ඉක්කාව ගැන නියම ඇත්ත දැන ගනිමු!!

benq123

Active member
  • Mar 17, 2019
    59
    110
    33
    ඉක්කාව ගැන නියම ඇත්ත දැන ගනිමු!!










    ඉක්කාව කියන්නෙ අපි හදාගන්න අකමැති දෙයක්. "ඉක්කයි මායි කොළඹ ගියා-ඉක්ක දාල මම ආවා" කියල පොඩි කවියක් කියල හරි ඉක්කාව යවා ගන්න අපි හැමෝම උත්සාහ කරන්නෙ ඒ හින්ඳනෙ.





    ඉස්සෙල්ලාම හොයල බලමු මේ ඉක්කාව ඇති වෙන්නෙ කොහොමද කියලා. ඉක්කාව ඇතිවෙන්නෙ මහාප්‍රාචීර පේශියේ (diaphragm) ඇතිවෙන පේශි භ්‍රාශයක් (spasm) නිසා කියල තමා දැනට හොයාගෙන තියෙන්නෙ.







    මේ මහාප්‍රාචීරය මගින් තමා අපේ පපු කුහරය උදර කුහරයෙන් වෙන් කරන්නෙ. මේ පේශි භ්‍රාශය නිසා අපි ගන්න හුස්ම ස්වර තන්ත්‍ර වලදී ක්ෂණික නැවතීමකට ලක් වෙනවා. අන්න එතකොට තමා ඉක්කාව නමින් හඳුන්වන "ඉක්" ශබ්ධය පිටවීම සිදුවෙන්නේ.





    ඉක්කාව ඇති වෙන්නේ ඇයි?





    ඉක්කාව ඇතිකරන ප්‍රධානතම හේතුව වෙන්නෙ අධිකව පිරුණු උදරය. ඉක්මනින් අනවශ්‍ය තරම් ආහාර ප්‍රමාණයක් ගිල දැමීම, අධික මත්පැන් පානය හා අමාශයේ හුළං පිරීම නිසා මෙහෙම උදරයක් ඇතිවෙන්න පුලුවන්.



    ඊට අමතරව,​


    • දුම්පානය,

    • ආමාශයේ ඇතිවෙන ක්ෂණික උෂ්ණත්ව වෙනස්වීම් උදා:-උණුසුම් පානයක් ගැනීමෙන් අනතුරුව ඒ සමඟම ශීතකල පානයක් ගැනීම

    හා

    • මානසික ආතතිය හෝ අධික උද්වේගය වැනි තත්ව නිසාත් ඉක්කාව ඇතිවිය හැකියි.



    දැන් අපි හොයල බලමු ඉක්කාවක් කොච්චර විතරවෙලා තියෙන්න පුලුවන්ඳ කියලා.







    සාමාන්‍යයෙන් ඉක්කාවක ආයු කාලය වෙන්නෙ මිනිත්තු කීපෙක ඉඳල පැය කීපයක් දක්වා කාලයක්.



    පැය 48කට වඩා කාලයක් රඳාපවතින ඉක්කාවක් අපි හඳුන්වන්නෙ persistent hiccups කියන පොදු නාමයෙන්. ඉතින් ඉක්කාවක් මාසෙකටත් වඩා කාලයක් තියෙනවනම් අපි ඒකට කියනවා intractable hiccups කියලා. මේකනම් හරිම කරදර කාරී ඉක්කවක්. මේ වගේ ඉක්කාවකට පුලුවන් අපේ ජීවිතේ උඩු යටිකුරු කරන්න. අපේ නින්ද අවුල් කරල දාල සිරුරේ බර අඩු කරල අපිව වෙහෙසට පත් කරන්න මේ වගේ දීර්ඝ කාලයක් පවතින ඉක්කාවකට පුලුවන් කියල මතක තබා ගන්න.









    වැදගත්ම දේ තමා, මෙහෙම දීර්ඝ කාලීනව පවතින ඉක්කාවක් කියන්නෙ සිරුරේ පවතින යම්කිසි දරුණු රෝගී ත්ත්වයක ලක්ෂණයක් වෙන්න පුලුවන් කියන එක. ඒ නිසා මෙවැනි තත්වයකදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම අත්‍යාවශ්‍යයි.



    කාලීන ඉක්කාවක් ඇතිකරවියහැකි රෝග තත්ව මොනවාද?



