ඇවන්ට්ගාඩ්vsරක්නා.ලංකා
යහපාලන රැල ඇතුලට ඇවිල්ලා බලපන් ! එබෙන්නේ !

මේ ලිපිය බුද්ධිමත්ව, කරුණු සහිතව, තර්කානුකූලව, නීතිය අනුව, විමසා බලන පුද්ගලයින් සදහා පමණි !
අදහස් ප්‍රකාශ කරනවනම් කුණුහරුප නොලියා තර්කානුකූල වන්න.
==========================================================
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නීති විරෝධී ක්‍රියා දෙකක් මේ වන විට හෙළිදරව් වී තිබේ. ඉන් එකක් වන්නේ කොළඹ ගාලු මුවදොර ආසන්නයේ යුද හමුදා මූලස්ථානය විකුණා ලබා ගත් මුදල් නීත්‍යානුකූල අන්දමින් රජයේ සංයුක්ත ගිනුමට බැර නො කර, පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් තොරව ආරක්ෂක ලේකම් නමින් වෙනම ගිනුමක තබා ගැනීමයි.
එයට කැබිනට් අනුමැතිය ගත් බව ඔහු කියතත්, එවැනි ක්‍රියාවක් අනුමත කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් බව දැන් හෙළි වී තිබේ. LINK
එයින් පසු ගෝඨාභය රාපක්ෂ කියන්නේ එසේ නො කළා නම් අකුරුගොඩ නව හමුදා මූලස්ථානය මේ අන්දමින් ගොඩනගන්නට නො ලැබෙන බවයි. එය නම් අපූරු කතාවකි. ඔහු ඇත්ත වශයෙන් ම පසුගිය ආණ්ඩුවේ දෙවන බලවත් ම පුද්ගලයා විය. රාජ්‍ය සේවය තුළ ඔහුට බැරි දෙයක් නො තිබිණි. එහෙම තත්වයක් තුළ රටේ පවතින නීතියට අනුකූලව අරමුදල් සම්පාදනය කරගෙන හමුදා මූලස්ථානය හදන්නට ඔහුට බැරි ද?
රාජ්‍ය අංශය තුළ ඔහුට කළ නො හැක්කක් නොමැති බව සඳහා නිදසුනකි, දෙවන සිද්ධිය. ඒ ඇවන්ට් ගාඩ් සිද්ධියයි. සැකෙවින් මෙසේ ය.
සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගෙන් නැව් ආරක්ෂා කර ගැනීම සඳහා වෙළඳ නැව්වලට අවි සහ ආරක්ෂාව සැපයීමේ ව්‍යාපාරයක් නාවික හමුදාව කරගෙන ගියේ ය. වෙළඳ නැව් ආරක්ෂා කරන සමාගම්වල අවි ආරක්ෂා කිරීම ද නාවික හමුදාව විසින් කරන ලදී. මෙම ව්‍යාපාරය විධිමත් කරන මුවාවෙන්,ගෝඨාභය එම කාර්යය ඇවන්ට් ගාඩ් නම් තමන්ට හිතවත් පෞද්ගලික ආරක්ෂක සමාගමකට පැවරී ය.
ගුවන් සේවා සැපයීම වඩා හොඳින් කිරීම සඳහා රජයට ශ්‍රීලන්කන් ගුවන් සේවය රජයට පවරා ගන්නා ලදී. මිහින් එයා නමින් අලුත් සමාගමක් ද පිහිටුවන ලදී. ෂෙල් ගෑස් සමාගම රජය විසින් මිළ දී ගනු ලැබී හ. එහෙව් ලොකු ලොකු ව්‍යාපාර කරන්නට පුළුවන් රජයට මේ නාවික ආරක්ෂක ව්‍යාපාරය කරන්නට බැරි ඇයි?
දැන් මේ ව්‍යාපාරය හොඳින් සිදු වෙන බව ඇවන්ට් ගාඩ් නාවික ආරක්ෂක සමාගමේ සභාපති මේජර් ජනරාල් නිශ්ශංක සේනාධිපති පවසයි.එහෙත්, එම සමාගම ලාභ නො ලබන බවක් ද ඔහු පවසයි. හොඳින් පවත්වාගෙන යන සමාගමක් ලාභ නො ලබන්නේ ඇයි? හේතුව පැහැදිලි ය. මේ සමාගමේ ලාභය එය කළමනාකරණය කරන බව කියන නිශ්ශංක සේනාධිපති වැනි අය වැටුප් ලෙස ලබා ගනිති. රජයේ සෙසු සමාගම්වල සිදු වන්නේ ද මෙය ම ය.
මෙම පාවෙන අවි ගබඩාව හමු වූ ගාලු වරාය අයත් වන්නේ රජයටයි.
එම සමාගම මගින් නැව්වලට ආරක්ෂාව සැපයීමේදී යොදාගෙන තිබෙන්නේ ආරක්ෂක හමුදාවලින් මිළ දී ගත් බව කියන රජයේ ආයුධයි.
නැව්වල ආරක්ෂකයන් ලෙස යොදවා තිබෙන්නේ විශ්‍රාමික නාවික හා රජයේ යුද හමුදා සෙබලු ය.
ඔවුන් සේවයේ යොදවන්නේ රක්නා ලංකා නම් රජයට අයත් මිනිස් බල හා ආරක්ෂක සමාගමක් හරහා ය.
මෙම පාවෙන අවි ගබඩාවට ආරක්ෂාව සපයා තිබෙන්නේ ද රජයේ නාවික හමුදාවයි.
මේ කියන ලද සියලු කටයුතු රජය අතින් ඉටු වන අතරතුර එහි අතරමැදි කාර්යයක් කරන ඇවන්ට් ගාඩ් සමාගම පමණක් පෞද්ගලික සමාගමකි.
ඇවන්ට් ගාඩ් යනු නාවික ආරක්ෂක සේවයේ පළපුරුදු සමාගමක් නො වේ. එසේම, එය ඔය කියන තරම් ජාත්‍යන්තර සමාගමක් ද යන්න ද විමර්ශනය කළ යුතු ය. ඔවුන් සතු පාවෙන අවි ගබඩා ගැන කියන තොරතුරු අතිශයෝක්තියෙන් යුක්ත බව පෙනේ. ඇවන්ට් ගාඩ් මැරිටයිම් සර්විසස් (ප්‍රයිවට්) ලිමිටඩ් යනු 2011දී ශ්‍රී ලංකාවේ සමාගම් පනත යටතේ පිහිටුවනු ලැබූවකි.
මෙම සමාගම කටයුතු කරන්නේ ජාත්‍යන්තර නීති යටතේ බව නිශ්ශංක සේනාධිපති පවසයි. ඒ කුමන නීති යටතේ ද යන්න සොයා බැලිය යුතු ය.
ඇවන්ට් ගාඩ් මැරිටයිම් සර්විසස් වෙබ් අඩවියේ සඳහන් වන පරිදි එය ශ්‍රී ලාංකික සමාගමකි.
නාවික හමුදාව විසින් කරමින් සිටි කාර්යයක් එයින් ඉවත් කර වඩා හොඳින් කිරීම සඳහා ඇවන්ට් ගාඩ් නාවික ආරක්ෂක සමාගම ම තෝරා ගත්තේ ඇයි? මේ තෝරා ගැනීම සිදු වූයේ විනිවිදභාවයකින් යුතුව ද?
රජය සමග කරන ව්‍යාපාර හා රජය කරන ව්‍යාපාර පිළිබඳ ප්‍රශ්න කිරීමට රජයේ කොටස්කරුවන් වන ජනතාවට ඉතා පැහැදිලි අයිතියක් තිබේ. ඒවා විනිවිදභාවයකින් යුතුව කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමකි.
මේ ඇවන්ට් ගාඩ් නාවික ආරක්ෂක සමාගමේ හෝ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ ව්‍යාපාරය සාමාන්‍ය සිකියුරිටි සර්විස් එකකට වැඩි දෙයක් නො වේ. එකම වෙනස මෙය මුහුදේ සිදු වීම හා ජාත්‍යන්තර ව්‍යාපාරයක් වීමයි. මේවායේ රාජ්‍ය රහස් නැත. එසේම, මෙය රට වෙනුවෙන් කරන මහා දැවැන්ත සේවාවක් ලෙස අතිශයෝක්තියට නැගිය යුතු නැත.
මෙතන සිදු වන්නේ සෝමාලි කොල්ලකරුවන්ගෙන් නැව් ආරක්ෂා කර ගැනීමයි. මේ ආරක්ෂක සේවාවල පැවැත්ම සඳහා සෝමාලි හා වෙනත් මුහුදු කොල්ලකරුවන්ගේ පැවැත්ම ද අත්‍යවශ්‍ය සාධකයකි. මේ සමාගම් සෝමාලි මුහුදු කොල්ලකරුවන් නඩත්තු කරනවා ඇතැයි සාධාරණ සැකයක් මතු වේ.
