ඉංග්‍රීසින් බ්‍රිතාන්‍ය සටන ජයගත් හැටි-2
ඓතිහාසික බ්‍රිතාන්‍ය සටන පළකල ලිපියේ පළමු කොටසට හොඳ ප්‍රතිචාරයක් ලැබුණු නිසා එහි දෙවන කොටසත් ඉක්මණින්ම පළ කරන්නට කල්පනා කලෙමි.සටන සඳහා දෙපක්ෂයේම සූදානම සම්බන්ධව මෙහි පළමු කොටසින් සාකච්ඡා කරන ලදි.මෙම කොටසින් සටන සිදුවූ අයුරු සහ එහි ප්‍රථිපල ගැන කතා කරනු ඇති.
බ්‍රිතාන්‍ය සටනේදී ජර්මන් ගුවන් හමුදා එල්ල කරන ප්‍රහාර අධියර කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක කරන්නට එහි සැලසුම්කරුවන් ක්‍රියා කලෝය.පළමු අධියර දෙකෙහි ඉලක්ක බවට පත් වූයේ බ්‍රිතාන්‍යයේ නැගෙනහිර වෙරළේ නාවුක කටයුතු සිදුකල ජල මාර්ග ගිණිකොණදිග ප්‍රදේශයේ වරාය,නෞකාතටාකාංගන ආදියයි.බ්‍රිතාන්‍යයේ යුද ලොරි රථවලට ප්‍රහාර එල්ල කිරීමට Stuka යානා යොදාගන්නා ලදි.ජර්මන් ගුවන් නියමුවන් ,බ්‍රිතාන්‍යය ප්‍රහාරකයන් බිම හෙළා ඔවුන්ගේ වෙරාශ්රිත රේඩාර් මධ්‍යස්ථානවලට පහර දෙන්නට උත්සාහ කරන ලදි.නමුත් එම රේඩාර් මධ්‍යස්ථානවලට පහර දීම එතරම් පහසු කාර්යයක් නොවීය.ඒවා ප්‍රහාරවලට ලක්වුවද වහාම අලුත්වැඩියා කරන ලදි.ගුවන් සටනේදී ජර්මානුවන් බලාපොරොත්තු නොවූ සටනක් දෙන්නට බ්‍රිතාන්‍යයන්ට හැකිවුනේ මේ රේඩාර් මධ්‍යස්ථානවල සහාය නිසාය.
ජූලි මාසයේ මුල් කාලයේ සිට අගෝස්තු මස දෙවන සතිය දක්වා දරුණු සටන් පැවතුණි.සැලැස්මේ මූලික අරමුණ බ්‍රිතාන්‍ය ගුවන් හමුදා වැනසීම වුවද නෞකා සහ තීරණාත්මක යටිතල පහසුකම් වනසා දැමීමෙන්ද ජර්මානුවන් සතුටක් ලැබීය.බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවේ ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් Hugh Dowding, මෙවැනි වේලාසන පහරදීමකට සූදානමින් නොසිටියේය.නමුත් ඔවුන් වහා එම තත්ත්වයට අනුවර්තනය විය.ජර්මන් ප්‍රහාර නිසා අහිමිවී යන යුදෝපකරණ සහ මිනිස් බලය නොසලකා හරින්නට ඔවුන්ට නොහැකිවිය.මුල් අවධියේ බ්‍රිතාන්‍ය ගුවන් යානා පියාසර කලේ V හැඩයට ගුවන් යානා තුන බැගිනි.අවසානයේදී ඔවුන් ජර්මනිය භාවිතා කල යුගල දෙකේ කණ්ඩායම් පියාසර ක්‍රමය(finger fours) අනුකරණය කරන ලදි.මෙම හැඩයේ පියාසැරිය නිර්මාණය කරන ලද්දේ ජර්මානුවන්ය.ඒ ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේදීය.මෙම හැඩයට පියාසර කිරීමෙන් සියලුම දිසාවලින් එන සතුරු යානා අනාවරණය කරගන්නට ගුවන් නියමුවන්ට අවස්ථාව හිමිවේ.
ජර්මන් ආක්‍රමණය ප්‍රතිප්‍රහාර දෙන්නට බ්‍රිතාන්‍යයන් වේගවත් ප්‍රතික්‍රියා පද්ධතියක් නිර්මාණය කරන ලදි.එහිදී සිදු කලේ ජර්මන් ප්‍රහාරයක් ළඟ එන බව රේඩාර් ඔස්සේ සහතික කරගෙන ජර්මන් ගුවන් යානා,බ්‍රිතාන්‍ය ප්‍රහාරක සීමාවට පැමිණි වහාම ගුවන් යානා කුඩා කණ්ඩායම් ලෙස පිටත් කර යැවීමයි.එම කණ්ඩායම් ,ජර්මන් යානා වලට බාධා කර ඔවුන්ගේ බෝම්බ හෙළන යානාවලට ප්‍රහාර එල්ල කරන ලදි.
මෙම උපක්‍රමය ඉතිහාසඥ ඇන්තනි බීවර් විසින් විස්තර කරන්නේ මෙසේය:මෙහිදී ප්‍රමුඛත්වය දුන්නේ Me 109s ප්‍රහාරක යානා මැදිහත්වීමට පෙර ජර්මන් බෝම්බ හෙළන යානා විසුරුවා හැරීමයි.ගුවන් භට කණ්ඩායම් කිහිපයක් සතුරු හමුදාව වෙත කඩා වැදුණු හොත් වේගවත් Spitfires යානා විසින් සතුරු ප්‍රහාර යානා හඹා යයි.එවිට Hurricanes යානා විසින් සතුරු බෝම්බ හෙළන යානා කෙරෙහි අවදානය යොමුකරයි.
ජූලි මාසය පුරා සටන ඇවිලීගිය අතර කිසිම පක්ෂයකට සටනේ පාලනය ලබාගැනීමට නොහැකිවිය.නමුත් දෙපක්ෂයටම බරපතල හානි සිදුවිය.දෙපක්ෂයම සතුරු පක්ෂය සිදුවූ හානිය අධිතක්සේරුවන් කතා කරන ලදි.සන්නිවේදනයේ දුර්වලතා නිරන්තරයෙන් බ්‍රිතාන්‍යයන්ට වද දුන් අතර සතුරන්ට පහරදීමට හොඳම ක්‍රමයක් වෙනුවෙන් බ්‍රිතාන්‍ය හමුදා නායකයන් කලහ ඇතිකරගත්හ.තම ගුවන් නියමුවන් නිවැරදි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන්නේද යන්න ගැන ජර්මන් සැලසුම්කරුවන් තුල සම්පුර්ණ විශ්වාසයක් තිබුණේ නැත.නමුත් ජර්මානුවන් ඔවුන්ගේ හැකියාවන් ගැන අධිතක්සේරුවකින් සිටි නිසා මුලාවට පත්විය.
අගෝස්තු මාසයේදී ජර්මනිය Eagle Attack (Adlerangriff) නමින් මහා පරිමාණ ප්‍රහාරයක් දියත් කරන ලදි.එම ප්‍රහාරයේ අරමුණ බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව සහ එහි පහසුකම් සියල්ල සම්පුර්ණයෙන්ම වනසා දැමීමයි.ගුවනේ ආධිපත්‍යය ලබාගැනීමට ජර්මානුවන් සිය උපරිම ශක්තිය යොදා පහර දුන්හ.
