''කන්දේ හැපුන මහ වනන්තරේ
ඩි.සි 8 ගුවන් යන්තරේ
මරුවා ආ කල මිතුරේ
බේරෙන්න බෑ සසරේ
කාගෙද මට වරද නොතේරේ''
මෙම ගීතය දශක හතරකට ඉහත දී මෙරට ගීත ක්ෂේත්‍රයට එක් වුවත් අදටත්ද නොනැසුන ජනප්‍රියත්වයකට හිමිකම් කියනු ඇත. මෙම ගීතය නිර්මාණය වීමට හේතු පාදක වූ සිදු වීමට අදට (4) ට වසර 46 ක් සපිරෙනු ඇත. 1974 දෙසැම්බර් 4 වැනිදා සිදුවූ එය ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුවූ බරපතලම ගුවන් අනතුර ලෙස වාර්තා වේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ, අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නොටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ඒ සුන්දර පරිසරය වෙත අපි පිය නැගුවෙමු. මෙරට ප්‍රථම ජලවිදුලි බලාගාරය වන විමලසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරය පිහිටි නොර්ටන් බ්‍රිජ් නගරය පසුකර “බිංදුව” (0) කණුව පිහිටි ඩබල් කටින් නම් මංසන්ධියෙන් වමට හැරී ඉදිරියට ගමන් කරන විට අලංකාර ලක්ෂපාන දිය ඇල්ල හමුවේ. එම මාර්ගයේ ඉදිරියට ඇදෙන විට දකුණු පසින් අපට ඒ මනරම්, සිත් ගන්නා සුළු කඳුවැටිය දිස්වේ. සහෝදරියන් ලෙස එක පෙළට පිහිටා තිබුණ කඳු හතක් නිසා ඕ “සප්ත කන්‍යා”ලෙසින් නම් ලැබුවාය.
ලක්ෂපාන ජලවිදුලි බලාගාරය ඉස්මත්තේ පිහිටි සප්ත කන්‍යා කඳු පන්තිය දවසේ වැඩි කාලයක් මිහිදුම් සළුවක සැඟවී සිටින පරිසරයක සුන්දරත්වයෙන් හෙබි සුන්දර කඳුවැටියකි. එසේම කඳු තරණය කරන්නන්ගේ පාරාදිසයක් වූ සප්ත කන්‍යා කඳු වැටිය එදවස ලොවම කම්පා කළ හා බහුතරයකගේ නෙතට කඳුලක් එක් කළ මතකයකට හේතු පාදක වන්නට විය.
මාර්ටින් එයා නමැති ගුවන් සමාගමට අයත් ඩී.සී. 08 නමැති මෙම ගුවන් යානය මගීන් 184 ක් හා ගුවන් යානයේ කාර්ය මණ්ඩලය 07 දෙනෙක්ද සමග ගුවන්ගත වී ශ්‍රී ලංකාව හරහා මක්කම බලා පියාසර කරද්දී 1974 දෙසැම්බර් 04 වැනි දින ශ්‍රීපාද අඩවියේ පිහිටි සප්ත කන්‍යා නමැති සුප‍්‍රසිද්ධ කඳුවැටියේ හැපී එදින රාත‍්‍රී හරියටම 10 පසුවී විනාඩි 10 ට අනතුරට පත්වී ඇති බව වාර්තා වල සඳහන් වේ. අනතුරින් එම යානය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති අතර එහි ගමන් කළ 191 දෙනාම ජීවිතක්‍ෂයට පත්වූහ.
මෙම ගුවන්යානය 1966දී නිම කරන ලද PH-MBH ලෙස ලියාපදිංචි කර තිබූ මැක්ඩොනල් ඩග්ලස් DC-8 ගුවන්යානයකි. එය KLM ගුවන්සේවය විසින් වෙනස් කරන ලද ප්‍රැට් සහ විට්නි එන්ජින්වලින් සමන්විත වූවකි. මාර්ටින් එයාර් 138 ගුවන්යානයේ කාර්යමණ්ඩලය: ප්‍රධාන නියමුවා වූ හෙන්ඩ්‍රික් ලෑම්, පළමු නියමුවා වූ රොබර්ට් බ්ලොම්ස්මා, ගුවන්යානා ඉංජිනේරු ජොහැන්නස් විජ්නන්ඩ්ස්, නෞගණක ඉන්ග්‍රිඩ් වෑන් ඩ විලට් සහ ගුවන් සහයක හෙන්රියෙට්ටා බොර්ග්හොල්ඩ්ස්, අබ්දුල් හමීඩ් උස්මාන්, ලිලික් හෙරවාටි, ටිටියා වෑන් ඩිජිකුම්, සහ හෙන්ඩ්‍රිකා වෑන් හැම්බර්ග්.
