ඈ_දිවි_දුන්නාය
61 වසරකට පෙර අප වෙනුවෙන් ඈ දිවි දුන්නාය…
එදා 1957 වසරේ නොවැම්බර් 4 වැනිදා ලයිකා උඩුගුවනට ගියාය. පෘථිවි කක්ෂය වෙත ගිය ප්‍රථම සත්වයා බවට ඉතිහාසගත වූවාය.
එය ඉතිහාසයේ නොමැකෙන සේ රන් අකුරින් ලියන ලදැයි කියන්නට ද පුළුවන.
නමුත් ඒ අසරණිය, ලයිකා නමැති බැල්ල, නැවත කිසිදා ආපසු නාවාය.
ඇය උඩුගුවනේ මියැදුණාය. තනිව හුස්ම හෙළුවාය. කණස්සල්ලෙන් යුතුව මියගියාය. අන්තිම හුස්ම හෙළන මොහොතේ ද භීතියෙන් ත්‍රස්ත වී සිටියාය.
ඈ මොස්කව් හි වීදි දිගේ අයාලේ ඇවිද ගිය බැල්ලකි. අයාලේ යන බැල්ලකට කුමක් වුණත් කම්නැතැයි සෝවියට් සංගමය එදා සිතන්නට ඇත. ඈ හුරුබුහුටිය. දීප්තිමත් රෝම කළඹකින් යුතු වූවාය. එනිසා ඡායාරූපවලටත් ඇය ලස්සනට දිස්වනු ඇත… ඔව්.. ඇයට හිමිකාරයෙක් විණි නම් ඇයව වායෝ භූතයන් අතරට මෙසේ නොයවනු ඇත. ඇගේ ඉරණම මීට වඩා ලෝකය විසින් ප්‍රශ්න කෙරෙනු ඇත.
නමුත් එය එසේ වුණේ නැත. ඔව්.. මොස්කව් වීදියේ දඩාවතේ ඇවිදින සුනඛයෙක් ගැන වදවෙන්නේ කවුද?
ඇය මිය ගියේ අජකාකාශයට විදිනු ලැබ පැය 5කට පසුව බව ඇතැම් වාර්තාවක දැක්වේ. නමුත් සෝවියට් සංගමය ඒ බව වසන් කළ බවට පුවත් තිබේ. කක්ෂගත කර දින කිහිපයක් ගත වන තෙක්ම ඇය ජීවතුන් අතර සිටි බව සෝවියට් සංගමය විටින් විට පැවසුවේය.
ඇය මියගියේ අධික රස්නය හේතුවෙන් විය හැකිය. එම චන්ද්‍රිකාව සූර්ය තාපයෙන් බේරීමට නිසි පරිදි පරිවරණය කර තිබුණේ නැත.
ඒත් අයාලේ ගිය බැල්ලක ගැන වද වෙන්නේ කවුද?
ඇයව කක්ෂයට යැව්වා විනා, ‘රිටර්න් ට්‍රිප් එක‘ හෙවත් ඇය පෘථිවිය කරා ආපසු එන ගමනක් ගැන තමන් කිසිදාක සැලසුම් කර තිබුණේ නැති බව සෝවියට් විද්‍යාඥයෝ පසුකලෙක පිළිගත්හ.
එදා උඩු ගුවන ජය ගැනීම සෝවියට් දේශයේ සහ ඇමරිකාවේ පරම සිහිනයක් විය. එම පරම තරගයක් ද විය. ස්පුට්නික් චන්ද්‍රිකාවෙන් ඇරඹි සෝවියට් දේශයේ උඩු ගුවන ජය ගන්නා සිහිනය ‘මේනියාවක්‘ වී යැයි, ලයිකාගේ සැබෑ රූපරාමු සහිත පහත වාර්තා චිත්‍රපටය අපට යෝජනා කරයි.
එනිසා, මිනිසා උඩුගුවන ජය ගැනීම ගැන උදම් අනන කිසිම විටෙක මේ ලයිකා නමැති අසරණිය අමතක කරන්න එපා. වසරක් පාසා, ලොව පුරා සිදුකෙරෙන අභ්‍යවකාශ පර්යේෂණවලදී එදා මෙදාතුර මිනිසා විසින් පර්යේෂණවලදී පාවිච්චි කරන ලද සුනඛයන්, චිම්පන්සීන් ඇතුළු මිලියන 115 ක් බවට සැලකෙන අසරණ සතුන්ගේ ඉරණමේ සංකේතය, ලයිකා නම් වන්නීය.
හොඳනම් rep+++ දාගෙනම යන්න

මනුස්ස ආත්මෙක ඉන්නව වෙන්ඩත් පුළුවන්..