ඇසට ඇසක්

jarayaka

Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    " පුතාට ඉස්කෝලේ යන්න මොනවද ඕනේ..!? "" මට ඇහක් ඕනෙ "



    මචංලා .. මම මේ වීඩියෝව දෙපාරකට වඩා බැලුවේ නැහැ ඊට වඩා බලන්න තරං ශක්තියකුත් නැහැ.. මේ අන්ද දරුවට ඉස්කෝලේ යන්න ඉල්ලන්නේ පොත් ,පාට පැන්සල් , සපත්තු නෙමේ මාත් හිතුවේ ඒ වගේ දෙයක් ඉල්ලාවි කියල.. එත් එක පාරට මට ඇහැක් ඕනෙයි කිවුවම.. මගේ ඇස් වලින් කඳුළු විද්ද බන් .. මට මාරම අවුල් බන්.. ඇත්තටම ඒ ඉල්ලන දේ දෙන්න පුලුවන්නම්..

    මට දැනගන්න ඕනේ ඇස් බද්ද කිරීමක් කරලා ආපහු පෙනීමක් ලබා දෙන්න පුලුවන්ද කියන එකයි.. එළකිරියේ කවුරු හෝ ඇති නේ මේ ගැන දැනුමක් තියන කෙනෙක්..එහෙමත් නැතිනම් විස්තරයක් හොයා ගන්න පුළුවන් කෙනෙක්..

    කවුරු හරි මේ දරුවාගේ විස්තරත් දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද..

    මන් සල්ලිකාරයෙක් නෙමෙයි.. හැබැයි මේ දරුවට පෙනීම ලබා දෙනවනම් ඒ වෙනුවෙන් ඕනෑම උපකාරයක් කරන්නත් ඒ වගේම උපකාර කරන පිරිසක් එකතු කරගන්නත් සුදානම්..

    එළකිරියේ යාලුවන්ගෙන් ඉල්ලන්නේ පුලුවන්නම් මේ වීඩියෝව ෂෙයාර් කරන්න.. මේ දරුවාගේ පෙනීම ලබා දෙන්න පුලුවන්නම් ඒ තරම් පිනක් තවත් නැහැ..