ඇහැරලා ඉන්න කුකුලනි වරෙව් අඩන්න

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ඇහැරලා ඉන්න කුකුලනි වරෙව් අඩන්න


    ඔබ පෙම් කරනා ඔබේ කුමාරී...

    ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
    ඔබට ආදරේ කියනා අයුරින්
    පෙර දවසක මා පෙම් කරනා සඳ
    මටද ආදරේ කියා තිබේ...

    සාගර වෙරළේ සොඳුරු සෑඳෑවක
    රඟහල කෙළවර අඳුරු නිමේෂක
    අද ඔබ ළඟ ඔබ සනසාලන ඈ
    පෙර දවසක මා තුරුළට වී හිඳ
    මටද ආදරේ කියා තිබේ...

    සක්‌මන් මළුවක දෙපා ගෙවෙද්දී
    දොඩමළු පෙම්බස්‌ ගොළුවී යද්දී
    මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ
    සනහස සඟවා දෙනෙත නුරාවෙන්
    මටද ආදරේ කියා තිබේ...

    පද රචනය - සුනිල් ආර්. ගමගේ
    ගායනය/තනුව - විශාරද ගුණදාස කපුගේ

    ආදරය... කොතරම් මිහිරිද... ඒත්... ඒත් ඒ මිහිර උපරිමයෙන් විඳින්න වාසනාව ලැබෙන්නේ පෙම්වතුන් කීයෙන් කී දෙනාටද... විරහවත් එක්‌ක ඒ මිහිර පළා යනවා... ඉන් පස්‌සේ සාගරය බඳු වේදනාවක්‌ අබියස මේ පෙම්වතුන්ට තනිවෙන්න සිද්ධ වෙනවා...

    වෙන්ව ගිය පෙම්වතා හෝ පෙම්වතිය යළි දිවි ඇතිතුරාවට දකින්න නොලැබෙනවා නම්... ඒක හිතට එක්‌තරා සහනයක්‌... ඒත්... කාලයක්‌ ප්‍රේමයෙන් වෙලී සිටි ආදරවන්තිය... තවකෙකු සමඟ අතිනත බැඳන් යන ආකාරය දකින පරාජිත පෙම්වතාට.... ඇතිවන හැඟුම... වේදනාව... වචනයට හරවන්න පුලුවන්ද...

    ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
    ඔබට ආදරේ කියනා අයුරින්
    පෙර දවසක මා පෙම් කරනා සඳ
    මටද ආදරේ කියා තිබේ

    මේ එවැනි අවාසනාවන්ත පෙම්වතෙක්‌... "හිතවත... ඔබ ආදරය කරන පෙම්වතිය, පෙම් රජදහනේ ඔබේ කුමරිය... ඔබේ හිස පිරිමදිමින් ඔබට ආදරෙයි කියා කියන ඇයට කාලයක්‌ මමත් පෙම්කළා... එදාත් ඇය අද වගේමයි... ඔබට ආදරෙයි කියා කියන ඈ. එදා මටත් ආදරෙයි කියා දිව්රා සිටියා...." පෑරුනු පෙම්වතා... මේ අමතන්නේ පැරණි පෙම්වතියට නොවේ... ඈ සමඟ එක්‌ව සිටින අලුත් පෙම්වතාටයි...

    සුනිල් ආර්. ගමගේ.... මේ ගීය ලියුවේ මීට වසර ගණනාවකට කළින්... තරුණ කාලේ... කපුගේට තමයි ලියුවේ.

    මේක සත්‍ය අත්දැකීමක්‌.... පාසල් කාලයේ සිටම පෙම්කළ දෙදෙනෙක්‌... අවසනයේ තේරුණේ විශ්වවිද්‍යාල දෙකකට... මේ පෙම්වතා මගේ ළඟම යහළුවෙක්‌... ඔවුන් පෙම්කළ කාලයේ පටන්ම මා සමීපව ඇසුරු කළා... ඒත්... විශ්වවිද්‍යාලයට ගියාට පස්‌සේ... තරුණිය වෙනස්‌ වුණා.. ඈ වෙනත් කෙනෙකු සමඟ පෙම්කරන්න පටන් ගත්තා.

    ඇය ඔහුට තුරුළුවෙලා පෙම්කරන අයුරු මගේ මිතුරා දැක්‌කා... ඔහු සමඟ ඒ අත්දැකීම ලබන්න මටත් සිද්ධ වුණා. අපි දෙන්නට නිතරම දකින්න ලැබුණා. ඔවුන් දෙන්නා පෙමින් වෙලී සිටින හැටි... මගේ මිත්‍රයා විඳින වේදනාව මට හොඳින් දැනුනා... ඒ වේදනාව තමයි මේ විදිහට පද පෙළකට ඇමිණුවේ... සුනිල් ආර්. ගමගේ සහෘදයා ප්‍රකාශ කළා.

    සාගර වෙරළේ සොඳුරු සැඳෑවක
    රඟහල කෙළවර අඳුරු නිමේෂෙක
    අද ඔබ ළඟ ඔබ සනහාලන ඈ
    පෙර දවසක මා තුරුළට වී හිඳ
    මටද ආදරේ කියා තිබේ...

    හිරු බැස යන සුන්දර සැන්දැවෙ මුහුදු වෙරළේ විතරක්‌ නොවේ... අඳුර රජයන රඟහලක කෙළවරේ... අසුනක ඔබට ලංවෙලා... ඔබව සනසන ඇය ඔය ආකාරයටම පෙර දිනයක මගේ තුරුළට වෙලා හිටියා... පෙම් බස්‌ මුමුනමින් මම ඔයාට ආදරෙයි කියා කිව්වා...

    බලන්න.... අවංකවම ආදරය කළ පෙම්වතෙකුට මේ දසුන බලා ඉන්න පුළුවන්ද... තමන් සමඟ ආ ගිය තැන්වල තව කෙනෙකු සමගින් සැරිසරමින් ආදරය කරන ඇය... නෙත ගැටෙද්දී... පිවිතුරු පෙම්වතෙක්‌ හදවතින් කොතරම් හඬා වැටෙනවද...

    සක්‌මන් මළුවක දෙපා ගෙවෙද්දී
    දොඩමළු පෙම්බස්‌ ගොළු වී යද්දී
    මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ
    සනහස සඟවා දෙනෙත නුරාවෙන්
    මටද ආදරේ කියා තිබේ...

    දෙපා ගෙවෙනතුරු අපි ඇවිද්දා... අපි දෙන්නා... තේරුමක්‌ නැති දේ.... ඔහේ කතා කළා... පෙම්බස්‌ දෙඩුවා... ඒත් ඒ පෙම්බස්‌ ගොළු වුණා.... මගෙන් සමුගත් ඔබ වෙත සමීප ඇය... ආදරය.. සෙනෙහස සඟවමින් නුරාවෙන් පිරි දෙනෙතින් මටත් ආදරෙයි කියා කිව්වා...

    වසර ගණනාවක්‌ ගත වුණත් මේ ගීය අපිට අදත් අලුත්... නැවුම්... කපුගේ ගේ හඬ ගැන කිව යුතු නැහැ... ඒත් මේ ගීය... ශුංගාරාත්මක සාහිත්‍ය රසයෙන් යුතු ගීයත්... පදමාලාව ඒ රසයට බොහෝ සේ ඉවහල්ව තිබෙනවා... ගීයේ රසභාවයන්ට සංගීත රස රාගයන් එක්‌ව තිබෙන නිසා ඉතාමත් හොඳින් රස විඳිය හැකි... පදමාලාවෙන් පමණක්‌ නොවේ ගී තනු නිර්මාණය ඔස්‌සේද විරහ වේදනාව හොඳින් වින්දනය කළ හැකි ගීයක්‌.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113

    විකසිත පෙම් පොකුරු පියුම්..

    විකසිත පෙම් පොකුරු පියුම්
    ඔබේ පයට පොඩි වී ගියාදෙන්
    පතිකුලයට අද මට පිටුපා යන
    මගේ සොඳුරු ළඳුනේ
    මගේ සොඳුරු ළඳුනේ...

    හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
    ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
    ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
    ඔබට විරහ ගිනි නොගෙනේවා
    ඔබට විරහ ගිනි නොගෙනේවා...

    විකසිත පෙම්...

    තනිකම රජයන පාලු විමානේ
    ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
    ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
    මැණික් පහන් වැට දැල්වේවා
    මැණික් පහන් වැට දැල්වේවා...

    විකසිත පෙම්...


    ගායනය - ඩබ්. ඩී. අමරදේව
    පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
    සංගීතය - ප්‍රේමසිරි කේමදාස

    ඔහු ප්‍රේමය පිළිබඳව අපූරු ගී ලියන්නේ ය. හිත සැනසූ, හිත හැඬවූ ප්‍රේමය වෙනුවෙන් ඔහු ලියූ ගී බොහෝය. ආදරය අත්දැකීම් කොට ලියැවෙන නිර්මාණ පිළිබඳව ප්‍රවීණ ගී පද රචක ආචාර්ය අජන්තා රණසිංහයන් දරන්නේ මෙවැනි අදහසක්.
    අපේ පැරැණි කවියක් තියෙනවා මෙන්න මේ විදිහට.

    ”රාමතේ මොටද
    කිසි පෙරළියක් නැති
    ජීවිතේ මොට ද
    “නෑනා” කෙනෙක් නැති”
    මේ කවියෙදි ‘නෑනා’ කියලා කියන්නේ පෙම්වතියට. ජීවිතේ තරුණ වියේදී කාටත් හදේ ඇඳි රුවක් තිබෙනවා. කවුරු හරි ඒක එහෙම නෙමෙයි කියනව නම් ඒක බොරුවක්. සංවේදී හැඟීම් සමඟ ඇතිවෙන මේ බැඳීම කායික ඇසුරකට වඩා මානසික බැඳීම පූජනීයයි. හිතේ සුන්දර කාන්තා රූ ඇඳිලා තිබෙනවා. අපි පෙම් කරන්නේ අන්න ඒ හිතේ ඇඳිලා ඉන්න රුවට. කවුරු හරි හමුවුණහම ඒ ප්‍රතිරූපයට ගැළපෙන අය තමයි හිතට ළං කර ගන්නේ, පෙම් කරන්නේ.
    යොවුන් වියේදී ඔහු ප්‍රේමයක පැටලුණේය. ඒ ප්‍රේමයෙන් වින්දාට වඩා ඔහු විඳෙව්වේය. ප්‍රතික්ෂේප කිරීම්, නොසලකා හැරීම් ඔස්සේ ඔහුගේ සිත කඩාවැටුණේය. ඔහු අතැර ගිය ඇය පතිකුලයට පිවිසුණාය. කලක් ඉතා දැඩි ලෙස පෙම් කළ ඇය පතිකුලයට ගිය බව ඇසූ දා ඔහු හඬා වැටුණේ නැත. ඇයට වෛර කළේ ද නැත. ශාප කළේ නැත. ඔහු මෙසේ ලීවේය.

