ඉඩමක් ව්‍යාජ ඔප්පු සාදා විකිණු පස්දෙනාට වසර 67ක සිර දඬුවමක්😅👍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,472
    47,548
    113
    කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සකසා විකිනීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් බරපතළ වැඩ සහිත වසර 67 ක සිරදඬුවම් නියම කළේය.

    ඊට අමතරව විත්තිකරුවන් පස් දෙනාට රුපියල් 130,000/- ක දඩයක් ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන් පස්දෙනාම එක්ව අදාළ ඉඩමේ හිමිකරුට රුපියල් ලක්ෂ 140 ක වන්දියක් ගෙවිය යුතු බවට ද නියෝග කළේය.

    ඒ අනුව නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටි ක්‍රිෂ්ටි විවියන් රුද්‍රිගු නැමැත්තාට බරපතළ වැඩ සහිත වසර 25 ක සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා ඔහුට රුපියල් 50,000/- ක දඩයක් ද නියම කළ අතර එම විත්තිකරු විසින් අදාළ ඉඩමේ හිමිකරුට රුපියල් ලක්ෂ 20ක වන්දියක් ගෙවිය යුතු බවටද නියෝගයේ සඳහන් විය.

    ඊට අමතරව වැරදිකරුවන් කෙරුණු ධම්මික රුද්‍රිගු, ජෙයරාජ් අමරසිරි සහ චින්තා රාජපක්ෂ යන විත්තිකරුවන්ට පිළිවෙලින් බරපතළ වැඩ සහිතව වසර 10 බැගින් සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන්ට රුපියල් 20,000/- බැගින් දඩ ද නියම කළේය.

    එම විත්තිකරුවන් තුන් දෙනා විසින් අදාළ ඉඩමේ හිමිකරුට රුපියල් ලක්ෂ 30 බැගින් වන්දි ගෙවිය යුතු බවට ද නියෝග කෙරිණි.

    එමෙන්ම වරදකරු කෙරුණු ජයන්ත රොද්‍රිගු නැමැති විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර 12 ක සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා ඔහුට රුපියල් 20,000/- ක දඩයක් ද නියම කළේය.

    මෙම විත්තිකරු විසින් අදාළ ඉඩමේ හිමිකරුට රුපියල් ලක්ෂ 30 ක වන්දියක් ගෙවිය යුතු බවට ද නියෝග කෙරිණි.

    2012 වසරේ ඔක්තෝබර් මස 24 වනදා කොල්ලුපිටිය, මැරයින් ඩ්‍රයිව් මාර්ගයේ තිබෙන ඇලෝයි මාවතේ පිහිටි ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සකසා එය විකිණීම සහ ඊට ආධාර අනුබල දීමේ චෝදනා සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන් පස් දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර තිබුණි.

    නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකරුවන් පස් දෙනා අදාළ චෝදනා වලට වරදකරු කරන බවත් ඒ අනුව මෙම දඬුවම් නියම කරන බවත් තීන්දු කළේය.

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    හොඳම වැඩේ කාලකන්ණි හැත්තට.ඔය ඉඩම්වලට හොර ඔප්පු හදන එවුන් පට්ටම සංවිධානය වෙලා ඔය වැඩේ දෙන්නේ. අපිටත් ඔය වගේම සීන් එකක් වෙලා ලක්ෂ ගාණක් නැති වෙච්ච නිසා ඕකේ පරිප්පුව මම හොඳට දන්නවා.
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    හොඳම වැඩේ කාලකන්ණි හැත්තට.ඔය ඉඩම්වලට හොර ඔප්පු හදන එවුන් පට්ටම සංවිධානය වෙලා ඔය වැඩේ දෙන්නේ. අපිටත් ඔය වගේම සීන් එකක් වෙලා ලක්ෂ ගාණක් නැති වෙච්ච නිසා ඕකේ පරිප්පුව මම හොඳට දන්නවා.

    Title deeds ehema check kale nadda ban land registry eken ubala ganna kalin?
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    Title deeds ehema check kale nadda ban land registry eken ubala ganna kalin?
    එව්වා ඔක්කොම බැලුවා මචන් .අය්තිකාරයාගේ නම තිබ්බේ.අයිතිකාරයාගේ හැඳුනුම්පත හෙල්මට් ගහපු එකක්ලු.මම නූලක් දාලා තියෙනවා බලපන් . ඕවගේ ගහන්නේ කැතම ගේම්.සමහර ඒවාට පොලිසියත් හවුල් ලු.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හොඳම වැඩේ කාලකන්ණි හැත්තට.ඔය ඉඩම්වලට හොර ඔප්පු හදන එවුන් පට්ටම සංවිධානය වෙලා ඔය වැඩේ දෙන්නේ. අපිටත් ඔය වගේම සීන් එකක් වෙලා ලක්ෂ ගාණක් නැති වෙච්ච නිසා ඕකේ පරිප්පුව මම හොඳට දන්නවා.

    කෙවියට් ඵකක් ගහපං තියෙන ඉඩම් වලට ඵක පකෙක්ට මුකුත්ම කරන්න බෑ.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    කෙවියට් ඵකක් ගහපං තියෙන ඉඩම් වලට ඵක පකෙක්ට මුකුත්ම කරන්න බෑ.
    හරියට හරි.අනික් එක ඉඩමක් ගන්නවා නම් හොඳම වැඩේ පොඩි ලෝන් එකක් බැංකුවක් හරහා ගන්න එක.උන් ආරේ ඉදන් පූරේට හොයනවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කෙවියට් ඵකක් ගහපං තියෙන ඉඩම් වලට ඵක පකෙක්ට මුකුත්ම කරන්න බෑ.

    මම හිතන්නේ උඹ කියන එක හරි. මට මාර සීන් එකක් වුනා. මගේ ඉඩම බෑන්ක් එකට තියලා ලෝන් එකක් ගන්න ගියා. පස්සේ මුන් කියනවා ඉඩමේ ගෑටලුවක් තියෙනවලු. උන් ගෙනාපු පත් ඉරු වල සීල් එකක් තියෙනවලු කේවියට් කරුට දනවන ලදී කියලා. බෑන්කුවේ ලීගල් ඔෆිසර් අහනවා මගෙන් ඔයාගේ ඉඩමට විරුද්ධව කේවියට් එකක් දාලද කියලා. පිස්සුනේ. යකෝ මගේ ඉඩමට කොහොමද වෙන එකෙක් කේවියට් එක්ක දාන්නේ. පස්සේ බලනකොට ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකේ ගෑණුන්ට වෑරදිලාලු. ඒකේ ඉන්න නගර සෝභනියන්ට වරදින එකේ සීමාවක් නෑලු
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මම හිතන්නේ උඹ කියන එක හරි. මට මාර සීන් එකක් වුනා. මගේ ඉඩම බෑන්ක් එකට තියලා ලෝන් එකක් ගන්න ගියා. පස්සේ මුන් කියනවා ඉඩමේ ගෑටලුවක් තියෙනවලු. උන් ගෙනාපු පත් ඉරු වල සීල් එකක් තියෙනවලු කේවියට් කරුට දනවන ලදී කියලා. බෑන්කුවේ ලීගල් ඔෆිසර් අහනවා මගෙන් ඔයාගේ ඉඩමට විරුද්ධව කේවියට් එකක් දාලද කියලා. පිස්සුනේ. යකෝ මගේ ඉඩමට කොහොමද වෙන එකෙක් කේවියට් එක්ක දාන්නේ. පස්සේ බලනකොට ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකේ ගෑණුන්ට වෑරදිලාලු. ඒකේ ඉන්න නගර සෝභනියන්ට වරදින එකේ සීමාවක් නෑලු

    අන්න දැක්කනෙ කෙවියට් ඵකේ බලේ..රුපියල් දහදාහයි යන්නෙ වැඩේට ලෝයර් ගාස්තු ඵක්ක.ලංකාවෙ ඉන්නවනම් මොළෙන් ගේම ගහන්න ඕන..අද කාලෙ ඵක බල්ලෙක්ව විශ්වාස කරන්න ඵපා..පවුලෙ උනුත් අැතුළුව.:yes:

    මොකක් ද කෙවියට් එකක් කියන්නේ
    කේවියට් තහනම ( caveat /"let him beware")

    1927 අංක 23 දරණ ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පනත හරහා නෛතිකව බලාත්මක වන කේවියට් තහනම යනු දේපල හිමිකාරීත්වයට වු ආරක්ෂාකාරී ප්‍රවේශයකි. මෙම පනතේ 32(1) උප වගන්තිය අනුව යම් දේපලක් සම්බන්ධයෙන් තම හිමිකමට ප්‍රතිවිරුද්ධ හිමිකමක් ලියාපදිංචි කිරිම සඳහා අදාල ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට ඉදිරිපත් වුවහොත් ඒ පිලිබඳව තමා දැනුවත් කරන ලෙස ඉල්ලීම කේවියට් තහනම වේ.

