ඇවිදින ගල් වල අභිරහස විසදෙයි
ඇවිදින ගල් වල අභිරහස විසදෙයි (no pun intended lol)
----------------------------------------------
අවුරැදු ගණනාවක සිට විද්‍යාඥයින් ට විසදීමට නොහැකි ව තිබූ අභිරහසක් වූයේ, "ඩෙත් වැලී" ජාතික උද්‍යානයෙහි ඇති "රේස්ට්‍රැක්" තැන්න (මෙය සිදී ගිය ජලාශයකි) මත "ඇවිදින" ගල් වල වල අභිරහසයි. මෙම විශාල ගල් (ඇතැම් ඒවා රාත්තල් සිය ගණනක් බැරැති ඒවා විය) තැන්න මත සිzග්-සැzග් රටාවලට ගමන් කලේ කාටත් හොරාය. ඒවා ගමන් කල මාර්ගයන්, වියලී ඉරි තැලී ගිය තැන්න මත වූ සටහන් වලින් පැහැදිලි විය (පහත රෑපය). එහෙත් දැන්, කැලිෆෝනියාවේ "ස්ක්‍රිප්ස්" ආයතනයෙහි ගවේශකයින් දෙදෙනෙක් --රිචර්ඩ් නොරිස් සහ ජේම්ස් නොරිස් (ඥාති සොහොයුරන්) -- මෙම ගල් ඇවිදින්නේ කෙසේ දැයි සොයාගෙන තිබේ. ඔවුන්ට අනුව, රාත්‍රී කාලයේදී වැටෙන සිහින් පොද වැස්ස මගින්, තැන්න මත නොගැඹුරැ අයිස් ස්ථරයක් ඇති වේ. ඉන්පසු, හිරැ උදාවත් සමග මෙම ස්ථරය දියවී යාමෙන් තැන්න මත ඇති පොලොව මඩ සහිත බවට පත් වේ. දැන්, ගල් වලට මෙම මඩ මත ලිස්සා යාමට හැකිය.
2013 දෙසැම්බර් 20 වැනිදා, තැන්න මත ලිස්සා ගිය පාෂාණ 60ක් ගවේශකයින් ලැයිස්තුගත කලෝය. මේ ගැන PLOS ONE නැමති විද්‍යුත් සගරාවේ ලියවුනු ලිපියක, ඔවුන් මෙසේ වාර්ථා කරති: "අප නිරීක්ෂණයට ලක් කල ගල් චලනය වුනේ, ජලය අයිස් කරවන ශීතයකින් යුතු රාත්‍රී කාලයන්ට පසුව උදාවුණු හිරැ රැස් සහිත දින වලයි." ගල් වල චලනය නිතර සිදු නොවන්නේ, වියලි තැන්න මත වර්ෂාවක් පතිත වන්නේ කලාතුරකින් නිසාය. එහෙත් ගල් චලනය වන විට, ඒවා මිනිත්තුවකට අඩි 15ක් පමන ගමන් කරයි (වාර්ථාවට අනුව).
ගවේශකයින් දෙදෙන තම නිරීක්ෂණය ඇරඹුවේ 2011 වසරේදීයි. ඔවුන් තැන්න සහිත ප්‍රදේශයේ කාලගුණ මධ්‍යස්ථානයක් ස්ථානගත කල අතර, ඉන්පසුව තැන්න මත GPS උපකරණ සවිකල ගල් 15ක් තැබුවේය. මෙම GPS ගල්, තම චලනයන් සහ තම වේගයන් වාර්තා ගත කොට තැබීමට සමත් ලෙස නිමවා තිබුනි. පසුගිය වසර අවසානයේදී ගවේශකයෝ දෙදෙන තම උපකරණ පරීක්ෂා කිරීමට රේස්ට්‍රැක් තැන්නට ගියහ.
"අපි දැක්කා, තැන්න අයිස් වලින් වැහී තිබෙනවා," රිචර්ඩ් Times සගරාවට පැවසුවේය. "ඊළගට අපි දැක්කා, තැන්න අයිනේ සැදී තිබූ තුනී අයිස් තට්ටු අසල ඇතිවී තිබූ ගල් වල චලනය දක්වන අළුත් සළකුණු." ඊලග දිනයේ අපරභාගයේදී, "අපි කදු සහිත ප්‍රදේශයේ ඉදගෙන අවට බලමින් ඉදිද්දී, මද සුළගක් හමා ඇවිත් අයිස් තට්ටු ඉරිතලා යාමට පටන්ගත්තා." ඔහු කීවේය. "එක පාරටම, අයිස් දියවී යාමේ පටන් ගල් චලනය වීම දක්වා මුළු ක්‍රියාවලියම අපේ ඇස් ඉදිරිපිට දිගහැරැනා."
More at: https://www.facebook.com/pages/The-Real-Science/1458213964428006?ref=hl

කමක් නෑ ඒ ප්‍රශ්නෙත් එහෙනම් විසඳුනා කියල හිතාගමු.