ඇස්බැස්ටෝස් - poll

ඇස්බැස්ටෝස්:


  • Total voters
    122
  • Poll closed .

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔබේ දැනුමේ/මතයේ හැටියට

    ඇස්බැස්ටෝස්:
    1.තහනම් කරපු එක හොඳයි
    2.තහනම් නොකල යුතුව තිබුනා
    3. තහනම ඉවත්කළත් භාවිතය අඩු වේවි
    4. නිෂ්පාදකයින්ට කතා කරලා අහන්න තිබුනා තහනමට කලින්
    5.ලංකාවට එන ඇස්බැස්ටෝස් වලින් සෞඛ්‍ය බලපෑම අඩුයි
    6.තහනම ඉවත් නොකර ටැක්ස් වැඩිකරන්න ඕනේ
    7. ලාභ නිසා තහනම් කරලා බෑ
    8. ඇස්බැස්ටෝස් ගැන තවත් හොයලා බලන්න ඕනේ

    මනාප (multiple choice) ලකුණු කොට හේතුවක් ඇත්නම් දක්වන්න....

    Sri Lanka’s cabinet has decided to control the importation and use of asbestos from January 1, 2018 with a plan of prohibiting the manufacture of asbestos-related products by 2024 -Sep 09, 2016 Sirasa News


    The Cabinet yesterday decided to relax the ban imposed on the use of Asbestos roofing materials imported from Russia amid reports that the Russian Federation had allegedly retaliated by suspending tea imports from Sri Lanka. Daily mirror (2017-12-20 )

    ඇස්බැස්ටෝස් ගැන සරලව
     
    Last edited:
    • Like
    Reactions: deepwater

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    කෝ පෝල් එක?
    .
    .
    .
    දාල නේද , ඕකේ වෝට් කරා මා පුතී.... ;);)
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    රුසියාව කියන්නේ හද්ද ගූ රටක්. රුසියාවට කැමති ගොඩක් අන්තවාදී රටවල්.
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    රුසියාව කියන්නේ හද්ද ගූ රටක්. රුසියාවට කැමති ගොඩක් අන්තවාදී රටවල්.

    කාලෙකින් දැක්කෙ පුතී....;)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රජය විසින් මෑතකදී ඇස්බැස්ටෝස් තහනම් කරන්නට යෙදුනා. මේ නිසා එය පාවිච්චි කරන මහජනතාව වගේම ඇස්බැස්ටෝස් ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කරන සහ වෙලඳාම් කරන අයට මහත් අපහසුතාවයකට මුහුණ පාන්නට සිදු වෙනවා. කෙසේ වුවත් මේ තහනමට සමගාමීව වෙනත් ආදේශකයක් නිර්ණය වී නැහැ.

    ඇත්තෙන්ම ඇස්බැස්ටෝස් අනතුරුදායකද ?
    එසේ අනතුරුදායකනම් එය සිදු වන්නේ කෙසේද ?
    අපට එය වලක්වා ගන්නට නොහැකිද ?

