ඉඟුරු බොහෝ රෝගවලට සුවය!

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඉඟුරු බොහෝ රෝගවලට සුවය!

    එදිනෙදා ජීවිතයේදී අපට හම්බෙන සුලබ ද්‍රව්‍යක් තමයි ඉඟුරු. ඉඟුරු ආහාර රස ගැන්වීමට භාවිත කරන කුළු බඩුවක් විතරක්ම නෙවෙයි. ඔෟෂධයක් ලෙසත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී භාවිත කරනවා.

    ඒ වගේම ඉඟුරු දෝසි වගේ රස කැවිලි හදන්නත්, මස් මාළු වැනි ආහාර නරක් නොවී තබා ගන්නත් එදිනෙදා ජීවිතයේදී ඉඟුරු අපිට අත්‍යවශ්‍ය වෙනවා.
    නමුත් ගෙදර ‍ෙදාරේ සුලභව තියෙන ඉඟුරු භාවිත කරලා බොහෝ රෝගවලට සුවය ලබාගන්න පුළුවන් විදිය ගැන ඔබ දැනගෙන හිටියද? ඒ ගැන අපට කියන්න එකතු වුණේ කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාජගිරියේ පිහිටා ඇති දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය එස්.කේ.එම්.කේ. හැරපත්දෙණිය මහත්මිය. ඇය ඉඟුරුවලින් බෙහෙත් හදාගන්න විදිය ගැන අපට පැහැදිලි කළාය.

    ඉඟුªරු අයිති වෙන්නේ ඛඪදඨඪඡඥපඥජඥචඥ කියන කුලයට. මේක ආයුර්වේදයේදී අයිති වෙන්නේ හරිද්‍රා කුලයට. ඉඟුරු සඳහා විවිධ නම් ආයුර්වේදයේදී භාවිත කරනවා. ආයුර්වේදයේදී හැම දේටම අවශ්‍ය ද්‍රව්‍යයක් නිසා ඉඟුරුවලට විශ්ව කියනවා. ඒ වගේම සියලුම ඔෟෂධ අතරින් ප්‍රධාන ඔෟෂධය ලෙස ඉඟුරු සලකන නිසා මහෞෂධ කියන නමත් ඉඟුරුවලට භාවිත කරනවා. මීට අමතරව ශුන්ටි (වියළි ඉඟුරු) ආදෘත (අමු ඉඟුරු) වැනි නමුත් ආයුර්වේදයේ දී භාවිත කරනවා.

    ඉඟුරු ශාකය හැදෙන්නේ පුංචි පඳුරක් විදියට. මෙම ශාකයේ ප්‍රයෝජනයට ගන්නේ කඳ කොටස. මේක අමුවෙන් වගේම වියළි අවස්ථාවේදීත් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඉඟුරුවල ඇති රසායනික සංයුතියට කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, පොටෑසියම්, පොස්පරස් හා විටමින් ඒ,ඕ,ඛ් සුළු ප්‍රමාණයකුත් අඩංගුයි.

    ඉඟුරුවලටම ආවේණික වූ රසයක් හා සුවඳක් තියෙනවා. ආවේණික සුවඳ හා රසයට හේතුව ඒකෙ තියෙන විශේෂ භෂ්මශීලී ගතිය. ඒ වගේම ඉඟුරුවල තියෙනවා අමුතු සැර ගතියක්. ර්ණීතඥඪධපඥඵඪද කියන ද්‍රව්‍ය නිසා තමයි ඒකට අමුතු සැර ගතිය ලැබෙන්නේ.
    හැරපත්දෙණිය මහත්මිය කියන ආකාරයට ඉඟුරුවලින් ප්‍රයෝජන ගණනාවක් අපට ගන්න පුළුවන්. අපිට එදිනෙදා ජීවිතයේදී වැලඳෙන රෝගවලට ඉඟුරුවලින් සාදාගන්න පුළුවන්.

