ඇෆ්ගන් තරුව ඉන්දියන් අහසේ දිලෙයි..
මේ දිනවල ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟාවලිය පැවැත්වෙන අතරතුර ලෝකයේම අවධානය යොමුව ඇත්තේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් වඩා නවක ක්‍රීඩකයන් සම්බන්ධයෙන්ය. එයට හේතුව ඉදිරියේදී ක්‍රිකට් ලොව පෙරළිකාරයන් වන්නේ ඔවුන් බව ප්‍රේක්ෂකයින් මෙන්ම ක්‍රිකට් විශ්ලේෂකයන්ද හොඳින් දන්නා කරුණකි.
මෑතකදී ජාත්‍යන්තර එක්දින වරම් මෙන්ම ටෙස්ට් වරම්ද ලද ඇෆ්ගනිස්ථානු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කීප දෙනෙක්ම මෙවර අයි.පී.එල් තරඟාවලියට එක්කරගැනීමට එහි කණ්ඩායම්වල කළමණාකරුවන් කටයුතු කරන ලදි. එයට හේතුව වන්නේ පැවැත්වීමට නියමිත ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියටද සුදුසුකම් ලත් ඇෆ්ගන් කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයින් ගණනාවක්ම සිටින නිසාවෙන්ය.
ඒ අතරින් රෂීඩ් ඛාන් යනු ඇෆ්ගනිස්ථානු ක්‍රිකට් කණ්ඩායම බිහිකල නවතම සුපිරි තරුවක් බව දන්නා අය මෙන්ම නොදන්නා අයද සිටිය හැකිය. තවමත් 19 වන වියේ පසුවන රෂීඩ් මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල නිතර කතාබහට ලක්වෙන නාමයකි. මේ වනවිටත් අයි.පී.එල් තරඟාවලියේ තරඟ 6 කදී කඩුලු 6 ක් ලබාගෙන සිටින රෂීඩ් නියෝජනය කරන්නේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමයි. මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සමග පැවති අවසන් තරඟයේදී තරඟයේ වීරයා බවට පත්වන්නටද රෂීඩ්ට හැකිවුණේ පන්දුවාර 4ක් තුලදී ලකුණු 11 ක් පමණක් ලබාදෙමින් කඩුලු 2ක් ලබාගැනීමේ විශිෂ්ට පන්දුයැවීම නිසාවෙන්ය.
2015 වර්ෂයේ සිම්බාබ්වේ පිල සමග කුළුදුල් තරඟයට සහභාගීවන විට රෂීඩ්ගේ වයස යන්තම් අවුරුදු 16 කි. දකුණත් පා දඟ පන්දු යවන්නෙක් ලෙස කටයුතු කරන රෂීඩ්ගේ ප්රබලතම අවිය වන්නේ ගුග්ලි පන්දුවයි. ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස පසුගිය වසරේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 18 කට කඩුලු 7 ක් ලබාගැනීමට සමත්වීම සටහන් වන අතර එයින් රෂීඩ් ලොවටම කියා පෑවේ වෝන්,මුරලි ගිය පාර අනුව යාමට තමන්ට හැකියාව ඇති බවයි.
අයි.පී.එල් තරඟාවලියේද සන්රයිසස් කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුවක් ලෙස භාවිත කරන මේ ක්‍රීඩකයාගේ පන්දු යැවීම ඉතාම තියුණු සහ පිතිකරුවාගේ මනස සමග සිදුකරන දක්ෂ ගණුදෙනුවක් බව එම තරඟ නරඹන විට වටහාගත හැකිය. මේ වනවිටත් එක්දින තරඟ 44 කදී කඩුලු 100ක් සහ පන්දුවාර 20 තරඟ 29 කදී කඩුලු 47ක් ලබාගෙන සිටින රෂීඩ්ගේ ගමන බොහෝ දුර බවනම් සහතිකය.
උපුටා ගැනීම - www.her.lk