ඉගිල්ලෙනමාළු

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    පලමුව කියන්න ඕන "මෙය උපුටා ගැනීමක් පමණි"
    But Truth Hurts ?

    Flying%20Fish%20Censored%20Sinhala%20Film%20PF.jpg


    ජගත් චමිල සම්මානයක් දිනා ගත්තේ ය. ඒ නිව්යෝර්ක් සිටි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලිනි. එහෙත් මෙරට බොහෝ මාධ්‍ය එය වර නැගුවේ වැරදි අයුරිනි. ඒ "ජගත් චමිල නිව්යෝර්ක් සම්මාන උළෙලේදී ලෝකයේ හොඳම නළුවා වෙයි" යනුවෙන් ලියමිනි. නිව්යෝර්ක් සම්මාන උළෙලත්, නිව්යෝර්ක්සිටි සම්මාන උළෙලත් එකක් නොව දෙකක් බව බොහෝ දෙනෙකු කීවේ නැත.

    NYCIFF_site_header_v5.jpg


    NYFF2012-Logo-for-NYFF-homepage.jpg


    ජගත් කිසි ලෙස එසේ කියමින් නොආමුත් අන්තිමේ දී ඔහුටම ‘මම දින්නේ ඒකෙන්වත් දෝ'යි සැක හිතෙන තරමට ම වැඩේ දුර ගියේ ය. දැන් ජගත් චමිල ආපිට එන බවක් පෙනෙන්නට නැත. එන්නට දෙන පාටකුත් නැත. ඉතිරිව ඇත්තේ "ඔව්... අපි තමයි සම්මානෙ දුන්නෙ... නිව්යෝක් සිටි ෆෙස්ටිවල් කාරයො නෙවෙයි" යනුවෙන්, නිව්යෝක් සම්මාන උළෙල සංවිධායකයින් කළ ප්‍රකාශයක් ගැන පුවතක් හෙළි දරව් වීම වැනි දෙයක් පමණි. සිදුවෙමින් පවතින දේ අනුව නිව්යෝක් සිනමා උළෙල සංවිධායකයින්ට ද එහෙම හිතෙන්නට බැරිකමක් නැත.

    නළුවකු හෝ කවර කලාකරුවකු වුව ජාත්‍යන්තරයේ දී සම්මානයට පාත්‍ර වීම ඉතා වැදගත් හා අගය කළ යුතු කටයුත්තකි. එහෙත් ඒ සමගම එම සම්මාන උළෙලේ වටපිටාව හා වපසරිය විමසීම ද වරදක් නොවේ. මෙය නිව්යෝක් සම්මාන උළෙලේ ලද සම්මානයකැයි ෆේස් බුක් පෝස්ටුවක ලියා තිබෙනු දැක ලියුම්කරු ඒ නිවරැදි කරන්නට ගිය මොහොතක තවකකු යටින් ලීවේ මෙවැන්නකි.

    "මොකක් වුණත් ජාත්‍යන්තර සම්මාන උළෙලක්නෙ!"
    මේ ශ්‍රී ලංකාවේ වත්මන් ජන විඥාණයයි.


    ලෝකයේ සිනමා සම්මාන උළෙල දහස් ගණනක් පවතින බව තේරුම් ගන්නට මහා සිනමා ඥාණයක් අවශ්‍ය නැත. නිකමට ගූගල් සෙවුම් යන්ත්‍රයෙන් අසා බැලීම හොඳටම සෑහේ. මේ සම්මාන උළෙලවලින් වැඩි ප්‍රමාණයක් හොඳම නළුවා සම්මානය පිරි නමයි. ඒ අනුව, ජගත් චමිලගේ කතාව සැලකිල්ලට ගෙන ඒ විමසුවහොත්, සෑම මොහොතකම ලෝකයේ හොඳම නළුවන් දහස් ගණනාවක් සිටිනු ඇත. සත්‍යය නම් ඔහු සම්මානය ලබන්නේ අදාළ සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස පමණක් වීමයි. එය ජයග්‍රහණයක් බව සැබෑවකි. එහෙත් වටහාගත යුත්තේ එය නිශ්චිත සම්මාන උළෙලකින් ලද සම්මානයක් බවයි.

    http://www.boondi.lk/CTRLPannel/ArticleImages/RADH/Jagath_Chamila_Sams_Story_Sinhala_Film.jpg
    සැමීගේ කතාව

    සම්මාන උළෙලක අතීතය, එහි වන අභිමානය, පසුබිම, ජූරි මණ්ඩලයේ ස්වභාවය හා ඒ ඒ ජූරි සභිකයාගේ ජීව දත්ත මෙන්ම අදාළ උළෙලට සහභාගි වන සිනමා කෘතිවල පසුබිම, ඒ නිර්මාණවල නිර්මාණකරුවන්ගේ දක්ෂතාවය ඈ බොහෝ දේ සම්මාන උළෙලක වටිනාකම මැනීමේ දී සැළකිල්ලට ගත යුතු ය. එය අප විසින් කරන්නට බොහෝ මහන්සි නොවිය යුත්තේ ඒ කාර්යය මේ වන විටත් ලෝක සිනමා වටපිටාව තුළ සිදු කෙරී ඇති බැවිනි. ඒ අනුව ලොව ඉහළින්ම ගැනෙන සම්මාන උළෙල ත්‍රිත්වය ලෙස සළකන්නේ කාන්ස් සම්මාන උළෙල (ප්‍රංශය), බර්ලින් සම්මාන උළෙල (ජර්මනිය) හා වැනිස් සම්මාන උළෙල (ඉතාලිය) යි. ඒ හැරුණු විට තවත් සිනමා උළෙල ගණනාවක්ම මුල් පෙළෙහි ලියැවෙන අතර අපේ නොදරුවන් පටලවාගත් නිව්යෝක් සම්මාන උළෙලත් පනස් වතාවකට වඩා පවත්වා ඇති ලොව පැරණිම උළෙල අතරින් එකකි. නමුත් නිව්යෝක් සිටි සම්මාන උළෙල යනු මෑතදී ඇරඹුනු නව උළෙලකි. වැඩි වී ඇත්තේ 'සිටි' (නගරය) යන්න පමණක් නොවේ. සම්මාන උළෙල ස්වභාවය හා වටපිටාව ද ඒ සමගම විශාල ලෙස වෙනස් වී ඇත. එය "මොකක් වුණත් ජාත්‍යන්තර සම්මාන උළෙලක් නේ!" යන සරල අර්ථය නොගන්නේ එබැවිණි.