1940 අගෝස්තු මස 12 එනම් ජර්මනිය ඊගල් ප්‍රහාරය මෙහෙයුම ආරම්භ කරන්නට දිනකට පෙර ,ජර්මන් යානා එංගලන්තයේ වෙරලාශ්රිත රේඩාර් කුළුණුවලට පහරදීමේ අසාර්ථක උත්සාහයක් දරන ලදි.ප්‍රධාන ප්‍රහාරය සිදුවූයේ අගෝස්තු මස 13 දාය.නමුත් අයහපත් කාලගුණය සහ නිරවද්‍ය නොවූ සන්නිවේදනය නිසා සැලැස්ම අවහිරවිය.නමුත් ඒකකවලින් භාගයක් සහභාගී වී ප්‍රහාරය දියත් කරන ලදි.13 දා ගුවන් යානා 1,500ගේ සහභාගීත්වයෙන් මහා පරිමාණ ප්‍රහාරයක් දියත් කරන්නට ජර්මනිය ක්‍රියාකලේය.බෝම්බ ප්‍රහාරක යානා රේඩාර් මධ්‍යස්ථාන ,ගුවන් කඳවුරු සහ ගුවන් යානා නිෂ්පාදනාගාරවලට බෝම්බ හෙළන ලදි.බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව ඔවුන්ට හැකි පමණින් ගුවන් යානා 700ක් පමණ යොදාගෙන සාර්ථක ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන ලදි.
ඉන් දින දෙකකට පසුව ජර්මන් ගුවන් හමුදාව තවත් මහා පරිමාණ ප්‍රහාරයක් සිදුකලේය.මෙම සටනේදී බ්‍රිතාන්‍යයන්ට ගුවන් යානා 50ක් පමණ අහිමිවිය.ජර්මනියටද ඒ හා සමාන අලාභයක් සිදුවිය.නමුත් ජර්මානුවන් සිතුවේ එම ප්‍රහාරය ඔවුන්ට විනාශයක් ගෙන දුන් බවයි.මේ නිසා අගෝස්තු මස 15 දාට Black Thursday යන නම පටබැඳිණි.මෙම සටනේදී බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවට කොතරම් හානි සිදුවූයේද යන්න ගැන තොරතුරු ලබාගැනීමට පවා ජර්මන් ඉහළ අණදෙන්නන්ට නොහැකිවිය.
අගෝස්තු මාසයේ අවසන් සතියේදී සිය සියලු ශක්තියට යොදවා රැලි වශයෙන් ප්‍රහාර දියත් කරන්නට ජර්මනිය ක්‍රියා කලේය.එම සටන්වලින් දෙපක්ෂයටම බරපතල හානි සිදුවිය.බ්‍රිතාන්‍ය ගුවන් නියමුවන් දැඩි ලෙස වෙහෙසට පත්ව තිබිණි.ඔවුන් ආහාර ගනිද්දී සහ කතාබහ කරද්දී පවා නිදි කිරා වැටෙන තරමට එය බරපතල විය.අළුතින් බඳවාගත් ගුවන් නියමුවන් මූලික පුහුණුව පමණක් ඇතිව සටනට යවන ලදි.
1940 අගෝස්තු මස 25 දා අවාසනාවන්ත සිදුවීමක් සිදුවිය.ජර්මන් බෝම්බ හෙළන යානයක් වැරදීමකින් ඔවුන්ගේ බෝම්බ මධ්‍යම ලන්ඩනයේ හමුදාමය නොවන ඉලක්කයක් වෙත හෙළන ලදි.මෙම ක්‍රියාවට ප්‍රතිචාර ලෙස වහාම ජර්මනියේ බර්ලින් නගරයට ගුවන් ප්‍රහාරයක් එල්ල කරන්න යැයි වින්ස්ටන් චර්චිල් නියෝග කලේය.මෙය ජපානය විසින් වසර ගණනාවක් තිස්සේ චීනයේ සිවිල්වැසියන් ඉලක්ක කරගෙන දියත් කල බෝම්බ දැමීමට සමාන විය.එතැන් පටන් ජර්මන් ගුවන් යානා ඔවුන්ගේ මූලික ඉලක්කය වූ බ්‍රිතාන්‍ය ගුවන් හමුදා පහසුකම් වැනසීමෙන් ඉවතට ගොස් සිවිල් ඉලක්ක වෙත පහරදෙන්නට පටන්ගත්තෝය.බ්‍රිතාන්‍ය සටනේ අවාසනාවන්තම තීරණය වූයේ මෙයයි.
1940 සැප්තැම්බර් මස 7 වනදා ජර්මන් බෝම්බ හෙළන යානා 1000ක් පමණ ලන්ඩන් නගරයට බෝම්බ හෙළන ලදි.ඔවුන්ගේ යානා කි.මී.32ක් පළල සහ කි.මී.64 දිග ප්‍රදේශයක් ආවරණය කරන ලදි.නමුත් මේ දර්ශනය දැක බලාගන්නට හර්මන් ගොරින්ට හැකියාවක් නොතිබිණි.ඔහු වෙරළට පැමිණි ජර්මන් ගුවන් යානා බ්‍රිතාන්‍යය දෙසට පියාසර කරන අයුරු බලා සිටියේය.මෙම ප්‍රහාරයෙන් බ්‍රිතාන්‍ය වැසියන් 300ක් මිය අතර 1,300ක් දෙනා තුවාල ලැබිය.
ජර්මනියේ උපාය මාර්ගය පුදුම සහගත අයුරින් වෙනස් වීම බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව යළි සංවිධානය කරගැනීමට කාලයක් ලබාදුන්නේය.සැප්තැම්බර් මාසයේ පළමු සතිය වන විට බ්‍රිතාන්‍යය සතු ගුවන් යානා ප්‍රමාණය වේගයෙන් අඩුවෙමින් තිබිණි.අගෝස්තු මාසයේ අවසන් කාලයේ සමහර දිනවල ,ඔවුන්ගේ කර්මාන්තශාලා නිපදවන ගුවන් යානා ප්‍රමාණයටත් වඩා වැඩි ගුවන් යානා ගණනක් ඔවුන්ට අහිමිවී තිබේ.එසේම බ්‍රිතාන්‍ය ගුවන් යානා නිෂ්පාදනය කරන කර්මාන්තශාලා බෝම්බ ප්‍රහාරවල ඉලක්කයන් බවට පත්වීමද ඉහළ යමින් තිබිණි.එවැනි වාසිසහගත තත්ත්වයක් මතුවෙමින් තිබියදී ජර්මන් ගුවන් හමුදාව ,බ්‍රිතාන්‍ය ගුවන් යානා සහ පහසුකම් ඉලක්ක කිරීම අතහැර සිවිල් ඉලක්ක වෙත ප්‍රහාර එල්ලකරන්නට පටන් ගැනීම නාසීන් විසින් මෙම සටනේදී සිදුකල විශාලම වරදකි.ඔවුන් දිගින් දිගටම හමුදා ඉලක්ක වෙත පහර දුන්නේ නම් මෙහෙයුමේ මූලික අරමුණ වූ ගුවනේ ආධිපත්‍යය ලබාගැනීම සහ ඒ ඔස්සේ බ්‍රිතාන්‍ය ගොඩබිමින් ආක්‍රමණය කිරීම පහසුවෙන් සිදුකරන්නට ඉඩ තිබිණි.
