ඉඩමක් ගන්න බලන්නේ. help එකක් ඕනේ

indikaharsha

Active member
  • Oct 26, 2014
    176
    126
    43
    මචන්ලා, ඔන්න ජිවිතේ තව එක කඩයිමක් පනින්න කියලා හදන්නේ. අපි හැමෝම වගේ කැමති නේ අපේම කියලා ඉඩමක් අරන් ගෙයක් හදා ගන්න. ඉතින් මට වගේම ඔයාලගේ ත් ඒ හීන සබැ කරගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.


    මම ඉඩමක් බැලුවා හෝමාගම පහුවෙලා ගොඩගම කියන හරියෙන් ටිකක් ඇතුලට වෙන්න. පර්චස් 10ක්. හෝමාගමට 9km, කොට්ටාවට 12km . මාලබේ හරියට 16 km , රාජගිරිය 25km වගේ. ඉඩම මම ගිහින් බැලුවා. main road ඉදන් පොඩ්ඩක් ඇතුලට යන්න තියනවා 2.5km වගේ. වත්තේ පිටි පස්සේ පොඩි ඇලක් එක්ක වෙල් යායක් තියනවා. එතනින් එහා රබර් වත්තක් තියෙන්නේ. මට place එක නම් හිතට ඇල්ලුවා. එතන ඉඩම් වල අලුතින් ගෙවල් හදන ගමන් තියෙන්නේ. විදුලිය නම් තියනවා. එත් වතුර තාම ගිහින් නැහැ. ඒ ගෙවල් ලිදවල් කපාගෙන ඒවගෙන් තමා වතුර ගන්නේ. තව ටික කාලෙකින් නම් වතුර line එක ඒවි කියලා තමා කිවේ. ඉඩම බැවුම තියෙන්නේ වෙල් යාය පැත්තට. තියන ගෙවල් හදලා තියෙන්නේ ත් බැවුමට අල්ලලා. යට තට්ටුව පාරෙන් යටට හිටින විදියට. මේ විදිය ට හදන්න මමත් කැමති.

    මගේ ජොබ් එකේ හැටියට colombo තමා ඉන්න වෙන්නේ. එක නිසා තමා colombo වලින් ගෙයක් හදන්න හිතුවේ. 1 hr වගේ travelling time එකකින් යන්න පුළුවන් ද මේ හරියේ ඉදන් colombo . මට weekend වලට ගාල්ලේ හරි කුරුණෑගල හරි යන්න වෙනවා. මේ ඉඩමේ ඉදන් දෙපැත්තටම 2hr වලින් යා ගන්න පුළුවන් වගේ. කොහොමත් ගෙදර අය එක්ක ආයේ ඉඩම බලන්න යනවා.

    මම තව හොයලා බලන්න ඕනේ දේවල් මොනවද මචන්ලා ?

    ඔයාලා දන්න විදියට මේ පැත්ත හොදද ?

    මම දැන් ඉඩම ඉයිති කෙනාගෙන් ඉල්ලගෙන check කරන්න ඕනේ document මොනවද ?

    මොනවද විශේෂයෙන් බලන්න ඕනේ ? මොකක්ද process එක ?

    loan එකක් දාගන්න ත් ඕනේ. එක කරන්න ඕනේ කොහොමද ?

    මේ වගේ දෙකදී මුලින්ම මතක් වෙන්නේ ඉතින් එළකිරි අය්යලා ටිකනේ. දන්න විදියට උදව් කරන්න පුළුවන් නම් ලොකු පිනක් මචන්ලා.


    බුදුසරණයි.
     
    Last edited:

    indikaharsha

    Active member
  • Oct 26, 2014
    176
    126
    43
    මචං පොඩි හරි බැංකු ලෝන් එකක් දාපං. බැංකුව එතකොට බලන්න ඕන අලගිය වැලගිය මුලගිය තැන ඔක්කොහ හොයනවා
    තැන්ක්ස් බ්‍රෝ. එකත් දැන ගන්න ඕනේ. කතා කරලා බැලුවා නම් හරි නේද බැංකුවක් එක්ක.
     
    • Like
    Reactions: Brandy2020

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    මචං පොඩි හරි බැංකු ලෝන් එකක් දාපං. බැංකුව එතකොට බලන්න ඕන අලගිය වැලගිය මුලගිය තැන ඔක්කොහ හොයනවා

    Get the list of documents required for a loan from a bank. Of course, those are the documents that you should verify when you are buying (regardless of that you are taking a loan or not).
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    930
    1,518
    93
    ආවට ගියාට ළිඳවල් හාරන්න පුළුවන් ද බන්.. මන් අහලා තියනවා පර්ච් 35ට වැඩි වෙන්නේ ඕනේ කියලා ළිඳක් හාරන්න නම්


    මචං පොඩි හරි බැංකු ලෝන් එකක් දාපං. බැංකුව එතකොට බලන්න ඕන අලගිය වැලගිය මුලගිය තැන ඔක්කොහ හොයනවා
    ඒකට බැංකුවෙන් අපෙන් ගාණක් කපා ගන්නවා නේද? එහෙම කපා ගන්නවනම් කීයක් විතර කපා ගන්නව ද?
     
    • Love
    Reactions: indikaharsha

    indikaharsha

    Active member
  • Oct 26, 2014
    176
    126
    43
    ආවට ගියාට ළිඳවල් හාරන්න පුළුවන් ද බන්.. මන් අහලා තියනවා පර්ච් 35ට වැඩි වෙන්නේ ඕනේ කියලා ළිඳක් හාරන්න නම්



    ඒකට බැංකුවෙන් අපෙන් ගාණක් කපා ගන්නවා නේද? එහෙම කපා ගන්නවනම් කීයක් විතර කපා ගන්නව ද?

    එහෙමද මචන්. එහෙනම් එක ටිකක් බලන්න වෙයි නේද ? නල ළිදක් ගහ ගන්න අවුලක් නැද්ද ?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    මචං නිවාඩුවක් දාලා සෙනග ඉන්න උදේක හවසට පැයෙන් ගොඩ ගම යන්න විදිහක් කලපනා කරලා බලපන්. කෝච්චි කට්ට කන්න ද යන්නේ?

    How much is a perch?
     
    • Love
    Reactions: indikaharsha

    indikaharsha

    Active member
  • Oct 26, 2014
    176
    126
    43
    මචං නිවාඩුවක් දාලා සෙනග ඉන්න උදේක හවසට පැයෙන් ගොඩ ගම යන්න විදිහක් කලපනා කරලා බලපන්. කෝච්චි කට්ට කන්න ද යන්නේ?

    How much is a perch?

    1 to 2hr යන්න පුළුවන් වෙයිද මචන් car එකෙන්.

    200,000 + මචන්
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ආවට ගියාට ළිඳවල් හාරන්න පුළුවන් ද බන්.. මන් අහලා තියනවා පර්ච් 35ට වැඩි වෙන්නේ ඕනේ කියලා ළිඳක් හාරන්න නම්



    ඒකට බැංකුවෙන් අපෙන් ගාණක් කපා ගන්නවා නේද? එහෙම කපා ගන්නවනම් කීයක් විතර කපා ගන්නව ද?

    ඒක දන්නෑ බං. මම ලෝන් දාල ඉඩම් අරන් නෑ. අපි ඉන්නෙ ගමකනෙ. පරම්පරා ගංකාරයො. ඒ හින්දා වටේ පිටේ ඉඩං ගද්දි හොයන්න දෙයක් නෑ.. දන්නවා සේරම විස්තර. බට් නොදන්න පැත්තක ඉඩම් ගනිද්දි හොයන්න ඕන හොඳටම. උඹලට මතක ඇති එලකිරි එකේම එකෙක් දාල තිබ්බ උන්ට වෙච්චි ඉඩම් වංචාවක් ගැන. ඒ හින්දා බැංකුවෙන් කීයක් ගත්තත් ඒක වර්ත්.
     
    • Like
    Reactions: indikaharsha

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    1 to 2hr යන්න පුළුවන් වෙයිද මචන් car එකෙන්.

    200,000 + මචන්

    මට නම් හිතෙන්නෙ ගෙදරින් 6 ට වත් අවේ නැත්නම් පැය 2කකට වත් බැරි වෙයි.
     
    • Love
    Reactions: indikaharsha

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    හැම එකාම වත්තෙ ලිං හාරල වතුර ගන්නව?? එතකොට කොහොමෙයි මචං බොග දාන්නේ?? වැසිකිළි වල හාරන්න මම අහල තියෙන විදියට ලිඳක ඉඳල අඩි 40ක් ද කොහෙද තියෙන්න ඕනි ලු.. ඒ වගේම බලපං වහින කාලෙට ඇලේ වතුර තත්ත්වෙ එහෙම කොහොමද කියලත්.. මදුරුවො එහෙමත් ඇති බොහෝ දුරට....
     
    • Love
    Reactions: indikaharsha

    hellolk

    Junior member
  • Dec 24, 2016
    125
    22
    18
    ganna kalin stuctural engineer kenek ekka gihin balanna. Mokada water level eka uda nam thiyenne foundation welata amathara loku cost ekak yanawa. Idame walak harala balana eka thamai karanna one oya wage thanakin gaddi.
     
    • Love
    Reactions: indikaharsha

    hellolk

    Junior member
  • Dec 24, 2016
    125
    22
    18
    me dewal tika balanna ganna kalin.
    1. idama lagatama light connection thiyanawada? nattam oyata kanu danna viyadam karanna one
    2. idame paara mattamatada thiyenne. para mattamen pahala nam pas purawanna cost ekak yanawa
    3. idame polwa, balanna water level eka, yata gal thiyanawada? Hoda pihiti boralu wage plowak nam foundation cost eka godak adu wenawa
    4. Paare palala kiayada? Street line limit eka kiyada?
    5. Welak, ala parak nam reservations thiyanna oneda?
    6. Ahala pahala kattiya? gewal hadanawanam poddak bas la ekka katha karala balanna
    7. Idame plan eka council approved da?
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ගොඩගම අවුලක් නෑ, බස් උනත් තියනවා ටිකක සෙනගනම් වෑඩියී.
    ගල්ලට හයිවේ ලගට එන්න බස් උනත් විනඩි 20-30 යයී, හිරවෙන්නේ ගොඩගම, පිටිපන, හොමගම ටවුම. හෑමදාම ට්‍රෑෆික් නෑ. වාහනෙකනම් විනාඩි 10-15.
    කුරුනෑගලට අපි අනුරධපුර යන පාරේ ගිය හෑකි, එකත් ලගයී වෙලවක් නම් මතක නෑ.

    පෑත්ත(ගොඩගම ) අවුල නෑ. කොහෙත් හොරු ඉන්නවනේ ඔහෙත් ඈතී.

    හිමිකන් සහතික වලට මෑනලනම් ප්‍රන පතඉරු බලන්නෑ. ඒත් ලොයර් කාරයෙකුට කියල බලවතෑකී

    බෑන්කු ලෝන් යනවනම් ඔය ඔක්කොම බෑලෙනවා.

    loan වලදි ඉඩම ගන්නකොට අයිති කෙනාට චෙක් එක ලියන්නේ. ඉතින් මුලින් අයිතී කෙනා එක්ක ගිවිසුමකට යන්න ඔනේ මාස3/6 ගෙවනවා කියලා

    කොහොමත් වතුර බලපන් ලග ගෙදරකින්
    සුබ පෑතුම්