    කෙසේමුත් ජගත් චමිල දේශයට පිය තැබුවේ මහත් හරසර මැද ය. 'සැමීගේ කතාව' තිරයට ගෙනෙන්නට කිසිදු උවමනාවක් නොපෙන්වූ නිලධාරීන්, 'සැමීගේ කතාව' ඇතුළු සිනමා කෘති ගණනාවක ප්‍රදර්ශනය පසුපසට තල්ලු කරන්නට ක්‍රියා කළ 'අතීත කතා වෙළෙන්දන්' එදා ගුවන් තොටුපොළ පේළි සැදී උන් අතර ජගත්ට ඔහුවම අමතක වන තරමට ඔහු 'උස්සා අතහැර උඩු කුරුඤ්ඤං' ගැස්සුවේ ය. අලුත් 'සැමී' කතාව නිමා කළේ ජනපතිතුමන් වෙත ගොස් 'ජාතියට' දිනා දුන් සම්මානය දී වැඳ ආචාර කිරීමෙනි. ජනපතිතුමා කතාව අවසාන කළ තැනින් පටන් ගත්තේ ඔහුට ලක්ෂ 50ක නිවසක් තෑගි කරන්නට තීරණය කිරීමෙනි.

    දැන් අපි ජගත් චමිල සම්මානය දිනාගත් පසු අපේ කට්ටිය නැටූ මෙම නැටුම දෙසට හැරෙමු. ජගත් චමිල පිළිගන්නට රොතු බුරුතු බැඳ, සම්මාන උළෙලේ නම පටලාගෙන, කට්ටියම ගුවන් තොටුපළට දිව්වේ ඇයි? ගුවන් යානයේ දිගු ගමනකින් වෙහෙස වී ආ ජගත්ව 'උඩුකුරුඤ්ඤං' ගැස්සෙව්වේ ඇයි? සියළුම මාධ්‍ය එකතු වී පැය වරු ගණන් ගත කොට මේ ගැනම ලියන්නට කියන්නට ගත්තේ ඇයි? ජගත් චමිල අරලියගහ මන්දිරයට ගියේ, ජනපතිට සම්මානය දුන්නේ, ජනපතිතුමා සිය නිල කාලයෙන් කොටසක් ජගත් වෙනුවෙන් වෙන් කළේ සහ අවසානයේ රටේ ජාතික ධනයෙන් ලක්ෂ පණහක් වෙන් කොට නිවසක් ඔහුට පුදන්නට තීරණය කළේ ඇයි? සියල්ලටම මුල මේ සම්මානයයි. ජගත් චමිලගේ හෝ වෙනත් නළු නිළියන්ගේ දක්ෂතා මින් පෙර නොතිබුණේ ද? ජගත්ගේ දක්ෂතා මින් පෙර නොදැක්කේ ද? ජගත් සහ ඔහු වැනිම වූ දක්ෂයින් සම්මානිත රඟපෑම් ගෙනාවේ නැද්ද?

    නැත. දැන් ජගත්ට ඇමරිකාව සම්මානයක් දී ඇත.

    කලාව පිළිබඳ, රංගන කාර්යය පිළිබඳ, සිනමාව පිළිබඳ කිසිදු ඇගයුම් පද්ධතියක් නැති රටකට ආදර්ශ සාදාදෙන්නට ඇමරිකාවේ සිනමා උළෙලක් ඉදිරිපත් වී ඇත. දැන් එක්වරම 'අධිරාජ්‍යවාදී' 'බිහිසුණු' ඇමරිකාවේ සිනමා උළෙල කට්ටියටම 'ෂෝක්' වී ඇත. තුම්මුල්ල හන්දියේ නොකා නොබී ඇමරිකාවට බැටේ දුන් වීරවංශ ඇමතිට ද සිය අමාත්‍යංශයෙන් නිවස දෙන බව කියන්නට සිදු වී ඇත. මේ අපේ දරිද්‍රතාවයේ තරමයි. පශ්චාත්-යටත්විජිත හීනමානයේ තරමයි. සම්මාන උළෙලක නම ඇසුණු විගස 'බටහිරගැති' කුමන්ත්‍රණ ගැන මොර දෙන සිල්වලාගේ ද සද්දයක් නැත.

    දැන් දෙවන කොටසට යමු.

    මේ සියල්ලට පසු, දැන් සිනමාව ගැන ලොව කාටත් වඩා උනන්දු අපේ රටේ රසිකයින්ට අලුත් කතන්දරයක් පෙන්වන්නට පටන්ගෙන ඇත. 'සැමීගේ කතාව' පිළිබඳ ප්‍රවෘත්තිය සමග ජගත් චමිල හරසරින් පිළිගත් ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති නිෂ්පාදකවරු සියල්ලන්ටම පෙර මෙම අලුත් සිනමාතොරතුරත් මහත් බර තබා ජනතාවට හඳුන්වා දී ඇත. [බලන්න.] ඒ සංජීව පුෂ්පකුමාර ගැන ය. එනමින් යුත් සිනමා අධ්‍යක්ෂකවරයා ගැන ය. 'ඉගිල්ලෙන මාළුවෝ' නමැති ඔහුගේ සිනමා කෘතිය ගැන ය. ස්වාධීන රූපවාහිනියට අනුව නම්, 'සංජීව පුෂ්පකුමාර නැමැත්තා' ගැන ය. ඒ පුවත කුමක් ද?

