ඇස්වහ කටවහ

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
ඉස්සර ගම් වල මිනිස්සු කියනවා කටවහ තියන මිනිස්සුන්ගේ දිවේ ලප තියනවා කියලා.

ගමක හිටියා මිනිස්සු දෙන්නෙක්. උන් දෙන්නා හොඳ යාලුවෝ. එකෙක් කටවහ කාරයෙක්. ඌ මොකක් හරි කිව්වොත් ඉවරයි.

දවසක් වයසක උන්දෑ කෙනෙක් වෙලට ගිහිල්ලා එන ගමන් කටවහ කාරයගේ මූනටම හම්බවුනා.

"හානේ අවුරුදු හැත්තැ ගානක් වෙලත් මේ උන්දෑ ගහක් ගලක් වාගේ ඉන්න හැටි. අනේ.. වාසනාවන් " අරූ කිව්වා.

පහුවදා උදේ බලනකොට අර සීයා මැරිලා.

ආයේ දවසක් ගමේ පාර හදනවා. පාරට බොරලු දාලා ගල් රෝලකින් තලනවා. වැඩකරන කටිය තේ බොන්ඩ වැඩ නවත්තපු වෙලාවේ කටවහ ඩයල් එක එතෙන්ට ආවා.ඇවිල්ලා ගල් රෝලේ ලඟට ගිහිල්ලා මෙහෙම කිව්වා.

"අපේ අම්මේ..... මෙකෙන්නේ මෙච්චර දුරක් මේ බොරලු ගොඩ තැලුවේ ඈ......අනේ...වාසනවන් " .

පාරේ වැඩකරන කට්ටිය තේ බීලා ආයේ වැඩ පටන්ගන්න ආවා. ඒත් මාර කේස් එක. ගල් රෝල ස්ටාර්ට් වෙන්නේම නෑ. එක එක කට්ටිය හදන්න හැදුවා හැදුවා ඒත් හරිගියේ නෑ. ගල් රොලේ හොල්ලගන්ඩවත් විදියක් නෑ. බැරිම තැන වෙන එකක් ගෙනල්ලා වැඩ පටන් ගත්තා.

ඔය සීන් වලින් පස්සේ ගමේ මිනිස්සු කටවහ කාටයගේ මූනට හම්බුවෙන්නත් බයයි. මොකක් හරි කියලා, "අනේ වාසනාවන්" කියල කිව්වොත් එහෙම ඒ මනුස්සය හරි ඒ මනුස්සය කොරන්ඩ යන වැඩේ හරි එතනම නවතිනවා.

කටවහ කාරයගේ යාලුවෙක් හිටිය කියල මුලින්ම කිව්වේ.පොරගෙ නම සුරංග. සුරංග ගමේ හිටපු ගුණපාලයත් එක්ක හෙන ඊරිසියයි. ගුනපාලයට තිබ්බ වතක් .වත්ත පුරා තැඹිලි ගස් හිටවල තිබ්බා. එව්ව්ගෙ තැබිලි ගෙඩි හැදිලා ලස්සනේ බෑ.සුරංගයා හැමදාම ඔය වත්ත ලඟින් යද්දි ඊරිසියාවෙන් පුපුර පුපුර ගියේ. ගුණපාලයගෙ වත්තේ ගස් වල තැඹිලි හැදෙන්න හැදෙන්න සුරංගයගේ ඊරිසියාව තවත් වැඩි උනා. අන්තිමේදි සුරංගයගේ ඊරිසියාව උපරිමේටම නැගගට පස්සේ සුරංගය කල්පනා කලා ගුනපාලයගෙ තැඹිලි වගාවට ගෙමක් දෙන්න ඕන කියලා.සුරංගය ගැහුවා නියම ප්ලැනක්.
ප්ලෑන තමා උගේ කටවහ යාලුවාට තැඹිලි වත්ත පෙන්නලා "ෂා නියම තැබිලි ගස් ටික..අනේ... වාසනාවන් " කියලා කියවගන්න එක. කටවහ කාරයා එහෙම කිව්වනම් පහුවදා වෙද්දිම සුවර් එකට ගස් ඔක්කොම කනාටු වෙලා යනව කියලා සුරංගය දන්නවා.

එක දවසක් සුරංගයා කටවහ කාරයත් එක්ක ගමනක් යනවා. ඔන්න යනකොට දෙන්නා ගුණපාලයගෙ තැඹිලි වත්ත ලඟිනුත් යනවා. සුරංගය හිතුවා මෙක තමා අරූට තැඹිලි වත්ත පෙන්නෙන්ඩ හොඳම වෙලාව කියලා මෙහෙම කිව්වා

"මේ මචන්, උඹ දන්නවද මේ තියෙන්නේ ගුණපාලයගේ තැඹිලි වත්ත . බලපන්කෝ ගස් වල තියන තැඹිලි ඉති ගොඩ"

කටවහ කාරයට පොඩ්ඩක් ඇස් පේනවා අඩුයි. පොරට හරියට සීන් එක පේන්නේ නෑ.

"කෝ සුරංගයෝ මට පෙන්නෙ නෑ නේ එක තැඹිලි ගෙඩියක් වත්" කටවහ කාරය කිව්වා.

එතකොට සුරංගය කිව්වා "බලපන්කෝ හොඳට, මචං ඔය හැම ගහකම හැදිලා තියෙන්නේ සරුසාරෙට" කියලා.

"කෝ... මට තැඹිලි තියා මෙලෝ ගෙඩියක් පෙන්නේ නෑ බං" කටවහ කාරය කිව්වා.

බැරිම තැන සුරංගයා කටවහ කාරයව ඇදගෙන වත්තේ වැට අයිනටම ගිහිල්ලා "අර තියෙන්නේ බං තැඹිලි කියලා " පෙන්නුවා.

ඒ පාර නම් කටවහ කාරය තැඹිලි දැක්කා. ඊට පස්සේ ඌ ඇස් දෙක ලොකු කරන් සුරංගය දිහා බලලා මෙහෙම කිව්වා.

"අච්චර දුර ඉඳන් මේ තැඹිලි ඉති ඔක්කොම උඹට පෙනුනද බං? සුරංගයෝ......... උඹේ ඇස් දෙක තමා ඇස් දෙක. අනේ..... වාසනාවන් " :lol:


-----------------------------------------------------------------------------------------------------------
බුකියෙන් ඉස්සුවේ

හැමෝටම කියවලා හිනා වෙන්න බම්ප් වෙන්න comment එකක් දාල යන්න
 
Last edited:

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
bump බම්ප් !

බුකියෙන් තමයි ඉතින් ඉස්සුවේ. ඒකත් කොහෙන් උස්සපු එකද්ද කියලා sure නෑ.
මොනවා උනත් පට්ට කතාව නිසයි share කොර ගත්තේ

comment වලටයි rep වලටයි තුති :)
 

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අනේ වාසනාවන් :lol::lol::lol:

    blind-man-with-cane.JPG