    ”විකසිත පෙම් පොකුරු පියුම්
    ඔබේ පයට පොඩිවී ගියාදෙන්
    පතිකුලයට අද මට පිටුපා යන
    මගේ සොඳුරු ළඳුනේ....”
    අමරදේවයන් ගයන මේ ගීතය සංගීතවත් කළේ නැසීගිය සංගීතඥ ප්‍රේමසිරි කේමදාසයන්ය.
    ”මං මගේ ජීවිතේ දැඩි ලෙස පෙම්කරලා තියෙන්නේ දෙන්නටයි. පළමු කෙනා මාව අමානුෂික අයුරින් ප්‍රතික්ෂේප කළා. ඇය තුළ තිබුණේ ප්‍රේමයට වඩා වෙනත් බලාපොරොත්තු. ඇගෙයි මගෙයි ප්‍රේමය වසර දෙකහමාරක් පමණ තිබෙන්න ඇති. මාව හැර ගියාට ඇය නරක චරිතයක් නෙමෙයි. මුල් කාලේ ලියැවුණු මගේ බොහෝ ගී වලට පාදක වූ චරිතය ඇය. ඇය යන්න ගියේ ගිනි නිවන හමුදාවටවත් නිවන්න බැරි ගින්නක් හිතේ ඉතිරි කරලා. ඇයට ඕන වුණේ ජනප්‍රියත්වය, නිළියක් වෙන්න, මුදල්.. ලොකු ගෙවල්.. ඒත් මට ඕන වුණේ නැහැ නිළියක්.
    මට ඕන වුණේ සාමකාමීව නිදහස් ජීවිතයක් ගතකරන්න. අපි වෙන්වුණේ ඒ නිසයි. ඇය මාව අතහැරලා ගියහම මම සියලු දේ අතහැරලා ගමට ගියා. මං හිතා ගත්තා ජීවිතේ ගොඩ එනවා කියලා. ඒත් ඈ ගිය අලුත හිත හදාගන්න අමාරුයි. උදේ නැගිට්ට හැටියේ හීන්දාඩිය දානවා. ගිනිපත්තු වෙනවා. ඇඟ අප්‍රාණික වෙනවා. මේක තමයි ඇත්ත. එහෙම වුණේ ඇයට බැඳි පෙම අප්‍රමාණ නිසා. ඈ විවාහ වුණා කියන ආරංචිය ලැබුණාම මට ඇයට පිහියෙන් අනින්න හිතුණේ නැහැ. මගේ හිතේ ඈ වෙනුවෙන් ප්‍රාර්ථනයක් තිබුණා. ඒ ප්‍රාර්ථනය තමයි පසු කාලයක ගීතයකට අත්දැකීම වුණේ.

    තනිකම රජයන පාළු විමානේ
    ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
    ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
    මැණික් පහන් වැට දැල්වේවා.
    ප්‍රේමය බිඳීගිය දා තමන් හැරගිය පෙම්වතිය වෙනුවෙන්, ඇගේ ජීවිතය සොඳුරු වේවා යැයි කියා ප්‍රාර්ථනය කරන්නට හැකිනම් එය බොහෝ වටින්නේය.
    ඇට පෙම්කරන කාලයේ ඔහු ඇයත් සමඟ කොළඹ පාරවල්වල ඇවිද ගියේය. ඇතැම්විට අතේ ඇති මුදලට බස් රථයක ගොස් ඉතිරි ටික පයින් ඇවිද ගියේය. ඔහුටත් ඇයටත් කතාකරගන්නට බොහෝ දේ තිබිණි. ඒ ආගිය ගමන්වලදී බොහෝ විට ඔවුන් හමුවූයේ මැයි ගස් තිබූ මාවතකය.
    මේ ආගිය ගමන්වලදී ඇය කතා කළාට වඩා කළේ සණ්ඩු වෙන එක. මගේ පෙම්වතිය නරක නැහැ. නමුත් ඇය කළේ මගේ හිත රිදවන දේවල්. “මේ මැයි ගහ යට” ගීයට තේමාවුණ මැයි ගහ තිබුණේ බේස්ලයින් පාරේ මවුන්ට්මේරි තියෙන හරියේ.
    මේ පාරේ හුඟක් මැයි ගස් තිබුණා. අපි හමුවුණේ ඒ හරියෙදි. මල් පිපෙන කාලෙට ගහ පිරෙන්න මල් පිපෙනවා. ඇය මගෙන් වෙන්වෙලා අවුරුදු දහයකට විතර පස්සේ මම මේ පාරෙන් මගේ කාර් එකේ ගමට ගියා.
    මට මැයි ගහ දැක්කම අතීතය මතක් වුණා. මම කාර් එකෙන් බැහැලා ඒ ගහ යටට ගියා.
    එදත් මැයි මල් වැටිලා තිබුණා. හීන් පොද වැස්සක් වැටුණා. මට අදටත් තේරෙන්නේ නැහැ මං ඇයි එදා ඒ ගහ යට නතර වුණේ කියලා. වැස්ස තුරල් වුණා.
    මට අතීතය මතක් වුණා. මම ඒ කාලේ ගී ලියන්නේ නැහැ. මේ අත්දැකීම මගේ හිත අස්සේ තිබුණා.
    එය තමයි පසුකලෙක ගීයක් ලෙස ලියැවුණේ.
    මෙල්රෝයි ධර්මරත්න සංගීතවත් කළ මිල්ටන් මල්ලවාරච්චි ගැයූ ගීතය අද ද බෙහෙවින් ජනප්‍රියය.

