කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සකසා විකිනීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් බරපතළ වැඩ සහිත වසර 67 ක සිරදඬුවම් නියම කළේය.
ඊට අමතරව විත්තිකරුවන් පස් දෙනාට රුපියල් 130,000/- ක දඩයක් ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන් පස්දෙනාම එක්ව අදාළ ඉඩමේ හිමිකරුට රුපියල් ලක්ෂ 140 ක වන්දියක් ගෙවිය යුතු බවට ද නියෝග කළේය.
ඒ අනුව නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටි ක්‍රිෂ්ටි විවියන් රුද්‍රිගු නැමැත්තාට බරපතළ වැඩ සහිත වසර 25 ක සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා ඔහුට රුපියල් 50,000/- ක දඩයක් ද නියම කළ අතර එම විත්තිකරු විසින් අදාළ ඉඩමේ හිමිකරුට රුපියල් ලක්ෂ 20ක වන්දියක් ගෙවිය යුතු බවටද නියෝගයේ සඳහන් විය.
ඊට අමතරව වැරදිකරුවන් කෙරුණු ධම්මික රුද්‍රිගු, ජෙයරාජ් අමරසිරි සහ චින්තා රාජපක්ෂ යන විත්තිකරුවන්ට පිළිවෙලින් බරපතළ වැඩ සහිතව වසර 10 බැගින් සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන්ට රුපියල් 20,000/- බැගින් දඩ ද නියම කළේය.
එම විත්තිකරුවන් තුන් දෙනා විසින් අදාළ ඉඩමේ හිමිකරුට රුපියල් ලක්ෂ 30 බැගින් වන්දි ගෙවිය යුතු බවට ද නියෝග කෙරිණි.
එමෙන්ම වරදකරු කෙරුණු ජයන්ත රොද්‍රිගු නැමැති විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර 12 ක සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා ඔහුට රුපියල් 20,000/- ක දඩයක් ද නියම කළේය.
මෙම විත්තිකරු විසින් අදාළ ඉඩමේ හිමිකරුට රුපියල් ලක්ෂ 30 ක වන්දියක් ගෙවිය යුතු බවට ද නියෝග කෙරිණි.
2012 වසරේ ඔක්තෝබර් මස 24 වනදා කොල්ලුපිටිය, මැරයින් ඩ්‍රයිව් මාර්ගයේ තිබෙන ඇලෝයි මාවතේ පිහිටි ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සකසා එය විකිණීම සහ ඊට ආධාර අනුබල දීමේ චෝදනා සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන් පස් දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර තිබුණි.
නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකරුවන් පස් දෙනා අදාළ චෝදනා වලට වරදකරු කරන බවත් ඒ අනුව මෙම දඬුවම් නියම කරන බවත් තීන්දු කළේය.

awurudu 25, 10, 10....dunnMa ethana awurudu 60 gaana wenne nane....awurudu run wenne paralelly ne..