ඈත්තටම ඉන්දියානුවෝ බ්‍රෑන්ඩික්ස් එකට ආවද

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ තියෙන්නේ අර කොරොනා හෑදිලා මුලින්ම හොයා ගත්ත කෙනා පත්තරේට දීපු ඉන්ටවීව් එකක්. ඒකේ එක තෑනක මෙහෙම කියනවා

    දිවුලපිටිය ප්‍රදේශයෙන් ”කොවිඩ් 19” වයිරසය ආසාදනය වූ අයෙක් හඳුනා ගත්තා කිව්වම මුළු රටම කලබල වුණා. ඔබ සේවය කරපු ආයතනයත් එසේ කලබල වෙන්න ඇති. ඔවුන් ඔබට කතා කළාද? සුවදුක් විමසුවද?

    ඇත්තටම ඒ ගැන කියන්නත් කනගාටුයි. මාව සැප්තැම්බර් විසි නමවැනිදා රෝහල් ගත කළාට පස්සේ මං ගැන ආයතනයේ කිසිම කෙනෙක් හොයලා බැලුවේ නැහැ. එත්, ”කොවිඩ් 19” වයිරසය ආසාදනය වුණා කියපු ගමන්ම මට කෝල් කරලා මම ආශ්‍රය කළේ කවුද? කොහොමද ඔයාට කොරෝනා හැදුණේ කියලා ප්‍රශ්න කළා.

    එහෙම ප්‍රශ්න කරන්න ඇත්තේ ආයතනයේ සේවය කරන අනෙක් සේවකයන්ගේ ආරක්ෂා වෙනුවෙන් වෙන්න ඇති නේද?

    නැහැ, එයාලට ඕනේ වුණේ මගේ පිටින් කොරෝනාව දාලා බේරෙන්න. එයාලා මට එදා කෝල් කරලා මගෙන් ඇහුවා ‘ඔයා ඉන්දියාවෙන් ආව අයත් එක්ක හිටියා නේද? එයාලත් එක්ක ඔයාට සම්බන්ධයක් තිබුණා නේද?
    කියලා. ආයතනයේ කළමනාකාරිත්වය ඉතාමත් කැත විදිහට තමයි මගෙන් එක එක ප්‍රශ්න ඇහුවේ. එයාලට ඕනේ වුණේ මාව එ්කට පටලවලා එයාලා එකෙන් බේරෙන්න.

    පස්සේ තව තෑනක මෙහෙම කියනවා.. මොකක්ද් මේ හතර බීරි කතාව

    එතකොට ඉන්දියාවේ පිරිසක් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට ආවා කියන කතාව ඇත්තක්ද?

    ඒක නම් බොරුවක්. කිසිම ඉන්දියානු ජාතිකයෙක්වත් ඉන්දියාවේ ඉඳලා ආපු කෙනෙක්වත් අපේ ආයතනයට ආවේ නැහැ. ඒක සියයට සීයක්ම අපිට විශ්වාසයි.

    ඔබේ ආයතනයට ඉන්දියාවෙන් ඇණවුමක් ආවේම නැද්ද?

    අපේ ආයතනයට ඉන්දියාවෙන් තමයි මේ අලුත් ඇණවුම ආවේ. ඒ නිසා තමයි අපි උදේ හය හමාරත් රෑ අටත් අතර කාලයක් වැඩ කළේ. එහෙම ඇණවුමක් ආවේ නැත්තන් ඇයි අපි ලෙඩකට දුකකටවත් බෙහෙත් හේත් ගන්නේ නැතුව වැඩ කරන්නේ. අනික මීට සති දෙක තුනකට කලින් තමයි ඉන්දියාවෙන් අපිට රෙදි වගයක් එව්වේ. ඒ රෙදිත් එක්ක එයාලගේ ඇණවුම හදන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍යත් එවලා තිබුණා. ඒ සියල්ලම අපිට ආවේ ඉන්දියාවේන්.
    අනික මේ පාර ඉන්දියාවෙන් එවපු රෙදි හරිම ගඳයි. ඒ රෙදිවලින් ආවේ බල්ලෝ මුත්‍රා කෙරුවට පස්සේ එන ගඳකට සමාන ගඳක්. ඒ නිසා අපි ගොඩක් අපහසුතාවෙන් තමයි වැඩ කළේ.

    http://www.aruna.lk/බ්‍රැන්ඩික්ස්-ස...GPWXuH0jeMn86nuXHYUMcI4-YqVgW94IkMUkfld7OQnK4
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මෙන්න මේක උඩ සේවකයෝ ටික එකතු වෙලා නඩුවක් දාන්න තියෙන්නෙ. අඳුරන ලෝයර් කෙනෙක් ඉන්නවා කියල බලන්ඩෝනේ....

    CC99BF2E-6DC7-4608-A0E3-37F43CADCE6B.jpeg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉන්දියාවෙන් ආපු සිංහල අය ද නැත්තං ඉන්දියන් උන්ද.

    සමහර විට ලන්කාවේ අය වෙන්න ඈති. නිකන් හරි ඒ ආපු සෙට් එකේ එකෙක් එක්ක මෙයාගේ සම්බන්ධයක් තිබ්බාද කියලා අහන්න ඈත්තේ. ලගදි ආපු සෙට් එකේ නෙමේ, ඊට කලින් ආපු සෙට් වල කොරොනා පොසිටිව් අය හිටියාලුනේ

    Aruna kiyanne Dilith Jayaweera ge pacha paththare neda :love2:

    වෙන්න ඈති. ඉන්ටවීව් එකක්නේ පච කියන්න බෑ. හෑබෑයි අවශ්‍ය නම් ස්ක්‍රිප්ට් එකට අවශ්‍ය ප්‍රශ්ණ විතරක් දාලා උත්තර ගන්න පුලුවන්
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මුලින්ම හම්බුන ගෑනු කෙනාට මුලින්ම කොරොනා හැදුණා කියල කියන්න බෑනෙ බන්. එයාට මුලින් රෝග ලක්ෂණ එන්න ඇති
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    මේ තියෙන්නේ අර කොරොනා හෑදිලා මුලින්ම හොයා ගත්ත කෙනා පත්තරේට දීපු ඉන්ටවීව් එකක්. ඒකේ එක තෑනක මෙහෙම කියනවා

    දිවුලපිටිය ප්‍රදේශයෙන් ”කොවිඩ් 19” වයිරසය ආසාදනය වූ අයෙක් හඳුනා ගත්තා කිව්වම මුළු රටම කලබල වුණා. ඔබ සේවය කරපු ආයතනයත් එසේ කලබල වෙන්න ඇති. ඔවුන් ඔබට කතා කළාද? සුවදුක් විමසුවද?

    ඇත්තටම ඒ ගැන කියන්නත් කනගාටුයි. මාව සැප්තැම්බර් විසි නමවැනිදා රෝහල් ගත කළාට පස්සේ මං ගැන ආයතනයේ කිසිම කෙනෙක් හොයලා බැලුවේ නැහැ. එත්, ”කොවිඩ් 19” වයිරසය ආසාදනය වුණා කියපු ගමන්ම මට කෝල් කරලා මම ආශ්‍රය කළේ කවුද? කොහොමද ඔයාට කොරෝනා හැදුණේ කියලා ප්‍රශ්න කළා.

    එහෙම ප්‍රශ්න කරන්න ඇත්තේ ආයතනයේ සේවය කරන අනෙක් සේවකයන්ගේ ආරක්ෂා වෙනුවෙන් වෙන්න ඇති නේද?

    නැහැ, එයාලට ඕනේ වුණේ මගේ පිටින් කොරෝනාව දාලා බේරෙන්න. එයාලා මට එදා කෝල් කරලා මගෙන් ඇහුවා ‘ඔයා ඉන්දියාවෙන් ආව අයත් එක්ක හිටියා නේද? එයාලත් එක්ක ඔයාට සම්බන්ධයක් තිබුණා නේද?
    කියලා. ආයතනයේ කළමනාකාරිත්වය ඉතාමත් කැත විදිහට තමයි මගෙන් එක එක ප්‍රශ්න ඇහුවේ. එයාලට ඕනේ වුණේ මාව එ්කට පටලවලා එයාලා එකෙන් බේරෙන්න.

    පස්සේ තව තෑනක මෙහෙම කියනවා.. මොකක්ද් මේ හතර බීරි කතාව

    එතකොට ඉන්දියාවේ පිරිසක් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට ආවා කියන කතාව ඇත්තක්ද?

    ඒක නම් බොරුවක්. කිසිම ඉන්දියානු ජාතිකයෙක්වත් ඉන්දියාවේ ඉඳලා ආපු කෙනෙක්වත් අපේ ආයතනයට ආවේ නැහැ. ඒක සියයට සීයක්ම අපිට විශ්වාසයි.

    ඔබේ ආයතනයට ඉන්දියාවෙන් ඇණවුමක් ආවේම නැද්ද?

    අපේ ආයතනයට ඉන්දියාවෙන් තමයි මේ අලුත් ඇණවුම ආවේ. ඒ නිසා තමයි අපි උදේ හය හමාරත් රෑ අටත් අතර කාලයක් වැඩ කළේ. එහෙම ඇණවුමක් ආවේ නැත්තන් ඇයි අපි ලෙඩකට දුකකටවත් බෙහෙත් හේත් ගන්නේ නැතුව වැඩ කරන්නේ. අනික මීට සති දෙක තුනකට කලින් තමයි ඉන්දියාවෙන් අපිට රෙදි වගයක් එව්වේ. ඒ රෙදිත් එක්ක එයාලගේ ඇණවුම හදන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍යත් එවලා තිබුණා. ඒ සියල්ලම අපිට ආවේ ඉන්දියාවේන්.
    අනික මේ පාර ඉන්දියාවෙන් එවපු රෙදි හරිම ගඳයි. ඒ රෙදිවලින් ආවේ බල්ලෝ මුත්‍රා කෙරුවට පස්සේ එන ගඳකට සමාන ගඳක්. ඒ නිසා අපි ගොඩක් අපහසුතාවෙන් තමයි වැඩ කළේ.

    http://www.aruna.lk/බ්‍රැන්ඩික්ස්-සුපර්වයිස/?fbclid=IwAR20CKB08Oj87NGPWXuH0jeMn86nuXHYUMcI4-YqVgW94IkMUkfld7OQnK4

    මුල් ආසාධිත කාන්තාවට රටේ පුවත් වල ලොකු තැනක් හිමි උනා..ඒ ගෑනී අවුරුදු 9 ක ඉදන් ලු බ්‍රැන්ඩික්ස් එකේ වැඩ කරන්නේ..දැන් මේ වෙනකොට සුපවයිසර් කෙනේක්ලු. මාධ්‍ය ආයතන ඔක්කෝම ඒකී පස්සේ පන්නකොට බ්‍රැන්ඩික්ස් එකේ කිර්තිය සම්පුර්ණයෙන්ම වාගේ ‍රැදිලා තියෙන්නේ ඒකී අතේ..ඒකී ඇත්ත කීවෝත් අමාරුවේ වැටෙන්නේ ඒකී විතරක් නෙවේ ඒකීගේ පවුලයි බ්‍රැන්ඩික්ස් මැනේජ්මන්ට් එකයි දෙකම..එහෙනම් පහු වෙනිදම ඒකීව සස්පෙන්ඩ් කරලා දානව බ්‍රැන්ඩික්ස් එකෙන්..
    ආයතනයේ ගෞරවය හා තමන්ගේ ගෞරවය හා ‍රැකියාව ආරාක්ෂා කර ගන්න ඒකී ප්‍රධාන ප්‍රශ්ණ වලින් ලීස්සලා ගිහින් වෙනම කතාවක් නිර්මානය කරගෙන ඒක තමා ඔය බෙදා හැරලා තියෙන්නේ..
    එත්කොට එන ගල් මුල් සියල්ලම නතර වෙලා සානුකම්පිත හැගීමක් මිනිස්සු තුල ඇති වෙනවා..
    උබලා මෝඩයිනේ..
    අහු වෙනවා පටගාලා..
    :lol:
     
    • Like
    Reactions: buddikagayan

    එතකොට හරිම කතාව මොකක්ද උබ දන්න
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    එතකොට හරිම කතාව මොකක්ද උබ දන්න

    මම පෞද්ගලිකව දන්න කතාවක් නෑ..
    නමුත් මම ඔය කාන්තාව ගැන දාලා තිබ්බ ලිපිය ඔක්කොම කියෙව්වා.
    ඒක කියෙව්වට පස්සේ හිතෙන්නේ මම කිව්වා වගේ දෙයක්.
    ඔය කාන්තාව ප්‍රධාන ප්‍රශ්නෙන් පිට ඉන්නේ.
    මිනිස්සුන්ව දැනුවත් කරලා තියෙන්නේ මේ කොරෝනා නිසා එයාට එල්ල වූ සමාජ පීඩනය.
    ඒ ඇරෙන්න ඔතන සත්‍ය සිදුවීමක් ගැන කියලා නෑ..
    අනික ඔය ගම්පහ ඉන්න කොල්ලෙක් කීවා.
    ඔය කාන්තාව එක එක වෙලාවට එක එක විදිහට උත්තර දුන්නලු පොලීසියට එහෙම..
    ඒ දිලා තියෙන්නේ තමනුත් බේරීලා ආයතනයත් බේර ගන්න මිසක් රටක් බේර ගන්න කියන සිතුවිලෙන් නෙවේ.
    කාන්තාවට ජොබ් එක නැති වුනොත් පවුල ඉවරයි එතනින්..
    වචන පරිස්සම් කරගන්න එයා වගබලාගෙනලු කියලා ඒ පැත්තේ ඉන්න කොල්ලෙක් කීවා..
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    බ්‍රෑන්ඩික්ස් වගේ ආයතනකින් කොරෝනා බෝ වෙන්න ඇරලා වැඩ ගත්තා කියලා හිතන්න අමාරුයි..

    මේක රජය අපහ්සුතාවයට පත් කරන්න කරපු කුමන්තනයක් වගේ...

    මෙය එරෝසන් විසින් මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලදී
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම පෞද්ගලිකව දන්න කතාවක් නෑ..
    නමුත් මම ඔය කාන්තාව ගැන දාලා තිබ්බ ලිපිය ඔක්කොම කියෙව්වා.
    ඒක කියෙව්වට පස්සේ හිතෙන්නේ මම කිව්වා වගේ දෙයක්.
    ඔය කාන්තාව ප්‍රධාන ප්‍රශ්නෙන් පිට ඉන්නේ.
    මිනිස්සුන්ව දැනුවත් කරලා තියෙන්නේ මේ කොරෝනා නිසා එයාට එල්ල වූ සමාජ පීඩනය.
    ඒ ඇරෙන්න ඔතන සත්‍ය සිදුවීමක් ගැන කියලා නෑ..
    අනික ඔය ගම්පහ ඉන්න කොල්ලෙක් කීවා.
    ඔය කාන්තාව එක එක වෙලාවට එක එක විදිහට උත්තර දුන්නලු පොලීසියට එහෙම..
    ඒ දිලා තියෙන්නේ තමනුත් බේරීලා ආයතනයත් බේර ගන්න මිසක් රටක් බේර ගන්න කියන සිතුවිලෙන් නෙවේ.
    කාන්තාවට ජොබ් එක නැති වුනොත් පවුල ඉවරයි එතනින්..
    වචන පරිස්සම් කරගන්න එයා වගබලාගෙනලු කියලා ඒ පැත්තේ ඉන්න කොල්ලෙක් කීවා..
    උබෙයි කෝපි කඩේ අබිලින්ගෙයි කිසිම වෙනසක් නැ.
     
    • Haha
    Reactions: charitha2011