ඉක්මනින් කැඩෙන බිඳෙන සුලු දූපත්

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    "ගිනිකඳු හිම නැති සිරිලංකා" කියල පැදියක් කවියක තිබුනා මතකයි. මේ සෙන්ටිමන්ට් එක නිවැරදියි අතීතයේදී. ලංකාව ඓතිහාසිකව සෑහෙන ස්වභාවික විපත් අඩු රටක්. මේක හැමවිටම හොඳ දෙයක් නෙමෙයි (සංස්කෘතිය, යටිතල පහසුකම්, ආයතන පද්ධති පැත්තෙන්). එත් ගෝලීය පාරිසරික අර්බුධය දේශගුණ රටා වෙනස් කරන අතර අපි (අනෙක් රටවල් වගේම) ඊට පෙර සූදානමක් නැහැ. සමකාලීන පරිසර ප්‍රශ්නයේ ගැටලුව කලින් රටා වෙනස් කිරීම නෙමෙයි. ස්ථාවර රටාවක් නැතිකිරීමයි. සමකාසන්න රටවලට වාර්ෂික මධ්‍යන්‍ය වර්ෂාපතනය වැඩි වෙනවා, කුණාටු වැඩිවෙනවා වගේ රළු අනාවැකි හැර නිශ්චිත රටාවක් කිව නොහැකියි. නිශ්චිත අනාවැකි කියන්න හැකි දවස් කීපයක සීමාවට පමණයි. ඊළඟ වසරේ දැඩි නියඟයක් සහ ලැවුගිනි ඇතිවිය හැකියි - කියන්න බෑ.

    මේ සිටුවේෂන් එක දිගුකාලීන යතාර්ථයක් බව බැරෑරුම් ලෙස භාරගත යුතුයි. ජාතික ප්‍රතිපත්ති ඒ මත සකස් කල යුතුයි. වර්තමාන ජනාධිපතිත් ස්ටේජ් උඩ එවකට පැවති ආණ්ඩු විවේචනය කරා ආපදා කළමනාකරණය කියන්නේ ආපදාව වුන පසුව කරන දෙයක් නොවෙයි කියල. ඒවා කියපු අයට නැවත මතක් කර දීම ආදී සියල්ල කැපයි. ඒත් අවශ්‍ය වන්නේ එහෙම කෙටිකාලීන වැඩ නොවෙයි. ඊට අමතරව ඊට එහා ගිය දැක්මක්. Permanant ආපදා හදිසි අවස්තාවක්. යුද්ධේ කාලේ හැමදාම හදිසි නීතිය වගේ. සංචිත, සූදානම, පෙර දැනුවත් කිරීම, අධ්‍යාපනය, etc. ජාතික මට්ටමෙන් අපිට කල හැක්කේ "එන හැටියකට මුහුණ දෙමු" කියන ආකල්පය ආයතනිකව පැල කිරීම.

    ගැටලුව එහි scope එකෙන් ගෝලීය නිසා අවසන් විසඳුම ජාතික මට්ටමේ විය නොහැකියි. අන්තර්ජාතික සහයෝගීතාවයකින් තොරව අපේ රට මට්ටමෙන් කල හැකි සියල්ල කලත් අපිට ගැලවෙන්න බැහැ. ඊළඟ වසරේ හිම වැටෙන්න හැකියි නුවරඑලියට. අන්තර්ජාතික මට්ටමේදී අපි හාල්මැස්සෝ නිසා අපිට කල හැකි උපරිමය වන්නේ අපි එළඹෙන ගිවිසුම්වල දේශගුණ ව්‍යසන clause එකක් දමාගැනීම, නාමික අන්තර්ජාතික ආයතනවලදී හඬ නැගීම, තර්ජනයට පත් අප හා සමාන රටවල් සමග දේශගුණ ව්‍යසන ගැන insurance agreement වලට එළඹීම වැනි දේ පමණි. ඊට අමතරව "දේවෝ වස්සතු කාලේන" මාදිලියෙන් බලවත් රටවලට පමා නොවී සිහි එළඹේවා කියා පැතිය හැකිය. වැඩි ඉඩ ඇත්තේ මේ බලාපොරොත්තුව බලාපොරොත්තුවක් පමණක් වීමටයි.

    බලවත් රටවල් තමන්ගේ දේශසීමා වසමින් සිටී. 2017 (මතකයේ හැටියට) ඇමරිකන් මිලිටරි වාර්තාවකින් කියවුනේ 2050 වෙන විට ඇමරිකාවට ලොකුම තර්ජනය වන්නේ සමකාසන්න ජනගහන ඝනත්වය අධික රටවලට එන දේශගුණ විපත් නිසා ඇතිවෙන mass migrations කියායි. ට්‍රම්ප් කරමින් සිටින්නේ මීට පෙර සූදානම් වීමක් කියා ගත හැකියි.

    මේවායින් අදහස් වන්නෙ අපට කියා කලහැකි කිසිවක් නොමැති බව නොවේ. සුනාමියෙන් පසු කම්පන න්‍යාය (shock doctrine) භාවිත කලේ භූමියෙන් අවතැන් වූ වෙරලබඩ ජනයා අමතක කර දමා ඒ වෙනුවට හෝටල් රෙස්ටුරන්ට් සෑදිමටයි. මෙවර අප කලයුත්තෙ හිස් වෙන කඳුකර ජනාවාස වල නැවත ජනාවාස, ව්‍යාපාර සහ පන්සල් වෙනුවට කැඩෙන බිඳෙන සුලු මධ්‍ය කඳුකරය රැක ගැනීමට ජාතික ප්‍රතිපත්ති ගෙන ඒමටයි. ජාතික භෞතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පෙර කිසිදු රජයකට නොහැකි වූ අතර අනුරලාගෙන් ද මේ ගැන අංශක 180ක වෙනසක් බලාපොරොත්තු වීමට බැහැ. නමුත් කලයුතුයි.

    මේ සියල්ලට වඩා ආතල් වැදගත් නිසා හඳුන්නෙත්තිට සහ හර්ෂණ නානායක්කාරට මෙන්ම වැලේ වැල් නැති විපක්ෂයටත් ආතල් ගත හැකිය.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,011
    153,061
    113
    ඉස්සරහට ලෝකෙටම ලොකුම තර්ජනය එන්නෙ 'global warming" එකත් එක්ක එන කාලගුණ,දේශගුණ විපර්යාසවලින් තමයි. මේ ගංවතුරෙන්වත් පාඩමක් ඉගෙන ගෙන අනිත් රටවල වගේ මේ වගේ ස්වභාවික විපත්වලින් වෙන හානිය අවම කරගන්න පුළුවන් වෙන විදිහට ප්‍රායෝගික සැලසුම් හදලා හරියට ක්‍රියාත්මක කරවන්න වගකිවයුත්තන්ගෙ ඇස් ඇරුනොත් හොදයි පක්ෂ, පාට වලට බෙදිලා රණ්ඩු කරගන්නෙ නැතුව.

     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    ගුපියා ඇවිල්ලා


    Happy Lets Go GIF by SpongeBob SquarePants