කාරණා එසේ වෙද්දී බොහෝ බ්‍රිතාන්‍ය ජාතිකයින් අපේක්ෂා කලේ ඕනෑම වෙලාවක ජර්මානුවන්ගේ ගොඩබිම් ආක්‍රමණය සිදුවේවි යැයි කියාය.නමුත් සැප්තැම්බර් මස මැද භාගය වන විට බ්‍රිතාන්‍ය ගුවන් බලය බිඳ දමන්නට නොහැකි වුවහොත් ඔපරේෂන් සී ලයන් හෙවත් ගොඩබිමින් බ්‍රිතාන්‍ය ආක්‍රමණය කිරීම කල්දමන බව හිට්ලර් විසින් ප්‍රකාශ කර තිබිණි.හිට්ලර්ගේ දෝෂාරෝපණයට ලක්වේ යැයි තිබූ බිය නිසාම ගොරින් විසින් තවත් දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කරන්නට ජර්මන් ගුවන් හමුදාවට නියෝග කලේය.එම ප්‍රහාරය සිදුවූයේ 1940 සැප්තැම්බර් මස 15 දාය.
ඉතිහාසඥ ඇලන් බුලොක්:බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවට පහරදීමේ සිට ලන්ඩන් නගරයට බෝම්බ හෙළීම දක්වා උපාය මාර්ග වෙනස් කිරීම ජර්මානුවන් සිදුකල ප්‍රධානතම වරදයි.ජර්මානුවන් ලබාදුන් විරාමය යොදාගෙන දැඩි වෙහෙසට පත්ව සිටි බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව ප්‍රකෘති තත්ත්වයට පත්විය.බ්‍රිතාන්‍යයන් වහාම තම විනාශ වූ කර්මාන්තශාලා සහ කඳවුරු පිළිසකර කරන ලදි.යළි ශක්තිමත් වූ බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව සැප්තැම්බර් 15 දා පැමිණි ජර්මන් බෝම්බ හෙළන යානාවල ප්‍රහාර රැලි සාර්ථකව මැඩපවත්වා සතුරාට දැඩි හානි පමුණවන්නට සමත්විය.
මේ අසාර්ථකත්වය නොසලකා හිට්ලර් විසින් ආක්‍රමණය සඳහා සූදානම් වීමේ උනන්දුවෙන් පසුවිය.නමුත් 1940 සැප්තැම්බර් මස 6 වනදා හිට්ලර්, Raeder හමුවීමෙන් පසුව කියා සිටියේ ඔපරේෂන් සී ලයන් සිදුකිරීම අනවශ්‍ය බවයි.ඒ ගැන Raeder මෙසේ ලියා තිබේ "බ්‍රිතාන්‍යයේ පරාජය ගොඩබිම් ආක්‍රමණයක් නොමැතිව සිදුකල නොහැකිබව ඔහුට අවසානයේදී තේරුම් ගියේය".1940 සැප්තැම්බර් මස 19 දා හිට්ලර් විසින් අවසානයේදී බ්‍රිතාන්‍යය ගොඩබිමින් ආක්‍රමණය කිරීමේ මෙහෙයුම හෙවත් ඔපරේෂන් සී ලයන් කල්දමන ලදි.නමුත් එය කිසිදා යළි ක්‍රියාත්මක නොවීය.
303 වන ගුවන් භට කණ්ඩායමේ අණදෙන නිලධාරී පෝලන්ත ජාතික Witold Urbanowicz.ඔහුගේ කණ්ඩායම බ්‍රිතාන්‍ය සටනේදී වැඩිම ගුවන් සටන් ප්‍රමාණයක ජයග්‍රහණ ලබාගන්නා ලදි(125).එසේම සටනේදී Witold Urbanowicz තනිව ලබාගත් ජයග්‍රහණ ප්‍රමාණය 17කි.
කෙසේවෙතත් එම මෙහෙයුම තවදුරටත් කරගෙන ගියේ නම් සහ ගුවනේ ආධිපත්‍යය ජර්මනිය සතුකරගත්තේ නම් ඉංග්‍රීසි ඕඩය ඉතා රළු කාලගුණික තත්ත්වයක් යටතේ සිදුකරන්නට ජර්මන් සෙබලුන්ට සිදුවේ.සරත් සෘතුවේ කරන එවැනි ආක්‍රමණයක් බොහෝ දුෂ්කර එකක් වන බව චර්චිල් විසින් මුලදීම ප්‍රකාශ කර තිබූබව කියවේ.මෙම තත්ත්වය ඉන් වසර හතරකට පසුව නොමැන්ඩි ආක්‍රමණය කිරීමේදී පවා සැලකිල්ලට ගෙන තිබිණි.
ඔපරේෂන් සී ලයන් මෙහෙයුම අතහැර දැමුවත් 1940-1941 කාලයේ ශීත සෘතුව වන තෙක් ජර්මන් ගුවන් හමුදාව බ්‍රිතාන්‍යයේ ලන්ඩන් ඇතුලු ප්‍රධාන නගර වෙත බෝම්බ හෙළීම දිගටම කරගෙන යන ලදි.නමුත් ඒ කාලයේ හිට්ලර්ගේ අවධානය තිබුණේ සෝවියට් දේශය කෙරෙහිය.දරුණු ගුවන් ප්‍රහාර ඔස්සේ බ්‍රිතාන්‍ය දිගින් දිගටම යුද වැදීම නතර කිරීම කල නොහැකිබව ඔහු තේරුම් ගෙන තිබිණි.
බ්‍රිතාන්‍යය සටනේ නිල අවසානය නැති මුත් බොහෝ ඉතිහාසඥයින් කියන්නේ එය 1940 ඔක්තෝම්බර් මස අවසන් කාලයේ ජර්මන් යානා දිවා රාත්‍රියේ බ්‍රිතාන්‍ය නගර සහ කර්මාන්තශාලා වෙත පහරදීමත් සමග ආරම්භ වූ බවයි.සටනේදී බ්‍රිතාන්‍යයට ගුවන් යානා 1500ක් පමණ ද ජර්මනියට ගුවන් යානා 2000ක් පමණද අහිමිවූබව කියවේ.හදිසි ප්‍රහාර හෙවත් බ්‍රිතාන්‍ය නගර ඉලක්ක කරගෙන සිදුකල ප්‍රහාරවලින් බ්‍රිතාන්‍ය වැසියන් 40,000ක් පමණ මියගොස් තිබේ.කෙසේවෙතත් මෙම හදිසි ප්‍රහාර ඔස්සේ යුද්ධයේ හැඩය වෙනස් විය.යුද්ධයේ අවසන් කාලයේ ජර්මන් නගර වෙත මිත්‍ර හමුදා ගුවනින් බෝම්බ හෙළීම සාධාරණීකරණය සඳහාද මෙය හේතුවක් කරගන්නා ලදි.