    "ඇත්තටම ඉඟුරු අපි විවිධ විදියට ප්‍රයෝජනයට ගන්නවා. ඉඟුරු ආයුර්වේද
    ඔෟෂධවල, චූර්ණවල අඩංගුයි. ඒ වගේම ගුළි, කල්ක, කෂාය මේ සියලු දේවලත් ඉඟුරු අඩංගු වෙනවා. එමෙන්ම නවරත්න තෛලය, බුද්ධරාජ තෛලය, සිද්ධාර්ථ තෛලය, පංචක කෂාය වගේ ඔෟෂධ බෙහොමයකත් ඉඟුරු අඩංගුයි.

    අපිට ඉඟුරු ගැන මතක් කරන කොට බොහෝ විට තව ජාති 2ක් මතක් වෙනවා. ඒ තමා තිප්පිලි හා ගම්මිරිස්. ඉඟුරු, තිප්පිලි, ගම්මිරිස් යන ජාති තුන තමයි එකට යන්නේ. මේ තුන එකතු වුණාම අපි ආයුර්වේදයේදී කියනවා ත්‍රිඋෂ්ණ කියලා. මේක තිකුලු කියලත් හඳුන්වනවා. මේ ද්‍රව්‍ය තුන එකට ගත්තහම කටට දැනෙන සැරගතිය නිසා තමයි මේ නම්වලින් හඳුන්වන්නේ. ශරීරයේ ඇති වන අජීර්ණය, බඩගිනි අඩුකම, වමනය, අතීසාරය වගේ තත්ත්වවලදී ප්‍රතිකාර කරන්න මේ කාණ්ඩ 3ම නිතරම පාවිච්චි කරනවා.
    තනිකරම ඉඟුරු ගත්තොත් ඒවයේ තියෙනවා වමනය නැති කිරීමේ ගතිය. ඒවට කියනවා චර්දි නාශක ගුණය කියලා. වමනය, ඔක්කාරයට දෙන්න පුළුවන් හොඳ
    ඔෟෂධයක් තමයි ඉඟුරු.

    ගර්භණී අයට මුල් මාස තුන ඇතුළදී වමනය නිතරම ඇතිවෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදි ඉඟුරුවලින් කිසිම අතුරු ප්‍රතිවිපාකයක් නැතුව ප්‍රතිකාරයක් හදාගන්න පුළුවන්. ඉඟුරු කුඩු හැටියට දිනකට ග්‍රෑම් එකක් ප්‍රතිකාර වශයෙන් ගර්භණී කාන්තාවන්ට දෙනව නම් වමනය වගේ තත්ත්වයන් ඇතිවීම නවත්තගන්න පුළුවන්. ඒක තේ එක්ක හරි කැඳ එක්ක හරි දුන්නා කියලා ප්‍රශ්නයක් වෙන්න නැහැ."
    හැරපත්දෙණිය මහත්මිය පවසන පරිදි වේදනා නාශකයක් ලෙසත් ඉඟුරු භාවිත කරන්න පුළුවන්. විශේෂයෙන් සන්දි රෝග හදි රෝගවලදී ඇතිවෙන වේදනාවලට හොඳ ඔෟෂධයක් ලෙස ඉඟුරු භාවිත කරනවා. ඒ සම්බන්ධවත් හැරපත්දෙණිය මහත්මිය අපට පැහැදිලි කළා.

    "ඉඟුරුවල තියෙනවා වේදනා නාශක ගුණය. විශේෂයෙන් සන්ධි රෝග, හදි රෝගවලදී වේදනා නාශකයක් ලෙස ආයුර්වේදයේදී ප්‍රබලව ඉඟුරු භාවිත කරනවා. අමු ඉඟුරු ඇල්වතුරෙන් අදාළ සන්ධිවල ආලේප කරලා පැලැස්තරයක් විදියට භාවිත කරන්න පුළුවන්. ඒ වගේම වේදනාව තියෙන සන්ධිවලට අබතෙල් සමඟ ඉඟුරු කුඩු මිශ්‍ර කරලා ආලේපයක් විදියට භාවිත කිරීමෙන් ඒ ස්ථානවල වේදනාව නැති කරගන්න පුළුවන්.

