ඇස්‌බැස්‌ටෝස්‌_බිය

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,145
    17,032
    113
    ඇස්‌බැස්‌ටෝස්‌_බිය

    තුන් බියකින් පෙළෙන
    ඇස්‌බැස්‌ටෝස්‌ සෙවිලි තහඩු නිවැසියෝ

    නිවසට පොල් අතු වහල සවිකළ අපේ පැරැන්නෝ පසු කලෙක සිංහල උළු සෙවිලි කළහ. ඉන් පසු රට උළු සෙවිලි කරන්නට යොමුවූහ. 1950 වසර ආරම්භයත් සමග ශ්‍රී ලංකාවේ නිවාසවල වහල සෙවිලි කිරීම සඳහා ඇස්‌බැස්‌ටෝස්‌ තහඩු ජනප්‍රිය වන්නට විය. එය උළු සෙවිලි කරන වහලවලට වැයවන මිල ගණන්වලට වඩා අඩු බැවින් ශ්‍රී ලාංකික ජනතාව ඉතා සීඝ්‍ර ලෙස ඇස්‌බැස්‌ටෝස්‌ සෙවිලි තහඩු භාවිතයට යොමුවූහ.

    4-1.jpg

    ඇස්‌බැස්‌ටෝස්‌ සෙවිලි තහඩු නිපදවනු ලබන්නේ සිමෙන්ති 70% ක්‌ ෆයිබර් 7% ක්‌ සහ ජලය 23% ක්‌ යොදා ගෙනය.

    ෆයිබර් යනු අප පොදුවේ පවසන ඇස්‌බැස්‌ටෝස්‌ය. මෙම ෆයිබර් කොන්ක්‍රීට්‌ තට්‌ටුවක ඇති යකඩ දැලක්‌ මෙන් ඇස්‌බැස්‌ටෝස්‌ තහඩු අභ්‍යන්තරයේ සිමෙන්ති සමග සම්බන්ධවී පවතී. ඇස්‌බැස්‌ටෝස්‌ තහඩුවේ ශක්‌තිය ර¹ පවතින්නේ මෙම ෆයිබර් සැකිල්ල මතය.

    ඇස්‌බැස්‌ටෝස්‌ ෆයිබර් නිපදවන්නේ පොළොවේ ඇති අකාබනික ඛනිජමය සිලිකේට්‌ (sio4 ) විශේෂයකිනි.

    මෙම ෆsයිබර් සර්පන්ටයින් (Serpentine) ක්‍රිසෝටයිල් (Chrysotile) හෙවත් සුදු ඇස්‌බැස්‌ටෝස්‌ ලෙසද ඇමිෆිබෝල් (Amphibole) වර්ගයට අයත් ඇමෝස්‌ටයිල් (Amostile ) හෙවත් දුඹුරු ඇස්‌බැස්‌ටෝස්‌ ක්‍රොසිඩොටයිල් (crocido tile) හෙවත් නිල් ඇස්‌බැස්‌ටෝස්‌ ලෙසද වර්ග කිහිපයක්‌ පවතී.

    4.jpg

    දුඹුරු සහ නිල් ඇස්‌බැස්‌ටෝස්‌හි ඇති ෆයිබර් කෙඳි පෙනහලු හෝ ආමාශයට ඇතුළුවීමෙන් පිළිකා ඇතිවිය හැකි බව හෙලිවූ නිසා 1970 වසරේ සිට එම ඇස්‌බැස්‌ටෝස්‌ ආශ්‍රිත නිෂ්පාදන තහනම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගනු ලැබීය.

    මෙතැන් පටන් ඇස්‌බැස්‌ටෝස්‌ සෙවිලි තහඩු පිළිබඳව මහජනතාව තුළ බියක්‌ ඇතිවන්නට විය. ඇස්‌බැස්‌ටෝස්‌ වහල සහිත නිවාසවල ජීවත්වීමෙන් පිළිකා රෝගයට ගොදුරුවිය හැකි බවට බියකින් ජනතාව පෙළෙන්නට වූහ.

    නමුත් තහනම් වූයේ ඇමිෆsබෝල් වර්ගයට අයත් දුඹුරු සහ නිල් ඇස්‌බැස්‌ටෝස්‌ය. සර්පන්ටයින් වර්ගයට අයත් ක්‍රිසෝටයිල් හෙවත් සුදු ඇස්‌බැස්‌ටෝස්‌ තහනම් කර නැත. ජනතාව එය දන්නේ නැත. මේ පිළිබඳ දැනුවත් බවක්‌ද ජනතාව තුළ නොමැත. එනිසා සුදු ඇස්‌බැස්‌ටෝස්‌ මගින් නිපදවන සෙවිලි තහඩු පිළිබඳවද ජනතාව තුළ බියක්‌ හටගෙන තිබේ.

    සුදු ඇස්‌බැස්‌ටෝස්‌වල ඇති අනු ස්‌වසනය මගින් පෙණහලු තුළට හෝ මුඛය මගින් ආමාශගත වූ විට ඒවා විනාශ කිරීමට ශරීරයේ ඇති ආම්ලික සහ භාෂ්මික තරලයට හැකිවන බව වෛද්‍ය පර්යේෂණ මගින් සනාථ කර තිබේ. එනිසා සුදු ඇස්‌බැස්‌ටෝස්‌ මගින් පිළිකා අවදානමක්‌ ඇතැයි කියා තවම නිශ්චිතව තහවුරු වී නැත.

    2010 වසරේදී පැවැති රොටර්ඩම් (Rotterdam) සම්මුතියේදි සුදු ඇස්‌බැස්‌ටෝස්‌ හෙවත් ක්‍රිසෝටයිල් ෆයිබර් අන්තරාදායක ද්‍රව්‍ය කාණ්‌ඩයට යටත් කිරීමට යුරෝපා සංගමය ගෙන ආ යෝජනාව ප්‍රතික්‌ෂේප විය.

    සුදු ඇස්‌බැස්‌ටෝස්‌ මහා පරිමාණයෙන් නිපදවනා සහ භාවිතා කරන ඉන්දියාවේද සුදු ඇස්‌බැස්‌ටෝස්‌ තහනම් කිරීමට පරිසර සංවිධාන විසින් ගෙන ආ යෝනාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභා කරන ලදී.

    නමුත් ශ්‍රී ලංකාවේ මෑතක සිට ඇස්‌බැස්‌ටෝස්‌ සෙවිලි තහඩු සම්බන්ධව මහත් ආන්දෝලනයක්‌ පවතී. ඊට හේතු වී ඇත්තේ 2018 වසරේ සිට ඇස්‌බැස්‌ටෝස්‌ සෙවිලි තහඩු භාවිතය තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කිරීමය. නමුත් එසේ තහනම් කරන්නේ සුදු ඇස්‌බැස්‌ටෝස්‌ද යන්න පැහැදිලි නැත. දුඹුරු සහ නිල් ඇස්‌බැස්‌ටෝස්‌ සෙවිලි තහඩු නිපදවීම මේ වනවිට ජාත්‍යන්තරව තහනම් කර ඇත.

    සාමාන්‍ය ජනතාව තුළ සුදු ඇස්‌බැස්‌ටෝස්‌, දුඹුරු ඇස්‌බැස්‌ටෝස්‌ හෝ නිල් ඇස්‌බැස්‌ටෝස්‌ කියා දැනුවත් බවක්‌ නැති නිසා ඔවුන් දන්නේ ඇස්‌බැස්‌ටෝස්‌ යන පොදු නාමය පමණි. එනිසා සුදුසු ඇස්‌බැස්‌ටෝස්‌ යොදා නිපදවූ සෙවිලි තහඩු යෙදූ වහල සහිත නිවාසවල ජීවත්වන ජනතාවද මේ වනවිට පසුවන්නේ පිළිකා බියකිනි එම බිය අනියත බියක්‌ද සැබෑ බියක්‌ද, දේශපාලන බියක්‌ද යන තුන් බිය පිළිබඳව ජනතාව දැනුවත්කර එම බිය දුරු කිරීම වගකිවයුත්තන් සතු යතුකමක්‌ සහ වගකීමකි.

    එසේ නොවුණහොත් ඇස්‌බැස්‌ටෝස්‌ සෙවිලි තහඩු සහිත නිවාසවල ජීවත්වන්නන් මිය යන්නේ පිළිකා නිසා නොව, හෘදයාබාධවලට ගොදුරුවීමෙනි.

    උපාලි ද සේරම්(ඉරිදා දිවයින)
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    සාමාන්‍ය ජනතාව තුළ සුදු ඇස්‌බැස්‌ටෝස්‌, දුඹුරු ඇස්‌බැස්‌ටෝස්‌ හෝ නිල් ඇස්‌බැස්‌ටෝස්‌ කියා දැනුවත් බවක්‌ නැති නිසා ඔවුන් දන්නේ ඇස්‌බැස්‌ටෝස්‌ යන පොදු නාමය පමණි. එනිසා සුදුසු ඇස්‌බැස්‌ටෝස්‌ යොදා නිපදවූ සෙවිලි තහඩු යෙදූ වහල සහිත නිවාසවල ජීවත්වන ජනතාවද මේ වනවිට පසුවන්නේ පිළිකා බියකිනි එම බිය අනියත බියක්‌ද සැබෑ බියක්‌ද, දේශපාලන බියක්‌ද යන තුන් බිය පිළිබඳව ජනතාව දැනුවත්කර එම බිය දුරු කිරීම වගකිවයුත්තන් සතු යතුකමක්‌ සහ වගකීමකි.


    ඇත්ත කාතාව.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඔක තමයි මටත් තියෙන ප්‍රශ්ණය. මම වහලෙට Zn- Al sheet දාන්න හදන්නේ. Zn- Al sheet වල මොනවද තියෙන අවුල්.