ඉංග්‍රීසි ඉගෙන ගන්න Google වෙතින් සරල පරිගණක ක&#3530

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    ඉංග්‍රීසි ඉගෙන ගන්න Google වෙතින් පරිගණක ක්‍රී

    spell-defe-360x199.jpg


    Google අද දින අලුත්ම ආකාරයේ පරිගණක ක්‍රීඩාවක් හඳුන්වා දුන්නා. ඔබේ Chrome වෙබ් බ්‍රවුසරයෙන් ක්‍රීඩා කළ හැකි මේ ක්‍රිඩාවෙන් ඔබට ඔබේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරන්න ඔබේම කටහඬ උපයෝගී කරගන්නට හැකියි.

    මෙය Google ව්‍යාපෘතියක් නිසාවෙන් ඔබේ පරිගණකයේ Chrome බ්‍රවුසරයට අමතරව Android ජංගම දුරකථන හා ටැබ්ලට් වල Chrome බ්‍රවුසරයේද ක්‍රිඩාකළ හැකියි. නමුත් iOS උපකරණ වලනම් ඔබට ශබ්ද උච්ඡාරනය කරනවා වෙනුවට ඒවා type කළ යුතු වේ.

    ක්‍රිඩාව සරලයි. ඔබට ලැබෙන වචන වල අකුරු නිවැරදිව උච්ඡාරනය කිරීමට පමණයි ඔබට ඇත්තේ. ඔබ නිවැරදිව උච්චාරනය කරන විට ඊට අනුරූපව ගොඩනැගිල්ලක් නිර්මාණය වේ. එමෙන්ම වඩා ඉහළට යත්ම ක්‍රීඩා කිරීම අසීරු වේ. යම් හෙයකින් ඔබ වැරදි අකුරක් ලබාදුන්නොත් ඔබේ ගොඩනැගිල්ල බිමට සමතලා වේ. මීට අමතරම අකුරු පටලවා ඇති වචන සොයන්නට මෙන්ම සැඟවුණු වචන සොයන්නටත් ඔබට සිදුවනු ඇත.

    නමුත් මේ ක්‍රීඩාව කෙසේ වෙතත් මේ ක්‍රීඩාවෙන් ලබාගන්නා දත්ත Google සමාගම සිය Voice Search පහසුකම වැඩි දියුණු කිරීම සඳහා යොදාගනු ඇති බවයි අපගේ මතය. මන්ද මේවන විට Google මුහුණුපා ඇති විශාලතම අභියෝගය වී ඇත්තේ ඉංග්‍රීසි මව් භාෂාව නොවන ආසියානුවන්, රුසියානුවන් වැනි ජාතීන්වලට අයත් අයගේ උච්චාරන විලාශයන් බොහෝම වෙනස් වීමයි.



    මෙන්න SITE එක

    https://spellup.withgoogle.com/
     
    Last edited:
    • Like
    Reactions: amilanuwanamara