ඉකොනොමැට්ටගේ බොජුන් හල 2 ඩෙංගු

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඉකොනොමැට්ටගේ බොජුන් හල 2 ඩෙංගු

    ඩෙංගු ගස් බඳිමුද?


    ඩෙංගු යනු කලින් කලට ලංකාවේ සෞඛ්‍ය ප්‍රශ්න වලට අමතරව දේශපාලනික හා සමාජ ප්‍රශ්න වලටද මුල්වන රෝගයකි. ඩෙංගු මර්දන වැඩසටහනකට ප්‍රචාරයක් ලබාදීම සඳහා වසර කිහිපයකට පෙර රජයේ සේවකයෙකුට තමාව ගස් බඳිනු ලැබීමේ ජවනිකාවක ප්‍රසිද්ධියේ රඟපාන්නට පවා සිදුවිය.

    වසරකට ලොව පුරා මිලියන 400කට ආසන්න පිරිසක් ඩෙංගු රෝගයට ගොදුරු වන අතර එයින් 10,000-20,000 අතර පිරිසකගේ ජීවිත අහිමි වේ. රෝගයේ බලපෑම වැඩිපුරම ඇත්තේ ඝර්ම කලාපීය රටවලටය. 2013 දී නේචර් සඟරාවේ පළවූ පර්යේෂණ පත්‍රිකාවකට අනුව ලෝකයේ ඩෙංගු අවදානම වැඩිම රටවල් අතර ලංකාවද සිටී. 2014 දී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 47,502 දෙනෙකුද, පසුගිය වසරේදී 29,777 දෙනෙකුද වාර්තා වී තිබුණේය. සුවසේවා සපයන්නන් සහ පොදුවේ මහජනතාව අතර ඩෙංගු පිලිබඳ අවබෝධය වර්ධනය වීම හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ ඩෙංගු රෝගය නිසා සිදුවන මරණ සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් අඩුකරගන්නට හැකිවී ඇතත් මේ රෝගය තවමත් ලංකාවට තර්ජනයකි.



    ඉතා මෑතක් වන තුරුම ඩෙංගු වලට ප්‍රතිකාරයක් හෝ ප්‍රතිශක්තිකරණ එන්නතක් තිබුණේ නැත. කෙසේවුවද, මේ හා අදාල පර්යේෂණ කලක් තිස්සේම සිදුවූ අතර ප්‍රංශයේ සැනෝෆි පැස්චර් (Sanofi Pasteur) සමාගම මඟින් වැඩිදියුණු කළ ඩෙන්ග්වැක්සියා (Dengvaxia) එන්නත ප්‍රථම ඩෙංගු එන්නත ලෙස මේ වන විට රටවල් කීපයකම භාවිතා වෙමින් පවතී. පසුගිය දෙසැම්බරයේදී මුලින්ම මෙක්සිකෝවෙන් මේ එන්නතට අනුමැතිය ලැබුණු අතර ඉන්පසුව බ්‍රසීලය, එල් සැල්වදෝර් හා පිලිපීනය යන රටවල්ද මේ එන්නත අනුමත කර ඇත. පිලිපීනය මේ එන්නත ජාතික ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළකට ඇතුළත් කරගන්නා පළමු රට වීමට නියමිතය.

    වෙනත් බොහෝ ඖෂධ මෙන්ම මේ එන්නතද අහම්බෙන් සොයාගත් එකක් නොවේ. මේ එන්නත නිෂ්පාදනය කිරීම සඳහා සැනෝෆි පැස්චර් සමාගම විසින් දශක දෙකක පමණ කාලයක් පුරා යුරෝ බිලියන 1.5ක පමණ මුදලක් (ඩොලර් බිලියන 1.7ක් පමණ) වැය කර තිබේ. ඉන්පසුව, රටවල් 15ක පුද්ගලයින් 40,000ක් පමණ යොදාගනිමින් සිදුකළ අධ්‍යයනයන් 25ක දත්ත වලින් එන්නතේ සාර්ථකත්වය තහවුරු වී තිබේ.

