ඇහැට කදුලක් උපන්නා
මේ සංවේදී කතාව කියෙව්වහම හිතුන මේ අපේ ජීවමාන වීරයෙක් නේද කියල. ගොඩක් දෙනෙකුට ඒ අමිහිරි අතීතය මතකයි. ප්‍රබාකරන් කියපු කිසිම දෙයක් එක්ක එකග නොවුනත්, එක දෙයකට එකගයි
(සිංහලයන්ට මතක තියෙන්නේ හැම දේම සති දෙකක් විතරයි)
copyright Lankadeepa newspaper
original article : http://www.lankadeepa.lk/index.php/articles/351167
ලොරියට කොටි ගහද්දී අසුනක් යට සැඟවූ දරුවා 25 වසරකට පසු
ඒ, 1990 වසරේ අගෝස්තු මාසයේ හත්වැනිදාය. කොටි ත්‍රස්තවාදි කලබල දෝර ගලා යන තරමට හිස ඔසවමින් තිබූ අවධියකි. ”බෝම්බ වෑන් එක” එදාත් සුපුරුදු පරිදි මොරවැව - හොරොව්පතාන මාර්ගයේ ධාවනය වෙමින් තිබුණේ අතුරු සිදුරු නැතිවන තරමට සෙනඟ ද පටවාගෙනය. රොටවැව ඇතුළු අවට ගම්දනව් දාහතක (17) පමණ ජනතාවගේ සියලූ ප්‍රවාහන අවශ්‍යතාවන් පිරිමසා ගැනීමට තිබුණේ මෙම වාහනය පමණි.
මෙම රථයට එල්ල කරන ලද ප්‍රහාරයක් නිසාය. කලකට ඉහතදී මෙම රථය මොරවැවත් ත්‍රිකුණාමලයත් අතර ධාවනය කර තිබෙන අතර දිනක් එම මාර්ගයේ පාළු මැදවච්චිය ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ අවස්ථාවක එය බිම් බෝම්බයකට හසුව ඇති අතර ඉන් රියැදුරු ඇතුළු අට දෙනකු එම ස්ථානයේදීම මියගොස් තිබේ. මෙලෙස බිම් බෝම්බයෙන් විනාශ වී ගිය ලොරි රථය යළි ප්‍රතිසංස්කරණය කර මොරවැව - හොරොව්පතාන මාර්ගයේ ධාවනයට එක් කළ අතර එදා පටන් එම ප්‍රදේශයේ ගැමියෝ ඊට ”බෝම්බ වෑන් එක” යන නම ව්‍යවහාර කළහ.
මේ බෝම්බ වෑන් රිය 1990 වසරේ අගෝස්තු දාහත් වැනි දිනද සුපුරුදු පරිදි මොරවැව - හොරොව්පතාන මාර්ගයේ ධාවනය කරමින් තිබූ අතර එහි එක්දරු මවක වූ චන්ද්‍රා මල්කාන්ති මහත්මිය ද අසුන් ගෙන සිටියාය. ඒ, දින දහයක් පමණ වයසැති සිය දරු සිඟිත්තාද තුරුළු කරගෙනය.
කිසිඳු විශේෂයකින් තොරව සෙනඟ පටවා ගත් ලොරි රථය මාර්ගයේ ඉදිරියටම ඇදුණත් වැඩි දුරක් යන්නට ලැබුණේ නැත. කිසිවෙකු හෝ නොසිතූ නිමේෂයක ලොරි රථය වැටලූ කොටි ත්රස්තවාදීන් පිරිසක් දිගට හරහට එයට වෙඩි ප්‍රහාර එල්ල කරන්නට වූ අතර එම ප්‍රහාරය හමුවේ අහිංසක සිවිල් නිරායුධ වැසියෝ විසි හය දෙනෙක් (26) දිවි පිදූහ.
චන්ද්‍රා මල්කාන්ති මහත්මිය ද එලෙස මියගිය පිරිස අතර සිටි නමුත් ඇගේ දස දිනක් වයසැති දරු සිඟිත්තා මේ රුදුරු ත්‍රස්ත ප්‍රහාර හමුවේ ජීවිතය බේරා ගැනීමට තරම් වාසනාවන්ත විය. ඒ, ඔහුගේ මව වන චන්ද්‍රා මල්කාන්ති මහත්මිය සිදු කළ කැපකිරීම නිසාය. කොටි ත්රස්තයන් කිසිදු ඉවක් බවක් නැතිව තමන් ඇතුළු ගම්වැසියන් ගමන් ගත් රථයට පහර දෙන බව දැනගත් ඇය කළේ සිය දරු සිඟිත්තා ප්ලාස්ටික් ගමන් මල්ලක සඟවා ලොරි රථයේ අසුනක් යට සැඟවීමට පියවර ගැනීමය. ඇය එසේ නොකරන්නට ප්‍රියා සූරසේන නමැති එම දස දිනක් වයසැති ළදරුවාගේ ජීවිත ඉරණම එතැනදීම විසඳෙන්නට ඉඩ තිබිණි.
රථයේ සිටි අහිංසක නිරායුධ වැසියන් එකාපිට එකා බැගින් වෙඩි තබා මරණ විටදීවත් ඒ වෙඩි හඬවල්වලට බයෙන් ළදරුවාට හැඬුම් නාවේ ඔහුගේ වාසනාවටය. ඔහු මහහයියෙන් හඬන්නට පටන් ගත්තේ ප්‍රහාරය එල්ල කළ ත්රස්තයන් එම ස්ථානයෙන් පලා ගියායින් පසුවය. හරියටම එම ස්ථානයට හමුදා ජීප් රියක් පැමිණි අවස්ථාවේදීය.
මේ සිදුවීමෙන් ප්‍රියා සූරසේන නමැති ළදරුවාට සිය මව අහිමිවී ගිය අතර ඊට ටික කලකට පසු ඔහුට පියාද අහිමිවූයේ ඔහු වෙනත් කසාදයක් කර ගැනීමත් සමඟය. එතැන් පටන් ප්‍රියාගේ නීත්‍යනුකූල බාරකරුවන් බවට පත්වූයේ ඔහුගේ බාප්පාත්, පුංචි අම්මාත්ය. ප්‍රියාගේ ළමා විය, නව යොවුන් විය මේ ආදී ජීවිතයේ සෑම වැදගත් සන්ධිස්ථානයකදීම ඔහුට සෙවණ, ආරක්ෂාව සපයමින් ඔහුව රැුක බලා ගත්තේ ඔවුන් දෙදෙනාය.
එදා කොටි ත්රස්තයන් විසින් සිදු කරනු ලැබූ ම්ලේච්ඡු ප්‍රහාරය පිළිබඳවත් ඉන් විනාශ වූ අහිංසක මිනිස් ජීවිත පිළිබඳවත් රට ඇතුළත විශාල කතාබහක් ඇති වූ අතර ජනමාධ්‍ය විසින් ද ඒ පිළිබඳව සොවින් පිරීතිරී ගිය ලිපි පළ කරනු ලැබීමත් සමඟ මුළු රටේම අවධානය මේ කෙරෙහි යොමු විය.
එවකදී ”ලංකාදීප” පුවත්පතෙහි සේවය කළ නිමල් සමරසිංහ මාධ්‍යවේදියා සහ පුෂ්පකුමාර මතුගම ඡුායාරූප ශිල්පියා විසින් වෙඩි තැබීම සිදු කළ ස්ථානයටත් හොරොව්පතාන රෝහලටත් ගොස් මෙම සිද්ධිය වාර්තා කරනු ලැබූ අතර නිමල් සමරසිංහ විසින් සම්පාදනය කරනු ලැබ 1990.08.12 වැනි දින ”ලංකාදීප” පත්‍රයේ පළවූ එම ලිපියෙහි කොටසක් අප මෙලෙස උපුටා දක්වන්නේ එම සිදුවීමෙහි සැබෑ තත්ත්වය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට එය අපට උපකාර වන බැවිනි.
”මේ බිළිඳාගේ ජීවිතය තවත් කලකට ගැලවුණේ ඔහු මොළකැටි බිළිඳකු වූ බැවිනැයි මට සිතිණි. තම කිරිකැටි දරුවා ගමන් මල්ලක් තුළ දමා ගෝනියකින් වසා ලොරියේ බංකුවක් යට සඟවනු හැර ඒ මවට කළ හැකි වෙනත් දෙයක් නොතිබෙන්නට ඇත. බිළිඳාගේ ජීවිතය ඒ නිසා බේරුණ ද මවට නම් කොටි ත්රස්තවාදීන්ගෙන් ගැලවීමක් නොතිබිණි.
ඔහුගේ මව ඇතුළු අහිංසක ගැමියන්, ගැහැණුන් සහ දරුවන් 26 දෙනෙකු කළුවරගස්වැවදී ඉකුත් බදාදා ඉතා අමානුෂික ලෙස වෙඩි තබා මරා දමනු ලැබ තිබිණි. මේ මහා මිනිස් ඝාතනය සිදු කළ ආකාරය පිළිබඳ තොරතුරු සොයා බැලීමට ගිය අපට හොරොව්පතාන රෝහලේ පුංචි තොටිල්ලක ගුලිවී නිදන ඒ කිරිකැටි බිළිඳා දැක ගැනීමට හැකි විය. ඔහුගේ නම ප්‍රියා සූරසේන බව හෙදියක් අප සමඟ පැවසුවාය.
සූරසේන සුරතල්ය. හුරුබුහුටිය. මෙලොව බිහිවී දස දිනක් ගෙවෙන්නටත් පෙර මව් සෙනෙහස සදහටම ඔහුගෙන් පැහැරගෙන තිබුණේ බෙහෙවින් කෲර ලෙසය. ඔහු ගැන සොයන්නට බලන්නට ගැබිනි වාට්ටුවේ තවත් අම්මාවරුන් රැුසක් ඉදිරිපත් වී සිටියද තම ආදරණීය අම්මාගේ උණුසුම පිට අම්මලාගෙන් කෙසේනම් පිරිමැසිය හැකි වන්නේද?”
තමා මෙලොවට බිහිවී දස දිනක් ගිය තැන අත්දකින්නට සිදුවූ මේ බිහිසුණු සිදුවීමට මුහුණ දුන් ප්‍රියා සූරසේන අද තරුණයෙකි. ඉකුත් යුද සමයේ ශ්‍රී ලංකා හමුදාවට බැඳී කොටි ත්රස්තයන් පරාජය කිරීමේ සටනට සම්මාදම් වූ රණවිරුවෙකි. ඔහු ඉකුත් දිනෙක ”ලංකාදීප” කන්තෝරුවට ගොඩවිය. අපි ඔහු සමඟ කතා කළෙමු.
”මම හැදුණෙ මගේ බාප්පයි, පුංචියි ළඟ. එයාලා තමයි මාව මේ විදියට ලොකු මහත් කළේ. අපේ අම්මාව එල්.ටී.ටී.ඊ. එකෙන් මරලා දැම්ම විත්තියත් අම්මා මාව ප්ලාස්ටික් එළවළු මල්ලක දාලා සීට් එකක් ඇතුළෙ හංගපු නිසා මගේ ජීවිතේ බේරුණු විදිහ ගැනත් ඒ දෙන්නා මට කියලා තියෙනවා. මගේ අම්මා ඒ විදිහට මැරුණ බව දැනගත්තම මට විශාල පීඩනයක් දැනුණා. ඉස්කෝලෙ ගිහින් ඉවර වුණාට පස්සෙ මට හමුදාවට යන්න ඕන වුණත් බාප්පා ඒකට කැමති වුණේ නෑ. මගේ අම්මව මරලා දාපු නිසා මගේ හිතේ ඒ වෙනකොට එල්.ටී.ටී.ඊ. එක ගැන වෛරයකුත් ඇතිවෙලා තිබුණා. කොහොම හරි මම 2006 අවුරුද්දෙදි යුද හමුදාවට බැඳුණා. යුද හමුදාවට බැඳිලා මම ඉස්සෙල්ලම සේවය කළේ ,, වැනි ගැමුණු හේවා බළඇණියෙ. 58 වැනි සේනාංකය යටතේ තමයි ඒක තිබුණෙ. වැලිඔය මූණගම බේස් කෑම්ප් එක කොටින්ගෙන් මුදා ගන්න මෙහෙයුමටත් මම සහභාගි වුණා. එතනදී තමයි මට ඉස්සෙල්ලම වෙඩි වැදුණෙ. කොටි ගහපු මෝටාර් එකක කෑල්ලක් මගේ කකුලක වැදුණා.
ඉස්පිරිතාලේ දවස් තුන හතරක් ඉඳලා ප්‍රතිකාර ගත්තට පස්සෙ මට ගෙදර ගිහින් විවේක ගන්න කිිව්වත් ගෙදර දවස් දෙක තුනකට වැඩිය මම හිටියෙ නෑ. ආපහු සටන් බිමට ගියා. ඒ පාර මට මුලතිව් නයාරුවලට යන්න වුණා. එතන ඉඳලා නන්දිකඩාල් කළපුවෙ සිද්ධ වුණු අවසන් සටන දක්වාම මම යුද බිමේ හිටියා. තොප්පිගලදී මගේ ඔළුවට වෙඩි වැදුණා. ඒ ප්‍රහාරයෙන් මට ටිකක් ඩැමේජ් වුණා විතරක් නෙවෙයි ඔපරේෂන් එකකුත් කළා.
ඇත්තටම අද මට හිතෙන දෙයක් තමයි මගේ අම්මගෙන් බීපු කිරිවල ණය ගෙවන්න මට පුළුවන් වුණා කියලා. ඒ වගේම තමයි මාව පොඩි කාලේ ඉඳලා රැුක බලාගෙන මේ විදිහට ලොකු මහත් කරපු මගේ බාප්පටයි, පුංචි අම්මටයි මගේ හිතේ හැමදාමත් ඒ ගෞරවය තියෙනවා.”
ප්‍රියා සූරසේන කතාව හමාර කළේ ඒ විදියටය.