එක්සත් ජනපද නීතියට අනුව ඒ කාලයේදී ඇමෙරිකානු පුරවැසියන්ට වෙනත් රාජ්‍යයන්හි සන්නද්ධ සේවාවන්හි සේවය කිරීම තහනම් විය.එසේ කරන අයගේ පුරවැසිභාවය අහිමිවිය.නමුත් 1944දී ක්රොංග්රසය එම වරද කලවුන්ට සමාව දෙන්නට තීරණය කලේය.1941 දෙසැම්බර් මාසයේ ඇමෙරිකාව දෙවන ලෝක සංග්‍රාමයට එක්වන්නට පෙර පටන් සියගණනක් නොව දහස්ගණනක් ඇමෙරිකානුවෝ බ්‍රිතාන්‍යය ගුවන් හමුදාවේ සේවයට එක්විය.මෙම ක්රියාවේ ප්‍රතිඵලය වූයේ Eagle Squadrons නම් ගුවන් නියමුවන් කණ්ඩායම් තුනයි.
පළමු ඊගල් ගුවන් භට කණ්ඩායම අංක 71 යටතේ පිහිටුවන්නේ බ්‍රිතාන්‍ය සටනේ උච්චතම අවස්ථාවේදීය(සැප්තැම්බර් මස 19).මෙම භට කණ්ඩායමේ පළමු සාමාජිකයා කර්නල් චාර්ල්ස් ස්වීනියිය.ඔවුන් අලුතින් ඇමෙරිකානුවන් බඳවා ගත්තේ පුවත්පත්වල දැන්වීම් පළකිරීම,මිතුරන් ඔස්සේ දැනුවත් කිරීම සහ ගුවන් තොටුපොලවල දැනුවත් කිරීම ඔස්සේය.මේ ක්‍රම ඔස්සේ ඔවුන් දහස්ගණනක පිරිසක් සොයාගන්නා ලදි.එම පිරිස බ්‍රිතාන්‍ය සහ කැනඩා ගුවන් හමුදාවලට ඇතුල් කරන ලදි.ඉන් වැඩි පිරිසක් වයස අවුරුදු 21 අඩු පිරිමි ළමුන්ය.Eagle Squadrons නමින් හැඳින්වූයේ අංක 71,121 සහ 133 යන භට කණ්ඩායම්ය.මෙම ඒකක 1942 සැප්තැම්බර් මාසයේදී නිෂ්ක්‍රීය කර දමන ලදි.ඒවාහි සිටි ගුවන් නියමුවන් එක්සත් ජනපද ගුවන් හමුදාවේ 4 වන ප්‍රහාරක කණ්ඩායමට අනියුක්ත කරන ලදි.මෙම ගුවන් භට කණ්ඩායම දෙවන ලෝක යුද්ධයේදී සතුරු ගුවන් යානා(1096) ප්‍රමාණයක් විනාශ කල කණ්ඩායම ලෙස වාර්තාවක් පිහිටුවන ලදි.
බ්‍රිතාන්‍ය සටන ඉංග්‍රීසින් ජයගත්තේ කෙසේද?
බ්‍රිතාන්‍යය සටන ජයගන්නට විවිධ සාධක බලපෑවේය.ඔවුන්ගේ රේඩාර් පද්ධතිය,ගුවන් නියමුවන්ගේ ධෛර්යය සම්පන්නබව,ජර්මානුවන්ගේ වැරදිද ඒවා අතර ප්‍රධාන වේ.
1.බ්‍රිතාන්‍ය විසින් 1935 දී රේඩාර් මධ්‍යස්ථාන රැසක් වෙරළාශ්‍රිතව පිහිටුවන ලදි.ඒවා මගින් සතුරු ගුවන් යානා පැමිණෙන දිශාව සොයාගෙන ගුවන් නියමුවන් දැනුවත් කිරීමේ හැකියාවද තිබිණි.
2.1937 දී එයාර් චීෆ් මාර්ෂල් ඩොව්ඩින් Fighter Commandහි ප්‍රධාන අණදෙන්නා ලෙස පත් විය.ඔහු ගුවන් හමුදාව කණ්ඩායම් හතරකට කඩා ඒවා කුඩා අංශවලට වෙන් කරන ලදි.ඒවාට ප්‍රධාන ගුවන් කඳවුරක් සහ සහායක ගුවන් කඳවුරු වෙන් කරන ලදි.
3.බ්‍රිතාන්‍යයන් විසින් විශිෂ්ඨ ගණයේ ගුවන් යානා දෙකක් නිපදවන ලදි.ඒවා Hurricane සහ Spitfire ය.Hurricane යානා යොදාගෙන ජර්මන් බෝම්බ ප්‍රහාරක යානා විනාශ කරන ලදි.Spitfire හෙවත් එවකට ලොව තිබූ වේගවත්ම ගුවන් යානය යොදාගෙන ජර්මන් බෝම්බ හෙළන යානාවලට ආරක්ෂාව සැපයූ ප්‍රහාරක යානා දඬයම් කරන ලදි.
4.චර්චිල් විසින් Lord Beaverbrook නැමැත්තා ගුවන් යානා නිෂ්පාදනයේ ප්‍රධානියා(ගුවන් යානා නිෂ්පාදන අමාත්‍ය,1940 මැයි 14 - 1941 මැයි 1)ලෙස පත් කරන ලදි.ඔහු විසින් නිර්මාණය කල අලුත්වැඩියා කිරීමේ සිවිල් සංවිධානය මගින් කඩා වැටුණු ගුවන් යානාවල කොටස් යොදාගෙන අලුත් යානා නිපදවන ලදි.1940 දී ගුවන් යානා නිෂ්පාදනය 250% දක්වා වැඩි කරන්නට ඔහු ක්‍රියා කලේය.බ්‍රිතාන්‍ය කර්මාන්තශාලා ප්‍රහාරක යානා 4,383ක් නිපදවද්දී ජර්මනිය නිපදවූයේ 3,000ක් පමණි.
මෙම සටන නිල වශයෙන් ඇරඹෙන්නේ 1940 ජූනි මස 10 දා ජර්මන් ගුවන් හමුදාව ඩොවර් හි බ්‍රිතාන්‍ය නෞකා පෙළකට පහරදීමෙන්ය.නමුත් නියම ගුවන් සටන ඇරඹෙන්නේ 1940 අගෝස්තු 12 දා(ජර්මන් ගුවන් හමුදාව බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට පහරදීම නිසා)වන අතර නිල වශයෙන් එය අවසන් වන්නේ 1940 ඔක්තෝම්බර් මස 31 බවයි කියවෙන්නේ.ජර්මනිය පළමුව පහර දෙන්නේ බ්‍රිතාන්‍ය ගුවන් කඳවුරු සහ රේඩාර් මධ්යස්ථානවලටය.සම්පුර්ණ සටනේදී ජර්මනියට අහිමිවූ ගුවන් යානා ගණන ,බ්‍රිතාන්‍යයට වඩා වැඩිවිය,නමුත් 1940 අගෝස්තු මස 31දා දක්වා සති දෙකක් තිස්සේ සිදුවූ සටන්වලින් බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවට බරපතල හානි සිදුවූ අතර ඔවුන්ගේ ගුවන් යානා 295ක් විනාශ වී 170කට හානි සිදුවී ගුවන් නියමුවන් 103ක් අහිමිවිය.දිනකට පස් වරක්වත් කඳවුරෙන් බැහැරට ගොස් සටන් කිරීමට සිදුවූ නිසා බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවේ ගුවන් නියමුවන් හෙම්බත්ව සිටියෝය.එසේම ගුවන් නියමුවන් අහිමිවන වේගයට වඩා අඩුවෙන් බ්‍රිතාන්‍යය විසින් ගුවන් නියමුවන් පුහුණු කලේය.අගෝස්තු මස 30-31 යනු බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවේ විනාශකාරීම සති අන්තය බවට පත්වූයේ ඔවුන්ගේ ප්‍රහාරක යානා 65ක් අහිමිවීමෙන්ය
බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවේ ප්‍රහාරක ශක්තිය කඩා වැටීමට ඔන්න මෙන්න තිබියදී ආශ්චර්යමත් දෙයක් සිදුවිය.අත්වැරදීමකින් ජර්මන් බෝම්බ හෙළන යානා කිහිපයකින් ලන්ඩන් නගරයට බෝම්බ හෙළන ලදි.ඊළඟ රාත්‍රීන් හි ඊට ප්‍රතිචාර වශයෙන් බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව බර්ලින් නගරයට බෝම්බ හෙළන ලදි.මින් කෝපයට පත් හිට්ලර් ,ලන්ඩන් නගරයට බෝම්බ හෙළන්නට නියෝග කලේය.හිට්ලර්ගේ තීරණයත් සමග ජර්මන් ගුවන් හමුදාව ,බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවට කෙටි විවේකයක් ලබාදුන් අතර එම කාලයේදී වහා ශක්තිමත් වන්නට බ්‍රිතාන්‍යයන් සමත්විය.සැප්තැම්බර් මස 15 යළිත් වරක් ජර්මනිය මහා පරිමාණ ප්‍රහාරයක් දියත් කලේය.නමුත් එය ආපසු හරවන්නට බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව සමත්විය.දිනය සමරන්නේ සැප්තැම්බර් මස 15දාය.
සැප්තැම්බර් මස 19 වනදා හිට්ලර් විසින් ඔපරේෂන් සී ලයන් මෙහෙයුම අකුලාගනියි.නමුත් රාත්‍රී කාලයේ ලන්ඩන් නගරයට බෝම්බ හෙළීම කරගෙන යයි.අවසානයේදී බ්‍රිතාන්‍යයට ගුවන් යානා 1173ක් සහ ගුවන් නියමුවන්,තුවක්කුකරුවන් 510ක් අහිමිවේ.ජර්මනියට ගුවන් යානා 1773ක් අහිමිවන අතර ගුවන් භටයන් 3,368ක් සටන් වලදී මියයයි.ජර්මන් ගුවන් හමුදාව සාර්ථක වූයේ නම් බ්‍රිතාන්‍ය ආක්‍රමණය කර යටත් කරගැනීමට ඉඩ තිබුණ මුත් රාජකීය ගුවන් හමුදාවේ සටන්කාමීත්වය හමුවේ බ්‍රිතාන්‍යය ආරක්ෂාවිය.
Source:io9.gizmodo.com
-HarshaLulzSec-

සටනේ අධියර

ඉංග්‍රීසි ඕඩයට ඉහළින් පියාසර කල ජර්මන් Heinkel He 111 යානා

finger fours
ජර්මන් ආක්‍රමණය ප්‍රතිප්‍රහාර දෙන්නට බ්‍රිතාන්‍යයන් වේගවත් ප්‍රතික්‍රියා පද්ධතියක් නිර්මාණය කරන ලදි.එහිදී සිදු කලේ ජර්මන් ප්‍රහාරයක් ළඟ එන බව රේඩාර් ඔස්සේ සහතික කරගෙන ජර්මන් ගුවන් යානා,බ්‍රිතාන්‍ය ප්‍රහාරක සීමාවට පැමිණි වහාම ගුවන් යානා කුඩා කණ්ඩායම් ලෙස පිටත් කර යැවීමයි.එම කණ්ඩායම් ,ජර්මන් යානා වලට බාධා කර ඔවුන්ගේ බෝම්බ හෙළන යානාවලට ප්‍රහාර එල්ල කරන ලදි.
මෙම උපක්‍රමය ඉතිහාසඥ ඇන්තනි බීවර් විසින් විස්තර කරන්නේ මෙසේය:මෙහිදී ප්‍රමුඛත්වය දුන්නේ Me 109s ප්‍රහාරක යානා මැදිහත්වීමට පෙර ජර්මන් බෝම්බ හෙළන යානා විසුරුවා හැරීමයි.ගුවන් භට කණ්ඩායම් කිහිපයක් සතුරු හමුදාව වෙත කඩා වැදුණු හොත් වේගවත් Spitfires යානා විසින් සතුරු ප්‍රහාර යානා හඹා යයි.එවිට Hurricanes යානා විසින් සතුරු බෝම්බ හෙළන යානා කෙරෙහි අවදානය යොමුකරයි.
බ්‍රිතාන්‍ය රේඩාර් පද්ධතියේ පිහිටීම සහ එහි සීමා
ජූලි මාසය පුරා සටන ඇවිලීගිය අතර කිසිම පක්ෂයකට සටනේ පාලනය ලබාගැනීමට නොහැකිවිය.නමුත් දෙපක්ෂයටම බරපතල හානි සිදුවිය.දෙපක්ෂයම සතුරු පක්ෂය සිදුවූ හානිය අධිතක්සේරුවන් කතා කරන ලදි.සන්නිවේදනයේ දුර්වලතා නිරන්තරයෙන් බ්‍රිතාන්‍යයන්ට වද දුන් අතර සතුරන්ට පහරදීමට හොඳම ක්‍රමයක් වෙනුවෙන් බ්‍රිතාන්‍ය හමුදා නායකයන් කලහ ඇතිකරගත්හ.තම ගුවන් නියමුවන් නිවැරදි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන්නේද යන්න ගැන ජර්මන් සැලසුම්කරුවන් තුල සම්පුර්ණ විශ්වාසයක් තිබුණේ නැත.නමුත් ජර්මානුවන් ඔවුන්ගේ හැකියාවන් ගැන අධිතක්සේරුවකින් සිටි නිසා මුලාවට පත්විය.
ඊගල් ප්‍රහාරය
අගෝස්තු මාසයේදී ජර්මනිය Eagle Attack (Adlerangriff) නමින් මහා පරිමාණ ප්‍රහාරයක් දියත් කරන ලදි.එම ප්‍රහාරයේ අරමුණ බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව සහ එහි පහසුකම් සියල්ල සම්පුර්ණයෙන්ම වනසා දැමීමයි.ගුවනේ ආධිපත්‍යය ලබාගැනීමට ජර්මානුවන් සිය උපරිම ශක්තිය යොදා පහර දුන්හ.
ගුවන් සටනේ සලකුණු
1940 අගෝස්තු මස 12 එනම් ජර්මනිය ඊගල් ප්‍රහාරය මෙහෙයුම ආරම්භ කරන්නට දිනකට පෙර ,ජර්මන් යානා එංගලන්තයේ වෙරලාශ්රිත රේඩාර් කුළුණුවලට පහරදීමේ අසාර්ථක උත්සාහයක් දරන ලදි.ප්‍රධාන ප්‍රහාරය සිදුවූයේ අගෝස්තු මස 13 දාය.නමුත් අයහපත් කාලගුණය සහ නිරවද්‍ය නොවූ සන්නිවේදනය නිසා සැලැස්ම අවහිරවිය.නමුත් ඒකකවලින් භාගයක් සහභාගී වී ප්‍රහාරය දියත් කරන ලදි.13 දා ගුවන් යානා 1,500ගේ සහභාගීත්වයෙන් මහා පරිමාණ ප්‍රහාරයක් දියත් කරන්නට ජර්මනිය ක්‍රියාකලේය.බෝම්බ ප්‍රහාරක යානා රේඩාර් මධ්‍යස්ථාන ,ගුවන් කඳවුරු සහ ගුවන් යානා නිෂ්පාදනාගාරවලට බෝම්බ හෙළන ලදි.බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව ඔවුන්ට හැකි පමණින් ගුවන් යානා 700ක් පමණ යොදාගෙන සාර්ථක ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන ලදි.
බ්‍රිතාන්‍ය භූමියට කඩා වැටුණු ජර්මන් ගුවන් යානයක්
ඉන් දින දෙකකට පසුව ජර්මන් ගුවන් හමුදාව තවත් මහා පරිමාණ ප්‍රහාරයක් සිදුකලේය.මෙම සටනේදී බ්‍රිතාන්‍යයන්ට ගුවන් යානා 50ක් පමණ අහිමිවිය.ජර්මනියටද ඒ හා සමාන අලාභයක් සිදුවිය.නමුත් ජර්මානුවන් සිතුවේ එම ප්‍රහාරය ඔවුන්ට විනාශයක් ගෙන දුන් බවයි.මේ නිසා අගෝස්තු මස 15 දාට Black Thursday යන නම පටබැඳිණි.මෙම සටනේදී බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවට කොතරම් හානි සිදුවූයේද යන්න ගැන තොරතුරු ලබාගැනීමට පවා ජර්මන් ඉහළ අණදෙන්නන්ට නොහැකිවිය.
ලොව පුරා රටවලින් බ්‍රිතාන්‍යය ගුවන් හමුදාවට ගුවන් නියමුවන් එක්වූ අයුරු
අගෝස්තු මාසයේ අවසන් සතියේදී සිය සියලු ශක්තියට යොදවා රැලි වශයෙන් ප්‍රහාර දියත් කරන්නට ජර්මනිය ක්‍රියා කලේය.එම සටන්වලින් දෙපක්ෂයටම බරපතල හානි සිදුවිය.බ්‍රිතාන්‍ය ගුවන් නියමුවන් දැඩි ලෙස වෙහෙසට පත්ව තිබිණි.ඔවුන් ආහාර ගනිද්දී සහ කතාබහ කරද්දී පවා නිදි කිරා වැටෙන තරමට එය බරපතල විය.අළුතින් බඳවාගත් ගුවන් නියමුවන් මූලික පුහුණුව පමණක් ඇතිව සටනට යවන ලදි.
හදිසි ප්‍රහාරය
1940 අගෝස්තු මස 25 දා අවාසනාවන්ත සිදුවීමක් සිදුවිය.ජර්මන් බෝම්බ හෙළන යානයක් වැරදීමකින් ඔවුන්ගේ බෝම්බ මධ්‍යම ලන්ඩනයේ හමුදාමය නොවන ඉලක්කයක් වෙත හෙළන ලදි.මෙම ක්‍රියාවට ප්‍රතිචාර ලෙස වහාම ජර්මනියේ බර්ලින් නගරයට ගුවන් ප්‍රහාරයක් එල්ල කරන්න යැයි වින්ස්ටන් චර්චිල් නියෝග කලේය.මෙය ජපානය විසින් වසර ගණනාවක් තිස්සේ චීනයේ සිවිල්වැසියන් ඉලක්ක කරගෙන දියත් කල බෝම්බ දැමීමට සමාන විය.එතැන් පටන් ජර්මන් ගුවන් යානා ඔවුන්ගේ මූලික ඉලක්කය වූ බ්‍රිතාන්‍ය ගුවන් හමුදා පහසුකම් වැනසීමෙන් ඉවතට ගොස් සිවිල් ඉලක්ක වෙත පහරදෙන්නට පටන්ගත්තෝය.බ්‍රිතාන්‍ය සටනේ අවාසනාවන්තම තීරණය වූයේ මෙයයි.
බ්‍රිතාන්‍ය නගරයක් ජර්මන් බෝම්බ හෙළීමෙන් පසුව දිස්වූ අයුරු
1940 සැප්තැම්බර් මස 7 වනදා ජර්මන් බෝම්බ හෙළන යානා 1000ක් පමණ ලන්ඩන් නගරයට බෝම්බ හෙළන ලදි.ඔවුන්ගේ යානා කි.මී.32ක් පළල සහ කි.මී.64 දිග ප්‍රදේශයක් ආවරණය කරන ලදි.නමුත් මේ දර්ශනය දැක බලාගන්නට හර්මන් ගොරින්ට හැකියාවක් නොතිබිණි.ඔහු වෙරළට පැමිණි ජර්මන් ගුවන් යානා බ්‍රිතාන්‍යය දෙසට පියාසර කරන අයුරු බලා සිටියේය.මෙම ප්‍රහාරයෙන් බ්‍රිතාන්‍ය වැසියන් 300ක් මිය අතර 1,300ක් දෙනා තුවාල ලැබිය.
ජර්මනියේ උපාය මාර්ගය පුදුම සහගත අයුරින් වෙනස් වීම බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව යළි සංවිධානය කරගැනීමට කාලයක් ලබාදුන්නේය.සැප්තැම්බර් මාසයේ පළමු සතිය වන විට බ්‍රිතාන්‍යය සතු ගුවන් යානා ප්‍රමාණය වේගයෙන් අඩුවෙමින් තිබිණි.අගෝස්තු මාසයේ අවසන් කාලයේ සමහර දිනවල ,ඔවුන්ගේ කර්මාන්තශාලා නිපදවන ගුවන් යානා ප්‍රමාණයටත් වඩා වැඩි ගුවන් යානා ගණනක් ඔවුන්ට අහිමිවී තිබේ.එසේම බ්‍රිතාන්‍ය ගුවන් යානා නිෂ්පාදනය කරන කර්මාන්තශාලා බෝම්බ ප්‍රහාරවල ඉලක්කයන් බවට පත්වීමද ඉහළ යමින් තිබිණි.එවැනි වාසිසහගත තත්ත්වයක් මතුවෙමින් තිබියදී ජර්මන් ගුවන් හමුදාව ,බ්‍රිතාන්‍ය ගුවන් යානා සහ පහසුකම් ඉලක්ක කිරීම අතහැර සිවිල් ඉලක්ක වෙත ප්‍රහාර එල්ලකරන්නට පටන් ගැනීම නාසීන් විසින් මෙම සටනේදී සිදුකල විශාලම වරදකි.ඔවුන් දිගින් දිගටම හමුදා ඉලක්ක වෙත පහර දුන්නේ නම් මෙහෙයුමේ මූලික අරමුණ වූ ගුවනේ ආධිපත්‍යය ලබාගැනීම සහ ඒ ඔස්සේ බ්‍රිතාන්‍ය ගොඩබිමින් ආක්‍රමණය කිරීම පහසුවෙන් සිදුකරන්නට ඉඩ තිබිණි.