    එන්නත අලෙවි කිරීම මඟින් මේ සමාගම සිය ආයෝජනය පියවා ගැනීමටත්, දැරූ අවදානම වෙනුවෙන් ප්‍රතිලාභයක් ලැබීමටත් අපේක්ෂා කරන බව කිවයුතු නැත. කෙසේවුවද, ලෝකයේ ඩෙංගු රෝගීන්ගෙන් 70%ක් පමණ වාර්තාවන ආසියානු කලාපයේ පමණක් වසරකට ඩෙංගු ප්‍රතිකාර සඳහා වැය වන මුදල ඩොලර් බිලියන 6.5ක් පමණ බව සැලකූ විට තරමක් ඉහලින් මිල කෙරුනද බොහෝ රටවලට මේ එන්නත ආකර්ශනීය වීමට ඉඩතිබේ.

    ලෝක බැංකුව විසින් ඩෙංගු අවදානම වැඩි රටවලට මේ එන්නත නිර්දේශ කළ බව වාර්තා වීමෙන් පසු එය ලංකාවේ භාවිතා කිරීම පිළිබඳව සොයා බලන්නට සෞඛ්‍ය ඇමතිවරයා තීරණය කර ඇති බවද වාර්තා වී තිබුණි. මේ ගැන අධ්යයනය කිරීමට කල් නොගැනීම හොඳ තීරණයකි. එසේ වුවද, මෙවැනි එන්නතක් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළට ඇතුළත් කරගැනීමට පෙර තවත් ටික කලක් ඉවසිය යුතු බව මගේ අදහසයි. මේ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ විස්තරාත්මක නිර්දේශ ඇතුළත් සම්පුර්ණ වාර්තාව එළිදැක්වීමට නියමිතව ඇත්තේ ලබන ජූලි මාසයේදීය. එමෙන්ම, වෙනත් සමාගම් විසින් වැඩිදියුණු කර ඇති ඩෙංගු එන්නත් කිහිපයක්ද මේ වන විට අවසන් අදියර වල පිරික්සෙමින් ඇති බැවින් වසර අවසාන වන විට මේ වෙළඳපොළේ කිසියම් තරඟකාරිත්වයක් ඇතිවීමේ ඉඩකඩක්ද පවතී.

    යම් එන්නතක් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙලට ඇතුළත් කිරීමට පෙර රෝගය වැළැක්වීම සඳහා එන්නතෙහි ඇති සඵලතාවට අමතරව වැය කරන මුදලට සාපේක්ෂව එයින් ලැබෙන වාසිය ගැනද සැලකිලිමත් විය යුතුය. බොහෝ එන්නත් වලින් එන්නත නොලබන අයටද වාසියක් සැලසේ. ඒ, යම් ප්‍රදේශයක වැඩි දෙනෙකු එන්නතක් ලබාගත් විට ඔවුන් රෝගවාහකයින් ලෙස ක්‍රියාකිරීම නැවතීමෙන් අනිත් අයගේ අවදානමද අඩුවන බැවිනි (herd effect). එහෙත්, මදුරුවන්ගෙන් බෝවන ඩෙංගු වැනි රෝගයකට අදාළව මේ වාසිය විශාල නැත. ඒ නිසා, මුල් අදියරේදී වඩාත්ම සුදුසු වන්නේ කැමති කෙනෙකුට මුදල් ගෙවා මිලදී ගත හැකි වන පරිදි එන්නත අනුමත කිරීමයි. ඩෙංගු රෝගයේ ස්වභාවය අනුව, වරක් රෝගය වැළඳුණු කෙනෙකුගේ අවදානම වැඩි නිසා එවැනි අයට හා/හෝ වැඩි අවදානම් කලාප වල ජීවත් වන අයට අවශ්‍යනම් එන්නත නොමිලේ ලබාදීමේ වරදක් නැත.

    ඩෙංගු ගැන පසුගිය කාලයේ ඇති කර ඇති බිය නිසා (එහි වරදක්ම නැත.) මේ වන විට ඩෙංගු එන්නතක් මිලදී ගැනීම වැනි කාර්යයකදී සමාජය ඒ ගැන වැඩිවිස්තර සොයාබලන්නට නොපෙළඹේ. එවැනි තත්ත්වයක් තුළ, එන්නත නිෂ්පාදනය කරන්නේද එක් සමාගමක් පමණක් නිසා, මහජන ධනයෙන් කොටසක් උරා බොන්නට බලාසිටින මදුරුවන්ට ඩෙංගු මදුරුවාගේ උදවු ගැනීමට ඉඩකඩ විවර විය යුතු නැත.


    source: econamatta.blogspot.com
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,496
    113
    සිංහලේ
    11.gif