අද ඉතිං සති අන්තේ සෙනසුරාදා උදේට කන්න නුඩ්ල්ස් හොදයි කියලා හිතුනා. මම අද හදපු හැටි තමයි ඔය පහල විස්තරේ තියෙන්නේ. හදිසියක් නැති නිසා ටිකක් වෙලා අරගෙන හැදුවේ.
අද නං ගත්තේ සාමාන්‍ය නුඩ්ල්ස්. ලුස් විකුනන්නේ කඩවල. ඒවා.
එළවලු ගත්තේ අර්තාපල් පොඩියට ගාගෙන, ලීක්ස් ගහේ සුදු පාට කොටස කුඩා තීරු වලට කපලා, ගෝවා පොඩියට කපලා, ලුණු කොළ පොඩියට කපලා, ලොකු ලුණු, සුදු ලුණු, ඉඟුරු.
ඊට අමතරව ටුනා ටින් එකක්, තලපත් මාළු පොඩියට කපලා බැදලා, බිත්තර ගත්තා. සෝස් වර්ග , ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, කෑලි මිරිස්, කහ කුඩු , බටර් අවශ්‍ය පදමට ගත්තා.
ඉස්සෙල්ලම ගෝවා ගෙඩි භාගයක් අරගෙන කොළ ගලවලා සෝදලා මැෂින් එකෙන් චොප් කර ගත්තා.
ලොකු ලුණු, කොච්චි මිරිස් කරල් දෙකක්, මාළු මිරිස් කරල් දෙකක් චොප් කර ගත්තා.
සුදු ලුණු , ඉඟුරු කොටලා මිශ්‍රණයක් හදා ගත්තා.
ඒ අතර තුරේ තලපත් මාළු පොඩියට කපලා ලුණු කුඩු, ගම්මිරිස් කුඩු අතගාලා එයාර් ෆයර් එකට දැම්මා.
නුඩ්ල්ස් ටිකට උණුවතුර , ලුණු කුඩු , කහ කුඩු දාලා ටිකක් වෙලා ලිපේ තියලා තම්බලා ගත්ත. ඊට පස්සේ වතුර පෙරලා ඇල්වතුරෙන් සෝදලා ගත්තා.
ඔන්න ලැස්ති කරගත්තු කළමනා ටික.
ඊට පස්සේ තාච්චියක් ලිපේ තියලා බටර් දාලා ඒ ටික රත් උනාම සුදු ලුණු, ඉඟුරු පේස්ට් එක දැම්මා.
ඒක ටිකක් බැදුනම පොඩියට කපපු ලොකු ලුණු, කොච්චි මිරිස්, මාළු මිරිස් මිශ්‍රණය එකතු කරා.
ඊට පස්සේ ඒ ටික බැදුනම ගා ගත්තු අර්තාපල් එකතු කරා.
ඊට පස්සේ චොප් කර ගත්තු ගෝවා.
ලීක්ස් සහ ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, කෑලි මිරිස් එකතු කරපු හැටි පහල පින්තුරේ.
ඒවා ටිකක් බැදුනම ලුණු කොළ දැම්මා.
ලුණු කොළ දාලා විනාඩියක් විතර ගියාම පස්සේ අපේ එළවලු මිශ්‍රණය පැත්තකට කරලා එකේ අනික් පැත්තට බිත්තර එකතු කරා. ඊට පස්සේ බිත්තර බැදෙන්න ඇරලා මිශ්‍ර කරා.
ඊළගට මාළු එකතු කරා. චීස් ටිකත් දැම්මා.
ඊළගට අවශ්‍ය පරිදි සෝස් එකතු කරලා මිශ්‍ර කරා.
නූඩ්ල්ස් එකතු කරා.
ඒවා වැඩි ගින්දරේ මිශ්‍ර කරා.
ඔන්න උදේ ආහාරය. මේකේ වැඩි හරියක් තියෙන්නේ එළවලු. ඒ කියන්නේ නුඩ්ල්ස් ග්‍රෑම් 100 ගත්තොත් ඒකට ග්‍රෑම් 200 විතර එළවලු සහ තව ග්‍රෑම් 100 මස් මාළු වර්ග තමයි එකතු කරන්නේ මම.
- මාගේ වෙනත් ත්‍රෙඩ් -
1) අප නිවසේ පැවැත්වූ ධර්ම දේශනාව සහ දානමය පිංකම - පින්තුර දෙක තුනක්
2) අප නිවසේ නත්තල් පාටිය - පින්තුර කිහිපයක්
3) පොළොස් ඩෙවල් එකක් හැදුවා - පින්තුර පහ හයක්
4) ගෙදර හදපු ටින් මාළු - පින්තුර කීපයක්
5) හදිසියේ පන්සලට දානයක් දුන්නා - පින්තුර කීපයක්
6) උමංදාවේ කෑම - පින්තුර කිහිපයක්
7) මාගේ නිවසේ වගාව - පින්තුර ගොඩක්
8) සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න කැමතිද ?
9) පෑලියගොඩ එළවලු, ෆිෂ් මාර්කට් ගියා - පින්තුර කීපයක් සහ විස්තරයක්
11) ගෙදර හදපු පොල්තෙල් - පින්තුර කීපයක්
11) බෝඹුරු ඇල්ලේ ගියා - පින්තුර කීපයක්
12) ගෙදර හදපු කහ කුඩු - පින්තුර දෙක තුනක්
13) වස් සමාදන් වෙන භීක්ෂුන්ට දානයක් දුන්නා - පින්තුර කිහිපයක්
14) අප නිවසේ පැවැත්වූ ධර්ම දේශනාව සහ දානමය පිංකම - පින්තුර කීපයක්
15) මාළු ඇඹුල් තියල් හදපු හැටි - පින්තුර තුන හතරක්
16) ගෙදර හදපු පාන් කොත්තු - පින්තුර සහ විස්තරයක්
ස්තුතියි.