    මෙම පනත හරහා යම් දේපලක් සම්බන්ධයෙන් හිමිකමක් නොදරන එහෙත් දේපල කෙරෙහි උනන්දුවක්‌ දක්වන ඕනෑම අයෙකුටද කේවියට් තහනමක් ලියාපදිංචි කිරීමේ ඉඩ ප්‍රස්ථාව ලබා දී තිබේ. උදාහරණයක් ලෙස දේපලක් විකිණීමට වු පොරොන්දුවක් ලද අයෙකු විසින් කරනු ලබන ලියාපදිංචිය දැක්විය හැක.

    යමෙකුගේ දේපලක් සම්බන්ධයෙන් කූට ලේඛනයන් ඉදිරිපත් කර අයිතිවාසිකම් ලබාගැනීමේ උත්සාහයන් වලක්වාලීම කේවියට් තහනමක අරමුණ වේ.එමෙන්ම මෙමගින් යම් දේපලක් මිලට ගැනීමට අපේක්‍ෂාවෙන් සිටින සද්භාවි පුද්ගලයකු ආරක්ෂා වීමද සිදුවේ.

    දැන්වීමක ස්වරූපයක් ගන්නා මෙම ඉල්ලීම පනතේ දෙවන උපලේඛණයේ 8 වන ආකෘතිය අනුව සකස් කල යුතු අතර මෙය ඉදිරිපත් කරන්නා කේවියට්කරැ ලෙස හඳුන්වනු ලැබේ.තවද කේවියට් තහනම ලියාපදිංචි කිරීම වෙනුවෙන් ලියාපදිංචි ගාස්‌තුවක්ද ගෙවිය යුතු ⁣වේ.වර්තමානයේ එය වසර 02 කට රු 2500/= බැගින් ඕනෑම කාලයක් සඳහා අදාළ පරිදි ලියාපදිංචි කල හැක.

    32 (4) වගන්තිය අනුව එකී කේවියට් තහනම වලංගුව පවතින කාලය තුල යම් තැනැත්තෙකු විසින් තහනම ලියාපදිංචි කල අදාල දේපල සම්බන්ධයෙන් ⁣යම් ලේඛනයක් ලියාපදිංචියට ඉදිරිපත් කල විට ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා විසින් ඒ පිළිබඳව කේවියට්කරැට දන්වා යවනු ලැබේ.(කේවියට්කරු විසින් සපයා ඇති ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් ) එවැනි දැනුම්දීමක් ලද කේවියට්කරැ විසින් දැන්වීම ලද දින සිට දින 30 ක් ඇතුළත තම අයිතියට ප්‍රතිවිරුද්ධව ලියාපදිංචි කිරීමට ඉදිරිපත් වී ඇති ලේඛනය නීත්‍යනුකුල නොවන බව යන කරැණ මත නීතිමය පියවර ගැනීමට කටයුතු කල යුතුය.

    නීතිඥ මදුෂානි පතිරාජ එදිරිවීර
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Derane hukannonta pissuda bn? :lol:

    Awurudu 67 kiyanne mulu ekathuwa ne :rofl: awurudu 25, 10, 10....dunnMa ethana awurudu 60 gaana wenne nane....awurudu run wenne paralelly ne..:lol: kohoma karath max 25 years ne

    Wandiya ekathu karaama nam hari...me gon pakayala eka nisa awurudu ganath ekathu karala lol
     
    • Haha
    Reactions: Nanosudha

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    කේවියට් kathawa adai dana gatte. patta mchn. thanks info walata
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Rasthiyadu padanama Thank You Brother....

    Derane hukannonta pissuda bn? :lol:

    Awurudu 67 kiyanne mulu ekathuwa ne :rofl: awurudu 25, 10, 10....dunnMa ethana awurudu 60 gaana wenne nane....awurudu run wenne paralelly ne..:lol: kohoma karath max 25 years ne

    Wandiya ekathu karaama nam hari...me gon pakayala eka nisa awurudu ganath ekathu karala lol

    මුලු සිර දඩුවම තමයි 67ක් කියන්නේ.. ඕක බෙදිලා යනව ඉතින් 25 + 10 + 10 + 10 + 12 විදියට...
     
    Last edited:

    lilankaravi

    Active member
  • Feb 16, 2010
    261
    58
    28
    Earth
    අන්න දැක්කනෙ කෙවියට් ඵකේ බලේ..රුපියල් දහදාහයි යන්නෙ වැඩේට ලෝයර් ගාස්තු ඵක්ක.ලංකාවෙ ඉන්නවනම් මොළෙන් ගේම ගහන්න ඕන..අද කාලෙ ඵක බල්ලෙක්ව විශ්වාස කරන්න ඵපා..පවුලෙ උනුත් අැතුළුව.:yes:

    කේවියට් තහනම ( caveat /"let him beware")

    1927 අංක 23 දරණ ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පනත හරහා නෛතිකව බලාත්මක වන කේවියට් තහනම යනු දේපල හිමිකාරීත්වයට වු ආරක්ෂාකාරී ප්‍රවේශයකි. මෙම පනතේ 32(1) උප වගන්තිය අනුව යම් දේපලක් සම්බන්ධයෙන් තම හිමිකමට ප්‍රතිවිරුද්ධ හිමිකමක් ලියාපදිංචි කිරිම සඳහා අදාල ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට ඉදිරිපත් වුවහොත් ඒ පිලිබඳව තමා දැනුවත් කරන ලෙස ඉල්ලීම කේවියට් තහනම වේ.

    මෙම පනත හරහා යම් දේපලක් සම්බන්ධයෙන් හිමිකමක් නොදරන එහෙත් දේපල කෙරෙහි උනන්දුවක්‌ දක්වන ඕනෑම අයෙකුටද කේවියට් තහනමක් ලියාපදිංචි කිරීමේ ඉඩ ප්‍රස්ථාව ලබා දී තිබේ. උදාහරණයක් ලෙස දේපලක් විකිණීමට වු පොරොන්දුවක් ලද අයෙකු විසින් කරනු ලබන ලියාපදිංචිය දැක්විය හැක.

    යමෙකුගේ දේපලක් සම්බන්ධයෙන් කූට ලේඛනයන් ඉදිරිපත් කර අයිතිවාසිකම් ලබාගැනීමේ උත්සාහයන් වලක්වාලීම කේවියට් තහනමක අරමුණ වේ.එමෙන්ම මෙමගින් යම් දේපලක් මිලට ගැනීමට අපේක්‍ෂාවෙන් සිටින සද්භාවි පුද්ගලයකු ආරක්ෂා වීමද සිදුවේ.

    දැන්වීමක ස්වරූපයක් ගන්නා මෙම ඉල්ලීම පනතේ දෙවන උපලේඛණයේ 8 වන ආකෘතිය අනුව සකස් කල යුතු අතර මෙය ඉදිරිපත් කරන්නා කේවියට්කරැ ලෙස හඳුන්වනු ලැබේ.තවද කේවියට් තහනම ලියාපදිංචි කිරීම වෙනුවෙන් ලියාපදිංචි ගාස්‌තුවක්ද ගෙවිය යුතු ⁣වේ.වර්තමානයේ එය වසර 02 කට රු 2500/= බැගින් ඕනෑම කාලයක් සඳහා අදාළ පරිදි ලියාපදිංචි කල හැක.

    32 (4) වගන්තිය අනුව එකී කේවියට් තහනම වලංගුව පවතින කාලය තුල යම් තැනැත්තෙකු විසින් තහනම ලියාපදිංචි කල අදාල දේපල සම්බන්ධයෙන් ⁣යම් ලේඛනයක් ලියාපදිංචියට ඉදිරිපත් කල විට ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා විසින් ඒ පිළිබඳව කේවියට්කරැට දන්වා යවනු ලැබේ.(කේවියට්කරු විසින් සපයා ඇති ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් ) එවැනි දැනුම්දීමක් ලද කේවියට්කරැ විසින් දැන්වීම ලද දින සිට දින 30 ක් ඇතුළත තම අයිතියට ප්‍රතිවිරුද්ධව ලියාපදිංචි කිරීමට ඉදිරිපත් වී ඇති ලේඛනය නීත්‍යනුකුල නොවන බව යන කරැණ මත නීතිමය පියවර ගැනීමට කටයුතු කල යුතුය.

    නීතිඥ මදුෂානි පතිරාජ එදිරිවීර
    Thanks machan
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    Derane hukannonta pissuda bn? :lol:

    Awurudu 67 kiyanne mulu ekathuwa ne :rofl: awurudu 25, 10, 10....dunnMa ethana awurudu 60 gaana wenne nane....awurudu run wenne paralelly ne..:lol: kohoma karath max 25 years ne

    Wandiya ekathu karaama nam hari...me gon pakayala eka nisa awurudu ganath ekathu karala lol

    Oka oyaatharam hithanna deyak da ban?😒
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,416
    1
    62,063
    113
    Mother Earth
    Rasthiyadu padanama Thank You Brother....

    මුලු සිර දඩුවම තමයි 67ක් කියන්නේ.. ඕක බෙදිලා යනව ඉතින් 25 + 10 + 10 + 10 + 12 විදියට...
    සිරාවට. :unsure: මම හිතුවෙ පස්දෙනාටම කියලා. 🥶

    කෙවිටෙ කතාව දන්නෙ අදයි. තෑන්ක්ස් සතුටින් ඉන්න හොඳේ.
     
    • Like
    Reactions: dingi man and D_Mad