    • මද්‍ය ස්නායු පද්දතියේ ඇතිවන ආබාධ. උදා:-පිළිකා තත්ව, ආසාදන, ආඝාත තත්ව හෝ අනතුරු

    • සිරුරේ රසායනික ක්‍රියාවලීන්ගේ ඇතිවෙන වෙනස්කම්. උදා:-අක්මාවේ ක්‍රියාකාරීත්වය ඉහල යාම

    • හිසේ, බෙල්ලේ හෝ පපුවේ පවතින ස්නායු උද්දීපනයට පත්වීම (සාරිකා ස්නායුව හෝ ප්‍රේණික ස්නායුව)

    • නිර්වින්දනය හෝ සැත්කම්

    • යම් යම් මානසික ආබාධ තත්ව



    ඉක්කාව සුව කරන්නේ කෙසේද?





    බොහොමයක් ඉක්කා තත්ව මිනිත්තු කීපයක සිට පැය කීපයක් දක්වා කාලයකදී ඉබේම නැති වී යක නිසා විශේෂ ප්‍රතිකාරයකට යොමුවීම අවශ්‍ය වෙන්නේ නෑ.

    ඉක්කාව සුවකරගන්න නිවසේදීම කරගන්න පුලුවන් සරල ප්‍රතිකාර ක්‍රම බොහොමයක් තියෙනවා. මේවායින් ගොඩක් වෙලාවට වෙන්නෙ රුධිරගත කාබන්ඩයොක්සයිඩ් මට්ටම ඉහල නැංවීම.

    උදා:-



    • හුස්ම අල්ලාගෙන සෙමෙන් දහයට ගනන් කිරීම

    • ශීතකල වතුර වීදුරුවක් වේගයෙන් පානය කිරීම

    • සීනි හෝ පැණි හැන්දක් ආහාරයට ගැනීම

    කාලීන ඉක්කාවකදී එය ඇතිකරන හේතුව සොයා එයට ප්‍රතිකාර ලබා ගැනීම කලයුතු වෙනවා. මෙය සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ කලයුතුයි. මෙහිදී වෛද්‍යවරයා විසින් නියම රෝගී තත්වය හඳුනා ගැනීම සඳහා යම් යම් පරීක්ෂණ සිදු කරනවා. ඉක්කාවට හේතුවිය හැකි බරපතල රෝගී තත්ව රෝගීයාට තිබේදැයි හඳුනා ගැනීම මෙම වෛද්‍ය පරීක්ෂණවල අරමුණ වෙනවා.



    ඉක්කාව කාන්තාවන්ට වඩා පිරිමින්ට ඇතිවීමේ සම්භාවිතාවය වැඩිබව හඳුනාගෙන තිබෙනවා. එසේම කුඩා ළදරුවෙකුගේ සිට වැඩිහිටි මහල්ලෙකු දක්වා ඕනෑම අයෙකුට ඉක්කාව ඇතිවිය හැකියි.

     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මට දැවිල්ල කාපු ගමන් ඉක්කා පටන් ගන්නවා
    මටත් තියෙනව ඕකම.
    හොයල බැලුවම මට ඉක්කා එන්නේ ගම්මිරිස් අඩංගු මොනාහරි කෑවම.
    ඒ හින්ද දැන මාලු බනිසක් කන්න උනත් වතුර එකක් ලග පාත නැත්තම් කන්නෑ
     

    benq123

    Active member
  • Mar 17, 2019
    59
    110
    33
    මට බේතක් ඇලජික් වෙලා දවස් දෙකකට වඩා එක දිගට ඉක්කාව තිබිල තියෙනව.
    හොඳ වෙනකොට බඩ, පපුව දනව, ඒ වගේම මාර මහන්සියි.
    මටත් ඔයදේම උනා. ඒ නිසා තමා ඉක්කාව ගැන වැඩි විස්තර හොයලා බැලුවෙ...
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    මටත් ඉයේ ඉක්කව අයේ හැදුනා. බෙහෙත් බිව්වොත් හැදෙනවා. බටර් කේක් කැවහම හැදෙනවා.

    එක දිගට තියෙනවා එහෙමෞනහම පැය ගනක් උනත්. නිදගත්තහම හරියනවා. සමහර වෙලවට අයෙ නැගිට්ටහම පය දෙක තුනක් ගිහිල්ලා අයේ එන වෙලාවල් තියෙනවා.

    එක සැරයක් ඉක්ක්මව හැදිලා බෙහෙත් ගට්තා. එත් හරියන්නේ නෑ.