ඇහුවහම මොලේ මඤ්ඤං වෙන සිංදු 5ක්!!!

dillyrulz

Junior member
  • Jul 5, 2011
    158
    10
    18
    Colombo
    ඇහුවහම මොලේ මඤ්ඤං වෙන සිංදු 5ක්!!!

    :shocked::shocked::yes::D
    ඔය හින්දි සිංදු, ඉංග්‍රීසි සිංදු, උස්බෙකිස්තාන් සිංදු කොච්චර තිබ්බත් ලංකාවේ සිංහල සිංදු තරමට අපිට දැනෙන වෙන දෙයක් නෑනේ බොස්. හැබැයි සමහර සිංදු තියෙනවා ඒවල ගී පද ඇහුවහම එක්කෝ බය හිතෙනවා, නැත්තං මොලේ කොලොප්පං වෙනවා. මේ කියන්න යන්නේ එහෙම සිංදු කීපයක් ගැන තමයි.

    1. එක පාර මා මරන්න!- කිංස්ලි පීරිස්

    කිංස්ලි පීරිස් කියන “පොඩි කාලේ මරඳ වැල්ලේ” සිංදුව කොයි තරං ජනප්‍රියද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හැබැයි මේක පොඩි අවුලක් තියෙනවා. “පොඩි කාලේ මරඳ වැල්ලේ, වැලි බත් උයාපු කෙල්ලේ… වැළලී ගියා අතීතේ, කෝ බැන්ද ඕලු මාලේ… හොඳ නම් කළාට කම් නෑ, මා නම් ප්‍රියේ තරහා නෑ… රුචිරාණනී අහන්න, එක පාර මා මරන්න!” ආදරේ වැඩි හින්දම කොල්ලා කියනවා ඔහොම ටික ටික මාව නොමර මරන්න එපා, එක පාරටම මාව මරල දාන්න කියලා. කෙල්ල ඕක අහලා සෙනිකවම කෙ‍ටුව නං තමා වැඩේ!


    2. ඔයාට මාව එපා නම්… කලින් කියන්නට තිබුණා!- විරාජ් පෙරේරා

    ඔයාට මාව එපා නම්….
    කලින් කියන්නට තිබුණා….
    මේ තරම් දුර එක්ක නෑවිත්….
    මගින් හැරෙන්න තිබුනා.

    හරියට බස් එකක් වගේ මගින් හරෝලා යන්න තිබුණා කියන්නේ. කොහොම වුනත් සිංදුවේ සීන් එක තියෙන්නේ තේරුමේ. කොහොමද යකෝ කලින් කියන්නේ ආස්සරේ කරල බලන්නෙ නැතුව? කලින් දැනගෙන හිටියනං තමුසේ මේ වගේ සිංදු ලියන ඩයල් එකක් කියලා යාලු වෙන්නේ නෑනේ. මෙහෙම කෙල්ල කියන්න ඇති කියලා තමයි අපි උපකල්පනේ කරන්නේ!




    3. සිරිමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා – නෙරංජලා සරෝජිනී

    ප්‍රවීණ ගායිකා නෙරංජලා සරෝජිනී ගායනා කරන සිරීපාදෙ වන්දවන්න සිංදුව බොහොම හැඟීමක් තියෙන, අර්ථයක් තියෙන ගීතයක් කියන එකට විවාදයක් නෑනේ. හැබැයි අපිට ඒකේ ” සිරිමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා” කියන කෑල්ල පොඩි අවුලක් තියෙනවා තියෙනවා වගේ දැනෙන්නෙ නැද්ද? ඇයි වදේ, ගෑණු පුත්තු ඉන්න පුලුවන්ද කියලා තමයි එකපාරට හිතෙන්නේ. ඒක සිංදුවට හරියන්න දැම්මට පුතා කියන වචනෙම පුරුෂ ලිංගනේ අපි දන්න විදියට. හැබැයි ඉතින් සමහර ගෙවල් වල දුවට වුනත් ආදරේට කතා කරන්නෙ පුතා කියලනේ. මේ සිංදුවත් ලියලා තියෙන්නේ එහෙමද, එහෙමත් නැතිනම් ඊට වඩා වෙන අර්ථයක් තියේද කියන්න දන්නෙ නෑ. හැබැයි ඇහුණු ගමන් පොඩ්ඩක් “පිරිමි පුතා” සීන් එකට ඕන කෙනෙක් අවුල් යනවනේ!



    4. මම ඔබ ළඟයි කියාලා… දෙමි ලේ වලින් ලියාලා…- මිල්ටන් පෙරේරා

    මිල්ටන් පෙරේරා කියන “සිහින දෙව්දුවේ” සිංදුවත් සෙට් වෙන වෙලාවකට එහෙම නැතුවම බැරි සිංදුවක්නේ. සිංදුවේ වචන වලත් එහෙම එකපාරටම අවුලක් දැනෙන්නේ නෑ. හැබැයි පොඩ්ඩක් හිතලා බලනකොට හෙන බයානකයි කියලා තේරෙනවා. “මම ඔබ ළඟයි කියාලා, දෙමි ලේ වලින් ලියාලා” මේ කියන්නේ ආයෙ කඩන්නෙ නැති පොරොන්දුවක් දෙනවා කියන එක තමා. හැබැයි වචනෙන් විතරක් ගත්තහම පොඩ්ඩක් අවුල්.

    ඉන් පස්සේ මේ සිංදුවේම තියෙනවා “අවසාන මොහොත වේවා, ඔබ ළඟදි ළඟා වේවා” කියලා. ඕක දැන් කාලේ ගෑල්ලමයෙක්ට එහෙම කිව්වනං ආදරේ කොහොම වෙතත් පණ එපා කියලා දුවනවා!



    5. ඔබ එක්කලා තො‍ටුපලෙ ඔරු පදිනව වගෙ නෑ!- එම්.එස් ප්‍රනාන්දු

    “ඔබට තිබෙන ආදරේ මම කියාලා දෙන්න” කියන්නේ එම් එස් ප්‍රනාන්දු කියපු සුපිරි සිංදුවක්. හැබැයි මේකේ ෆාස්ට් යන කෑල්ල එනකොට පොඩ්ඩක් ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් ගඟක්, ඇළක් ගාව තියෙන තො‍ටුපොළ කියන්නේ ඔරු පාරු නවත්තන තැනනේ. එතකොට කොහොමද මචෝ තො‍ටුපළේ ඔරු පදින්නේ? ඔරු පදින්න ඕන ග‍ඟේනේ?

    (සැලකිය යුතුයි: මෙම කිසිදු ගීතයක් උපහාසයට හෝ අපහාසයට පාත්‍ර කිරීම අපගේ අරමුණ නොවන බව තරයේ කියා සිටිමු. මෙම ලිපියේ යම් යම් ගීතයන්ගේ වචනාර්ථයෙන් මැවෙනා අරුත සම්බන්ධයෙන් සහ තවත් යම් යම් ගීතයන් තුළ වචන භාවිතයෙන් සිදුවී තිබිය හැකි වැරදීම් සඳහන් කිරීම පමණි.)

    [උපුටා ගැනීම-අනිවා.lk]
     
    Last edited:
    • Like
    Reactions: meeka

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    මේ දවස් වල බස් එකේ දුම්රියේ, ටවුන් එකේ,ක්ලාස් එකේ, සුවිප් කුඩුවේ , පාර්ලිමේන්තුවෙත් කතා ඇහුවත්.. කොටින්ම හෑන්ඩ් පොන් එකට ලෑන්ඩ් පොන් එකට කතා කරලා ඇහුවත් ඔය හැමෝම දෙන උත්තරේ තුන්කල් බලා ගායනා කරපු ගීතය

    ඔබට සතුටුයි ද දැන්
    :yes::yes: