ඇසළ පෙරහරේ විදුලියට කෝටියක් ඉල්ලයි.

RANJAN_SILVA

Well-known member
  • Jul 12, 2023
    344
    541
    93
    ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වෙන කාලසීමාවේදී විදුලි බල මණ්ඩලය මගින් ලබාදෙන විදුලිය වෙනුවෙන් රුපියල් එක් කෝටි තිස් දෙලක්ෂ අනූ නවදහස් දහයක මුදලක් (1,32,99010) වැය වන බවට ඇස්තමේන්තු කර ඇති අතර එම මුදල කලින් ගෙවන්නැයි විදුලිබල මණ්ඩලය ශ්‍රී දළදා මාලිගාවට සහ සතර මහා දේවාලවලට දැනුම් දී ඇත.රාජ්‍ය උත්සවයක් ලෙස ගැසට් කර ඇති මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු මස 21 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඇස්තමේන්තුවේ වීදි ආලෝකකරණය සඳහා වැයවන මුදල් ද දක්වා තිබීම විශේෂත්වයකි.

    විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු (මහනුවර නගරය) එච්.එස්. බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව අදාළ ලිපිය ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයාට සහ සතර මහා දේවාලවල බස්නායක නිලමේවරුන්ට යොමුකර ඇත.ශ්‍රී දළදා මාලිගාවෙන් රුපියල් 34,12,479 මුදලක්ද නාථ දේවාලයෙන් රුපියල් 11,22,145 ක මුදලක් ද විෂ්ණු දේවාලයෙන් රුපියල් 13,68,385ක මුදලක් ද කතරගම දේවාලයෙන් රුපියල් 11,02,705ක මුදලක් ද පත්තිනි දේවාලයෙන් රුපියල් 11,05,705ක මුදලක් ද පෙරහර ආරම්භ වීමට පෙර ගෙවන ලෙස දැනුම් දී ඇත.

    ඊට අමතරව එම කාලය තුළ වීදි ආලෝකකරණය සඳහා විදුලිබල මණ්ඩලයට රුපියල් 44,41,273 ක මුදලක් ද ගෙවන ලෙස විදුලිබල මණ්ඩලය දන්වා ඇත. මේ සම්බන්ධයෙන් බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ සභාපති, පත්තිනි දේවාලයේ නිලමේ හේමන්ත බණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඔහු කීවේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ විදුලිබල ඇමැතිවරයාගේ අවධානය යොමුකර සහනයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113

    Kari thattayanta ona hinga kanna misak ewa wiyadam karanna newi.

    honda wadey okunta.
     
    • Like
    Reactions: elakiriaddict

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    දළදා පෙරහැර හරි ඕනෑම පන්සලක් පල්ලියක් කිසිම ආගමික ඉස්තනයකට බදු සල්ලි වියදම් කරන එක වැරදි , ආගමික ඉස්තාන අදායම් බදු වලින් නිදහස් කරල තිද්දී තව රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් වියදම් කරන එක වැරදි .

    අපි හැමෝම බදු ගෙවනව , ඒ සල්ලි බදු ගෙවන්නේ රටේ අත්‍යවශ්‍ය වියදම් වලට නැතුව කාගෙවත් පෞද්ගලික විස්වාස වලට වියදම් කරන්න නෙමේ ,

    කාට හරි ආගමික ඉස්තනයකට සල්ලි දෙන්න ඕන නම් දෙන්න පුළුවන් එත් අනිත් අයගේ බදු සල්ලි බලෙන් ඒවට දෙන එක වැරදි

    ලංකාවේ උන් හිතන් ඉන්නේ ලංකාව අරාබියේ සමහර රටවල් වගේ අහක දාන්න තරම් සල්ලි ඇති කියල
     
    Last edited:

    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    අපි හැමෝම බදු ගෙවනව , ඒ සල්ලි බදු ගෙවන්නේ රටේ අත්‍යවශ්‍ය වියදම් වලට නැතුව කාගෙවත් පෞද්ගලික විස්වාස වලට වියදම් කරන්න නෙමේ ,
    කාට හරි ආගමික ඉස්තනයකට සල්ලි දෙන්න ඕන නම් දෙන්න පුළුවන් එත් අනිත් අයගේ බදු සල්ලි බලෙන් ඒවට දෙන එක වැරදි

    well said.
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    අවුරුද්ද මුලම "පෙරහරේ ආලෝක පුජාවට" කියලා පිං කැටයක් තිබ්බ නම් ඕක මාසෙන් දෙකෙන් එකෙතු වෙයි.
    සතීයක් වැඩිත් එක්ක ඇතී.