ඇවිදින ගල්වල අබිරහස හෙළි වූ අයුරු..

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ඇවිදින ගල්වල අබිරහස හෙළි වූ අයුරු..

    1002099_411021635673070_477691560_n.jpg

    විද්‍යාව අතින් කෙතරම් දියුණු වුවද, නූතන තාක්ෂණයේ බල මහිමය හමුවේද තවමත් අබිරහසක් ලෙස පවතින ස්වභාව ධර්මයේ විශ්මිත නිමැවුම් හා ක්‍රියාකාරකම් බොහෝය. අපරිමිත වූ මෙම විශ්මිත අබිරහස් ලැයිස්තුවේ පෙරමුණේ පසු වූ එක් අංගයක් ලෙස සලකන ලද්දේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ “ඩෙත්වැලි” (මරණයේ නිම්නය) ලෙස හැඳින්වෙන සිඳී ගිය ජලාශයක් මත නිරන්තරයෙන් දැකිය
    හැකි වූ ඇවිදින පර්වතය. රාත්තල් හත්සියයද ඉක්මවූ දැවැන්ත බරකින් යුතු ඇතැම් පර්වතයන් මෙලෙස මෙම වියළී ගිය කාෂ්ඨක භූමිය ඔස්සේ කිසිදු බාහිර බලවේගයක බලපෑමකින් තොරව ඇදී යන ලද්දේ ඇතැම් විටක අඩි හයසියයක් පමණ දිගු වූ මංතීරුවක් ද වියළි ‍පොළව මත පැහැදිලිව සටහන් කරමිනි. මතෛක් කලක්, ශතවර්ෂයකට ආසන්න කාලයක් විද්‍යාඥයන් පෙලූ කුතුහලය නිමාවට පත් කරමින් ඇවිදින ගල් පිටුපස සැඟවුණු විජ්ජාව හෙළි කර ගැනීමට පසුගිය දිනකදී නාසා ආයතනයේ භූ විද්‍යාඥයකු වන මහාචාර්ය රැල්ෆ් ලෝරන්ස් සමත් විය. ඒ සිය මුළුතැන්ගෙය තුළදී සිදු කරන ලද සරල පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසය.