    බඩේ ඇතිවන අජීර්ණවලටත් ඉඟුරු හොඳ ඔෟෂධයක් ලෙස භාවිත කෙරෙනවා. ඉඟුරු ඉස්ම මී පැණි සමඟ ලබාදීමෙන් අජීර්ණවලට හොඳ ප්‍රතිකාරයක් ලැබෙනවා.
    ඒ වගේම ඉඟුරු හෘදයට ඉතාම හොඳ ඔෟෂධයක්. විවිධ රටවල කරලා තියෙන පර්යේෂණවලින් හොයාගෙන තියෙනවා ඉඟුරුවලින් හෘද පේශි ශක්තිමත් කරන්න පුළුවන් කියලා. ඒ වගේම රුධිරය කැටි ගැසීමේ හැකියාව අඩු කිරීමටත් ඉඟුරු යොදාගත හැකිය කියලා දැනට හොයාගෙන තියෙනවා. ඉඟුරු සුදු ලූනු එක්ක එකතු වුණොත් මේ ක්‍රියාවලිය තවත් වැඩිදියුණු කරගන්න පුළුවන්.

    අපට සාමාන්‍ය ජීවිතයේදී නිතර වැලඳෙන රෝගයක් තමයි ගැස්ට්‍රයිටිස්. (අම්ලපිත්ත රෝගය) මේ රෝගයේදී සිදුවෙන්නේ ආමාශය ඇතුළේ තුවාල ඇතිවෙන එක. ඒ සඳහා ඩ්ඥතඪ ජධඡචජබඥප ර්ථීරතධපඪ කියන බැක්ටීරියාව බලපානවා. මේ බැක්ටීරියාවට එරෙහිව ක්‍රියාත්මක වීමේ හැකියාවද ඉඟුරුවලට තියෙනවා.
    ඉඟුරුයි, තලයි ඒ වගේ දෙගුණයක් උක් හකුරුයි අරගෙන එළකිරිත් එක්ක බීමෙන් ගැස්ට්‍රයිටිස් රෝගයට ඉතා හොඳ බවට දැනට හොයාගෙන තියෙනවා.

    සාමාන්‍ය ජීවිතයේදී ඉඟුරු අපට සුලබව හම්බවෙන ද්‍රව්‍යක් වුණාට එහි තියෙන ඔෟෂධ ගුණය ඉතා ඉහළ බව දැන් ඔබට තේරෙනවා ඇති. හැරපත්දෙණිය මහත්මිය තවදුරටත් පැවැසුවේ ඉඟුරු ඉරුවාරදයට වගේම තව රෝග ගණනාවකට හොඳ ආයුර්වේද ඔෟෂධයක් කියල.

    දිලීර බැක්ටීරියා නාශනය කිරීමේ ගුණයක් ඉඟුරුවල තියෙනවා. ඒ නිසා තමයි ආහාර කල්තබා ගැනීමේ ගුණය තියෙන්නේ. ඉඟුරු භාවිත කිරීමෙන් කෑමවල දිලීර, බැක්ටීරියා හැදෙන්නේ නැහැ. ඒ වගේම ස්නායුවල තියෙන අසාමාන්‍යත්වය හෙවත් ඉරුවාරදයටත් ඉඟුරු ඔෟෂධයක් ලෙස භාවිත කරලා ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

    ඒ වගේ රෝගීන් සඳහා ඉඟුරු, බැබිල මුල්, බෙලි මුල්, කලං හතර ගාණේ අරගෙන හින්දලා කෝප්ප භාගේ ගාණේ උදේ සවස බොන එක ඉතා හොඳයි. ඒ වගේම සෙම බහුල අයට ඉඟුරු ඇල්වතුරෙන් අඹරලා නළලට පැලැස්තරයක් විදියට පාවිච්චි කරන්න පුළුවන්.