    මේ මැයි ගහ යට දවසක් දා
    වැස්සට අපි උන්නා
    රතු කැට වාගේ
    මැයි මල් පිපිලා
    අපට සෙවණ දුන්නා...
    ඒ එදාය. තනිවූ පසු මැයි ගසයට සෙවණ ලබන්නට සිටියේ අතීතයේ දුක්දොම්නස් තුරුළු කරගත් ඔහු පමණි.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113

    මචංලා මං මේ කියන දේ පොඩ්ඩක් කරලා බලපන්....මුලින්ම ඔය මං උඩ දාල තියන සිංදු දෙක ෆෝන් එකට ඩවුන්ලෝඩ් කර ගනිල්ලා...ඊටපස්සෙ පුටුවකුත් අරං බැහැපන් එලියට බැල්කනියට හෝ එලියෙ හුඩ් එකට ( ඔව් ඔව් බොලව් මේ දැන් මහ රෑ තමා :D)...ඊටපස්සෙ පුටුව තියලා ඉදගෙන හීතල හුලං වැදි වැදී අහස දිහා බලාගෙන අර බාගත්ත සිංදු දෙක අහපන්....හොද පරිකල්පන හැකියාවක් තියන චිත්තරෑප මවාගන්න පුලුවන් ඒ රචකයාගෙ විස්තර කරලා තියන තනිකමට පාලුවට අසරණ කමට හුදෙකලාවට හිතෙන් යන්න පුලුවන් උන විරහව විදපු/නැති කෙල්ලෙක් ඉන්න/නැති ඕනම කොල්ලෙක්ට ඕලෙවල් කාලෙ ඉදන් හිටපු කෙල්ලො තිබ්බ ක්‍රෂ් ඔක්කොම ආපහු මතක් වෙලා ඇග හිරිවැටිලා ගිහිං ලාවට ඇඩෙන්න වගේ ෆීලිං එකක් එයි....ඒක ටික වෙලාවක් හොදට විදපන් ඒ කරලා ඇවිත් මේකෙ කමෙන්ට් එකක් දාපල්ලා...
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
    ඔබට ආදරේ කියනා අයුරින්
    පෙර දවසක මා පෙම් කරනා සඳ
    මටද ආදරේ කියා තිබේ...
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,391
    30,225
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුදු මුහුණේ සුව දැනුනේ

    මුදු මුහුණේ සුව දැනුනේ
    පිය ලඳුනේ මට විතරද
    ඔබෙ සුසුමේ සුව දැනුනේ
    හිමි සඳුනේ මට විතරද...

    පුළුලුකුලේ සුව යහනේ
    නිදි වැරුවේ මන් විතරද
    උර තලයේ හිස රන්දා
    සුව වින්දේ මන් විතරද...

    ඉඟ නෙරියේ රැළි බින්දේ
    පිය ලඳුනේ මන් විතරද
    ඉඟ නෙරියේ රැළි සැදුවේ
    හිමි සඳුනේ මගෙ විතරද...

    පද රචනය -මහින්ද දිසානායකසංගීතය     -ගුණදාස කපුගේගායනය     -දීපිකා ප්‍රියදර්ශණී / කරුණාරත්න දිවුල්ගනේ


    මේකේ7.40 ඉදන් බලnන

     
    Last edited:

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    මුදු මුහුණේ සුව දැනුනේ

    මුදු මුහුණේ සුව දැනුනේ
    පිය ලඳුනේ මට විතරද
    ඔබෙ සුසුමේ සුව දැනුනේ
    හිමි සඳුනේ මට විතරද...

    පුළුලුකුලේ සුව යහනේ
    නිදි වැරුවේ මන් විතරද
    උර තලයේ හිස රන්දා
    සුව වින්දේ මන් විතරද...

    ඉඟ නෙරියේ රැළි බින්දේ
    පිය ලඳුනේ මන් විතරද
    ඉඟ නෙරියේ රැළි සැදුවේ
    හිමි සඳුනේ මගෙ විතරද...

