ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගමට කෝටි සීයක බදු සහනයක්…

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    රජයට ගෙවිය යුතු හිඟ ආදායම් බදු මාස හයක් ඇතුළත ගෙවන්නේ නම් ඊට අදාළ පොලියෙන් සහ දඩ මුදලින් නිදහස් කිරීමට රජය තීරණය කර ඇත.

    මෙවර අයවැය ලේඛනයේ තාක්ෂණික කරුණු වලට අදාළ කොටසේ 19 වගන්තියේ සඳහන් වන පරිදි 2022 -2023 අතර කාලය දක්වා නොගෙවන ලද බදු මාස හයක් ඇතුළත ගෙවන්නේ නම් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ සහ 2022 අංක 14 දරන බදු පනතේ සඳහන් වන හිඟ බදු මුදල් සඳහා වන ප්‍රතිපාදන අදාළ නොවේ.

    ඒ අනුව මෙම තීරණය ක්‍රියාත්මක කළහොත් රජයට අය විය යුතු හිඟ ආදායම් බදු මුදලට අදාළව පොලිය වන රුපියල් බිලියන 500ක පමණ මුදලක් රජයට අහිමිවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවැසීය.

    මෙරට නීතියට අනුව රජයට ගෙවිය යුතු බදු නොගෙවා වංචා කළහොත් ඊට අදාළව නිශ්චිත දඩ මුදලක් සහ පොලියක් ගෙවීමට සිදුවේ. 159 වගන්තියේ සඳහන් වන ආකාරයට මසකට සියයට එකයි දශම පහක පොලියක් අය කරගත යුතුය. එය වසරකට සියයට 18ක ප්‍රතිශතයක් වේ. ඊට අමතරව සියයට 25ක දඩ මුදලක් ගෙවීමට සිදුවේ.

    “උදාහරණයක් ගත්තොත් මෙන්ඩිස් සමාගම සුරාබදු හැරුණාම රුපියල් බිලියන 1.5ක් ආදායම් බදු නොගෙවා වංචා කරලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් කෝටි 150ක මුදලක්. එතකොට මේකට අවුරුද්දට 18%ක පොලියක් ගණනේ ගණං හදලා බැලුවොත් අවුරුදු පහකදී රජයට ලැබෙන්න ඕන 90%ක විතර විශාල පොලියක්. ඒ කියන්නේ මේ සමාගම නොගෙවපු බදු සඳහා තව කෝටි 100ක විතර පොලියක් ගෙවන්න ඕන හරි නම් රජයට. හැබැයි දැන් ආණ්ඩුව කියන්නේ ඒ කෝටි 100ක පොලිය අපිට එපා නොගෙවපු බදු කෝටි 150 විතරක් ගෙවන්න කියලා. මේ කරන්න හදන ජනතා ද්‍රෝහී ක්‍රියාවෙන් කෝටි ගාණක් රජයට අහිමි වෙන්න නියමිතයි.” යැයි ද පුබුදු ජයගොඩ කීවේය.

    ඔහු මෙම කරුණ අනාවරණය කළේ මාධ්‍ය හමුවකදීය
     
    • Haha
    Reactions: dilann