ඈ මට ලියූ පද පෙලක්....

Jayanga3d

Member
Dec 4, 2007
123
16
0
මල් වත්තේ
ඈ මට ලියූ පද පෙලක්....

පින්න මල් කැකුළු මත
සැලෙන පිණි පොද වෙලා,
කඳු සිරස සිප හමන
සුළං රැල්ලක් වෙලා,
ගිනි ගැනුණු කතරකට
උදක සිසිලස වෙලා,
ලෙලෙන මල් යාය සේ
නුඹේ දිවි සරසලා....


පතා ආ ජීවිතය
ඔය දෑතේ රඳවලා,
සදාකල් සිටින්නට
ආදරෙන් එක්වෙලා,
තරු පිපුණු රෑ අහසේ
සඳක් සේ ලංවෙලා,
අවසරද රැඳෙන්නට
උණුහුමේ දැවටිලා.....

******
:love::love::love:
 
  • Like
Reactions: kasunacrox