ඈ_දිවි_දුන්නාය

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,003
    10,560
    113
    ඈ_දිවි_දුන්නාය

    61 වසරකට පෙර අප වෙනුවෙන් ඈ දිවි දුන්නාය…



    576x432x2.jpg



    එදා 1957 වසරේ නොවැම්බර් 4 වැනිදා ලයිකා උඩුගුවනට ගියාය. පෘථිවි කක්ෂය වෙත ගිය ප්‍රථම සත්වයා බවට ඉතිහාසගත වූවාය.

    එය ඉතිහාසයේ නොමැකෙන සේ රන් අකුරින් ලියන ලදැයි කියන්නට ද පුළුවන.

    නමුත් ඒ අසරණිය, ලයිකා නමැති බැල්ල, නැවත කිසිදා ආපසු නාවාය.

    ඇය උඩුගුවනේ මියැදුණාය. තනිව හුස්ම හෙළුවාය. කණස්සල්ලෙන් යුතුව මියගියාය. අන්තිම හුස්ම හෙළන මොහොතේ ද භීතියෙන් ත්‍රස්ත වී සිටියාය.

    ඈ මොස්කව් හි වීදි දිගේ අයාලේ ඇවිද ගිය බැල්ලකි. අයාලේ යන බැල්ලකට කුමක් වුණත් කම්නැතැයි සෝවියට් සංගමය එදා සිතන්නට ඇත. ඈ හුරුබුහුටිය. දීප්තිමත් රෝම කළඹකින් යුතු වූවාය. එනිසා ඡායාරූපවලටත් ඇය ලස්සනට දිස්වනු ඇත… ඔව්.. ඇයට හිමිකාරයෙක් විණි නම් ඇයව වායෝ භූතයන් අතරට මෙසේ නොයවනු ඇත. ඇගේ ඉරණම මීට වඩා ලෝකය විසින් ප්‍රශ්න කෙරෙනු ඇත.

    නමුත් එය එසේ වුණේ නැත. ඔව්.. මොස්කව් වීදියේ දඩාවතේ ඇවිදින සුනඛයෙක් ගැන වදවෙන්නේ කවුද?

    ඇය මිය ගියේ අජකාකාශයට විදිනු ලැබ පැය 5කට පසුව බව ඇතැම් වාර්තාවක දැක්වේ. නමුත් සෝවියට් සංගමය ඒ බව වසන් කළ බවට පුවත් තිබේ. කක්ෂගත කර දින කිහිපයක් ගත වන තෙක්ම ඇය ජීවතුන් අතර සිටි බව සෝවියට් සංගමය විටින් විට පැවසුවේය.

    ඇය මියගියේ අධික රස්නය හේතුවෙන් විය හැකිය. එම චන්ද්‍රිකාව සූර්ය තාපයෙන් බේරීමට නිසි පරිදි පරිවරණය කර තිබුණේ නැත.

    ඒත් අයාලේ ගිය බැල්ලක ගැන වද වෙන්නේ කවුද?

    ඇයව කක්ෂයට යැව්වා විනා, ‘රිටර්න් ට්‍රිප් එක‘ හෙවත් ඇය පෘථිවිය කරා ආපසු එන ගමනක් ගැන තමන් කිසිදාක සැලසුම් කර තිබුණේ නැති බව සෝවියට් විද්‍යාඥයෝ පසුකලෙක පිළිගත්හ.

    එදා උඩු ගුවන ජය ගැනීම සෝවියට් දේශයේ සහ ඇමරිකාවේ පරම සිහිනයක් විය. එම පරම තරගයක් ද විය. ස්පුට්නික් චන්ද්‍රිකාවෙන් ඇරඹි සෝවියට් දේශයේ උඩු ගුවන ජය ගන්නා සිහිනය ‘මේනියාවක්‘ වී යැයි, ලයිකාගේ සැබෑ රූපරාමු සහිත පහත වාර්තා චිත්‍රපටය අපට යෝජනා කරයි.

    එනිසා, මිනිසා උඩුගුවන ජය ගැනීම ගැන උදම් අනන කිසිම විටෙක මේ ලයිකා නමැති අසරණිය අමතක කරන්න එපා. වසරක් පාසා, ලොව පුරා සිදුකෙරෙන අභ්‍යවකාශ පර්යේෂණවලදී එදා මෙදාතුර මිනිසා විසින් පර්යේෂණවලදී පාවිච්චි කරන ලද සුනඛයන්, චිම්පන්සීන් ඇතුළු මිලියන 115 ක් බවට සැලකෙන අසරණ සතුන්ගේ ඉරණමේ සංකේතය, ලයිකා නම් වන්නීය.








    හොඳනම් rep+++ දාගෙනම යන්න :yes::yes::yes::yes::yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඒ බැව්ව දැං කොහේ ඉපදිල ඇත්ද :love: මනුස්ස ආත්මෙක ඉන්නව වෙන්ඩත් පුළුවන්..
     
    • Like
    Reactions: hi.dushan

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අපේ ලෙඩ රෝගවලට බෙහෙත් හොයාගන්ඩ කරන පරීක්ෂණවලට සත්තු කොච්චර දුක් විඳල තියෙනවද? මැරිල තියෙනවද?...
    පව් ඉතිං එයාල :sorry:
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මේ ලෝකේ කොච්චර හරක් මරනවද .. මේක එක අතකට හොද දෙයක් .. වැඩක් වත් උනා
     
    • Like
    Reactions: hi.dushan

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මේ ලෝකේ කොච්චර හරක් මරනවද .. මේක එක අතකට හොද දෙයක් .. වැඩක් වත් උනා

    මරන්ඩම වෙනවනං අඩුම ගානෙ වේදනාවක් නැති විදියටවත් :yes: ඒකත් ලොකු දෙයක්නෙ දුක් විඳල මැරෙනවට වඩා..

    කවදහරි දවසක මස්වලටත් වඩා රස ආහාරයක් කෘතිමව නිපදවන්ඩ පුළුවන් වේවි... මස් වුණත්
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අපේ ලෙඩ රෝගවලට බෙහෙත් හොයාගන්ඩ කරන පරීක්ෂණවලට සත්තු කොච්චර දුක් විඳල තියෙනවද? මැරිල තියෙනවද?...
    පව් ඉතිං එයාල :sorry:

    ඒවා කරන්නේ ඇමරිකාවේ නේ..වෙන රටක් කරොත් තමා පව්..:lol:
     
    • Like
    Reactions: hi.dushan

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මරන්ඩම වෙනවනං අඩුම ගානෙ වේදනාවක් නැති විදියටවත් :yes: ඒකත් ලොකු දෙයක්නෙ දුක් විඳල මැරෙනවට වඩා..

    කවදහරි දවසක මස්වලටත් වඩා රස ආහාරයක් කෘතිමව නිපදවන්ඩ පුළුවන් වේවි... මස් වුණත්

    We are talking about early 19 century .. just after they killed millions of people in WW2
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    අපේ ලෙඩ රෝගවලට බෙහෙත් හොයාගන්ඩ කරන පරීක්ෂණවලට සත්තු කොච්චර දුක් විඳල තියෙනවද? මැරිල තියෙනවද?...
    පව් ඉතිං එයාල :sorry:

    මස් කෘතිමව හදනවා. ඕනේ සතාගේ පටක අරන් ඒවා වර්ධනය කරනවා (මතක නැ හරියටම article එක්ක තිබුණේ).
    ප්‍රශ්නෙ වියදම වැඩි එවලට යන සාමාන්‍ය විඳියට මස් ගන්නවාට වඩා. කවදා හරි ලාබ විඳියට හදන විඳියක් හොයාගන.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මස් කෘතිමව හදනවා. ඕනේ සතාගේ පටක අරන් ඒවා වර්ධනය කරනවා (මතක නැ හරියටම article එක්ක තිබුණේ).
    ප්‍රශ්නෙ වියදම වැඩි එවලට යන සාමාන්‍ය විඳියට මස් ගන්නවාට වඩා. කවදා හරි ලාබ විඳියට හදන විඳියක් හොයාගන.

    :cool:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    Sira bng ,Oya hamajathiyakama saththu use krnwa un test karanda :(

    මිනිස්සුත් පාවිච්චි කරල ඇති
    ඇමරිකාව විතරක් නෙමේ ඉතිං තව රටවල් ඇති