ඉංග්‍රීසි පාඩම 4 : Your / You're වෙනස

El_Camino

Active member
  • Jul 1, 2016
    262
    112
    43
    ඉංග්‍රීසි පාඩම 4 : Your / You're වෙනස

    සෑහෙන කාලෙකට පස්සේ ත්‍රෙඩ් එකක් දාන්නේ. කලින් මම පොඩි පහේ නූල් දෙකක් තුනක් දැම්මා. ඒවගෙන් ප්‍රයෝජනයක් වුනා නම් මම ඉතාමත් සතුටු වෙනවා. පහලින් ඔන්න දැම්මා ඒවා ටිකත්.

    BIT - Colombo හෝ Moratuwa කරන්න බලන් ඉන්න අයට.
    http://www.elakiri.com/forum/showthread.php?t=1765824

    ඉංග්‍රීසි පාඩම 1 : 'Would' භාවිතය
    http://www.elakiri.com/forum/showthread.php?t=1765025

    ඉංග්‍රීසි පාඩම 2 : රාජකාරි ලියුමක් ලියමු. (Formal Letters)
    http://www.elakiri.com/forum/showthread.php?t=1765086

    ඉංග්‍රීසි පාඩම 3 : කතා කරමු
    http://www.elakiri.com/forum/showthread.php?t=1765444

    අද පොඩි, නමුත් මං හිතන විදියට වැදගත් වෙන දෙයක් ගැන කියන්නම්.
    මම ගොඩක් තැන් වල දැකල තියෙනවා Your / You're කියන වචන දෙක හරියට භාවිත කරන්නේ නැතුව තියෙන අවස්ථා.


    හැමෝම දන්නවා ඇති ඉංග්‍රීසි භාෂාවෙන් you කියන්නේ සිංහලෙන් ඔබ කියන වචනෙට කියල. ඔබ කියන වචනය වැකියක යොදාගන්න විදිය වෙනස් වෙනවා ඔබේ, ඔබගේ ආදී වශයෙන් ඒ ඒ අවස්ථාවට අනුව.

    ඉංග්‍රීසියේ Your කියල යෙදෙන්නේ සිංහලේ ඔබේ, ඔබගේ කියන වචන වලට.
    උදාහරණයක් ගත්තොත් ඔබේ සිනහව හුරතල් කියන වැකිය ඉංග්‍රීසි භාෂාවෙදී Your smile is cute කියල ලියවෙන්නේ.
    ඉංග්‍රීසියේ You're කියල යෙදෙන්නේ you are කියන වචන දෙක සන්ධි කිරීමක් විදියට.
    උදාහරණයක් ගත්තොත් ඔබ හරිම හුරතල් කියන වැකිය ඉංග්‍රීසි භාෂාවෙදී You are so cute එහෙම නැතිනම් You're so cute කියල ලියවෙන්නේ.

    මේ නූල දිග අරින්න හේතු වුන කාරණාව මේකයි. සමහර උදවිය දැනුවත්ව හෝ නොදැනුවත්ව Your සහ You're වචන දෙක යොදන තැන් පටලවා ගන්නවා.
    උදාහරණයක් විදියට ඔබ හරිම හුරතල් කියන වැකිය ඉංග්‍රීසි භාෂාවෙදී You are so cute එහෙම නැතිනම් You're so cute කියල ලිවිය යුතු වුනත් සමහරු ලියන්නේ Your so cute කියල. එහෙම ලියන එක වැරදියි.

    මම මේ දේ කෙටියෙන් නමුත් පැහැදිලි කරලා දැම්මේ රාජකාරියේදී ලියුමක් වුනත් ලියන්න ගියාම වැරැද්දුවොත් වැඩ අවුල් වෙන එක අවම කිරීමේ බලාපොරොත්තුවෙන්. යමක් ගත්තා නම් සතුටුයි. ඉගෙන ගත්තු දෙයක් තව කෙනෙක්ට කියල දෙන්නත් ලෝබ වෙන්න එපා.

    වෙලාව තියෙන විදියට මේ වගේ කෙටියෙන් හරි දන්න දෙයක් කියල දීල යන්න එන්නම්. යෝජනා, චෝදනා, ඵලදායී විවේචන වලටත් මේ නූල් විවෘත්තයි.

    හවස් වරුව ජය වේවා!
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    Paka thama.
    Yako

    Your thread helped me a lot or smthn like dat.

    You're kiyana ekai your kiyana ekai dekak

    :(:(:(:(:(:(
    26396.jpg

    :sorry::sorry::sorry::sorry::sorry::sorry: