අද (23) මීට ටික වෙලාවකට පෙර රාජගිරිය අසලට පෞද්ගලික බස් යොදා ගනිමින් පිරිසක් ගෙනවිත් දමා තිබෙනවා. මෙම පිරිස කව්ද, කුමකට පැමිණ කුමක් සඳහා සුදානම් වන්නේදැයි අසල සිටි පිරිස් සොයා බලා තිබෙනවා.
“අපි නිශ්ශංක මහත්තයාගේ ඇවන්ගාඩ් එකෙන්. උදේම ලැස්ති වෙන්න කියලා පණිවිඩයක් එව්වා. මෙතෙන්ට ගෙනත් දැම්මා. තව ටිකකින් කරන්න ඕනේ වැඩේ කියන්නම කිව්වා. දැන් ඉතින් මෙතන්ට වෙලා බලා ගෙන ඉන්නවා” යි ඒ පිළිබඳව විමසීමේදී ඒ පිරිස අතර හුන් අය කිහිප දෙනෙකු පවසා තිබෙනවා.
මීට පෙර ගම්පහ ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සම්මන්ත්‍රණයකදී මෙවැනිම කුඩා පිරිසක් එම සම්මන්ත්‍රණයට බිත්තර ප්‍රහාරයක් එල්ල කර පැනයාමට තැත් කිරීමේදී ඉන් කිහිප දෙනෙකු අල්ලා පොලිසියට බාර දී තිබුණා. ඒ ඇවන්ට්ගාඩ් හී සේවය කරන සහ සේවය කළ බව කියන එම පිරිස තවමත් පසු වන්නේ රිමාන්ඩ් බන්ධනාගාර ගතවයි.
අද (23) ජාතික ජන බලවේගය විසින් නුගේගොඩදී විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබියදීම මෙම පිරිස මෙසේ රාජගිරියට ගෙනවිත් තිබීම විශේෂයක්.