    ඇස්බැස්ටෝස් යන නම මූලිකව පැමිණුනේ ගිණිනොගන්නා යන සමාන පදයක් වූ ග්‍රීක වදනක් ආශ්‍රයෙන්. මෙය අවුරුදු 4500 කට එහා කාළයේ සිට පැවතුනක්. රෝමන්වරු ධනවත් මියගිය පුද්ගලයින් ඔතා ඔවුන් ගිණි තැබීමට ඇස්බැස්ටොස් වලින් සැකසූ රෙදි පාවිච්චි කළ බවට තොරතුරු තිබෙනවා. එසේ සිදු කරන්නේ මියගිය අයගේ අළු, දැව අළු හෝ වෙනත් දෑ සමග මුසු වීම වලකාලීමට බව ඉතිහාසයේ සඳහන්. රෝමයේ පළමු අධිරාජ්‍යයා වන Charlemagne (800–814) විසින් ඇස්බැස්ටෝස් රෙදිවලින් සැකසූ මේස රෙද්දක් භාවිතා කළ බව සඳහන්, ධනවත් පර්සියානුවන් එවැනි රෙදි ගින්නට දමා පිරිසිදු කර සිය අමුත්තන් පුදුම කළ බව ඉපැරණි වාර්තා සාක්‍ෂි දරනවා. නැගෙනහිර ෆින්ලන්තයේ Juorjävi නම් විල ආශ්‍රිතව සොයාගත් පෞරාණික භාණ්ඩ වලින් පෙනීගොස් ඇත්තේ ඔවුන් සිය වලං වැනි දෑ ශක්තිමත් කිරීමට ඇස්බැස්ටෝස් කෙඳි භාවිතා කර ඇති බවයි. පසුව මාර්කෝ පෝලෝ පවා ඇස්බැස්ටෝස් වල ඇති සුවිශේෂී ගුණ හඳුනාගෙන එවැනි රෙදි සැකසූ බව ඉතිහාසයේ සඳහන් වනවා. කෙසේ වුවත් ඇස්බැස්ටෝස් මහා පරිමාණව කැණීම් ආරම්භ වූයේ 19 වන ශතවර්ෂයේදී යි. මේවා සුවිශේෂ භෞතික ගුණවලින් සමන්විත ලවණ විශේෂයක්. ඒවා අතර ශබ්ධ අවශෝෂණය, ඉහළ ආතතියකට ඔරොත්තු දීමේ හැකියාව, මිලෙන් අඩු වීම සහ ගින්නට, තාපයට, සහ විදුලියට දක්වන ප්‍රතිරෝධීතාවය වැනි දෑ ප්‍රබලව සැලෙකෙනවා. මේ නිසාම ඒවා උදුන් වලට භාවිතා කරන වයර් ආවරණය කිරීමට සහ ගොඩනැගිලි පරිවාරණයට භාවිතා කරනවා. ඇස්බැස්ටෝස් ගින්නට හෝ තාපයට ඔරොත්තු දෙන සේ සකසන විට ඒවා සිමෙන්ති සමග මිශ්‍ර කිරීම හෝ රෙදි-නැතහොත් පැදුරු වැනි දෑ විවීම සිදු කරනවා. මෙවැනි වාසිදායක ගතිගුණ නිසා ඇස්බැස්ටෝස් බහුලව භාවිතා වුවත් 20 වන සියවසේදී එහි ඇති සෞඛ්‍යමය හානිදායක තත්ත්‍වයන් නිසා ලොව පුරා ඉදිකිරීම් ක්‍ෂෙත්‍රයේ සහ ගිණි ආරක්‍ෂණ ද්‍රව්‍ය සැකසීමේදී භාවිතයෙන් ඉවත් කළා.

    ඇස්බැස්ටෝස් තන්තු දීර්ඝකාලීන ආශ්වාසය නිසා පෙනහළු පිළිකා,Mesothelioma නම් පෙනහළු පටක ආශ්‍රිත පිළිකාවන් සහ ඇස්බැස්ටෝසිස් නම් නියුමෝනියා තත්ත්‍වය ඇති වීමට පුළුවනි. මේ සියල්ල මාරාන්තිකයි. ඇස්බැස්ටෝස් පිළිබඳ මේ තත්ත්‍වයන් කරලියට ආවේ 1920-30 ගණන්වල වුනත්, 1980-90 පමණ වන තෙක් විශේෂ නීතිමය පද්ධතියක් සැකසුනේ නැහැ. නමුත් ඒ වනවිට ලොව බොහෝ රටවල් ඇස්බැස්ටෝස් සිය ඉදිකිරීම් කටයුතු වලින් ඈත් කිරීමට පටන් ගත්තා. ඒ අනුව බොහොමයක් රටවල් ඇස්බැස්ටෝස් තහනම් කිරීමට කටයුතු කළේ මේ කාළයේදීයි. ඇස්බැස්ටෝස් ආශ්‍රිත රෝග කෙතරම් දරුණු වුවත්, ලෝකයේ බොහෝ දෙනා, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල තවමත් ඇස්බැස්ටෝස් බහුලව භාවිතා වනවා.

    ඇස්බැස්ටෝස් යනුවෙන් පොදුවේ හඳුන්වන්නේ ස්වභාවිකව පවතින සිලිකේට් ඛණිජ වර්ග හයක එකතුවකටයි. මේවා අයත් වන්නේ Serpentine නම් ඇම්ෆිබෝල් (Amphibole) ඛණිජ සමූහයටයි. එසේම මේ ඛණිජ වර්ග හයම මානව පිළිකා කාරක ද්‍රව්‍ය ලෙස හඳුනාගෙන තිබෙනව‍ා. මේ බොහොමයක් ඛණිජ ඇලුමිනියම්, සිලිකන්, මැග්නීසියම්, සෝඩියම්, කැල්සියම් සහ යකඩ යන මූලද්‍රව්‍ය වල ඔක්සයිඩ වලින් සමන්විතයි. මේ විවිධ මූලද්‍රව්‍යවල විවිධාකාර සැකසීම් නිසා සහ ඒවායේ සාන්‍ද්‍රණය අනුව ඒ ඒ ඛණිජ විවිධ වර්ණය ගන්නවා.

    ඇස්බැස්ටෝස් වලට නම ලැබී ඇත්තේ ලවණ වල ඇති තන්තුමය ස්ඵටිකමය ස්වභාවය නිසායි. මෙම ස්ඵටික සාමාන්‍යයෙන් ඉතාම තියුණු තන්තු ස්වභාවයක් ගනු ලබනවා. මේ තන්තු එහි විෂ්කම්භය මෙන් 20 ගුණයක දිගකින් යුක්තයි. මෙම තන්තු පියවි ඇසට දැකගතහැකි වුවත්, ඒවා ඇත්තෙන්ම ඊටත් වඩා කුඩා ක්‍ෂුද්‍ර තන්තු මිලියන ගණනකින් සමන්විතයි. මේ සියුම් ක්‍ෂුද්‍ර තන්තු සමහරවිට ඝර්ෂණයකදී, කැපීමකදී, පීරිගෑමක දී වැනි අවස්ථාවක පරිසරයට මුදා හැරෙන්නට පුළුවනි. මේ ඇස්බැස්ටෝස් වල ඇති ස්ඵටිකවල වර්ණය අනුව ඇස්බැස්ටෝස් නිල්, දුඹුරු, සුදු, සහ කොළ ඇස්බැස්ටෝස් ලෙස නම් කෙරෙනවා.

    ඇස්බැස්ටෝස් විෂවීම බොහෝ දෙනා සිතන පරිදි ක්‍ෂණිකව සිදු වන්නක් නොවෙයි. ඕනෑම රසායන ද්‍රව්‍යයක්, හෝ විෂක් ශරීර ගතවීම දෙආකාරයකින් සිදු වනවා. ඉතා කුඩා ප්‍රමාණයක් දීර්ඝ කාළයක් තිස්සේ ශරීර ගතවීම නිදන්ගත (Chronic) තත්ත්‍වයක් ලෙසින් හඳුන්වන්නට පුළුවනි. මෙවිට ශරීරයේ රෝග ලක්‍ෂණ පෙන්වීමට සමහරවිට අවුරුදු 10 ක් හෝ 20කටත් වැඩි ගණනක් ගත වන්නට පුළුවනි. මෙයට හොඳම උදාහරණය වන්නේ රජරට වකුගඩු රෝගයයි. ආසනික්, කැඩ්මියම්, ග්ලයිෆොසේට් හෝ වෙනත් කිසියම් හෝ කරුණක් නිසා ශරීරයේ එකතු වන ද්‍රව්‍යයක බලපෑමෙන් දීර්ඝ කාලීනව සිදුවන බලපෑමක් නිසා වකුගඩු රෝගී තත්ත්‍වය ඇති වීමයි. අනෙක් ක්‍රමය වන්නේ ඉතා ඉහළ සාන්‍ද්‍රණයකින් යුතු රසායන ද්‍රව්‍යයක් ඉතා කෙටි කාළයක් තුළ ශරීරගත වීම නිසා සිදුවන ක්‍ෂණික මරණය හෝ අනතුරුදායක තත්ත්‍වයක් (Acute). මේ ක්‍රම දෙක අතරින් ඇස්බැස්ටෝස් විෂවීම සිදු වන්නේ දීර්ඝකාලීනවයි. එය සමහරවිට අවුරුදු 10 ක් හෝ 40 ක් වන්නට පුළුවනි. මෙම තත්ත්‍වය ඇස්බැස්ටෝසිස් (Asbestosis) යනුවෙන් හඳුන්වනවා. මෙහිදී සිදු වන්නේ ඇස්බැස්ටෝස් කෙඳි දීර්ඝකාලීන ආශ්වාසය නිසා පෙනහළුවල පටකවලට සිදුවන හානියයි. මෙසේ හානි වන පටක පසුකාලීනව පිළිකා තත්ත්‍වයන් දක්වා දුරදිග යා හැකියි.

    මෙම කාරණයේ දෙපැත්තක් තිබෙනවා. ඇස්බැස්ටෝස් තහඩු හෝ වෙනත් දෑ වලින් ඇස්බැස්ටෝස් කෙඳි ගැලවී නොයන තාක්, ඇස්බැස්ටෝස් කිසිවෙකුගේ සෞඛ්‍යයට තර්ජනයක් වන්නේ නැහැ. ඇස්බැස්ටෝස් ශරීරයට හානිදායක වන්නේ විශේෂයෙන්ම ඒ හා සම්බන්ධව වැඩ කරන පෙදරේරුවන්ට වැනි පුද්ගලයන්ට සහ එවැනි කටයුතු කරන අවස්ථාවේ ඒ අවට සිටින පුද්ගලයන්ටයි. සමහරවිට ඇස්බැස්ටෝස් තහඩු තරමක් ඝණ තීන්ත ආවරණයකින් වසා තැබුවහොත් මේ ක්‍ෂුද්‍ර තන්තු පරිසරයට එක් වීමේ හැකියාවක් නැහැ. මේ නිසා ඇත්තෙන්ම හොඳින් තීන්ත පිරියම් කළ ඇස්බැස්ටෝස් තහඩු සෙවිළි කළ වහලයක් යට සිටින පුද්ගලයෙකුගේ සෞඛ්‍යමය අවදානම ඉතා පහළ තත්ත්‍වයකයි පවතින්නේ. ඒ ගැන බිය විය යුතු නැති බව ඉතා වගකීමෙන් සඳහන් කළ හැකියි.

    නමුත් කෙනෙකු ඇස්බැස්ටෝස් ආශ්‍රිතව කැපීම්, ඉදිකිරීම් ආදිය සිදු කරන්නේ නම්, ඒ පුද්ගලයාට සහ ඒ අවට සිටින්නවුන්ට මේ ඇස්බැස්ටෝස් ක්‍ෂුද්‍ර කෙඳි ආඝ්‍රාණය වීමේ හැකියාව ඉහළයි. විශේෂයෙන්ම මේ කෙඳි පියවි ඇසට නොපෙනෙන නිසා සහ වායුගෝලයේ ඉතා විශාල පරාසයක පැතිර යා හැකි නිසා මේ අවදානම අධිකයි. මෙන්න මේ නිසා බොහෝ රටවල් දැන් ඇස්බැස්ටෝස් තහනමකට ලක් කර තිබෙනවා. එසේම ඇස්බැස්ටෝස් ආශ්‍රිත ද්‍රව්‍ය වලින් තැනූ ගොඩනැගිලි පවා වසා දමා තිබෙනවා. ජර්මනියේ ලුඩ්විග්ෂ්හාෆන් නගරයේ වූ BASF ආයතනයේ සුවිසල් ගොඩනැඟිල්ල දැලකින් වසා දමා ඇත්තේ එහි ඇති ඇස්බැස්ටෝස් ප්‍රමාණය අධික වීම නිසා. එය කඩා බිඳ දැමුවහොත් මුළු නගරයම ඇස්බැස්ටෝස් දුමාරයෙන් දූෂිත වන නිසා ඉතා කුඩා සිදුරු ඇති දැලකින් එම ගොඩනැගිල්ල වසා දමා තිබෙනවා.

    රටවල් බොහොමයක් ඇස්බැස්ටෝස් තහනම් කළත් 2009 වසරේ දත්තයන්ට අනුව ලෝකයේ ඇස්බැස්ටෝස් නිශ්පාදනයෙන් 9% ක් සිදු කර ඇත්තේ කැනඩාවයි. නමුත් 2011 වනවිට කැනඩාව සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය නවතා දැමුවා. 2015 වනවිට ලොව පුරා ඇස්බැස්ටෝස් ටොන් මිලියන දෙකක නිෂ්පාදනයක් සිදු වූයේ 55% ක්ම රුසියාවෙන්, 20% ක් චීනයෙන්, 15.6% ක් බ්‍රසීලයෙන් සහ 10.8% ක ප්‍රමාණයක් කසකස්ථානයේ නිපැයුම් ආශ්‍රයෙන්. ඇස්බැස්ටෝස් කාර්මික කටයුතු සඳහා කැණීම ආරම්භ වූයේ කැනඩාවේ 1878 වර්ෂයේදී, එසේම එය කෙතරම් වර්ධනය වූවාද කිව හොත් 1895 වනවිට එය සම්පූර්ණයෙන්ම යාන්ත්‍රිකව සිදු කෙරුණා. 19 වන සියවස වනවටම ඇස්බැස්ටෝස් ඉතා පුළුල් පරාසයක භාණ්ඩ නිපදවීම කෙරෙහි යොදා ගත්තා. ගින්නට ඔරොත්තු දෙන තීන්ත වර්ග, කොන්ක්‍රීට්, ගඩොල්, උදුන් සඳහා යොදා ගන්නා පයිප්ප සහ ගඩොල්, ගින්නට-තාපයට-සහ අම්ලවලට ප්‍රතිරෝධයක් දක්වන අමතර කොටස්, පයිප්ප සහ සිවිලිං පරිවාරක ලෙස, බිමට, වහලට, එලිමහන් ගෘහභාණ්ඩ, බ්‍රේක් පෑඩ් ආදී නොයෙකුත් දේ සඳහා ඇස්බැස්ටෝස් යොදා ගැනුනා. වසර ගණනාවකට පෙර එක්සත් රාජධානියේ ඇස්බැස්ටෝස් තහනම් කර තිබුණත්, 2011 වනවිටත් එහි නිවෙස් වලින් 50% ක ප්‍රමාණයක ඇස්බැස්ටෝස් වලින් සැකසූ උපාංග ඇතුලත්ව තිබුණා. ජපානයේ ඇස්බැස්ටෝස් භාවිතා වූයේ වෙනස් අන්දමකටයි. ඇස්බැස්ටෝස් වල වූ අමුද්‍රව්‍ය භාවිතයෙන් ඔවුන් වී වගාවට අවශ්‍ය ඇමෝනියම් සල්ෆේට් නිෂ්පාදනයට යොදා ගත්තා. මෙයට අමතරව බලශක්තිය සකසුරුවමින් පාවිච්චි කිරීමට සීලිං, බිත්ති සහ බිමට තාප පරිවාරකයක් ලෙසින් ඇස්බැස්ටෝස් යොදා ගත්තා.

    1899 තරම් ඈත කාලයකදී වෛද්‍ය මොන්ටේගු මරේ විසින් ඇස්බැස්ටෝස් වල වූ විවිධ සෞඛ්‍යමය ගැටළු අවබෝධ කර ගත්තා. ඇස්බැස්ටෝස් නිසා සිදු වූ පළමු මරණය 1906 දී වාර්තා වූවා. 1900 මුල්භාගයේදී ඇස්බැස්ටෝස් කැණීම් සිදු වූ ප්‍රදේශ වල මිනිසුන් විශාල වශයෙන් විවිධ පෙනහළු ආබාධ වලින් පෙළිම සහ මියයාම සිදු වීම නිරීක්‍ෂණය කළ වෛද්‍ය මරේ විසින් එසේ මියගිය අයගේ පෙනහළු විශ්ලේෂණය කිරීමේදී පෙනී ගියේ ඔවුන්ගේ පෙනහළු ඉතා විශාල වශයෙන් තුවාල වී සහ විනාශ වී ගොස් ඇති බව සහ ඇස්බැස්ටෝස් තැන්පත්ව තිබූ බවයි. ඒ අනුව එක්සත් රාජධානියෙහි අන්තරායකාරී කාර්මික රසායනද්‍රව්‍ය ගොන්නට ඇස්බැස්ටෝස් 1902 දී එකතු වූවා. එයට සමගාමීව 1906 දී ප්‍රංශයත්, 1908 දී ඉතාලියත් ඇස්බැස්ටෝස් එම ලැයිස්තුවට ඇතුලත් කළා.

    ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් දෙවන ලෝක යුද්ධය කාලයේදී නැව් නිෂ්පාදන කර්මාන්තයේ යෙදුනු කාර්මිකයන් ලක්‍ෂයක් පමණ මියගොස් තිබුණේ ඇස්බැස්ටෝස් නිසා. එසේ වුවත් ඇමරිකාව අන් රටවල් මෙන් ඇස්බැස්ටෝස් තහනම් කරන්නට කටයුතු යෙදුවේ නැහැ. එය 1970 දශකය දක්වාම කිසිදු බාධාවකින් තොරව පාවිච්චි කෙරුණා. එසේම එහි සෞඛ්‍යමය හානිය 1930 කාලයේ සිටම දැන සිටියත්, සාමාන්‍ය ජනතාවගෙන් එය ඒ කාලයේ සිටම වසන් කරගෙන සිටි බවට පසුව සොයාගෙන තිබුණා. 2001 සැප්තැම්ර් 11 වන දින සිදු වූ ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථාන ප්‍රහාරය නිසා එහි කුළුණු දෙක සම්පූර්ණයෙන්ම බිඳ වැටුනා. එහි වූ දූවිලි සහ දුමාරයේ ඉතා විශාල වශයෙන් ඇස්බැස්ටෝස් අඩංගුව තිබීම නිසා බොහෝ සෞඛ්‍ය ගැටළු පැන නැගුනා.

    කාර්මිකව භාවිතා වූ ටැල්ක් පවුඩර් සැකසුනේ ට්‍රෙමොලයිට් නම් ඛණිජය මගින් සෑදුන ඇස්බැස්ටෝස් නිධි ආශ්‍රිතවම තිබූ ටැල්ක් නිධි අනුසාරයෙන්. මේ නිසා ඒවා ඇස්බැස්ටෝස් මගින් දූෂිතව තිබුණා. මේ නිසාම දැන් ශරීරයේ ගල්වන ටැල්ක් සහ කාර්මිකව භාවිතා වන ටැල්ක් පවුඩර් ඉතා වෙනස් ප්‍රභව වලින් ලබා ගැනීමට කටයුතු යොදා තිබෙනවා.

    ඇස්බැස්ටෝස් ඇත්තෙන්ම හානි දායක වන්නේ එහි ආශ්වාස කෙරෙන සාන්‍ද්‍රණය මත සහ ආශ්වාස කෙරෙන කාළය මතයි. කෙනෙකු ඇස්බැස්ටෝස් ආශ්‍රිත නිෂ්පාදන හෝ ගොඩනැගිලි කර්මාන්තයේ දිගු කාළයක් නියැලී සිටියේ නම්, අනිවාර්යයෙන්ම පෙනහළු පරීක්‍ෂා කර ගැනීම වැදගත්. හුස්ම ගැනීමේ අපහසුතාවයන් ඇතිනම්, එයින් අදහස් වන්නේ පෙනහළු, ශ්වාස නාල, ප්ලූරාව වැනි දෑ ඇස්බැස්ටෝස් නිසා යම් තුවාලවීමකට ලක් වී ඇති බව විය හැකියි. මෙය ඇස්බැස්ටෝස් සෙවිලි කළ වහලයක් යට සිටින කෙනෙකුට ඒ තරම් බලපාන්නේ නැති වන්නට පුළුවන්. මක් නිසාද යත්, වහලයෙන් සියුම් තන්තු වායුගෝලයට මුදා හැරීම අවම වන නිසා සහ එම තන්තු වායුගෝලයට එකතු වීමේදී ඒවායේ සාන්‍ද්‍රණය ඉතා අවම වීම නිසා. මේ නිසා පෙනහළුවලට ඇතුළුවන තන්තු ප්‍රමාණය නොගිනිය හැකි තරම්.

    මේ කරුණු නිසාම ඇස්බැස්ටෝස් වලට ආදේශකයන් සෙවීමට පර්යේෂකයන් පෙළඹුනා. ඒ අනුව ඒ සොයා ගන්නා සියළුම ද්‍රව්‍ය මානව පිළිකා කාරක නොවිය යුතු බවට නීතියක් පැන නැංවූයේ නව සොයා ගැනීම් සමහරවිට පැරණි දේටත් වඩා හානිදායක විය හැකිව තිබූ නිසා. ඒ අනුව 1978 දී වෙනස් ආකාරයක රටාවකින් බැඳී පවතින, Zetex නමින් හැඳින්වූ වීදුරු තන්තු වර්ගයක් සොයා ගැනුනේ Bal Dixit විසින්. එය ඇස්බැස්ටෝස් වලට වඩා සැහැල්ලු වූ අතර ඒ තරම්ම ඝර්ෂණයට ඔරොත්තු දෙන, ඇස්බැස්ටෝස් මෙන්ම භාවිතා කළ හැකි ද්‍රව්‍යයක් වූවා.

    ඇස්බැස්ටෝස් බොහෝ භෞතික ගතිගුණ ගොන්නකින් සමන්විත වුවත් එහි වූ සෞඛ්‍යමය ගැටළු නිසා එහි වෙනස් ගුණ ආදේශක ද්‍රව්‍ය වලින් පිරිමසා ගැනීමට මිනිසුන් පෙළඹුනා ඇස්බැස්ටෝස් වල වූ ගින්නට ඔරොත්තු දෙන ගතිය ලබා ගන්නට සමත් ද්‍රව්‍යයක් වන PolyBenzImidazole නැතහොත් PBI තන්තු නිෂ්පාදනය වූයේ තාප සහ ගින්දර පරිවාරක ද්‍රව්‍ය ලෙස භාවිතා කිරීමට. එය ද්‍රවාංකය 760 °C (1,400 °F) වන ගිනි නොගන්නා ද්‍රව්‍යයක් නිසා ගොඩනැඟිලි පරිවාරණයට භාවිතා කළා.

    ඇස්බැස්ටෝස් භාවිතයෙන් ඉවත් කිරීමත් සෞඛ්‍යාරක්‍ෂිතව කළ යුතුවූ නිසා බොහෝ විට ඒවා වගුරුබිම් පිරවීම වැනි දෑ සඳහා යොදා ගත්තා. සෙන්ටිග්‍රේඩ් 1000 – 1250 වැනි උෂ්ණත්‍වයකට රත් කළ පසු ඇස්බැස්ටෝස් සෞඛ්‍යාරක්‍ෂිත සිලිකේට් වීදුරු බවට පත් වන නිසා මයික්‍රොවේව් භාවිතයෙන් එසේ ඇස්බැස්ටෝස් සිලිකේට් වීදුරු සහ විවිධ වීදුරු භාණ්ඩ බවට පරිවර්තනය කිරීම ද සිදු වූවා.

    ලංකාවේ ද පමා වී හෝ ඇස්බැස්ටෝස් තහනම සිදු කිරීම විශේෂයෙන්ම ඇස්බැස්ටෝස් ආශ්‍රිතව ගොඩනැගිලි කර්මාන්තයේ යෙදෙන කාර්මිකයන්ට සහ පෙදරේරුවන්ට සිදු කළ සාධාරණයක්. ලංකාවේ කර්මාන්ත ආරක්‍ෂණ කටයුතු ඉතා ලිහිල්ව සිදු කෙරෙන නිසා මේ කර්මාන්තයේ යෙදෙන්නන් මුඛ ආවරණ හෝ පැළඳ සේවය කරන්නේ නැහැ. මෙය ඉතා භයානක තත්ත්‍වයක්. ඇස්බැස්ටෝස් නොවුනත්, වෙනත් දූවිලි වර්ග පෙනහළු කරා යාම වලක්වන්නට බැහැ. මේ නිසා ගොඩනැඟිලි කර්මාන්තයේ යෙදෙන්නන් වෙත ආරක්‍ෂණ ක්‍රියා පිළිවෙලක් සැකසීම ඉතා යෝග්‍ය වන අතර එය කොළවලට සීමා නොවී සත්‍ය වශයෙන්ම ක්‍රියාවේ යෙදවිය යුතුයි. දැනට ඇස්බැස්ටෝස් සෙවිළි කළ ගොඩනැඟිලිවල ජීවත් වන උදවිය ඒ තරම් දැඩි අනාරක්‍ෂිත බවකට පත් වී නැති වුවත්, වහලවල් හෝ සිවිලිං ඉවත් කිරීමේදී හැකිතාක් දුරට ඒ අවටින් ඉවත් වී නාස් ආවරණය කරගෙන සිටීමෙන්, ඇස්බැස්ටෝස් ආඝ්‍රාණය වීම වලක්වා ගන්නට පුළුවනි. එසේම, ඒ පිළිබඳ අනවශ්‍ය බියක් ඇතිකරගතයුතු නැහැ. මක්නිසාද යත්, අප කොතරම් අවාසනාවන්තද යත්, ඇස්බැස්ටෝස් වලට වඩා භයානක රසායන ද්‍රව්‍ය සහ රසායනික සමඟ අප බොහෝ දෙනා සාමාන්‍ය ජීවිතයේදී ගැටුනත්, අපි ඒ පිළිබඳ නිසි අවබෝධයක් නොමැති නිසා එය හානිදායකදැයි කියා හෝ නොදන්නා නිසා… මේ නිසා අප භාවිතා කරන මොනයම් හෝ රසායන ද්‍රව්‍යයක්, ඖෂධ වර්ගයක්, හෝ ආලේපනයක රසායනික සංයුතිය සහ එහි අහිතකර ආචරණ සොයා බැලීම ඔබේ සෞඛ්‍යයට ඉතාමත් වැදගත්.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    hoda nathi nisane thahanam kare eath ithin api asaranai :(


    ඒ උනාට ලංකාව ඇතුලේ ලොකු මතයක් ක්‍රියාත්මක උනා වෙනවා දැන් ආයේ කරළියට ඇවිල්ලත් තියෙනවා ඇස්බැස්ටෝස් තහනම් නොකල යුතුයි කියලා.
    සෞඛ්‍යට අහිතකරයි කියලා ඔප්පු වෙලා නෑ කියලා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රාජිත සෑර් අවුලක් නෑ කිව්වනම් හොඳ ඇති හිටං :dull:

    :yes::yes: අනේද කියන්නෙ පාන්ඩුවෙ හැලපයොම හොද නැ කියල තහනම් කරල, රුසියාව තියල ඇරියට පස්සෙ වේදනාවෙන් අතගගා උන්ම හොදයි කියනව...:rofl::rofl:.අපි මොනා කියන්නද ඕවට...
     
    • Like
    Reactions: kinkon

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    ඒ උනාට ලංකාව ඇතුලේ ලොකු මතයක් ක්‍රියාත්මක උනා වෙනවා දැන් ආයේ කරළියට ඇවිල්ලත් තියෙනවා ඇස්බැස්ටෝස් තහනම් නොකල යුතුයි කියලා.
    සෞඛ්‍යට අහිතකරයි කියලා ඔප්පු වෙලා නෑ කියලා

    :shocked:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala


    ඒත් සමහර මිනිස්සු අදටත් බනිනවා ඇස්බැස්ටෝස් නවත්වනවට.
    පොඩි මිනිහා ගැන නොහිතනවා කියලා.
    ඇස්තමේන්තු වලින් ඇස්බැස්ටෝස් වෙනුවට වෙනත් වහලයක් ආදේශ කරලා ඉදිරිපත්කලොත්, පළවෙනි නෙගෝෂියේශන් එක. ඇස්බැස්ටෝස් වහලෙ.. ඊළඟට සිවිලිම.... විශේශයෙන්ම එළියේ සිවිලිම
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,336
    20,725
    113
    Panadura
    :yes::yes: අනේද කියන්නෙ පාන්ඩුවෙ හැලපයොම හොද නැ කියල තහනම් කරල, රුසියාව තියල ඇරියට පස්සෙ වේදනාවෙන් අතගගා උන්ම හොදයි කියනව...:rofl::rofl:.අපි මොනා කියන්නද ඕවට...

    :yes: :yes: :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes::yes: අනේද කියන්නෙ පාන්ඩුවෙ හැලපයොම හොද නැ කියල තහනම් කරල, රුසියාව තියල ඇරියට පස්සෙ වේදනාවෙන් අතගගා උන්ම හොදයි කියනව...:rofl::rofl:.අපි මොනා කියන්නද ඕවට...



    බැනලා, ඔලුව වනලා හරියන්නේ නෑ...
    හුස්ම ගන්න එපැයි :D