අපේ රටේ මේ බිස්නස් රන් කරන අය ද සෝමාලි කොල්ලකරුවන්ට නො දෙවෙනි බව කවුරුත් දනිති.
"රක්නා ලංකා කියන්නේ විශාල කැපකිරීමකින් හා උත්සාහයකින් ගොඩනගපු ආයතනයක්." - ගෝඨාභය රාජපක්ෂ, සී.ඒ. චන්ද්‍රප්‍රේම සමග සම්මුඛ සාකච්ඡාව
ලංකාවේ තිබෙන අනෙකුත් සිකියුරිටි සර්විස් ව්‍යාපාර ගොඩනැගූවන් කිසිවෙක් මෙසේ කියන්නේ නැත. මෙවැනි සමාගමක් හදන්නට ඔය තරම් කැප කිරීම් කළ යුතු ද? කළා ය කියමු. ඉතින් කරන්න තමයි මහජනතාව ඔබට වැටුප් ගෙව්වේ. රජයේ නිලධාරීන් කටයුතු කළ යුත්තේ රාජ්‍ය නීති රීති අනුව මිස තම හිතුමතයට නො වේ. ඔවුන් පරිහරණය කරන ප්රාග්ධනයේ හා දේපලවල අයිතිකරුවෝ මේ රටේ ජනතාවයි.
ආරක්ෂක සේවයෙන් විශ්‍රාම ලැබූ හමුදා නිලධාරීන්ට හොඳින් සැලකීම සඳහා මෙය ආරම්භ කළ බව ගෝඨාභය රාජපක්ෂ පුන පුනා පවසයි. රැකියා කළ හැකි වියේ පසු වන, කලින් විශ්‍රාම ලැබූ ආරක්ෂක හමුදා සාමාජිකයන්ට රැකියා අවස්ථා ලබා දීම හොඳ දෙයකි. එහෙත්, රජයෙන් විශ්‍රාම වැටුප් ද ලබන නිලධාරීන්ට අමුතුවෙන් සලකන්නට මහජන මුදලින් කොම්පැනිවලට වරදාන දිය යුතු නැත.
අදාළ වෙබ් අඩවි:
http://avantgarde.lk/index.html
http://www.avantmaritime.com/
මේ ලිපිය w3lanka වෙබ් අඩවියේ ලිපියකින් උපුටාගත්තකි .....

ඇවන්ට්.ගාඩ් ( private ) vs රක්නා ලංකා ( අර්ධ රාජ්‍ය ලු )
ඇවන්ට් ගාඩ් මැරිටයිම් සර්විසස් (ප්‍රයිවට්) ලිමිටඩ් යනු 2011දී ශ්‍රී ලංකාවේ සමාගම් පනත යටතේ පිහිටුවනු ලැබූවකි.
මෙන්න සමාගම් ලියාපදිංචි කරන රෙජිස්ට්‍රාර් කාර්යාල website එක ...LINK
මේකට ගිහින් Search Existing Names යටතේ ගහලා බලන්න.. avant කියලා
එතකොට 28 records(s) were found කියලා වැටෙනවා ...
එකේ මෙහෙම තියෙනවා
AVANT GARDE MARITIME SERVICES (PRIVATE) LIMITED
මේකට ගිහින් Search Existing Names යටතේ ගහලා බලන්න.. rakna කියලා
එතකොට 3 records(s) were found කියලා වැටෙනවා ...
එකේ මෙහෙම තියෙනවා
RAKNA ARAKSHKA LANKA LIMITED (NPBS 1370)
ඇවන්ට්.ගාඩ් වෙබ්අඩවියේ මෙසේ සටහන් වේ !
Avant-Garde is the leading Security Service and Solutions provider for Commercial, Industrial and Residential establishments in Sri Lanka. Company’s annual turnover exceeds 960.0 Million and we have now expanded our operations to UAE in Facilities Management Services, having incorporated Avant - Garde Emirates LLC in Dubai.
==========================================================
ඇවන්ට් ගාඩ් ආරක්ෂක සමාගම ගෝඨාගේ හෙල්පිං හම්බන්තොට ද?

Last edited: