ඈත අභ්‍යවකාශයෙන් විහිදුණු ගුවන් විදුලි ස
ඉතාමත් ඈතින් පිහිටි මන්දාකිණියකින් (galaxy) විහිදුණු අද්භූත සංඥාවක් කැනඩාවේ දුරේක්ෂයක සටහන් වී ඇතැයි තාරකා විද්‍යාඥයින් පිරිසක් අනාවරණය කර තිබේ.
අදාළ ගුවන් විදුලි තරංගයේ ස්වභාවය සහ එය ඇති වූ ආකාරය මෙතෙක් හඳුනාගෙන නොමැත.
ආලෝක වර්ෂ බිලියන 1.5 ක් එපිටින් පිහිටි මූලාශ්‍රයක සිට පැමිණි FRB ලෙස සැලකෙන වේගවත් ගුවන් විදුලි තරංග 13 ක් නැවත නැවතත් විහිදීම අසාමාන්‍ය සිද්ධියකි.
වෙනත් දුරේක්ෂයකට මෙවැනි සිද්ධියක් මීට පෙර වාර්තා වී තිබුණු අතර එය ද එක් වරක් පමණි.
"මේ සිද්ධිය පසුපස තවත් බොහෝ විස්තර තියෙන්න පුළුවන්," බ්‍රිටිෂ් කොලම්බියා විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥ ඉන්ග්‍රිඩ් ස්ටෙයාර්ස් (Ingrid Stairs) පවසයි.
"මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ප්‍රෙහේළිකාවට විසඳුම් හොයන්න ඒ කියන්නේ, මේ සංඥා නිකුත් වුණේ කොහෙන්ද? ඒකට හේතු මොනවා ද? යන ප්‍රශ්නවලට පිළිතුරු හොයද්දී තවත් මූලාශ්‍ර හමුවිය හැකියි."
මෙම සංඥා පිළිබඳව සටහන් වී ඇත්තේ, කැනඩාවේ බ්‍රිටිෂ් කොලම්බියාහි පිහිටි CHIME නමැති දූරේක්ෂයේය. එය මීටර් 100 ක් දිගින් යුත් අර්ධ සිලින්ඩරාකාර ඇන්ටෙනා හතරකින් සමන්විත දුරේක්ෂයකි.
එමගින් දිනපතා උතුරු අහස සම්පූර්ණයෙන් නිරීක්ෂණය කෙරේ.
පසුගිය වසරේ සිට ක්‍රියාත්මක වන මෙම දුරේක්ෂයේ ගුවන් විදුලි සංඥා 13 ක් විහිදුණු බවට සටහන් වී තිබේ
Source - https://www.bbc.com/sinhala/world-46820838