ඡන්දයෙන් ද, ද්වේෂයෙන් ද, මෝහයෙන් ද, බියෙන් ද අගතියට නො යන්නේ .....
==============
බුදුරජාණන්වහන්සේ භික්ෂූන්වහන්සේලාට නිතරම වදාළ ධර්ම කරුණක් වන්නේ සතර අගතියට නොවැටෙන්න යන්නයි. මේ කරුණු ගිහියන්ට ද එලෙසින් ම වැදගත් වේ.
ඡන්දය නැත්නම් කැමැත්ත නිසා මෙලොව පරලොව දෙලොව්හිම මිනිසා දුකට පත් වේ. අද අපි මැතිවරණයේ දී ඡන්දය දෙන්නෙමු. එනම් කැමැත්ත පල කරන්නෙමු. මේ ගැනද විනයෙහි කරුණු දක්වා ඇත. අනෙක් ඡන්දය වන කැමැත්ත පංචස්කන්දය මුල් කර ගනිමින් ඇති කරගන්නා නැත්නම් ඒ සඳහා ඇති කරගන්නා කැමැත්තයි. මේ දෙකම භයානකය. විශේෂයෙන්ම කාමච්ඡන්දය සංයෝජන ධර්මයක් ද වේ. කාමච්ඡන්දය පවතින තුරු යෝනිසෝමනිසකාරය විහිලුවක් නැත්නම් වචනයක් පමණි. ඔබ කොපමණ සිත ඒකාග්‍ර කිරීමට උත්සාහ කළත් එයට බාධා පැමිණේ. කාමය පසෙකලා නිවන අරමුණු කොට ඡන්දය වැඩූ කල්හි සිත එකඟ කර ගත හැක.
ද්වේශය නිසා අපට කෙතරම් නම් දේ වන්නේ ද? ද්වේශයෙන් කිසිදිනක යහපතක් නම් සිදු නොවේ. වෛරයෙන් වෛරය නොසන්සිඳේ. යකඩයේ හට ගන්න මලකඩ නිසා යකඩය ම විනාශ වන්නේ කෙසේ ද ද්වේශය නිසා ඔබ විනාශ වේ. අකුසල් මූලික සිත්වලින් එකක් වන්නේ ද්වේශයයි. මෙනිසා එය සසරට උපකාරයකි. නිවන යනු සසර නතර කිරීමයි. ඉතින් ද්වේශයෙන් අගතියට ගිය පසු සසරේ නතරවීමක් නැත.
මෝහයද මෙසේමැයි. මෝහයද අකුසල් මූල සිතකි. සරලව ගත් විට මෝහය යනු මෝඩ කමයි. මදක් ගැඹුරින් ගත් විට මෝහය යනු අවිද්‍යාවයි. හිතා ගලපා වැඩ කිරීමට නොහැකිවීම මෝහයේ ස්වභාවයකි. එසේම තමුන්ට මෙන්ම අනුන්ටත් හානි වන දේම සිදු කිරීම, එවැනි දේ සිතීම මෝහයේ ස්වභාවයකි. ඉතින් මෝහය ඇති විට සසර අවසන් කරගැනීමක් නම් කොහේ ද?
අවසන් වශයෙන් බිය සැලකිල්ලට ගමු. බිය නොයෙක් ආකාරයෙන් වේ. බිය දැනෙන්නේ ද සත්‍ය නිසි අයුරින් නොදකින නිසාවෙනි. බිය දැනුන පසුව බිය නිසා මිනීමැරීමට පවා මිනිසුන් පෙලඹේ. බියෙන් අගතියට යන්නා ආත්ම සංඥාව වැඩි දියුණු කරනවා පමණක් නොව එය දරන්නේ ද වෙයි. ආත්ම සංඥාව සංවර්ධනය මිත්‍යා දෘෂ්ටියකි. එහි ප්‍රතිඵලය කිසිදා ආර්යෂ්ටාංගික මාර්ගය දැකීමට නොහැකි වීමයි. මෙනිසා බියෙන් අගතියට යන්නාට ද නිවන නැත.
එදිනෙදා ජීවත්වන විට ගිහි පැවිදි කියා නැත මිනිසාට ලැබෙන අත්දැකීම් අනුව සතර අගතියට පත්වීම සාමාන්‍ය දෙයකි. නමුත් උත්සාහ කළ යුත්තේ ගිහි පැවිදි භේදයකින් තොරව සතර අගතියෙන් බැහැරව ජීවත් වීම සඳහා ය. එසේ නොමැතිව ඔබ කුමක් කළත් කිසිඳු මාර්ගයක් හෝ ඵලයක් ඔබට නම් නොලැබෙණු ඇත. එය මා ස්ථිරවම කියමි.
ඔබට තෙරුවන් සරණයි.