ලක්‍ෂපාන ජල විදුලිබලාගාරය අසල අතිශය සුන්දර පරිසරයක පිහිටි ලක්‍ෂපාන දිය ඇල්ල ඉස්මත්තේ ඇති සප්ත කන්‍යා කඳු වැටියේ පස්වැනි කන්දේ (සප්ත කන්‍යා යනු කඳු හතකින් යුක්ත කඳු වැටියකි) ගුවන් යානයේ එක් තටුවක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. තටුව ගැටී ගුවන් යානය ඉදිරියට ගමන් කිරීමේ දී සප්ත කන්‍යා කඳු වැටියේ පස්වැනි කන්දේ අඩි කීපයක් ගල දිගට ඇඳී තිබූ රේඛාව වසර ගණනක් සුදුපාට වර්ණයෙන් දිස්ව තිබුණ ද මේ වන විට එය වල් වැදී මැකී ගොස් ඇති අයුරු දැක ගත හැකිය.
එක්දහස් නවසිය හැත්තෑ හතරේ දෙසැම්බර් මස හතර වැනි දින සිදුවූ මේ ඛේදවාචකයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ, නෝටන් බි‍්‍රජ් පොලිස් බල ප‍්‍රදේශයේ පිහිටි සප්ත කන්‍යා කඳු වැටිය පිළිබඳව ලොව දසත ප‍්‍රසිද්ධියට පත්විය. ශ්‍රී ලංකාවේ ගීත රචකයන් කීප දෙනෙක් විසින් පබැදු ගී පද මාලා සුප‍්‍රසිද්ධ ගායකයන්ගේ හඬින් ගායනා කර කැසට් පට මගින් එවකට ප‍්‍රසිද්ධ වූයේ මේ අනතුරේ පසුබිම තොරතුරු ඇතුළත් කරමිනි.
කාන්තාවක් සැතපී සිටින ආකාරයෙන් පිහිටි මේ සුන්දර සප්ත කන්‍යා කඳු ශිකරය බිලිගත් මාර්ටින් එයාර් ගුවන් අනතුර එදා සියැසින් දුටු අය බොහෝ පිරිසක් අද මියගොස් ඇති අතර තවමත් කීප දෙනෙක් අවට ගම්මාන වල සිටිති. වසර 40 ගෙවෙන මොහොතේ අප ගුවන් අනතුර සිදුවූ සප්ත කන්‍යා කඳු පාමුල පිහිටි කොත්තැල්ලෙන නැමැති ගම්මානයට ගියේ ඔවුන්ගේ මතකය අවදි කිරීමටය.
එහිදි හමුවූ ගම්ලත් රාළලාගේ පුංචිසිඤ්ඤෝ මහතා සිය අත්දැකීම මෙසේ පැහැදිලි කළේය.
ගම්ලත් රාළලාගේ පුංචිසිඤ්ඤෝ නෝටන්බ්‍රිජ්, කෙතේතැල්ලෙන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කර විශ්‍රාම ලබා වෙළඳසැලක් පවත්වාගෙන යමින් සිටී.
මේ ඔහු අප සමඟ පැරණි අත්දැකීම මෙලෙස විස්තර කළ කළේය.
මම 1941 වසරේ ඉපදුණේ. ලංකා විදුලිබල මණ්ඩලයේ, ලක්ෂපාන විදුලි බලාගාරයේ වැඩ කරමින් සිටියේය. එදින රෑ 10.15 ට පමණ පොළවත් එක්ක හෙල්ලුණා. මම රෑ ආවේ නෑ. පහුවදා උදේ මම එනකොට හමුදාවේ කට්ටියක් හම්බ වුණා. ඒ අයත් එක්කම සප්ත කන්‍යා ගල යටට ගියා.
ඒ යනකොට දැක්කේ මස් කඩයක වගේ මිනිස්සුන්ගේ කෑලි ගස්වල එල්ලෙනවා. මට ඒක බලන්න බෑ. මම ගෙදර ගියා. දවස් දෙක තුනකට පස්සේ ආයේ ආවා. එතකොටත් හොයන්නේ ගුවන් යානයේ “කළු පෙට්ටිය.”මමත් හමුදාවේ කට්ටියත් එක්ක ගල මුදුනට ගියා. ඒ ගිය වෙලාවේ ගලක් යට තියෙන කොටසක් පෙන්නුවා. පස්සේ කඹයක් දාලා හමුදාවේ අය මාව එතනට බැස්සුවා.
ඒක කලු පෙට්ටියේ කෑල්ලක්. එතනදී මාව ලිස්සලා ගිහින් ගහක රැදුනේ. මම තමයි කලු පෙට්ටියේ ඉතිරි වුණ රෝල් කොටස හොයලා දුන්නේ. ඔය ගලට එහා පැත්තෙන් තමයි ගුවන් යානා යන්නේ. මේ ගුවන් යානය මේ පැත්තෙන් වැරදිලා ඇවිල්ලා. ඒක නිසා තමයි ගලේ හැපිලා තියෙන්නේ.
සප්ත කන්‍යා කඳුවැටිය පාමුල පිහිටි, කොත්තැල්ලෙන, මුරුත්තැන්න ගම්මානයේ පදිංචිකරුවකු වන සුමනදාස මහතා සිය අත්දැකීම් අපට මෙසේ විස්තර කළේය.
එම කාලය වන විට ඔහුගේ වයස අවුරුදු 21 ක් පමණ වු අතර එදින රාත්‍රියේ එම ප්‍රදේශයේ නිවසක පැවති ප්‍රිය සාදයක් සදහා සහභාගී වී එමින් සිටියදී මෙම අනතුර දැක ඇත. මේ ඔහු කියූ කතාවයි.
මට නිවස ආසන්නයේදීම ශබ්දයක් ඇහුණා. ගිනි පත්තු වෙමින් ආව ගුවන් යානයක් මේ කන්දේ හැපුණා. ඒ කන්දේ තියෙන්නේ බට පදුරු. ඒවා ගිනි ගන්න ගත්තා. පසුදා අපි බලන්න ගියා. යනකොට ගුවන් යානයේ සුන්බුන් විසිරිලා තිබුණා.
මිනිස්සු ඔක්කොම මැරිලා. කෑළි කෑළි වෙලා හැම තැනම මළ කඳන්. ඒවා ටිකක් ගෙනත් කඳු පාමුල භූමදානය කළා. අනික් ඒවා එහෙම්මම තිබුණා. අපි යනකොටම හෙළිකොප්ටරයක් ආවා. ඒක මුරුත්තැන්නේ දළු මඩුව ළඟ තමයි ගොඩ බෑවේ.එ තන මමයි රාමසාමියි, සත්තිවේලුයි හිටියේ. සත්තිවේල් කොළඹ රත්මලාන පැත්තේ ගෙදරක වැඩ කරලා තිබුණේ. සත්තිවේල් අත් දෙකෙන් සංඥා කළා. එතකොට හෙලිකොප්ටරය දළු මඩුව ළඟ පිට්ටනියේ ගොඩ බෑවා. ඒ වුනාට එක ආයේ උඩ නග්ගන්න බැරි වුණා.
ඊට පස්සේ බලන කොට එකේ කාර්මික දෝෂයක්. සුදු මහත්තයෙක් ඇවිල්ලා දවස් ගානක් එතන තියාගෙන ඒක හැදුවා. අපි උදව් කළා එකේ වැඩ වලට. ඒ වෙනුවෙන් අපිට ලාම්පුතෙල් බෝතල් තුන ගානේ දුන්නා. අපිට ලොකු දෙයක් ඉතිං ඒක. අපේ ගෙවල් වලත් පාචිච්චි කලේ ලාම්පු නිසා.
මුරුත්තැන්න තේ වත්තේ වත්මන් අයිතිකරු වන මංජුල එදිරිසිංහ මහතාය. මේ ඔහුගේ හඬය.
මෙම ගුවන් අනතුර මුලින්ම දුටු අයෙක් මගේ පියා... ඔහු දැනට වසර කීපයකට පෙර මියගියා. අපි තමයි මේ කඳුවැටිය ආසන්නයේම පදිංචි වෙලා ඉන්නේ. මගේ පියා පවසා ඇති විදිහට 1974.12.04 වැනි දින හරියටම රාත‍්‍රි 10.10 ට මෙම අනතුර සිදුවන අවස්ථාවේ ඔහු අවදිව සිටි බවත් එක් වරම විශාල ශබ්දයක් සමග ප‍්‍රදේශයම ගිගිරුම් දුන් බව පැවසුවා. නිවසින් පිටට ඇවිත් බලන විට ඉහළින් පිහිටි සප්ත කන්‍යා කන්දේ විශාල ගිනි ජාලාවක් ඇවිලී යන අයුරු දැක්ක බවත් කීවා. තාත්තා සැනෙකින් නෝටන් බි‍්‍රජ් පොලිසියට කථා කර සිද්ධිය කියා තිබෙනවා. පොලිසිය සුළු වේලාවකින් පැමිණි පසු දැනගෙන තිබෙනවා ගුවන් අනතුරක් සිදුවෙලා කියලා.