    අනුරාධ සැමුවෙල්
    සමිත් මධුරංග
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    [FONT=&quot]ඉඟුරු සතු මහඟු ඖෂධීය ගුණයන්ගෙන් පර්යේෂණාත්මකව ප්‍රත්‍යක්ෂ වූ කිහිපයක් මෙන්න.[/FONT] · [FONT=&quot]රිධිර සංසරනය සුමට කරයි.[/FONT]
    · [FONT=&quot]පණු[/FONT][FONT=&quot]අමාරු[/FONT][FONT=&quot]මැඩලයි[/FONT][FONT=&quot].[/FONT]
    · [FONT=&quot]දිලීර[/FONT][FONT=&quot]නාශකයකි[/FONT]
    · [FONT=&quot]වේදනා[/FONT][FONT=&quot]සමනකාරකයකි[/FONT]
    · [FONT=&quot]ප්‍රති ප්‍රදාහික ගුණාංග සහිතයි[/FONT]
    · [FONT=&quot]පර්යන්ත[/FONT][FONT=&quot]රුධිරවාහිනී[/FONT][FONT=&quot]ඉහිල්[/FONT][FONT=&quot]කරයි[/FONT]
    · [FONT=&quot]ප්‍රතිපූතකයකි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]විෂ[/FONT][FONT=&quot]බීජ[/FONT][FONT=&quot]නාශන[/FONT][FONT=&quot]ගුණය[/FONT][FONT=&quot])[/FONT]
    · [FONT=&quot]රුධිරය[/FONT][FONT=&quot] කැටි[/FONT][FONT=&quot]ගැසීමට උපකාරී වේ.[/FONT]
    · [FONT=&quot]රුධිර[/FONT][FONT=&quot]පීඩනය[/FONT][FONT=&quot]පාලනය[/FONT][FONT=&quot]කරයි[/FONT]
    · [FONT=&quot]දහඩිය[/FONT][FONT=&quot]දැමීම[/FONT][FONT=&quot]වේගවත්[/FONT][FONT=&quot]කරයි[/FONT]
    · [FONT=&quot]පෙනහළු[/FONT][FONT=&quot]සෙම[/FONT][FONT=&quot]ඉවත්[/FONT][FONT=&quot]කරයි[/FONT]
    · [FONT=&quot]ප්‍රතිවෛරස[/FONT][FONT=&quot]ගුණ[/FONT][FONT=&quot]සහිතයි[/FONT]
    · [FONT=&quot]ප්‍රතිජීවක[/FONT][FONT=&quot]යකි[/FONT]
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඖෂධීය වටිනාකම

    නිවර්තන ආසියාවේ බෙහෙවින් වවනු ලබන අඩි 1-1 1/2 පමණ උසැති ශාකයකි. පොළොව යට පිහිටි කඳ සවිමත් ය. එයින් මොටෙයියන් ඇඳේ. කොළ පටු ය. සිනිඳු ය. මල් හටගන්නේ නිපත්‍ර සහිත ශුකීවල ය. මල් කොළ පාටට හුරු ය. ඵලය ස්ඵෝටිකාවකි. ඇට තරමක් විශාල ය. මෙය ඉන්දියාව, චීනය හා අග්නිදිග ආසියාව ආදී රටවල කුළුබඩුවක් ලෙස භාවිත කෙරේ. ඉන්දියාවේ සහ ලංකාවේ මෙය එදිනෙදා ජීවිතයේ දී බෙහෙවින් අවශ්‍ය වන ඖෂධයක් බවට පත්ව ඇත.