    ස්මිත් සෝනියන් සඟරාවට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී සිය සොයා ගැනීම පිළිබඳ පැහැදිලි කරමින් මහාචාර්ය ලෝරන්ස් කියා සිටින ලද්දේ ශීත සෘතුවේදී පාෂාණයේ බාහිරින් එය ආවරණය කරමින් බැඳෙන අයිස් තට්ටුව, විල සිඳී ගොස්, මඩ සහිත තත්ත්වයට පත් වූ කල, පාෂාණය මඩ තට්ටුව මත පහසුවෙන් ලිස්සා යාමට ස්නේහකයක් ලෙස ක්‍රියා කරන බවය. කාන්තාරය හරහා හමා යන දැඩි සුළ¼ගද මීට සැලකිය යුතු පිටුබලයක් ලබා දෙන බවද කිව යුතුය. අයිස් තට්ටුවක් පාෂාණය වටා බැඳීමත් සමග එහි ජල මට්ටමේ සිදුවන සැලකිය යුතු වෙනස, මෙම අත්භූත සංසිද්ධියට හේතුව බව මහාචාර්ය ලෝරන්ස්ගේ අදහසයි. කිසිදු බාහිර බලයක බලපෑමකින් තොරව වැල්‍ලේ ඇදී යන බව පැවසුණද මතෛක් කිසිවෙකු විසින් හෝ මෙම දැවැන්ත පර්වත ගමනේ යෙදී සිටිනු සපීවීව දැක නොමැති වීමද විශේෂත්වයකි. කුඩා ගලක් සුළු පෘෂ්ඨීය වර්ගඵලයක් පමණක් පිටතට නෙරා සිටින සේ එය ජලයේ බහා මිදීමට ලක් කළ මහාචාර්ය ලෝරන්ස්, එය වැලි අතුරන ලද ජල තටාකයක බහාලන ලද්දේ, යටිකුරුව පිහිටන සේය. පාෂාණය වටා වූ අයිස් තට්ටුව හේතුවෙන් මඳ සුළං පහරකින් වුවද පාෂාණයට ජලය මත පාවී යාමට හැකි බව ඔහු එහිදී නිරීක්ෂණය කළේය. එලෙස පාෂාණය චලනය වන ලද්දේ එය වැලි පත්ල හා සමග ස්පර්ශ වෙමින් පවතිද්දීමය. මහාචාර්ය ලෝරන්ස්ගේ න්‍යාය අනුව නිවැරදි තත්ත්ව යටතේ, මඳ සුළඟින් වුවද මෙලෙස දැවැන්ත 7-3පර්වතයක් ගසා ගෙන යාමට හැකියාව ලබෙනුයේ අයිස් තට්ටුව මගින් ඝර්ෂණය අවම කරන නිසාය. මෙම නවතම න්‍යාය ඉදිරිපත් වීමට පෙර මෙම අහඹු සංසිද්ධිය සම්බන්ධයෙන් දක්වන ලද ‍පොදු උපකල්පනය වූයේ දැවැන්ත අයිස් තට්ටු මගින් පර්වත කීපයක් එකට කැටිකොට, කාන්තාරය හරහා එය ගමන් කරවීමට ‍පොළඹවන බවයි. නමුත් මෙබන්දක් සිදුවීම සඳහා පැයට සැතපුම් සිය ගණනක වේගයකින් යුතු සුළඟක් අවශ්‍ය බව ගණිතමය ආකෘති ආධාරයෙන් දැන් සනාථ වී තිබේ. කාලයක් පුරා කුතුහලයෙන් මඩිනු ලැබූ තවත් එක් අත්භූත සංසිද්ධියක් ලෙස ගුප්ත විද්‍යාවන් ප්‍රියකරන්නන් අතර ප්‍රකටව පැවැති ‘රේස්ට්‍රැක් ප්ලෙයා’ නොහොත් මරණීය තැනිතලාවේ ඇවිදින ගල් සම්බන්ධයෙන් නිශ්චිත පැහැදිලි කිරීමක් ඉදිරිපත් වුවද, ස්වභාවයෙන්ම ගුප්ත දෑවලට ප්‍රිය කරන්නන්, සංචාරකයන් තවමත් එය සම්බන්ධයෙන් දරන මිථ්‍යා ආකල්ප වෙනස් කොට නොමැති බව උද්‍යාන පාලකයන්ගේ අදහසයි. චුම්බක බලය, ගුප්ත බල ක්‍ෂේත්‍ර පමණක් නොව පිටසක්වල ජීවීන්ද ඈඳා ගනිමින් අර්ථකථන ඉදිරිපත් කිරීමට නොපසුබට වන ඇතැමුන් මෙම ගල් ඒවා සතු ගුප්ත බලයක් ඇතැයි යන විශ්වාසයෙන් සොරකම් කොටගෙන යාමට පවා පෙළඹී ඇති අතර ඉදිරියටද එම තත්ත්වයේ වෙනසක් සිදු නොවනු ඇති බව වැඩි දෙනෙකුගේ පිළිගැනීමයි.


    death-valley-6.jpg


    0711cDVA1142.jpg


     

    Trickzstar

    Member
    Jul 12, 2013
    142
    8
    0
    එතකොට ඔය ගල් වටේ අයිස් කෝ? මට නම් පෙන්නේ නැහැ ඔය කියපු විදිහේ තටාකයක් ඇත්ත තැන
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    එතකොට ඔය ගල් වටේ අයිස් කෝ? මට නම් පෙන්නේ නැහැ ඔය කියපු විදිහේ තටාකයක් ඇත්ත තැන

    නෑ මචං අයිස් මදෙන්නේ රැට. මම මේ වැඩසටහන නැට්ජියෝ එකේ බැලුව.. ඒ වීඩියෝ එක හොයිගන්න බෑ බන් :(:(
     

    Trickzstar

    Member
    Jul 12, 2013
    142
    8
    0
    නෑ මචං අයිස් මදෙන්නේ රැට. මම මේ වැඩසටහන නැට්ජියෝ එකේ බැලුව.. ඒ වීඩියෝ එක හොයිගන්න බෑ බන් :(:(
    වතුර නැති තැනක් කියලයි මම නම් අහලා තියෙන්නෙ :confused: