ඉගිලෙන්න_ඇයි_දඟලන්නේ

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
විලිලැජ්ජාවෙ සංතෝසෙ බෑ
Jim-Carey_Excited.gif
 

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
අපේ රටේ “ක්‍රියාදාම“ යනුවෙන් වර්ගීකරණය කරන චිත්‍රපට මා නම් වර්ගීකරණය කරන්නේ “හාස්‍යෙයා්ත්පාදක“ චිත්‍රපට ගනයට ය.
පවුලේ සැමට යයි කියන ෆැමිලි මූවීස් මා වර්ග කරන්නේ සල්ලි ගෙවා නිදා ගැනීමට අවස්ථාව සලසන චිත්‍රපට ලෙසටය.
අපේ හාස්‍යෙයා්ත්පාදක චිත්‍රපට බැලීමට නම් තවත් අයෙක් රැගෙන යා යුතුය. ඒ ඌට කියා කිචි කවා ගැනීමටය.

සම්භාව්‍ය මට්ටමේ සමහර චිත්‍රපට නම් අපේ යහපත් බව නොකියා බැරිය.
අපේ වාණිජ සිනමාව නම්..........:angry::angry::angry:
අපේ වානිජ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සුදුසු වන්නේ ගොරවමින් වහින වෙලාවට ටී10 කූරක් අතට දී එළියට තල්ලු කිරිමට ය.

ඔව් සම්භාව්‍ය මට්ටමේ සමහර චිත්‍රපටි නම් තියෙනව පට්ට. ඹබර වලල්ල එහෙම සුපිරිම ෆිල්ම් එක.
 

uditha224

Well-known member
  • idakin oya අර්ජුන් කමලනාත් kiyana eka mata peena baa,, act karanna baa uuta,, joker kenekta nan hoda ..

    ඌට ඒකත් බෑ බං, :dull: ඌට හොඳ නිදාගෙන ඉන්න මනුස්සයෙකුගේ චරිතයක් තමයි, :rolleyes: කරන්න දෙයක් නෑ නේ... නිදාගෙන ඉන්න විතරයි තියෙන්නේ... :D
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ලංකාවේ තම හරියට Action type film එකක් වෙලා නැහැ. ඕවා නිකන් කරන්න බැහැ ඉගනගෙන කැපවෙලා අලුත් විදිහට හිතලා කරන්න ඕන දේවල්. මුන්ට පිස්සු.
    Drama type films නම් හොද ඒවා තියෙනවා ඕන තරම් ලංකාවේ. VFX අතින් ගත්තොත් මාතා film එක යමක් කරා. හැබැයි අඩු පාඩු නැතුවමත් නෙමෙයි. ළමා චිත්‍රපටි කියලා හදුනා ඒවාත් ගන්න දෙයක් නැහැ. සුරිය අරණ නම් ටිකක් හොදයි. එහෙම හිතෙන්නෙත් අර පොඩිඋන් ගේ රගපම නිසා නෙමෙයි. වැද්දට රගපාන ජැක්සන් කරන චරිතය සහ ඔහුට තිබුන දෙබස් වල තිබුණු ගුණාත්මක බව නිසා.

    අපේ රටේ බහුතරයක් ඉන්නේ.
    නළු නිලියෝ makeup කරන අතර තුර පිටපත් ලියලා පාඩම් කරලා රගපාන්න කියන පිටපත් රචකයෝ.
    Cameraman නළුවෝ හසුරුවන වැඩේ බාරදීලා පැත්තකට වෙලා ඉන්න අධ්‍යක්ෂකලා.
    කිසිම පෙර සුදානමක් නැතුව අප්පා බානවා වගේ රගපාන්න අඩන නළු නිලියෝ.

    උඩ කිවුව උන්ට තැනක් නැතිඋනා දවසට ලංකාවේ සිනමාව හොද අතකට හැරෙයි.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලංකාවේ තම හරියට Action type film එකක් වෙලා නැහැ. ඕවා නිකන් කරන්න බැහැ ඉගනගෙන කැපවෙලා අලුත් විදිහට හිතලා කරන්න ඕන දේවල්. මුන්ට පිස්සු.
    Drama type films නම් හොද ඒවා තියෙනවා ඕන තරම් ලංකාවේ. VFX අතින් ගත්තොත් මාතා film එක යමක් කරා. හැබැයි අඩු පාඩු නැතුවමත් නෙමෙයි. ළමා චිත්‍රපටි කියලා හදුනා ඒවාත් ගන්න දෙයක් නැහැ. සුරිය අරණ නම් ටිකක් හොදයි. එහෙම හිතෙන්නෙත් අර පොඩිඋන් ගේ රගපම නිසා නෙමෙයි. වැද්දට රගපාන ජැක්සන් කරන චරිතය සහ ඔහුට තිබුන දෙබස් වල තිබුණු ගුණාත්මක බව නිසා.

    අපේ රටේ බහුතරයක් ඉන්නේ.
    නළු නිලියෝ makeup කරන අතර තුර පිටපත් ලියලා පාඩම් කරලා රගපාන්න කියන පිටපත් රචකයෝ.
    Cameraman නළුවෝ හසුරුවන වැඩේ බාරදීලා පැත්තකට වෙලා ඉන්න අධ්‍යක්ෂකලා.
    කිසිම පෙර සුදානමක් නැතුව අප්පා බානවා වගේ රගපාන්න අඩන නළු නිලියෝ.

    උඩ කිවුව උන්ට තැනක් නැතිඋනා දවසට ලංකාවේ සිනමාව හොද අතකට හැරෙයි.



    ඇයි බං බුඩී ගේ මාතා ෆිල්ම් එක..ඒක කරලා කෝටි 10ක් පාඩු උනාලු..පව් වැඩේ බුඩියා..



     
    Last edited:

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ඇයි බං බුඩී ගේ මාතා ෆිල්ම් එක..ඒක කරලා කෝටි 10ක් පාඩු උනාලු..පව් වැඩේ බුඩියා..




    මාතා film එකට මම වැරද්දක් කියලා නැහැ සහෝ. එකට සම්පුර්ණවම action film එකක් නොවෙනවා වගේ නේද? ඒක documentary, adventure කියන catogery වලටත් දන්නා පුළුවන් වගේ නිසා මම එක ගැන එහෙම කතා කලේ නැත්තේ.

    බුඩි කියන්නේ Practical Visual Effects කියන එක හොදටම use කරන අධ්‍යක්ෂක කෙනෙක්, මාතා පැත්තකට දාමුකෝ, එක තාක්ෂනය ලංකාවේ සාමාන්‍ය තරමකටවත් තියෙන කලේ කරපු එකක්නේ .මිල්ල සොයා film එකේ බෝම්බයක් පුපුරන seen එකයි. ගෑස් එකක් ද කොහෙද පුපුරලා පැලක් ගිනි ගන්න seen එකක් තියෙනවා. ඒ සීන් හදලා තියෙන විදිහ සුපිරි.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඒ උනාට මුගෙ පඩ ටෝක්ස් ටික බලපන්කො....


    arjun3.jpg


    අපි කළොත් විතරද වැරදි
    ඉගිල්ලේන්න ඇයි දඟලන්නේ ගැන අර්ජුන් කතා කරයි

    මේ වැඩේදී ගොඩක්‌ අය පොලු තිබ්බා

    "ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ" චිත්‍රපටය මේ දිනවල තිරගත කිරීම් අරඹලා. එය අර්ජුන කමලනාත්ගේ කුළුඳුල් සිනමා නිර්මාණයද වනවා. ආරංචි හැටියට තාරුණ්‍ය ඉලක්‌ක කරගනිමින් තමයි අර්ජුන මේ චිත්‍රපටය නිපදවලා තියෙන්නේ. අප ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු ඔහුගෙන් විමසා සිටියා.

    *මේ චිත්‍රපටය හරහා ඔබේ ඉලක්‌කය?

    පසුගිය කාලේ දිගටම ආවේ රජ කතා, ඉතිහාස කතා, බෞද්ධ කතා, මේවා ආවේ පෝළිමට. යුද්දේ තියෙන කාලෙත් එහෙමයි. එකම දේ බලනකොට මිනිස්‌සුන්ට එපා වෙනව. මේ වාගේ වෙනසකුත් නැහැනේ.

    ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ චිත්‍රපටයේ ඉලක්‌කය වන්නේ වර්තමානය, අනාගතය හා තාරුණ්‍යය, රට බාරගන්න ඉන්නේ වර්තමානය, හා අනාගතයයි. ඔවුන්ට තමයි චිත්‍රපට කළ යුත්තේ. ඒ නිසා මේක සීයට සීයක්‌ම අර්ජුන කමලනාත්ගේ සිනමා නිර්මාණයක්‌.

    *මේ කාලේ ලංකාවේ තිරගත වන දෙස්‌ විදෙස්‌ චිත්‍රපටවලට මින් තරගයක්‌ දෙන්න පුළුවන්ද?

    ඇයි බැරි! ඒ ගැන අහන්න සුදුසුම කට්‌ටිය තමයි මගේ චිත්‍රපටය දුවන හෝල්වල මැනේජර්වරුන්. ඒ අය කියන්නේ සමහර චිත්‍රපට දුවන දවස්‌වලට අපි චිත්‍රපටය ඉවර වෙන වෙලාවට ඉන්නේ හැංගිලා කියලා. මොකද මිනිස්‌සු බැණලලු යන්ගේ මේ සල්ලිවලින් මීට වඩා හොඳයි ආප්ප කෑවනම් කියලා. මගේ චිත්‍රපටයට මේ වෙනකම් කවුරුවත් එහෙම බැණල නැහැ. ඇත්තම කතාව තමයි චිත්‍රපටයක විඳින්න දෙයක්‌ නැත්නම් කවුද ඒක ගැන හොඳ කියන්නේ. එහෙම ඒව අන්තිම අසාර්ථකයි.

    *ඔබ චිත්‍රපටය සඳහා කාන්තා රුව අනවශ්‍ය ලෙස භාවිත කළ බවට කතාවක්‌ තියෙනවා?

    මේක කාගෙවත් කොපියක්‌ නෙමෙයි. හැඟීම් දැනීම් තියෙන ඕනම කෙනෙකුට බලලා රස විඳින්න පුළුවන්. එහෙම දෙයක්‌ තියෙනව නම් ඒ වගකීම මම බාර ගන්නවා. ත්‍රාසය, ආදරය, තාරුණ්‍යය කියන හැමදේම මෙතන තියෙනවා.

    *නමුත් මෙහි තිබෙන හැම රූපරාමුවක්‌ම චිත්‍රපටයට අදාළම ඒවද?

    මේ චිත්‍රපටය ලංකාවේ දැන් තිරගත වන හින්දි චිත්‍රපටවලට තරගයක්‌ දෙන්න පුළුවන් මට්‌ටමේ තියෙනවා කියන එක තමයි මගේ හැඟීම. හින්දි චිත්‍රපටවල තිබෙන දර්ශන තලවලට සමාන දර්ශන තල, ඒවගේ රූපරාමු ඇඳුම් පැළඳුම් විතරක්‌ නෙමෙයි ඒවාගේ භාවිතා කරන අඩ නිරුවතට පවා අපේ මට්‌ටමෙන් යන්න පුළුවන් උපරිම මට්‌ටමට මම මේ චිත්‍රපටයෙන් ගියා.

    දැන් අඩ නිරුවත කියන දෙය එතරම් දෙයක්‌ නොවෙයි. ටී. වී. නාලිකාවල යන චිත්‍රපට හැම එකකම අපිට වඩා හොඳට මේව තියෙනවා. සිංදුවල විෂුවල් ගත්තත් එහෙමයි. ඉතින් අපි කළොත් විතරද වැරැදි. ඒ ඒ දර්ශනවලට ඒ ඒ ඇඳුම් අවශ්‍යනම් ඒව දෙන්න ඕන. ආචාරශීලී වෙන්න ඕන කියලා ස්‌විමින් ෆුල්වලට ළමාසාරි අන්දවල බස්‌සන්න බැහැනේ. මේක තරගකාරී ලෝකයක්‌.

    *මේ නිළියන්ට රඟපාන්න පුළුවන්ද?

    සමහර අයට රඟපෑම ගැන මෙලෝ හසරක දැනුමක්‌ තිබුණේ නැහැ. මට ඒක ප්‍රශ්නයක්‌ වුණේ නැහැ. මට ඕන වුණේ විවිධත්වයකින් යුතු චරිත පහක්‌ තෝරගන්න. ඒ අය නිසියාකාරව හසුරුවා ගැනීම මගේ වගකීම. ඔවුන්ගේ රඟපෑම් හොඳද නරකද කියල බලපු අයට අවංකවම හිතෙනවා ඇති.

    *ඔබම තිර රචනය කරල, අධ්‍යක්‍ෂණය කරල ඔබම රඟපාන වැඩේ සාර්ථකද?

    යසපාලිත නානායක්‌කාර, දයා විමලවීර, ලෙනින් මොරායස්‌ වගේ ප්‍රවීණයොත් බොහෝ දුරට තමන්ගේ චිත්‍රපටවලට මේ වගේ දායක වෙලා තියෙනවා. මම හිතන්නේ තමන්ගේ දේ ගැන තමන්ට වඩා දැනෙන වෙන කෙනෙක්‌ නැහැ. ගොඩක්‌ අය බලන්නේ අපිව කපලම දාන්න. ඒ නිසයි අපිටත් දෙයක්‌ කරන්න පුළුවන් කියලා පෙන්නන්න මේ චිත්‍රපටය කරල පෙන්නුවේ. මට ගොඩක්‌ කැපිලි කෙටිලි ආවා. වැඩේදි ගොඩක්‌ අය පොල්ල තිබ්බා. ඒත් වැටුණෙ නැහැ.

    රවී
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    මම දන්න විදියට අපිට හැන්ඩි කෑම් එකක් අරන් කුකුල් කොටුවක් shoot කලත් මීට වඩා හොද film එකක් හදන්න පුළුවන්.
     
    • Like
    Reactions: Agent 007