කාරණා එසේ වෙද්දී බොහෝ බ්‍රිතාන්‍ය ජාතිකයින් අපේක්ෂා කලේ ඕනෑම වෙලාවක ජර්මානුවන්ගේ ගොඩබිම් ආක්‍රමණය සිදුවේවි යැයි කියාය.නමුත් සැප්තැම්බර් මස මැද භාගය වන විට බ්‍රිතාන්‍ය ගුවන් බලය බිඳ දමන්නට නොහැකි වුවහොත් ඔපරේෂන් සී ලයන් හෙවත් ගොඩබිමින් බ්‍රිතාන්‍ය ආක්‍රමණය කිරීම කල්දමන බව හිට්ලර් විසින් ප්‍රකාශ කර තිබිණි.හිට්ලර්ගේ දෝෂාරෝපණයට ලක්වේ යැයි තිබූ බිය නිසාම ගොරින් විසින් තවත් දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කරන්නට ජර්මන් ගුවන් හමුදාවට නියෝග කලේය.එම ප්‍රහාරය සිදුවූයේ 1940 සැප්තැම්බර් මස 15 දාය.
ඉතිහාසඥ ඇලන් බුලොක්:බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවට පහරදීමේ සිට ලන්ඩන් නගරයට බෝම්බ හෙළීම දක්වා උපාය මාර්ග වෙනස් කිරීම ජර්මානුවන් සිදුකල ප්‍රධානතම වරදයි.ජර්මානුවන් ලබාදුන් විරාමය යොදාගෙන දැඩි වෙහෙසට පත්ව සිටි බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව ප්‍රකෘති තත්ත්වයට පත්විය.බ්‍රිතාන්‍යයන් වහාම තම විනාශ වූ කර්මාන්තශාලා සහ කඳවුරු පිළිසකර කරන ලදි.යළි ශක්තිමත් වූ බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව සැප්තැම්බර් 15 දා පැමිණි ජර්මන් බෝම්බ හෙළන යානාවල ප්‍රහාර රැලි සාර්ථකව මැඩපවත්වා සතුරාට දැඩි හානි පමුණවන්නට සමත්විය.
මේ අසාර්ථකත්වය නොසලකා හිට්ලර් විසින් ආක්‍රමණය සඳහා සූදානම් වීමේ උනන්දුවෙන් පසුවිය.නමුත් 1940 සැප්තැම්බර් මස 6 වනදා හිට්ලර්, Raeder හමුවීමෙන් පසුව කියා සිටියේ ඔපරේෂන් සී ලයන් සිදුකිරීම අනවශ්‍ය බවයි.ඒ ගැන Raeder මෙසේ ලියා තිබේ "බ්‍රිතාන්‍යයේ පරාජය ගොඩබිම් ආක්‍රමණයක් නොමැතිව සිදුකල නොහැකිබව ඔහුට අවසානයේදී තේරුම් ගියේය".1940 සැප්තැම්බර් මස 19 දා හිට්ලර් විසින් අවසානයේදී බ්‍රිතාන්‍යය ගොඩබිමින් ආක්‍රමණය කිරීමේ මෙහෙයුම හෙවත් ඔපරේෂන් සී ලයන් කල්දමන ලදි.නමුත් එය කිසිදා යළි ක්‍රියාත්මක නොවීය.
303 වන ගුවන් භට කණ්ඩායමේ අණදෙන නිලධාරී පෝලන්ත ජාතික Witold Urbanowicz.ඔහුගේ කණ්ඩායම බ්‍රිතාන්‍ය සටනේදී වැඩිම ගුවන් සටන් ප්‍රමාණයක ජයග්‍රහණ ලබාගන්නා ලදි(125).එසේම සටනේදී Witold Urbanowicz තනිව ලබාගත් ජයග්‍රහණ ප්‍රමාණය 17කි.
Witold Urbanowicz
කෙසේවෙතත් එම මෙහෙයුම තවදුරටත් කරගෙන ගියේ නම් සහ ගුවනේ ආධිපත්‍යය ජර්මනිය සතුකරගත්තේ නම් ඉංග්‍රීසි ඕඩය ඉතා රළු කාලගුණික තත්ත්වයක් යටතේ සිදුකරන්නට ජර්මන් සෙබලුන්ට සිදුවේ.සරත් සෘතුවේ කරන එවැනි ආක්‍රමණයක් බොහෝ දුෂ්කර එකක් වන බව චර්චිල් විසින් මුලදීම ප්‍රකාශ කර තිබූබව කියවේ.මෙම තත්ත්වය ඉන් වසර හතරකට පසුව නොමැන්ඩි ආක්‍රමණය කිරීමේදී පවා සැලකිල්ලට ගෙන තිබිණි.
අවසානය
ඔපරේෂන් සී ලයන් මෙහෙයුම අතහැර දැමුවත් 1940-1941 කාලයේ ශීත සෘතුව වන තෙක් ජර්මන් ගුවන් හමුදාව බ්‍රිතාන්‍යයේ ලන්ඩන් ඇතුලු ප්‍රධාන නගර වෙත බෝම්බ හෙළීම දිගටම කරගෙන යන ලදි.නමුත් ඒ කාලයේ හිට්ලර්ගේ අවධානය තිබුණේ සෝවියට් දේශය කෙරෙහිය.දරුණු ගුවන් ප්‍රහාර ඔස්සේ බ්‍රිතාන්‍ය දිගින් දිගටම යුද වැදීම නතර කිරීම කල නොහැකිබව ඔහු තේරුම් ගෙන තිබිණි.
බ්‍රිතාන්‍යය සටනේ නිල අවසානය නැති මුත් බොහෝ ඉතිහාසඥයින් කියන්නේ එය 1940 ඔක්තෝම්බර් මස අවසන් කාලයේ ජර්මන් යානා දිවා රාත්‍රියේ බ්‍රිතාන්‍ය නගර සහ කර්මාන්තශාලා වෙත පහරදීමත් සමග ආරම්භ වූ බවයි.සටනේදී බ්‍රිතාන්‍යයට ගුවන් යානා 1500ක් පමණ ද ජර්මනියට ගුවන් යානා 2000ක් පමණද අහිමිවූබව කියවේ.හදිසි ප්‍රහාර හෙවත් බ්‍රිතාන්‍ය නගර ඉලක්ක කරගෙන සිදුකල ප්‍රහාරවලින් බ්‍රිතාන්‍ය වැසියන් 40,000ක් පමණ මියගොස් තිබේ.කෙසේවෙතත් මෙම හදිසි ප්‍රහාර ඔස්සේ යුද්ධයේ හැඩය වෙනස් විය.යුද්ධයේ අවසන් කාලයේ ජර්මන් නගර වෙත මිත්‍ර හමුදා ගුවනින් බෝම්බ හෙළීම සාධාරණීකරණය සඳහාද මෙය හේතුවක් කරගන්නා ලදි.
බ්‍රිතාන්‍ය සටනට සහභාගී වූ Eagle Squadrons ගැනත් මතක් කරන්න යැයි එළිකිරියේ සාමාජිකයෙක් කියා තිබූ නිසා ඒ ගැනත් කෙටි විස්තරයක් ඇතුලත් කරන්නට අදහස් කලෙමි.
Eagle Squadrons
එක්සත් ජනපද නීතියට අනුව ඒ කාලයේදී ඇමෙරිකානු පුරවැසියන්ට වෙනත් රාජ්‍යයන්හි සන්නද්ධ සේවාවන්හි සේවය කිරීම තහනම් විය.එසේ කරන අයගේ පුරවැසිභාවය අහිමිවිය.නමුත් 1944දී ක්රොංග්රසය එම වරද කලවුන්ට සමාව දෙන්නට තීරණය කලේය.1941 දෙසැම්බර් මාසයේ ඇමෙරිකාව දෙවන ලෝක සංග්‍රාමයට එක්වන්නට පෙර පටන් සියගණනක් නොව දහස්ගණනක් ඇමෙරිකානුවෝ බ්‍රිතාන්‍යය ගුවන් හමුදාවේ සේවයට එක්විය.මෙම ක්රියාවේ ප්‍රතිඵලය වූයේ Eagle Squadrons නම් ගුවන් නියමුවන් කණ්ඩායම් තුනයි.
පළමු ඊගල් ගුවන් භට කණ්ඩායම අංක 71 යටතේ පිහිටුවන්නේ බ්‍රිතාන්‍ය සටනේ උච්චතම අවස්ථාවේදීය(සැප්තැම්බර් මස 19).මෙම භට කණ්ඩායමේ පළමු සාමාජිකයා කර්නල් චාර්ල්ස් ස්වීනියිය.ඔවුන් අලුතින් ඇමෙරිකානුවන් බඳවා ගත්තේ පුවත්පත්වල දැන්වීම් පළකිරීම,මිතුරන් ඔස්සේ දැනුවත් කිරීම සහ ගුවන් තොටුපොලවල දැනුවත් කිරීම ඔස්සේය.මේ ක්‍රම ඔස්සේ ඔවුන් දහස්ගණනක පිරිසක් සොයාගන්නා ලදි.එම පිරිස බ්‍රිතාන්‍ය සහ කැනඩා ගුවන් හමුදාවලට ඇතුල් කරන ලදි.ඉන් වැඩි පිරිසක් වයස අවුරුදු 21 අඩු පිරිමි ළමුන්ය.Eagle Squadrons නමින් හැඳින්වූයේ අංක 71,121 සහ 133 යන භට කණ්ඩායම්ය.මෙම ඒකක 1942 සැප්තැම්බර් මාසයේදී නිෂ්ක්‍රීය කර දමන ලදි.ඒවාහි සිටි ගුවන් නියමුවන් එක්සත් ජනපද ගුවන් හමුදාවේ 4 වන ප්‍රහාරක කණ්ඩායමට අනියුක්ත කරන ලදි.මෙම ගුවන් භට කණ්ඩායම දෙවන ලෝක යුද්ධයේදී සතුරු ගුවන් යානා(1096) ප්‍රමාණයක් විනාශ කල කණ්ඩායම ලෙස වාර්තාවක් පිහිටුවන ලදි.
බ්‍රිතාන්‍ය සටන ඉංග්‍රීසින් ජයගත්තේ කෙසේද?
බ්‍රිතාන්‍යය සටන ජයගන්නට විවිධ සාධක බලපෑවේය.ඔවුන්ගේ රේඩාර් පද්ධතිය,ගුවන් නියමුවන්ගේ ධෛර්යය සම්පන්නබව,ජර්මානුවන්ගේ වැරදිද ඒවා අතර ප්‍රධාන වේ.
1.බ්‍රිතාන්‍ය විසින් 1935 දී රේඩාර් මධ්‍යස්ථාන රැසක් වෙරළාශ්‍රිතව පිහිටුවන ලදි.ඒවා මගින් සතුරු ගුවන් යානා පැමිණෙන දිශාව සොයාගෙන ගුවන් නියමුවන් දැනුවත් කිරීමේ හැකියාවද තිබිණි.
රේඩාර් මධ්‍යස්ථාන
2.1937 දී එයාර් චීෆ් මාර්ෂල් ඩොව්ඩින් Fighter Commandහි ප්‍රධාන අණදෙන්නා ලෙස පත් විය.ඔහු ගුවන් හමුදාව කණ්ඩායම් හතරකට කඩා ඒවා කුඩා අංශවලට වෙන් කරන ලදි.ඒවාට ප්‍රධාන ගුවන් කඳවුරක් සහ සහායක ගුවන් කඳවුරු වෙන් කරන ලදි.
එයාර් චීෆ් මාර්ෂල් ඩොව්ඩින්
3.බ්‍රිතාන්‍යයන් විසින් විශිෂ්ඨ ගණයේ ගුවන් යානා දෙකක් නිපදවන ලදි.ඒවා Hurricane සහ Spitfire ය.Hurricane යානා යොදාගෙන ජර්මන් බෝම්බ ප්‍රහාරක යානා විනාශ කරන ලදි.Spitfire හෙවත් එවකට ලොව තිබූ වේගවත්ම ගුවන් යානය යොදාගෙන ජර්මන් බෝම්බ හෙළන යානාවලට ආරක්ෂාව සැපයූ ප්‍රහාරක යානා දඬයම් කරන ලදි.
Hurricane සහ Spitfire යානා
4.චර්චිල් විසින් Lord Beaverbrook නැමැත්තා ගුවන් යානා නිෂ්පාදනයේ ප්‍රධානියා(ගුවන් යානා නිෂ්පාදන අමාත්‍ය,1940 මැයි 14 - 1941 මැයි 1)ලෙස පත් කරන ලදි.ඔහු විසින් නිර්මාණය කල අලුත්වැඩියා කිරීමේ සිවිල් සංවිධානය මගින් කඩා වැටුණු ගුවන් යානාවල කොටස් යොදාගෙන අලුත් යානා නිපදවන ලදි.1940 දී ගුවන් යානා නිෂ්පාදනය 250% දක්වා වැඩි කරන්නට ඔහු ක්‍රියා කලේය.බ්‍රිතාන්‍ය කර්මාන්තශාලා ප්‍රහාරක යානා 4,383ක් නිපදවද්දී ජර්මනිය නිපදවූයේ 3,000ක් පමණි.
Lord Beaverbrook
සාරාංශය