    පද රචනය -මහින්ද දිසානායකසංගීතය     -ගුණදාස කපුගේගායනය     -දීපිකා ප්‍රියදර්ශණී / කරුණාරත්න දිවුල්ගනේ


    මේකේ7.40 ඉදන් බලnන

    [/QUOTE

    Meka theruma mokada
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    මාත් ඕක කරල බලල තියනවා. විප්‍රලම්භ ශුංගාරය කියන එකත් විදින්න පුලුවන් පට්ටෙටම. ඇග හිරිවැටිල මයිල් කෙලින් වෙලා එනව ඕයි.
    සිගා එකක් හරි මලක් හරි ගැහුවොත් තවත් feeling එක පට්ට වෙයි.
    :love::love::love:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මුදු මුහුණේ සුව දැනුනේ

    මුදු මුහුණේ සුව දැනුනේ
    පිය ලඳුනේ මට විතරද
    ඔබෙ සුසුමේ සුව දැනුනේ
    හිමි සඳුනේ මට විතරද...

    පුළුලුකුලේ සුව යහනේ
    නිදි වැරුවේ මන් විතරද
    උර තලයේ හිස රන්දා
    සුව වින්දේ මන් විතරද...

    ඉඟ නෙරියේ රැළි බින්දේ
    පිය ලඳුනේ මන් විතරද
    ඉඟ නෙරියේ රැළි සැදුවේ
    හිමි සඳුනේ මගෙ විතරද...

    පද රචනය -මහින්ද දිසානායකසංගීතය     -ගුණදාස කපුගේගායනය     -දීපිකා ප්‍රියදර්ශණී / කරුණාරත්න දිවුල්ගනේ


    මේකේ7.40 ඉදන් බලnන


    සිංදුව අහල තියනවා මචං සිරාම එකක් දැන් බලන්න ඩේටා නෑ :(
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මාත් ඕක කරල බලල තියනවා. විප්‍රලම්භ ශුංගාරය කියන එකත් විදින්න පුලුවන් පට්ටෙටම. ඇග හිරිවැටිල මයිල් කෙලින් වෙලා එනව ඕයි.
    සිගා එකක් හරි මලක් හරි ගැහුවොත් තවත් feeling එක පට්ට වෙයි.
    :love::love::love:

    සිරාවටම ඒ ෆීලිං එක විදපු උන් විතරයි ඒකෙ කික් එක දන්නෙ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,391
    30,225
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සිංදුව අහල තියනවා මචං සිරාම එකක් දැන් බලන්න ඩේටා නෑ :(


    පුළුවන් වෙලාවක ඔය ප්‍රෝග්‍රෑම් එකේ කොටස් 5ම බලපන්. දුමයි බාගේකුයි ලගින් තියාගෙනම අහපන්:cool:
    ඒ කෙල්ලත් සුපිරියටම ගයනව මම දැකපු හොදම ප්රෝග්‍රෑම් එකක්:love:
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ඒකියන්නෙ දැන් එලකිරියෙ අසහන ත්‍රෙඩ් එකක් හරි දේශපාලන වලි ත්‍රෙඩ් එකක් හරි නොවන ත්‍රෙඩ් බම්ප් වෙන්නෙවත් නැද්ද??? එල එල කොහෙන් හරි ලීක් වෙච්ච ලින්ක් එකක් සෙට් වෙච්ච දවසක එලකිරි එන්නං ඈ...
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    පුළුවන් වෙලාවක ඔය ප්‍රෝග්‍රෑම් එකේ කොටස් 5ම බලපන්. දුමයි බාගේකුයි ලගින් තියාගෙනම අහපන්:cool:
    ඒ කෙල්ලත් සුපිරියටම ගයනව මම දැකපු හොදම ප්රෝග්‍රෑම් එකක්:love:

    එලම මචෝ අනිවා බලනවා අපිනං ඉතිං දුම පාවිච්චියක් නෑ....බියර් ටින් එකක් එක්ක තමා ඉතිං සෙට් වෙන්නෙ:lol:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22