි පෙනී පවා ඔහු අධ්‍යාපනයෙන් ඉහළට යාමට සිතන්නේ වරදක් ඇතිව හෝ නැතිව බන්ධනාගාර ගතවන සියලු සිරකරුවන්ගේ හිතට පුංචිම හෝ ධෛර්යයක්ද ගෙනෙමිනි.
    ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී බාහිර උපාධිය සම්පූර්ණ කරන්නට ඔහුට හැකිවන්නේ මෙරට බන්ධනාගාර ඉතිහාසයද අලුත් කරමිනි. ඒ 2015 අවුරුද්දේ ය. එම කාලයේදී ඔහු පාඩම් කළේ සුවපහසු පරිසරයක නොවේ. ඔහු වෙනුවෙන් ඇතැම් දිනවල දේශනවලට සහභාගි වූයේ බිරිඳය. ඇය එම දේශන පටිගත කොට ගෙන පැමිණ ඔහුට ලබාදෙන්නේ බන්ධනාගාර නිලධාරීන්ගේ ද අවසරය ඇතිවය.
    "එහෙම ගෙනත් දෙන දේශන අඩංගු සී.ඩී. පට රාත්‍රී දහයෙන් පසුව ඔහුට ශ්‍රවණය කරන්න අවස්ථාව සැලසුණා. ඒ අනෙක් සිරකරුවන් නින්දට ගිය පසුවයි. ඔය විදියට ඔහු මුහුණදුන්නු පළමු විභාගයම සමත්වුණා. ශාස්ත්‍රවේදී උපාධිය ලබද්දී බන්ධනාගාරයෙන් ඔහුට උපාධි ප්‍රදානෝත්සවයට යාමට අවසර දුන්නා . ඒ වෙලාවේ එයා කිව්වා ඊළඟට ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කරනවා කියලා. ඒ එක්කම ඊට සියයට හැත්තෑවක් දේශන සම්පූර්ණ කරන්න ඕනෑ කියන නියමයක් තිබුණා. ඒ අනුව දින හත අටක් එයාට දේශනවලට සහභාගි වෙන්න අධිකරණ අවසරය ලැබුණා. ඒ. එන්. සී. බී. එස්. මොරායස් සහ මොහොමඩ් සහබ්දීන් යන විනිසුරුවරුන්ගෙන් ලැබුණු මානුෂීය තීන්දුවත් එක්කයි." සතුටු කඳුළු වගුරුවමින් ඉන්දිකගේ බිරිඳ එම අතීතය වචන බවට පෙරළුවාය.
    එසේ තීන්දු ලැබෙද් දී එය වළක්වන්නටද ඇතැමුන් උත්සාහ කළත් තම අධිෂ්ඨානය වෙත ළඟාවීමට ඔහු තුළ තිබුණු කැපවීම නිසාම ඊට බාධා පමුණුවන්නට කිසිවකුට අවකාශ නොලැබිණි. ඒ අනුව 2019 වසරේදී ඔහු කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියද ලබාගත්තේ හිත ඇත්නම් පත කුඩාද යන කියමන මොනවට තහවුරු කරමිනි.
    අනතුරුව ඔහු එම විශ්වවිද්‍යාලයේම දර්ශනපති උපාධියට මුහුණදෙන්න ට සූදානම් වූයේ ඉගෙනීමට වූ නොතිත් ආශාව නිසාමය. එහි නිබන්ධනය වෙනුවෙන් ඔහුට මුදල්ද ඕනෑ විය. එම අවශ්‍යතාව එවකට ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමු කරන්නේ බන්ධනාගාර නිලධාරීන්ගේ ද අනුමැතිය සහිතව කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක විසිනි. ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ විස්සක මුදලක් ඔහුගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙන් වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.
    ඒ අනුව "ශ්‍රී ලංකාවේ කල්ලි අපරාධවල නව ප්‍රවණතා" නමින් පිටු තුන්සිය ගණනකින් සමන්විත දර්ශනපති නිබන්ධනය සකසා ඔහු සරසවියට එය භාරදුන්නේ එම ආචාර්ය මණ්ඩලයේ මඟපෙන්වීම හා අනුදැනුම මතය. එහිදී මහාචාර්ය ගීතානි අමරතුංගගේ සහ මහාචාර්ය උබයසේකරයන්ගේ මඟපෙන්වීම විශාල පිටුබලයක් වූ බව ඉන්දිකගේ බිරිඳ සඳහන් කළාය.
    මරුවා පෙනි පෙනී තිබියදීත් ඉගෙනීමට ඔහු තුළ වූ කැපවීමට මනා වටිනාකමක් ලබාදීමට සරසවි ආචාර්යවරුද පසුබට නොවිණි. ඒ අනුව එම උපාධි තුනේ ම අධ්‍යයන කටයුතු කරද්දී සියලු විශ්වවිද්‍යාලවල ආචාර්ය මණ්ඩලය නිබන්ධන කරුණු ගැන විමසුවහොත් දිවා රෑ නොබලා ඔහුට එම කරුණු කියා දෙන්නට තරම් නිර්ලෝභී වී තිබේ.
    මෙතරම් දුරක් එන්නට අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ඉමහත් ශක්තියක් වූ බව ඉන්දික පවසයි.
    බමුණුසිංහ වරක් බිරිඳට කියා ඇත්තේ මොහොමඩ් අලිගේ සාර්ථකත්වය පිටුපස සිටියේ ඔහුගේ කළමනාකරු බවත්, තමාට බන්ධනාගාර ඉතිහාසය වෙනස් කරන්නෙට ලැබුණේ චන්දන ඒකනායක මහතාගේ කාරුණිකභාවය නිසා බවත්ය.
    "ඇත්තටම, මම කිසිම අවස්ථාවක 'නැහැ' කියන වචනය භාවිත කළේ, නැහැ." එහෙම කිව්වා නම් මරණ දඬුවම නියම වූ අයෙකු ලෙස ඔහු කඩා වැටෙනවා. ඒ වගේම තමයි මේ වගේ අවදානමක් ගන්න බොහෝ වෙලාවට කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. මම ඒ අවදානම අරගත්තා. ඒ එක්කම ඔහු වෙනුවෙන් ලෙක්චර්ස්වලට ගියේ ඔ හුගේ බිරිඳයි. ඔහු මට ගෞරවයක් ලබාදෙන්නේ යම් සේද එතරම්ම ගෞරවයක් ඔහුගේ බිරිඳටත් හිමිවිය යුතුයි. ඇය ඒතරම්ම කැපවීමක් ඔහු වෙනුවෙන් කළා. ඒ ඇරුණම බන්ධනාගාර නිලධාරීන් ලෙස අපි ගත්තේ ලොකු අවදානමක්. මරණීය දණ්ඩනය නියමවූ කෙනකුගේ හිතේ බලාපොරොත්තු බිඳ වැටෙනවා. ඔහු සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. හැබැයි මොහු මේ ලබාදෙන ආදර්ශය සෙස්සන්ට ඉතාම වටිනවා.
    ඔහු දර්ශනපති උපාධිය කරද්දී ඔහුට දහවල් කාලයේ පාඩම් වැඩ කටයුතු කරන්න අවසර ලැබුණා. නමුත් ඒ සිරකුටියේ නෙමෙයි. බන්ධනාගාරය තුළ පන්සල් භූමියේ ඉඳගෙනයි ඔහු නිබන්ධනය ලිව්වේ. ඒ වගේම ඔහුට ලැප්ටොප් පරිගණකය භාවිත කරන්න අවසර ලබාදුන්නා. බන්ධනාගාර සුබසාධක මණ්ඩලය ඔහුට ලොකු සහයෝගයක් ලබාදුන්නා.
    ඒ වගේම බන්ධනාගාර ඉතිහාසය තුළ පළමු වතාවට තමයි මරණ දඬුවමට ලක්වූවෙක් දර්ශනපති උපාධිය සම්පූර්ණ කරන්නේ. එතනදී බන්ධනාගාර කොමසාරිස්වරයාගේ සිට සියලු නිලධාරීන් ඔහුට සහයෝගය දැක්වූවා. ඔහු ලංකා ඉතිහාසය අලුත් කළා. ලෝකයේ මෙවැනි අවස්ථා හයක් තිබෙනවා. හැබැයි ඒ බොහෝ උපාධි අවස්ථා ආගම සම්බන්ධ ලබාගත් උපාධි."ශ්‍රී ලංකාවේ කල්ලි අපරාධවල නව ප්‍රවණතා" සම්බන්ධව දර්ශනපති උපාධියක් ලබන පළමු තැනැත්තා ඔහුයි."
    අතිරේක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක සිය මතකය වචන බවට පෙරළුවේ එලෙසිනි.
    මිනිසකුට සිය බලාපොරොත්තුවක් අන්තිම ශේෂය වනතෙක් සිඳී ගියද සුබවාදී බලාපොරොත්තු නැති කරගන්නට තරම් එය කාරණාවක් නොවේ. බමුණුසිංහ ලංකාවට දෙන ආදර්ශය එයයි. කොතරම් දුෂ්කර පරිසරයක වුවත් උත්සාහ කළහොත් මල් නොපිපී තියෙන්නේ නැත. ඒ මල් කවදාක හෝ ලංකාවම සුවඳ කරන බවට බමුණුසිංහගේ සිංහ සෙයියාව ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනු නොඅනුමානය.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මරල දාන්න ඕන මිනීමරු #ශිගේ පුතාලා හුරතල් කරනවා. 🤢🤮

    රෝයල් පාක් ගස් බල්ලත් ඔහොම ඉඳල ඉඳල කොහේ ගියාද නෑ.

    අනික ඕකුන් ඉගෙනගන්න එක පිටින් දාල සැප වැඩිකරගන්න එක කරන්නේ. මරණ දන්ඩනේ ඉන්න එකෙක්ට පන්සලේ ඉන්නයි ලැප්ටොප් පාවිච්චි කරන්නයි හම්බුනා කියන්නේ ලොකු දෙයක්.
     
    Last edited:

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    කන්ෆියුස් වෙනවා මූට විශ් කරන්නද නැද්ද කියල හිතද්දී
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    මෙය වැරද්දක් කරත් පස්සේ තේරුම් අරගෙන තියෙනවා වැරදි හරි ගස්සාවා ගන්න උත්සාහය ගන්නවා
    මේ වගේ අය ජනාධිපති සාමාව දීලා නිදහස් කරන්න ඕනේ
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මෙය වැරද්දක් කරත් පස්සේ තේරුම් අරගෙන තියෙනවා වැරදි හරි ගස්සාවා ගන්න උත්සාහය ගන්නවා
    මේ වගේ අය ජනාධිපති සාමාව දීලා නිදහස් කරන්න ඕනේ
    තේරුම් ගන්නවා කියල රගපෑවොත් හොයන්නේ කොහොමද
     
    • Wow
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    තේරුම් ගන්නවා කියල රගපෑවොත් හොයන්නේ කොහොමද
    ඒක තමා අවුල 10% ක් වගේ බොරු කාරයොත් ඇති
    ඒත් මු හිරේ ඉඳන් ඉගන ගත්තා නිසා හිරෙන් නිදහස් උනා කියලා අනිත් හිර කාරයොත් දැන ගත්තා ම උනොත් හිරෙන් ඉක්මනට නිදහස් වෙන්න ඕනේ නිසා උනුත් ඉගෙන ගන්න පටන් ගන්නවා
    ඉගෙන ගන්නවා කියන්නේ කොහොමත් බුද්දි මට්ටම වැඩි වෙනවා පොඩ්ඩක් ගැඹුරට හිතනවා (මේකෙන් අදහස් වෙන්නේ නැහැ ඉගෙන ගත්තා එවුන් ආයෙත් මිනීමරෙන්නේ නැහැ කියලා)
    බන්ධනාගාර වල තියාගෙන අවුරුදු ගණන් පිනට කන්න දෙනවා ට වඩා මම නම් හිතන්නේ හරියට පුනුරුත්ථාපනය උන කෙනෙක් ඉක්මනින් හරි විදියට බන්ධනාගාරයෙන් එළියට යන එක සමාජයට වැඩ දායකයි කියලා
     

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    1,004
    1,051
    113
    Pluto
    රෝයල් පාක් එකත් කලේ degree එකක්.. කොහෙන් සමව ලැබුනත් තමන්ගේ හර්ද ශක්ශියෙන් සමව ගන්න එක ලේසි නෑ... ඒ කෙල්ල වද දිදී මරපු හැටි මතක් වෙනකොට ඕකට නින්ද යනවා පුදුමයි..
     
    • Sad
    • Like
    Reactions: NRTG and Asmodeus

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එල්ලුම් ගහ පෙනී පෙනී කොහෙද...
    ඌ දන්නවා එල්ලන්නේ නැ කියලා. නිකන් ඉන්න එකේ ඔය වගේ එකකට ෆොක්ස් කරන්න ඇති.
    ඔව් ඒක ඇත්ත
    සිරිසේන එල්ලුම් ගහ ගේනවා කීවම නියමවෙලා ඉන්න ගොඩක් උන්ට ඉන්න කූඩුවලම බඩ යන්න ගත්තලු
     

    rawatenna nam ba

    Well-known member
  • Jul 26, 2023
    215
    444
    63
    රෝයල් පාක් එකත් කලේ degree එකක්.. කොහෙන් සමව ලැබුනත් තමන්ගේ හර්ද ශක්ශියෙන් සමව ගන්න එක ලේසි නෑ... ඒ කෙල්ල වද දිදී මරපු හැටි මතක් වෙනකොට ඕකට නින්ද යනවා පුදුමයි..
    ඔය වගේ උන්ට උබලට අපිට වඩා හොදට නින්ද යනව.