    Flying_Fish_Kaushalya_Fernando_Sinhala_Mv.jpg

    ඉගිල්ලෙන මාළුවෝ






    'ඉගිල්ලෙන මාළුවෝ' නැමැති සංජීව පුෂ්පකුමාරගේ කුළුඳුල් සිනමා කෘතිය විදෙස් සිනමා උළෙල ගණනාවක ඇගයුමට පාත්‍ර වීමෙන් අනතුරුව, ලංකාවේ මුල් වරට ප්‍රදර්ශනය වූයේ පසුගිය දා කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවති ප්‍රංශ සිනමා උළෙලේ දී ය. එනයින් එය ලංකාවේ පැවති මංගල දර්ශනය ද වේ. සිනමා කෘතිය ප්‍රදර්ශනය කෙරී දිනක් ඇතුළත ඒ පිළිබඳ ක්‍රියාත්මක වන ආරක්ෂක ලේකම්වරයා පළමුව සිනමා උළෙල එහෙම පිටින්ම නවතා දමයි. දෙවනුව සංජීව පුෂ්පකුමාරගේ සිනමා කෘතිය පිළිබඳ පුළුල් පරීක්ෂණයක් අරඹන්නට විධාන දෙයි.

    මෙම සිද්ධියට අදාල ප්‍රවෘත්තිය සිය ප්‍රවෘත්ති ප්‍රකාශය අතරට ගෙනෙන ස්වාධීන රූපවාහිනීය ඉතිහාසයේ කලා කෘතියකට එරෙහි බිහිසුණුම ප්‍රවෘත්ති වාර්තාකරණය ඊට එරෙහිව සටහන් කරයි. ඒ සිනමාකරුවාගේ, නිෂ්පාදකවරයාගේ සහ සිනමා කෘතියේ රූපමය සඳහන් ද සමග ය. ඒ අනුව සංජීව යනු 'එන්ජීඕ' සමග සිටින, 'දෙමළ ඩයස්පෝරාවේ' අවශ්‍යතාවට සිනමා කෘති තනන, රටේ යුධමය ජයග්‍රහණය පසුපසට තල්ලු කර රට පාවා දෙන 'දේශද්‍රෝහියෙකි'! පුවත වැඩි දුරටත් කියන ආකාරයට සංජීවගේ 'කූට විදේශ සබඳතා', 'ඩොලර් දිනන නිෂ්පාදන සහයෝගිතා', 'කොටි සබඳතා', 'ඩයස්පෝරා අවශ්‍යතා ඉටුකිරීම්' ආදිය ද දැන් දැන් හෙළිවෙමින් පවතී.

    පිළුණු වී ගිය වදන් මාලාවක් සමග එන මෙම ප්‍රවෘත්තිය සුපුරුදු ලෙස හාස්‍යයක් ලෙස සළකා බැහැර කළ නොහැක්කකි. ඒ එම ප්‍රවෘත්තියේ වදන් සමගම කියැවෙන වෛරී හා පළිගන්නා සුළු වදන් පෙළක් ද වන බැවිනි. ඒ අනුව 'මේ කටයුත්ත පිටුපස සිටි පිරිස සොයා දැන් පරීක්ෂණ ආරම්භ කෙරී ඇත'. 'ඔවුන්ට එරෙහිව පියවර ද ගැනෙනු ඇත!' දෙවන, තුන්වන දිනයන් එළඹෙද්දී ස්වාධීන රූපවාහිනීය පර සක්වල ගසමින් ප්‍රතිඥා දෙන්නට ගත්තේ මේ වැනි දේ හෙළිදරව්වට ඔවුන් දිගින් දිගටම කටයුතු කරන බවයි! දැන් වත්මනෙහි අපට සිටින දක්ෂතම පරිවර්තකයකු, ලේඛකයෙකු හා දේශපාලන විචාරකයකු ද වන ගාමිණී වියන්ගොඩ ද වැඩේට ඈඳාගෙන ය. ඒ එම කෘතහස්ත රචකයා ද 'ගාමිණී වියන්ගොඩ නැමැත්තා' ලෙස නම් කොට තබමිනි.

    දැන් ඔවුන් හෙළිදරව් කළේ මොනවාද? අපි එකින් එක ගෙන බලමු.

    Flying_Fish_Sanjeewa_Pushpakumara_Sinhala_Mv.jpg


    ප්‍රවෘත්තියේ රූපමය වියමනට අනුව නම් ඔවුන් මේ කෘතියේ නිර්මාණකරු (සංජීව පුෂ්පකුමාර) හා නිෂ්පාදකවරයා (මනෝහර නානායක්කාර) හෙළි කරගෙන ඇති සෙයකි. මහත් උජාරුවෙන් ඔවුහු දෙදෙනාගේම පින්තූර ද ගෙනහැර පාති. සැඟව සිටි බිහිසුණු අපරාධකරුවන් දෙදෙනෙකු සොයාගත් ලෙස 'ස්වයං වින්දනයක්' ලබති. ඔවුන්ට අමතකව ගිය කරුණ නම් 'ඉගිල්ලෙන මාළුවෝ' ශාන්ත පීටස්බර්ග් සිනමා උළෙලේදී සම්මානයට පාත්‍ර වූ බව දැනගත් මොහොතේ ඔවුන්ගේම සහෝදර ජාතික රූපවාහිනිය සංජීව හා කෘතිය සිය ප්‍රවෘත්ති විකාශනය තුළ තබමින් ඒ ගැන ඇගයුමක් කළ බව ය. (ඇතැම් විට ස්වාධීන රූපවාහිනියේ ද මෙය කියන්නට ඇත. ලියුම්කරුට ඒ ගැන අදහසක් නැත.) ඒ හැරු‍ණු විට චිත්‍රපටයේ නාමාවලියේ පැහැදිලිව කියැවෙන සංජීව පුෂ්පකුමාර හා මනෝහර නානායක්කාර නාමයන් පහසුවෙන්ම හමුවන්නට හැකි සාමාන්‍ය මිනිසුන් බව ය.

    Flying_Fish_SP_Sinhala_Mv.jpg

    ඉගිල්ලෙන මාළුවෝ

    (මෙහි දී අතුරු සටහනක් ලෙස, මෙතැන් පටන්, සංජීව පිටුපස සිටින හා සිටි ඉතිරි පිරිස සොයාගන්නට ස්වාධීන රූපවාහිනියට ආධාර කරන්නට පටන් ගනිමි. පළමුවැනිව - ජාතික රූපවාහිනිය ලියාගත්තාට වරදක් නැත. එය මෙම චිත්‍රපටය අගය කරමින් ප්‍රවෘත්තිවලදීම සටහනක් කර ඇත. තවත් නං මොන කතා ද?)

    අන්තර්ජාලයේ විකිපීඩියා විශ්වකෝෂය සංජීව පුෂ්පකුමාර පිළිබඳ ඉතා පැහැදිලි සඳහනක් තබා ඇත. ඒ හැරු‍ණු විට ඔහුගේම පෞද්ගලික වෙබ් අවඩිය ඇති පදම් ඔහු සහ ඔහුගේ නිර්මාණ ගැන තොරතුරු සපයා ඇත. රූප හා සිනමා කෘතියේ පූර්ව ප්‍රචාරක පටයන් ද සපයා ඇත.

    සංජීව පුෂ්පකුමාර 'ඉගිල්ලෙන මාළුවෝ' තනන්නට මත්තෙන් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ අතර ඒ යුගයේ දී 'ස්පර්ශය' නමින් කෙටි චිත්‍රපටයක් ද තැනුවේ ය. එය යුද්ධයෙන් දෙඅතම අහිමි වූ යුධ සෙබළකු පිළිබඳ අනුවේදනීය කතා පුවතකි. එය බොහෝ තන්හිදී ඇගයුමට පාත්‍ර වූ අතර චිත්‍රපට සංස්ථා සිනමා පරිශ්‍රයන් තුළදීම තිරගත කෙරිණ.

    (දැන් ඉතින් චිත්‍රපට සංස්ථාව ද ලියාගත හැක.)

    සංජීව පුෂ්පකුමාර 'ඉගිල්ලෙන මාළුවෝ' තනන්නට මත්තෙන් ලේඛකයකු, රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු, රූපවාහිනී වැඩ සටහන් සඳහා පිටපත් රචකයකු, විශ්වවිද්‍යාලවල බාහිර කථිකාචාර්යවරයෙකු ආදී බොහෝ වෘත්තීන්වල නියැළුණු අයෙකි. ප්‍රවීණ සිනමාකරු ප්‍රසන්න විතානගේ ගැන 'ආත්ම බද්ධ සිනමා රූප' ලීවේත්, 'ජම්ප් කට් එකක්' සහ 'කිම් කි දුක් සහ කොරියානු සිනමා රූප' යන සිනමා අධ්‍යයන ග්‍රන්ථ ලීවේත් මේ සංජීවම මිස වෙනකකු නොවේ. සිරස රූපවාහිනියේ ඔහු සම්මාදම් වූ වැඩ කටයුතු ගැන මාහට එතරම් හොඳ මතකයක් නැතත් ජාතික රූපවාහිනියේ විනීතා කරුණාරත්න නිපද වූ 'ආලකමන්දාව'ට ඔහු ලියූ තිර පිටපත් ගැන මතකයක් තිබේ. එදවස ඒවා දියවෙමින් පැවති රූපවාහිනී වැඩසටහන් අතරට ජීවයක් ගෙන ආවේ ය.

    විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සංජීව පුෂ්පකුමාර විශ්වවිද්‍යාල කිහිපයකටම සම්බන්ධව කටයුතු කර ඇති බව මා දන්නා අතර ඔහු මා සේවය කරන කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයට ද විත් සිනමාව පිළිබඳ දේශන සිදු කළේ ය. මනා සන්නද්ධ දැනුමක් සහිතව, නිසි කාල කළමණාකරණයකින් ද යුතුව ඔහු සිය කටයුත්ත සිදු කළ බව මාහට ද නිවරැදි මතකයක් ඇති අතර විශිෂ්ට ගුරුවරයකුගේ සේවය තමන්ට ලැබුණු බවට දෙස් දුන් ශිෂ්‍ය ප්‍රජාවක් ද මා හඳුනන විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ වෙයි.

    (දැන් තුන්වෙනුව, සංජීව පුෂ්පකුමාර නමැත්තකු සමග සමීප සම්බන්ධකම් පැවැත් වූ ආයතන ලැයිස්තුවට යළි රූපවාහිනි සංස්ථාවේ නම ද ලියා කොළඹ ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයක නම් ද ලියා ගත්තාට වරදක් නැත.)

    දැන් පෙනී යන්නේ සංජීව පුෂ්පකුමාර නැමැත්තකු ගැන කියා සිදුකළ ස්වාධීන රූපවාහිනී හෙළිදරව්ව කිසිදු පදනමක් තොර ඔවුන්ගේ මනෝ-රාජ්‍යයට අයත් පුස්සක් බව ය. සංජීව ඇත්තටම සිටියේ ය. ඔහු නොදැන සිට, 'නැමැත්තකු' කොට හෙළිදරව් කළේ අට-පහ නොදත් ස්වාධීන රූපවාහිනිය පමණි.

    Manohan-Nanayakkara_410px_1.jpg


    x350.jpg


    මනෝහර නානායක්කාරගේ නම ද, රූපය ද ස්වාධීන රූපවාහිනී තිරයට ආවේ ඊට නොවෙනස් 'මල් වෙඩි' ආකාරයක් දරමිනි. වටපිටාව නොදත් අහිංසක 'ගම්වැසියකුට' නම් හඳුනා නොගත් ත්‍රස්තයකු දැක බලාගන්නට ලැබුණු ආහ්ලාදයක් ලැබෙන්නට ඉඩ ඇති මුත් මනෝහර හඳුනන්නකුට එය එසේ නොවේ. මනෝහර නානායක්කාර යනු මේ මොහොතේ ලංකාවේ සිනමාකරුවන්ට අත දෙන ප්‍රධානතම සිනමා නිෂ්පාදකවරයා ය. 'ඉගිල්ලෙන මාළුවෝ' මතු නොව, සම්මාන දිනූ චන්ද්‍රන් රත්නම්ගේ 'කොමන් මෑන්', ඉදිරියේ තිරගත වන්නට නියමිත සුමිත්‍රා පීරිස්ගේ 'වෛෂ්නාවී', මාලක දේවප්‍රියගේ 'බහුචිතවාදියා' ආදී සිනමා කෘති ගණනාවක නිෂ්පාදකවරයා ඔහු ය. වසර ගණනාවක් යටපත් ව තිබුණු සත්‍යජිත් මාඉටිපේගේ 'බොරදිය පොකුණ' යළි පෙරමුණට ගන්නට කටයුතු කළේ ද ඔහු ය.

    දැන් ඉතින් අප හැරිය යුත්තේ සිනමා කෘතිය දෙසට ය. සංජීව කවරකු වුවත්, මනෝහර කවරකු වුවත් 'ඉගිල්ලෙන මාළුවෝ' සේවය කරන්නේ යට කී ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්තියේ ලෙසට යැයි කෙනෙකුට තර්ක කළ හැකි බැවිනි. එසේ තර්ක කරන්නට අයිතියක් ද ඇත.

    'ඉගිල්ලෙන මාළුවෝ' නොදැක තහනම් කරන ආරක්ෂක ලේකම්වරයාට සහ උඩ පැන කෑ මොර ගසන ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති නිර්මාණකරුවන්ට, භාගයක් බලා, තමන්ගේම ආඛ්‍යානයක් සාදාගෙන බිය වී පැන දිවූ සුනිමල් ප්‍රනාන්දුට වඩා හොඳින් මේ චිත්‍රපටය පිළිබඳ මට කතා කළ හැක. ඒ මා මෙය පසුගිය මාර්තුවේ දී නරඹන ලද හෙයිනි. ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර පැවති 'ඕස්ට්‍රේලියානු සිනමාතෙක්' සිනමා උළෙලේදී මම මෙය නැරඹුවෙමි. මග දී නැගිට නොගොස් දිගටම ශාලාවේ රැඳී සිට නැරඹුවෙමි.

    'ඉගිල්ලෙන මාළුවෝ' බහු-ආඛයානමය කෘතියකි. සමාන්තරව එය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කප්පම් ඉල්ලීමේ තර්ජනයකට ලක් වූ ද්‍රවිඩ පවුලක් (මූලිකව රාජ්‍ය සේවකයෙක්, ඔහුගේ බිරිඳ හා වැඩිවිය පත්වන දියණිය), හමුදා සෙබළකු හා පෙමින් බැඳී, ගැබ් ගන්නා තරුණියක් (තරුණිය, ඇගේ මව හා පියා), සහ මායිම් ගම්මානයක සිටින, පියා අහිමි වුණු, සොයුරු සොයුරියන් පස් හය දෙනෙකු සිටින ගැටවරයෙක් (ගැටවරයා සහ මව) පිළිබඳ කතා පුවත් තුනක් රැගෙන එයි. කතා සියල්ලම ඛේදවාචකයන් ය. කප්පම් මුදල ගෙවා ගත නොහැකි වුණු ද්‍රවිඩ පවුල එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඝාතනය කෙරෙයි. දියණිය සැඟවී පණ බේරා ගනියි. ගැබ් ගත් තරුණිය තමන් අතරමං කළේ යැයි වේදනාවෙන් මාරුවක් ලබා ගොස් සිටි තරුණයා සොයා ගොස් ඔහුගෙන් පළි ගනියි. ගැටවරයා සිය මවගේ අනියම් සබඳතාවක් දැක වේදනාවට පත්ව ඇයට පිහියෙන් ඇන නිවසින් පලා යයි. මේ එහි සාරාංශගත අදහසයි. මෙහි තිබෙන 'ඩයස්පෝරා' සබඳතා මොනවා ද? රට පාවා දෙන දේ කවරක් ද? රට පිළිබඳ බාහිර දැක්ම වනසා දමන දර්ශන මොනවා ද?

    Flying_Fish_Sanjeewa_Pushpakumara_Sinhala_Mv.jpg

    ඉගිල්ලෙන මාළුවෝ

    සිනමා අධ්‍යයනයට අනුව නම් සිනමා නිර්මාණකරුවකුගේ සැබෑ කෘතියක් වනාහි ඔහුගේ ආත්ම ප්‍රකාශනයයි. ත්‍රිකුණාමලයේ හැදී වැඩෙන සංජීවගේ ළමා කාලයේ අත්දැකීම් පාදක වූයේ යැයි ඔහුම සඳහන් කරන කෘතිය මා දකින්නේ නම් මනා සිනමා භාෂාවකින් සුපෝශිත කෘතියක් ලෙස ය. එහි වන ආඛ්‍යානයේ ප්‍රබලතා හා දුබලතා කතා කිරීම සිදු විය යුත්තකි. එය සියල්ලෙන් මිදී ඉහළට නැග පරිපාකයට පත්ව ඇතැයි මා අදහස් කරන්නේ නැත. එසේ මුත් ඒ සිනමා බස මැනවින් හඳුනාගත්තකුගේ කෘතියකි. අංකුර සිනමාකරුවකු ලෙස සිය මුල් කෘතියේදීම වෙසෙසි ගුණ පෙන්වන නිර්මාණකරුවකුගේ කෘතියකි. කළ යුත්තේ සිනමා කෘතිය හොඳින් විමසා බලා ඒ පිළිබඳ කතිකාවකට එළඹීම ය. යටකී 'ස්වාධීන රූපවාහිනී' මතාන්තර ද එහි හමුවේ දැයි එවිට අපට සාකච්ඡා කළ හැක.

    සංජීව අද දකුණු කොරියානු රජයෙන් ශිෂ්‍යත්වයක් ලැබ (හපොයි... බටහිර රටක් වුණා නම් යළිත් තලු මරන්නට තිබුණා නොවැ.. අසවලුන්ට!) චුන්-ආන්ග් විශ්වවිද්‍යාලයේ සිනමාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් හදාරයි. සිනමා උළෙල අතර මුදුන් මල්කඩ වූ කාන්ස් සිනමා උළෙල ඔහු කොරියාවේදී නිපදවූ 'අන්ෆොගිවන්' කෙටි චිත්‍රපටය සිය කෙටි චිත්‍රපට අංශයට තෝරාගත්තේ මේ වසරේ දී මය. කාන්ස් උළෙල විසින්ම ලද ශිෂ්‍යත්වයකින් ප්‍රංශයට ගොස් ඔහු සිය දෙවැනි සිනමා නිර්මාණයට නේවාසික අධ්‍යයනයක යෙදුණේ මේ වසර මුල් භාගයේ ය. මේ සංජීව පිළිබඳ කරුණු ගොන්නෙන් වැදගත් කරුණු කිහිපයකි. දැන් මේ කුරුස ගසේ ලන්නට යන්නේ මෙම නිර්මාණශීලී අධ්‍යක්ෂවරයා ය.

    ජගත් චමිල ලක්ෂ පණහක ගෙයක් ලැබුවාට අපට කම් නැත. එහෙත් ඒ ගෙන් පිටතට පැන 'මේ දේ නම් කරන්නට එපා.. මගේ සම්මානෙට වඩා දහස් ගාණක් ඉහළින් තියෙන උළෙලවලින් තමයි සංජීව දින්නෙ' යනුවෙන් ජගත් කියන්නේ නැත. ජගත්ගේ හඬ නිහඬ කොට අවසන් ය. එදා ගුවන් තොටුපළට දුවගෙන ගිය 'ඉතිහාස කතා වෙළෙන්දෝ' කිසිවකුටත් මේ ගැන වගේ වගක් නැත. සිදුවන්නට ඉඩ තිබෙන්නේ එක දෙයකි. ජගත් චමිලගේ ලක්ෂ පණහේ නිවස පිටුපස සිට සංජීවට වෙඩි තැබීම පමණි.

    ('අළු' බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි.)
     
    Last edited:
    • Like
    Reactions: Iron Monger

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඇමරිකාවෙන් සම්මානයක් ගත් ජගත් චමිල වීරයෙකු වන්නේත් ඇමරිකානු ඩොලර් 25000 කින් ඉගිල්ලෙන මාළු හැදූ සංජීව ද්‍රෝහියකුවන්නේත් සොදැයි මට නම් නොතේරේ
     
    Last edited:

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    ඇමරිකාවෙන් සම්මානයක් ගත් ජගත් චමිල වීරයෙකු වන්නේත් ඇමරිකානු ඩොලර් 25000 කින් ඉගිල්ලෙන මාළු හැදූ සංජීව ද්‍රෝහියකුවන්නේත් සොදැයි මට නම් නොතේරේ
    :yes::yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සංජීව පුෂ්පකුමාර පො@නයා :P
    සිරසෙ සීන් මතක නෑ ලු මේ ලියපු එක්කෙනාට.. :rofl:
    හරි හුරතල් නේ..
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ITN hu mata wadak naha.mokak hari hethuwak athi ne oya magula thahanam karanna.anika meka dapu ubath meke amuthu thread dana ekek ne.....eka hinda film eka balanne nathuwa mukuth kiyanna baha...
     

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    Meke hadapu film ekak witharai kiyala director kiyanawanam kamak na, but eka kiyanne api karapu waradi piliganna one, asadaranayak una mama e ganai meken kata karanne kiyala.

    anna ekenma penawa meka nikanma nikan sinama patayak newei, kage hari uwamanawata, lokayata deyak kiyannai meka haduwe kiyala.

    anna ethanai meke tiyana prashne tiyenne.

    America wa war time ekedi karapu wada dan karana wada atta video walin loketama pennalat kauruwat katakaranne na americawata wiruddawa.

    but meka hadapu film ekak welat meka pennana dunnot lankawata kohoma gahaida? mona mona kata kiyaida?

    Ekai methana tiyana prashne, nattan sinamawa kiyanne onama deyak upakalpanaya karala pennana puluwan deyak, bt eka atta nemei
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Meke hadapu film ekak witharai kiyala director kiyanawanam kamak na, but eka kiyanne api karapu waradi piliganna one, asadaranayak una mama e ganai meken kata karanne kiyala.

    anna ekenma penawa meka nikanma nikan sinama patayak newei, kage hari uwamanawata, lokayata deyak kiyannai meka haduwe kiyala.

    anna ethanai meke tiyana prashne tiyenne.

    America wa war time ekedi karapu wada dan karana wada atta video walin loketama pennalat kauruwat katakaranne na americawata wiruddawa.

    but meka hadapu film ekak welat meka pennana dunnot lankawata kohoma gahaida? mona mona kata kiyaida?

    Ekai methana tiyana prashne, nattan sinamawa kiyanne onama deyak upakalpanaya karala pennana puluwan deyak, bt eka atta nemei

    මමත් මේ film එක බැලුවේ නැහැ!
    ඒක නිසා පුද්ගලිකව මට නම් අදහසක් නැහැ මේ ගැන
    මම මේක උපුටා ගත්තේ blog එකකින් !

    මේ film එක නිෂ්පාදනය කරලා තියෙන්නේ 2011 දී,

    මේ සම්මාන අරන් තියෙන්නෙත් 2011 දී, ඉතින් මේ ඔය කියන ජාත්‍යන්තරය දැකලා ඉවරයි මෙලහකට !

    මේක ලංකාවේ පෙන්නන්නනෙ බැරි... ලංකාවේ කවුරුහරි කිව්ව පලියට මේක පිට රට පෙන්නන්නේ නැතුව ඉන්නේ නැහැනේ..


    ඒක නිසා
    මේ FILM එක දැනටමත් පිටරට ගොඩක් සිනමා උළෙලවල්වල සහ රටවල් වල පෙන්නලා ඉවරයි !වෙන්න තියෙනවනම් දෙයක් මෙලහකට වෙන්න ඕන.

    එහෙම දෙයක් වුනේ නැති වුනාට!

    මේක තහනම් කරලා... ඒක ආණ්ඩුවේ හොරණෑ මහා ලොකුවට හැමදාම කථා කරන්න ගත්තහම පිට රට එවුන් බලනවා "යකෝ මේකේ ඔය තරම් මොනවද තියෙන්නේ කියලා"

    එහෙම යම් රටට විරුද්ධ දෙයක් තියෙනවනම් ඒක...දැන් තමයි වැඩියෙන් ඉස්මතු වෙලා පෙනෙන්නේ

    තහනම් කරා නම් මහා ලොකුවට කියවන්නේ නැතුව හිටියා නම් හොදයි කියලා තමා මට නම් හිතෙන්නේ

    අනිත් එක ...එක film එකක් නිසා මුළු සිනමා උළෙලම තහනම් කිරීම නම්... ගොනේක්ගේ මහා තකතීරු වැඩක් !
     

    Trickzstar

    Member
    Jul 12, 2013
    142
    8
    0
    මුගේ හෙන දර්ශනේ ඒ උනාට ෆිල්ම් එක බලලා නැහැලු. යකෝ විචාර හුචාර වලට කලින් ෆිල්ම් එක බලපන්
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    සංජීව පුෂ්පකුමාර පො@නයා :P
    සිරසෙ සීන් මතක නෑ ලු මේ ලියපු එක්කෙනාට.. :rofl:
    හරි හුරතල් නේ..

    සිරසේ ඉන්න කොට මූ දේශපාලනයක් කරේ නැහැ !

    මූ තමයි වසන්ත දුක්ගන්නාරාළ එක්ක එකතු වෙලා කරපු "කමත" කියන ගොවි වැඩසටහන කලේ
    මූ තමයි පිටපත සහ නිෂ්පාදනය...

    සිරසේ දැනට ඉන්න.. එකේ හිටිය.. හැම එකාම කොටි කියලා හිතන එවුනුත් මේ රටේ ඉන්නවා..
    එහෙම බැලුවොත් ගොඩක් උන් කොටි

    හැබැයි කොටියෙක් තමයි නිදහස් පක්ෂයේ ලේකම්වරයා..

    ඒත් ගෙදර තියෙන වතූර බටේ ඔය සිරසේ කොටි මහරාජාගේ Z-lone..
    එහෙම මහාරාජාට දීලා බොරුවට කෑ ගහන එවුන් තමයි තමයි වැඩිපුර ඉන්නේ
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මුගේ හෙන දර්ශනේ ඒ උනාට ෆිල්ම් එක බලලා නැහැලු. යකෝ විචාර හුචාර වලට කලින් ෆිල්ම් එක බලපන්

    පලමුව කියන්න ඕන "මෙය උපුටා ගැනීමක් පමණි"
    ('අළු' බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි.)

    මෙතන දැම්මේ share කරගැනීමක් හැටියට...
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ෆිල්ම් එක බලන්නෙ නැතුව මුකුත් කියන්න බැහැනේ. ඔය පෙළපාලි ගියපු කෑ ගහපු සහ කෑගහන කීදෙනෙක් ඕක බලල තියේද කියන එකයි ප්‍රශ්නෙ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සිරසේ ඉන්න කොට මූ දේශපාලනයක් කරේ නැහැ !

    මූ තමයි වසන්ත දුක්ගන්නාරාළ එක්ක එකතු වෙලා කරපු "කමත" කියන ගොවි වැඩසටහන කලේ
    මූ තමයි පිටපත සහ නිෂ්පාදනය...

    සිරසේ දැනට ඉන්න.. එකේ හිටිය.. හැම එකාම කොටි කියලා හිතන එවුනුත් මේ රටේ ඉන්නවා..
    එහෙම බැලුවොත් ගොඩක් උන් කොටි

    හැබැයි කොටියෙක් තමයි නිදහස් පක්ෂයේ ලේකම්වරයා..

    ඒත් ගෙදර තියෙන වතූර බටේ ඔය සිරසේ කොටි මහරාජාගේ Z-lone..
    එහෙම මහාරාජාට දීලා බොරුවට කෑ ගහන එවුන් තමයි තමයි වැඩිපුර ඉන්නේ

    උබ ඇයි ඉතින් මේ අමාරු වෙලා කෑගහන්නේ..
     

    Trickzstar

    Member
    Jul 12, 2013
    142
    8
    0
    පලමුව කියන්න ඕන "මෙය උපුටා ගැනීමක් පමණි"
    ('අළු' බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි.)

    මෙතන දැම්මේ share කරගැනීමක් හැටියට...

    ඌ බොරුවක් ලිව්වම උඹත් ගොනා වගේ උපුටා ගන්නවද? ඉස්සෙල්ලා ෆිල්ම් එක බලලා වරෙන් බොරුවට නටන් නැතුව
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ITN hu mata wadak naha.mokak hari hethuwak athi ne oya magula thahanam karanna.anika meka dapu ubath meke amuthu thread dana ekek ne.....eka hinda film eka balanne nathuwa mukuth kiyanna baha...

    same to you machan!
    සිරාවට උබත් දාන්නේ අමුතු tread නෙ මම කියවලා තියෙනවා නෙ , කොහොම වුනත් මේක උපුටා ගැනීමක් පමණයි !

    මේ film වගේ බලන්නේ නැතුව මුකුත් කියන්න බැහැ.

    මොකද ඔය වගේ ප්‍රශ්නයක් මීට කලින් ජෝ අබේවික්‍රම හොදම නළුවා සම්මානේ දිනා ගත්ත "පුරහද කළුවර" චිත්‍රපටයටත් වුණා! එකෙන් හමුදාවේ අය මානසිකව වැටෙනවා කියලා .....

    නඩුවක් දාලා තමයි ප්‍රසන්න විතානගේ අධ්‍යක්‍ෂකවරයා ඒක ලංකාවේ ප්‍රදර්ශනය කලේ !

    හැබැයි මේ තරම් දරුණු වුනේ නැහැ

    ඒ මම හිතන හැටියට නම් ඒ "පුරහද කළුවර" චිත්‍ර පටියේ ලිංගික දර්ශන තිබුනේ නැති නිසා
    සහ
    ඒ කාලේ රට පාලනය කරපු අයගේ යම් ලිහිල් ප්‍රතිපත්ති නිසා

    ඔය වගේම දෙයක් වුණා විමුක්ති ජයසුන්දරගේ "සුළග එනු පිනිසටත්" එකේ හමුදා සෙබලෙක්ගේ ලිංගික දර්ශන වගයක් තිබුණා

    ඒක තහනම් කලත් මේ කාලේ වගේ ඔය දේශද්‍රෝහීකථා, විදේශ කුමන්ත්‍රණ, දෙමල ඩයස්පෝරා කථා තිබුනේ නැහැ

    NGO සල්ලි කථාව නම් ඒ කාලේත් තිබුණා..


     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඌ බොරුවක් ලිව්වම උඹත් ගොනා වගේ උපුටා ගන්නවද? ඉස්සෙල්ලා ෆිල්ම් එක බලලා වරෙන් බොරුවට නටන් නැතුව

    නටන්නේ මම ද ඔයාද ? උපුටා ගැනීම මගේ අදහසක් වුනත් නැතත් !
    මේ Forum එක ඔයාගේ නම් මම මේ වගේ ඒවා නොදා ඉන්නම්

    2007 මැයි ඉදන් මම හිතුවේ මේ එලකිරිය කියන්නේ අදහස් කථා කරන්න තියෙන තැනක් කියලා,
    සන්වාද කරන්න තියෙන forum ජාතියේ එකක් කියලා.

    එත් දැන් fake ID කාරයෝ වැහි වැහැලා නිසා ......
    පොතක් පතක් කියවන්නේ නැති...
    තමන්ගේ අදහස විතරක් පිළිගන්න...

    සමාජය සමග භෞතික ගැටීමක් නැති ...
    සමාජ ජාල වෙබ් අඩවි වලට කොටු වුනු

    like වලින් comments වලින් වැඩ පෙන්නන

    බාහිර ලෝකයක විවිධ අදහස් දරන මිනිසුන් නැහැ කියලා හිතන

    ඔය වගේ බහුතර අය තමයි අද මෙතන වැඩි පුර රගන්නේ !

    ඒක නිසා යම් අදහසක් ගැන හිතන්නෙ නැතුව කියවන්නේවත් නැතුව ඒ ලියපු හරි උපුටා ගත්ත එකාට කුණු හරුපෙන් බනින උගේ දෙමව්පියන්ට බනින පිරිසක් ඉන්න තැනක් වෙලා ගොඩක් කල්


     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    උබ ඇයි ඉතින් මේ අමාරු වෙලා කෑගහන්නේ..


    අමාරු වෙනවා ! අපේ ආණ්ඩුවට බනින කොට
    ආණ්ඩුව අපේ ! අපි ආණ්ඩුවේ !
    avatar330471_25.gif

    avatar346866_3.gif


    යන්න කිව්ව නිසා ... මම නම් නවතිනවා .....
    මේක Bump කරන්න අනිත් අයටත් බලන්න..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    same to you machan!
    සිරාවට උබත් දාන්නේ අමුතු tread නෙ මම කියවලා තියෙනවා නෙ , කොහොම වුනත් මේක උපුටා ගැනීමක් පමණයි !

    මේ film වගේ බලන්නේ නැතුව මුකුත් කියන්න බැහැ.

    මොකද ඔය වගේ ප්‍රශ්නයක් මීට කලින් ජෝ අබේවික්‍රම හොදම නළුවා සම්මානේ දිනා ගත්ත "පුරහද කළුවර" චිත්‍රපටයටත් වුණා! එකෙන් හමුදාවේ අය මානසිකව වැටෙනවා කියලා .....

    නඩුවක් දාලා තමයි ප්‍රසන්න විතානගේ අධ්‍යක්‍ෂකවරයා ඒක ලංකාවේ ප්‍රදර්ශනය කලේ !

    හැබැයි මේ තරම් දරුණු වුනේ නැහැ

    ඒ මම හිතන හැටියට නම් ඒ "පුරහද කළුවර" චිත්‍ර පටියේ ලිංගික දර්ශන තිබුනේ නැති නිසා
    සහ
    ඒ කාලේ රට පාලනය කරපු අයගේ යම් ලිහිල් ප්‍රතිපත්ති නිසා

    ඔය වගේම දෙයක් වුණා විමුක්ති ජයසුන්දරගේ "සුළග එනු පිනිසටත්" එකේ හමුදා සෙබලෙක්ගේ ලිංගික දර්ශන වගයක් තිබුණා

    ඒක තහනම් කලත් මේ කාලේ වගේ ඔය දේශද්‍රෝහීකථා, විදේශ කුමන්ත්‍රණ, දෙමල ඩයස්පෝරා කථා තිබුනේ නැහැ

    NGO සල්ලි කථාව නම් ඒ කාලේත් තිබුණා..



    මට නම් කියන්ඩ තියෙන්නෙ රනවිරුවන්ගෙ නිරුවත ලොකොට පෙන්නන්ඩ යන්නෙ මොකද මේ කාලකන්නි.ඔයිට හොදයිනෙ කරපු කැප්යිම අල්ලල ඔය චිත්තර පටේ කොරානන්.එහෙමත් නැත්තන් සටන් දාල රම්බො වගෙ ෆිල්ම් එකක්කොරානන්.

    ලන්කාවෙ මිනිස්සු කමති රණවිරුවෙක් මොකෙක් හරි කෙල්ලෙක් එක්ක බුදියන ෆිල්ම් එකක් බලන්ඩද නැත්තන් රටට කරපු මෙහෙය ගැන ෆිල්ම් එකක් බලන්ඩද.රණවිරුව කරපු සැබැ කැපයිම අල්ලල ෆිල්ම් කරත් ඔය බල්ලට ඩොලර් හම්බෙන්නෙ නැති හින්දයි ඔය මගුල් හදන්නෙ ඔක තේරුම් ගන්ඩ බොට මොලයක් නත්තන් එක බොලාගෙ අදබාලකම.:angry::angry:

     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අමාරු වෙනවා ! අපේ ආණ්ඩුවට බනින කොට
    ආණ්ඩුව අපේ ! අපි ආණ්ඩුවේ !
    avatar330471_25.gif

    avatar346866_3.gif


    යන්න කිව්ව නිසා ... මම නම් නවතිනවා .....
    මේක Bump කරන්න අනිත් අයටත් බලන්න..[/COLOR]
    [/SIZE]


    කොටින්ට කඩේ නොගියහම කොහොමද යකෝ ඌ ආණ්ඩුවේ එකෙක් වෙන්නේ?..නිකන් බොර දියේ මාළු නොබා හිටු..උබ කවුද උබ කාටද කඩේ යන්නේ කියලා උබේ පරණ thread වලින් කියන්න පුළුවන්.දැන් ඒ පාර ඉගිලෙන මාළුවෙක් අල්ලගෙන උඩ පනිනවා..පර කොටියා..උන්ට support කරනවානම් එක කෙලින්ම කියපන් නපුන්සක thread නොදා..:angry: