ඉඟුරුවලින් තෙල් හිඳින ගොරකවලින් ඇඟ කෙට්‌

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,482
    47,575
    113
    ඉඟුරුවලින් තෙල් හිඳින ගොරකවලින් ඇඟ කෙට්‌

    මගදී හමුවූ මිනිස්‌සු - 01

    ඉඟුරුවලින් තෙල් හිඳින ගොරකවලින් ඇඟ කෙට්‌ටු කරවන කහවලින් පිළිකා නාශක තනන කොස්‌ගොඩ ඩී. ඒ. පෙරේරා


    මටමුල් වරට ඔහු හමුවන්නේ මෙයට දෙමසකට පෙර ජර්මනියේ සිට හිට්‌ලර්ගේ ගම වූ ඔස්‌ටි්‍රයාව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක්‌ තුළදී, පොළොවෙන් අඩි 26000 ක්‌ ඉහළ අහසේදී ය. එකම ගමනාන්තයක්‌ බලා යමින් සිටි අපි ගුවන් යානයේ එක ළඟ අසුන්වල හිඳ සිටියෙමු. උස මහත තළෙළු කයක්‌ සහ තියුණු දැසක්‌ ඇති ඔහු ඉන්දියානුවෙකු බව මම මුලින්ම කල්පනා කළෙමි. එහෙත් හිටි හැටියේ ම මා දෙස බැලූ ඔහු මා ලංකාවෙන් දැයි ඉංග්‍රීසියෙන් ප්‍රශ්න කළේය.

    මහත් සතුටට පත් මම ''ඔව්'' යෑයි කීවෙමි. "මම කොස්‌ගොඩ ඩී. ඒ. පෙරේරා" ඔහු මගේ අත සියතින් ගනිමින් කීවේය. "මේ වගේ ගමනකදී ලංකාවෙ කෙනෙක්‌ මුණගැහෙන එක මොනතරම් සතුටක්‌ද?"

    5-2.jpg

    එතැන් සිට මම ඔහු සමඟ බොහෝ දේවල් කතා කළෙමු. ඔහු World Spice Congss හෙවත් කුළුබඩු නිෂ්පාදනය කරන රටවල ජාත්‍යන්තර සංගමයේ සභාපති ලෙස පුරා අවුරුදු හතරක්‌ වැඩ කළ කීර්තිමත් ශ්‍රී ලාංකිකයා බව මට දැන ගත හැකි විය. මා ඔස්‌ටි්‍රයාවේ වියනා ගුවන් තොටුපළේදී ඔහුගෙන් වෙන්ව ගියේ ලංකාවේදී යළි හමුවන පොරොන්දුව ඇතිවය.

    පොරොන්දු වූ පරිදි සති කිහිපයකට පසු ඩී. ඒ. පෙරේරාත් මමත් ලංකාවේදී හමු වූයෙමු. ඒ පිළියන්දල කැස්‌බෑව කිට්‌ටුව පිහිටි ඔහු සතු කර්මාන්ත ශාලාවකදී ය. මට එදා හිතුන හැටියට මුළු මහත් දකුණු ආසියාවටම අවශ්‍ය කුරුඳු තෙල්, ගම්මිරිස්‌ තෙල්, සාදික්‌කා තෙල්, ඉඟුරු තෙල් ඇතුළු වාෂ්පශීලී සුවඳ තෙල් (essential oil) නිපදවන දේශීය කර්මාන්තකරුවා ඔහුය. ඔහු කෙරෙහි කිසිදු තැකීමක්‌ හෝ ඇගයීමක්‌ නොකළ ද හැම ආණ්‌ඩුවක්‌ම ඔහු මෙරටට ගෙනෙන සුවිශාල විදේශ විනිමය කිසිදු පැකිලීමකින් තොරව පාවිච්චි කරන්නට ඇති බව ද මට හැඟිනි. ඉතා සුළු තලයෙන් ජීවිතය පටන් ගෙන අද ජාත්‍යන්තර වෙළෙඳ ලෝකයේ තාරකාවක්‌ ලෙස දිලෙන නමුදු ඔහු තවමත් ඉතාම සරල ගැමියෙකු ලෙස ජීවත් වන්නට ප්‍රිය කරයි. ඔහුගේ කාර්යාලයේ මේසය මත ජාත්‍යන්තර සම්මාන රැසක්‌ තිබේ. සිය ව්‍යාපාරවල ඊළඟ පරම්පරාව ලෙස පුහුණු කෙරෙන, බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලැබූ පුතා ද පසෙකින් තබාගෙන ඩී. ඒ. පෙරේරා සිය ජීවිතය ගැන මට කී කතාව මෙසේයá

    "මගේ ගම කොස්‌ගොඩ. මගේ පරම්පරාව කුරුඳු වැවීම සහ තෙල් සිඳීම යන කර්මාන්තවල අවුරුදු තුන්සියයක්‌ පමණ නිරත වෙලා තිබෙනවා. මගේ තාත්තා එක්‌ යුගයක මේ රටේ හිටපු ලොකුම කුරුඳු ව්‍යාපාරිකයා. තාත්තා කුරුඳු තෙල් සියතින් හිඳපු කෙනෙක්‌. තාත්තාට තිබුණා කුරුඳු තෙල් හිඳින්න හදපු තඹ කල්දේරන් 6 ක්‌. මේවා ගමේ කම්මලේදී ගමේම කම්මල්කාරයා හදපු කල්දේරම්. කුරුඳු රාත්තල් 50 ක්‌ විතර මේ එක කල්දේරමකට දාලා තෙල් හිඳින්න පුළුවන්. අම්මාගේ පවුලත් කුරුඳු තෙල් ව්‍යාපාරය කළා. කොහොම නමුත් පසු කාලය වන විට මගේ මවුපියන්ට තඹ කල්දේරන් හැට ගණනක්‌ තිබුණා. ඒ කාලයේ හැටියට ඒක ලොකු ප්‍රමාණයක්‌. අපේ පවුලට තිබුණා කුරුඳු තෙල් හිඳින්න විශේෂ තාක්‍ෂණයකුත්."

    දෙමාපියන් සහ සේවකයන් කුරුඳු තෙල් හිඳින ආකාරය එවකට ළමයකුව සිටි ඩී. ඒ. පෙරේරාට තවමත් මතකය. "කුරුඳුයි වතුරයි කල්දේරමකට දමල ඒක කල්දේරම් ලිප කියන විශේෂ ලිප උඩ තියල කල්දේරම සීල් කරනවා. ඊට

    පස්‌සේ ගින්දර දමනවා. මේ කල්දේරම ඇතුළෙන් පිටතට එන බටයක්‌ මගින් ආසවන ක්‍රියාවලියක්‌ ඇති වෙනවා. තෙල් හිඳෙන්නේ එහෙමයි......" ඔහු කියයි.

    තරුණ වියට පත් ඩී. ඒ. පෙරේරා උසස්‌ පෙළ ඉතා හොඳින් සමත්ව කාර්මික විද්‍යාලයෙන් පාඨමාලාවක්‌ හදාරා ගණිත ගුරුවරයකු ලෙස රජයේ පාසලක ගුරු පත්වීමක්‌ ලබා ගත්තේය. ඒ 1972 දී ය. ඔහු ඉගැන්වූ පාසල තිබුණේ රත්මලානේ ය. 1980 ජූලි වර්ජනය සිදුවන අවස්‌ථාවේදී ඔහු සිටියේ මහරගම ගුරු විද්‍යාලයේ ය. ජූලි වර්ජනයේ දී ඡේ. ආර්. ජයවර්ධනගෙන් මෙරට වෘත්තීය සමිතිවලට ලැබුණේ දරුණු පහරකි. මේ වර්ජනයේදී මහරගම ගුරු විද්‍යාලය තුළ හටගත් දෙදැරීම සමනය කර ගැනීම සඳහා නිර්පාක්‍ෂික සභාපතිවරයකු පත් කර ගැනීමට එම විද්‍යාලයේ ශිෂ්‍ය සංගමය තීරණය කළේය. පැය 24 ක්‌ තුළ ඩී. ඒ. පෙරේරා නිතරගයෙන් ඒ තනතුරට පත් විය. මේ කාලය වන විට ඔහු විවාහ වෙලාය. කොතරම් අධ්‍යාපනික වැඩ කළත්, කොතරම් වෘත්තීය සමිති වැඩ කළත් ඔහුගේ හිත තිබුණේ කුරුඳු කර්මාන්තය ළඟය. එබැවින් අවුරුදු 17 ක ගුරු සේවයෙන් පසු වයස 37 දී ඉන් ඉවත් වූ ඔහු සිය බිරිය සමඟ එක්‌ව කුරුඳු තෙල් හිඳීම සඳහා තමන් පදිංචි ගෙයි පැත්තක පුංචි වැඩපළක්‌ පටන් ගත්තේය.

    "ඒ කාලේ කුරුඳු තෙල් අවුන්සයක්‌ රුපියල් 35 ක්‌ විතර වුණා. ඒ කියන්නේ දල වශයෙන් බැලුවම කුරුඳු තෙල් කිලෝව රුපියල් 1000 ක්‌ විතර තමයි වුණේ. අද අපෙන් පිටරට යවන කුරුඳු තෙල් කිලෝව රුපියල් 45000 පන්නල විකිණෙනවා. මේවා විදේශ විනිමය හැටියට ලංකාවට එනවා." ඔහු කියයි.

    5-3.jpg

    ඔහු තම බිරිය හා එක්‌ව පුංචි වැඩපළ තුළ තෙල් හිඳින්නට පටන් ගත්තේ සම්ප්‍රදායී ක්‍රමයට නව යාන්ත්‍රික මුහුණුවරක්‌ ලැබෙන කල්දේරම් ලිපක්‌ මගිනි. ඔහුගේ පියා මුලදී ඒ ක්‍රමයට විරුද්ධ වුවද ක්‍රමය හරියට සාර්ථක වූවා පමණක්‌ නොව ඒ මගින් සිඳ ගත හැකි තෙල් ප්‍රමාණය ද වැඩි විය. අන්තිමේදී තුන්මසක ඇවෑමෙන් තමන්ටම කියා වාහනයක්‌ ගන්නටත් ඔහුට හැකි විය. එතැනින් නොනැවතුන ඔහු කුරුඳු පමණක්‌ නොව කරාබු, එනසාල්, ගම්මිරිස්‌, සාදික්‌කා ඇතුළු ලංකාවෙන් සොයාගත හැකි හැම කුළු බඩු වර්ගයකම තෙල් හිඳින්නට විය. ඉන් පසු ඔහු ඉඟුරු තෙල් හිඳීමට පටන් ගත්තේය. මෙය එතෙක්‌ නොතිබූ අලුත් අත්දැකීමකි. පළමු වසරේදී පෙරේරා යුවළගේ කුළුබඩු තෙල් ආදායම රුපියල් දෙලක්‍ෂ තිස්‌පන්දහසකි. අද ඔහුගේ කර්මාන්ත ශාලාව මසකට රුපියල් මිලියන 1000 කට එහා පැත්තේ ආදායමක්‌ මෙකී වාෂ්පශීලී කුළුබඩු තෙල්වලින් උපයයි. ඒ සියල්ලම යන්නේ පිටරටටය. මේ සඳහා කිසිදු හොර බොරුවක්‌ නැතිව ආණ්‌ඩුවට බදු ගෙවන ඔහු ඒ ගැන ආඩම්බරය. 'අපි ළඟ පොත් සෙට්‌ 2 ක්‌ නෑ. තියෙන්නේ එක ගිණුම් පොත් සෙට්‌ එකයි. ඒක හරියටම ගෙවනවා...."

    වසර 2000 වූ කලී ලෝකයේ ආහාර විලාසිතාව වෙනස්‌ වූ අවුරුද්දකි. කෘත්‍රිම රසායනික පොහොරවලට විරුද්ධව ලෝක ව්‍යාප්ත ව්‍යාපාරයක්‌ මේ වසරේ දියත් වූ අතර යුරෝපයේ සිටින ධනවත් රටවල් වැඩි හරිය කාබනික පොහොර යොදා නිපදවන ආහාර ඉල්ලන්ට වූහ. මේ නිසා 2000 දී ආ ඉල්ලුමට ඩී. ඒ. පෙරේරා සූදානම් වූයේ 1998 සිටය. ඔහු දැදිගම ගම්මානයක්‌ තෝරාගෙන එහි අක්‌කර 3000 ක කාබනික පොහොර යොදා යෝධ කුළුබඩු ඉන්දන්නට පටන් ගත්තේය. ගමේ සිටින සියලු ජනයා මේ යෝධ ගොවිපළේ ශ්‍රමිකයන් මෙන්ම කොටස්‌කාරයෝ ද වූහ. ගොවියා නිපදවන කුළුබඩු ඩී. ඒ. පෙරේරාගේ EධAS ධරට්‌බසජි (ඡඪඔ) ඛඑd සමාගම මගින් ඉහළ මුදලකට ලබා ගත්තේය. මෙය අදටත් සිදුවෙමින් පවතින කදිම ව්‍යාපාරයකි. ගමට අවශ්‍ය කාබනික පොහොර හදන්නේ ගම තුළමය. ඒ සඳහා උපදෙස්‌ සහ ආධාර නොමිලයේ සැපයීම සිදු කරන්නේ EධAS සමාගමේ විශේෂඥයන් විසිනි. "අපි මේ ගම්මානයෙන් ලබා ගන්න හැම කුළු බඩු කිලෝවකටම පිටරටින් අමතර මුදලක්‌ අරගෙන ගමේ ගොවි සංවිධානයට ගෙවනවා. ගොවි සංවිධානය ගමේ දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි කටයුතු සඳහා ඒ මුදල් වැය කරනවා." ඔහු කියන්නේය.

    කාබනික පොහොර යොදා නිපදවූ කුළුබඩු වලින් තෙල් හිඳින එකම ආසියානු කර්මාන්තකාරයා බවට පත්ව සිටින්නේ ද ඩී. ඒ. පෙරේරා ය. එසේම ශරීරයේ අනවශ්‍ය ස්‌ථුලභාවය නැති කරන ඖෂධයක්‌ ගොරකවලින් නිපදවා ඔහු වාර්තාවක්‌ ද තබා ඇත. රුපියල් මිලියන 100 ක්‌ පමණ වැය කර ඉදිකළ සකලාංග සම්පූර්ණ විද්‍යා පර්යේෂණාගාරයක්‌ ඔහුගේ සමාගම සතුව තිබේ. එසේම ශරීරයේ ඕනෑම වේදනාවක්‌ සැනෙකින් සුව කළ හැකි අපූරු ඖෂධීය තෙලක්‌ ද ඔහු නිපදවා ඇත. මේවා සෑදීමට ලොව කිසිදු රටකින් අමුද්‍රව්‍ය නොගෙනෙන අතර ලංකාවේ සෑදූ 100% ක්‌ කාබනික පොහොර යෙදූ ශාක ද්‍රව්‍ය සහ වාෂ්පශීලී තෙල් යොදා මේවා සකස්‌ කරනු ලැබේ. මෙවැනි නිපැයුම් 50 ක්‌ පමණ ඔහු පිටරටවලට අපනයනය කරයි. මේ වන විට ඔහු තම ව්‍යාපාරය වෙනුවෙන් ඩොලර් කෝටියකට වඩා ආයෝජනය කර ඇත. ඒ ඩොලර් සියල්ලම පිටරටවලට කුළුබඩු තෙල් යවා ඔහු විසින් ම උපයන ලද මුදල් ය.

    "ඉදිරියට අපි වැඩ කරන්න යන්නේ පර්යේෂණාත්මක සහ ගවේෂණාත්මක සමාගමක්‌ විදියට." ඩී. ඒ. පෙරේරා කියයි. "අපි දැනටමත් පර්යේෂණ කරලා කහ වලින් නිෂ්පාදනය කරලා තිබෙනවා පිළිකාව නැති කරන ඖෂධයක්‌. මේක මට හිතෙන්නේ කවදා හරි මේ ලෝකයේ විශිෂ්ට ඖෂධයක්‌ වේවි. කහ කියන්නේ හරිම ලාභ දෙයක්‌. නැනෝ තාක්‍ෂණය හරහා තමයි අපි මේ පිළිකා නාශකය නිෂ්පාදනය කළේ...."

    දවස අවසානයේදී ඩී. ඒ. පෙරේරා යනු ඉතා තෘප්තිමත් පුද්ගලයෙකි. ඔහුගේ ධන පරිත්‍යාගයෙන් ගොඩගිය සම්පූර්ණ ගම්මාන පවා මේ රටේ තිබේ. ඒ ගැන ඔහු අපට කිසිත් නොකියයි. ඔහු ජාතියේ උපරිම සම්මානයට පාත්‍ර නොවන්නේ මන්ද යන්න මට ගැටලුවකි.




    අනුර සොලමන්ස්‌
    දිවයින
     
    • Like
    Reactions: lahirufx+

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Motivating ... inspiriting .....
    Patat article eka ...patta manussayek ... patta viyaparikayek..

    Thanks OP