ඉක්කයි මායි.....!

Alu kurulla

Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    ඉක්කාව ඇතිවන්නේ කෙසේදැයි දැනගැනීමට ඔබ කැමතිද?

    ඉක්කාව දක්නට ලැබෙන්නේ ක්ෂීරපායි සතුන් තුල පමණි.මෙයට මුලිකව හේතුවන්නේ අපගේ ශ්වසන පද්ධතියේ ව්‍යුහයක් වන,මහා ප්‍රාචීරයේ ක්‍රියාවේ වෙනස් වීමකි. සාමාන්‍ය අවස්ථාවලදී මහා ප්‍රාචීරය ඉතා කාර්යක්ෂම කාර්යයක් සිදු කරයි.ආශ්වාසයේ දී පෙනහළු කරා වාතය ඇතුළු කිරීමට එය පහලට චලනය වේ.එසේම ප්‍රශ්වාසයේ දී එය ඉහලට චලනය වී, ප්‍රශ්වාස වාතය පිට කරයි.

    ef.jpg

    නමුත් සමහර විශේෂ අවස්ථා වලදී එහි ස්නායු අන්ත වල වේදනා ඇති වේ.එවිට ඉතා ක්ෂණිකව පහලට යමින්,උගුර පෙදෙසට අසාමාන්‍ය ලෙස වාතය ඇද ගැනීමට මහා ප්‍රාචීරය ක්‍රියා කරයි.මෙම වාතය ඔබගේ ස්වරාලය හරහා යත්ම "හික්!" හඬද සමගින් ඉක්කාව උපදී. මේ අතර අන්නශ්‍රෝතයේ ක්‍රමාකුංචන චලනද මදකට නවතී .

    මහාප්‍රාචීරයේ මෙවැනි හදිසි වේදනා හට ගැනීමට විවිධ හේතු ඇත.ඉතා ඉක්මනින් ආහාර ගැනීම,අමාශයේ හා උගුරේ වේදනා, ආමාශයික යුෂ ශ්‍රාවය යනාදිය ඒ අතර ප්‍රධාන වේ.

    තවද ක්ෂීරපායින්ට ලඟින්ම නෑකම් කියන උභයජීවීන්, සිය ශ්වසනයේදී ජලීය මාධ්‍යයේ දියවූ ආශ්වාස වාතය ඔවුන්ගේ ජලක්ලෝම හරහා ගමන් කිරීම සහ ක්ෂීරපායි සතුන්ගේ ඉක්කාව ඇතිවීම,යම් පරිනාමික බන්දුතාවක් ඉස්මතු වන අවස්ථාවක් ලෙස කැනේඩියානු විද්‍යාඥයින් විශ්වාස කරයි.

    සැකසුම - යුමාල් චතුරංග
    http://vidunenahawula.blogspot.com/2013/01/blog-post_24.html
     
    PAKABAWA

    Member
    Jul 28, 2016
    17
    3
    0
    ඔයැයි මොකො ඔක්කොම අකුරු පොල් සයිස් කොරල ගත්තු තැන හිච්චියට දාන්නෙ :angry:
     
    • Like
    Reactions: Alu kurulla

    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    Ei Horen ussanawata wada eka honda nedda. watina deyak dekkama meeke bedaganna eke weraddak nee... horn ussanne nethuwa.
     
    PAKABAWA

    Member
    Jul 28, 2016
    17
    3
    0
    Ei Horen ussanawata wada eka honda nedda. watina deyak dekkama meeke bedaganna eke weraddak nee... horn ussanne nethuwa.

    ඉතිං ඔයැයි හරි කතාවක්නෙ කියන්නෙ
    ඔයැයි post එකෙ අකුරු ගානටම උස්සපු තැනෙ ලින්කුවට් දාන්න
    ඔයැයි හරි සෝක්
     
    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    ඉතිං ඔයැයි හරි කතාවක්නෙ කියන්නෙ
    ඔයැයි post එකෙ අකුරු ගානටම උස්සපු තැනෙ ලින්කුවට් දාන්න
    ඔයැයි හරි සෝක්

    Ethakota harida. saneepada , thawa kohomada , Akuru wala paata, daapu welaawa, font eka ehema hondada... :P:P:angry:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    ඉක්කාව නැති කර ගන්න ලේසි ක්‍රම කවුද දන්නේ ? ඕක මහා මල වදයක් බන්

    මට හැදුනම මාර සද්දෙට හිකිස් ගාල ඉක්ක යන්නේ බන්
     
    නමුත් සමහර විශේෂ අවස්ථා වලදී එහි ස්නායු අන්ත වල වේදනා ඇති වේ.එවිට ඉතා ක්ෂණිකව පහලට යමින්,උගුර පෙදෙසට අසාමාන්‍ය ලෙස වාතය ඇද ගැනීමට මහා ප්‍රාචීරය ක්‍රියා කරයි.මෙම වාතය ඔබගේ ස්වරාලය හරහා යත්ම "හික්!" හඬද සමගින් ඉක්කාව උපදී. මේ අතර අන්නශ්‍රෝතයේ ක්‍රමාකුංචන චලනද මදකට නවතී .

    මහාප්‍රාචීරයේ මෙවැනි හදිසි වේදනා හට ගැනීමට විවිධ හේතු ඇත.ඉතා ඉක්මනින් ආහාර ගැනීම,අමාශයේ හා උගුරේ වේදනා, ආමාශයික යුෂ ශ්‍රාවය යනාදිය ඒ අතර ප්‍රධාන වේ.

    සැකසුම - යුමාල් චතුරංග
    http://vidunenahawula.blogspot.com/2013/01/blog-post_24.html
    මෙන්න මේක නිසා තමයි කිරිබොන ළදරුවන්ට මව්කිරි වලට අමතරව පිරිසිදු ජලය කපු රෙද්දකින් පොඟවලා බිංදු බිංදු වගේ ළදරු කටට වක් කරලා ඉස්මොල්ලේ නොයන විදියට වතුර පොවන්න කියන්නේ.

    නමුත් මේක නවීන විද්‍යානුකූල විද්‍යාත්මක ප්‍රෝඩාවට පේන්නෙ නෑ. දකින්න බෑ. තේරුම් ගන්න බෑ.

    ඒ නිසා තමා ළමා රෝග විශේෂඥයෝය/පීඩියැක්ට්‍රිෂන්ය කියා ගන්නා එවුන් ළදරුවට මව් කිරි විතරක් දුන්නම ඇතිය වතුර මව් කිරි වල ඕනෑ තරම් තියෙනවාය කියල කියන්නේ. සුද්දන්ගෙ රටවල් හීතල නිසා වාශ්පීභවනය අඩුයි. එනිසා මව්කිරි වල තියෙන වතුර ටික ඇති බබාලට ඉක්ක නොගහ ඉන්න. නමුත් සමකය ආසන්න රටවල වාශ්පීභවනය අධිකයි. ඒනිසයි මව්කිරි විතරක් බීපු ළදරුවො තරඟේට ඉක්ක ගහන්නේ.

    මොළේ තියෙන අළුත් දෙමව්පියො ටිකක් කල්පනා කරල බලන්න.

    පේනව නේද නවීන විද්‍යානුකූල විද්‍යාත්මක ප්‍රෝඩාවේ හෙළුව ?

    නමුත් දැන් උපදින බබාලගේ කරුමයක් ද කොහෙද !
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉක්කාව නැති කර ගන්න ලේසි ක්‍රම කවුද දන්නේ ? ඕක මහා මල වදයක් බන්

    මට හැදුනම මාර සද්දෙට හිකිස් ගාල ඉක්ක යන්නේ බන්

    ෂොපින් බෑග් එකක් අරගෙන නයයයි කටයි වැහෙන්න තියල ඒකට හුස්මගන්න ටිකක් අමාරු වෙනකම්.ඉක්කාව නැතිවෙනවා..:yes::yes:
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    ඉක්කාව නැති කර ගන්න ලේසි ක්‍රම කවුද දන්නේ ? ඕක මහා මල වදයක් බන්

    මට හැදුනම මාර සද්දෙට හිකිස් ගාල ඉක්ක යන්නේ බන්

    උණු වතුර ටිකක් බොන්න .
    මී පැණි ටිකක් කන්න.:yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඉක්කාව නැති කර ගන්න ලේසි ක්‍රම කවුද දන්නේ ? ඕක මහා මල වදයක් බන්

    මට හැදුනම මාර සද්දෙට හිකිස් ගාල ඉක්ක යන්නේ බන්

    wathura ugurak katata aragena, eeka 7 serayakata bonna. (sera 7 kata podda podda uguren pahalata yawanna)
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඉක්කාව නැති කර ගන්න ලේසි ක්‍රම කවුද දන්නේ ? ඕක මහා මල වදයක් බන්

    මට හැදුනම මාර සද්දෙට හිකිස් ගාල ඉක්ක යන්නේ බන්

    ලොකු හුස්මක් අරගෙන පිට කරන්නේ නැතුව පුලුවන් තරම් වෙලා හිර කරගෙන ඉන්න. අන්තිම ටික හරිම අමාරුයි. එතකොට ඉක්කාව නවතිනවා. හුස්ම හිර වෙන්න කලින් පිට කරන්න. අත් දුටුවයි. ප්‍රත්‍යක්ෂයි.