    ඖෂධීය වටිනාකම

    ඉඟුරු වියලා ගන්නට පෙර අමු ඉඟුරු නම්න් හැඳින් වේ. වියළුණ පසු සිද්ධිගුරු හෝ වියළි ඉඟුරු ය. අමු ඉගුරු කුළු හෙවත් දිව දවන රසින් යුක්ත ය. ඌෂ්ණ ය. කුසගින්න වැඩි කරයි. ආහාර රුචිය ඇති කරයි. ශූක්‍ර වඩයි. ශ්වාස, වමනය, ඉක්කා, වාත රෝග හා මලබද්දය නසයි. හෘදයට ගුණදායක ය. භෝජනයට පෙර ලුණු හා අමු ඉඟුරු කෑම ඉතා යෝග්‍යයි. කුසගිනි වැඩීම හා ආහාර රුචිය දැඩි කරයි. දිව හා උගුර ශුද්ධවීම සිදු වේ.


    සිද්ධිගුරු කුළු රස ය. සැහැල්ලු ය, ඌෂ්ණය, ආහාර රුචිය හා ආහාර නොදිරවීමෙන් ඇති වන ආමවාතය නසයි. පැසවීමෙහි හිතකර ය. වා, සෙම් හා මලබැදීම් පහ කරයි. කටහඩ ප්‍රසන්න කරයි. හුස්ම ගැනීමේ අපහසුකම්, වමනය, ලය රෝග, බරවා, ඉදිමුම, අර්ශස්, බඩ පිපුම, අජීර්ණය, උදර රෝග හා වාතය නසයි. මූත්‍ර මාර්ගයෙන් රුජා සහිතව සිදුවන ලේ ගැලීම, අර්ශස්, අතීසාර රෝග, බඩවැල් රෝග, පාණ්ඩු ආමවාත, ඉක්කා සහ අජීර්ණ ආදී රෝගයන්ට ප්‍රතිකාර වශයෙන් වෙනත් ඖෂධ වර්ග සමග ඉඟුරු යොදනු ලැබේ.


    උදය කාලයේ ඉඟුරු කොළ යුෂයෙන් පිසූ කැඳ පානය කිරීම කුසගිනි වැඩීමට හිතකර ය. ඉඟුරු දෝසි අනුභව කිරීමෙන් ද අග්නිදීපනය සිදු වේ. එහෙත් මඤ්ඤොක්කා කෑමෙන් පසු හටගන්නා උදරාබාධ වලට ඉඟුරු යොදා ප්‍රතිකාර කිරීම අයෝග්‍ය ය. ඒ ඉඟුරු - මඤ්ඤොක්කා සංයෝගයෙන් සිරුරට අහිතකර හයිඩ්‍රොසයනික් අම්ලය නිපදවෙන බැවිනි.


    වල් ඉඟුරු ශරීරයේ හටගන්නා ගඩු පැසවීමට ඉඩ නොදී ඇතුළත දී ම පුළුස්සා දැමීම සඳහා භාවිත කෙරේ. ගෙඩි වෙදකමට හා කැඩුම්බිඳුම් ආදියට ප්‍රතිකාර කිරීමේ දී වල් ඉඟුරු යෙදේ. වල් ඉඟුරු කොළ වියලා තබාගෙන ව්‍යංජන රසවත් කිරීමට ඉන් ස්වල්පයක් යොදනු ලැබේ. ගෙවත්තේ ඉඟුරු පැලයක් වවා ගැනීම අත්‍යවශ්‍යය. මස්, මාළු ආදිය පිසින විට ඉගුරු අල කැබැල්ලක් එක් කිරීමෙන් රස වැඩි වේ. කුඩා ළමුන්ට එළකිරි දෙන විට කිරි උණු කිරීමේ දී ඊට ඉඟුරු පෙත්තක් දෙකක් එක් කිරීමෙන් සෙම හැදීම වළකී.


    “ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක“ කෘතිය ඇසුරිනි.
    (සරත් රණවීර සහ රේඛා රණවීර)

    සේයා රූ අනුග්‍රහයwww.summagallicana.it spiraeaherbs.wordpress.com


     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වැදගත් ලිපියක් කොල්ල........ රේප් දීලලු තියෙන්නේ