ඉඩමක ඔප්පුවල කොපි දුන්නට කමක් නැද්ද...

topkollek

Well-known member
  • May 22, 2014
    44,000
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෙවියට් kiyanne mokadda ban poddak wisthara karapanko ?
    👇
    අන්න දැක්කනෙ කෙවියට් ඵකේ බලේ..රුපියල් දහදාහයි යන්නෙ වැඩේට ලෝයර් ගාස්තු ඵක්ක.ලංකාවෙ ඉන්නවනම් මොළෙන් ගේම ගහන්න ඕන..අද කාලෙ ඵක බල්ලෙක්ව විශ්වාස කරන්න ඵපා..පවුලෙ උනුත් අැතුළුව.:yes:

    කේවියට් තහනම ( caveat /"let him beware")

    1927 අංක 23 දරණ ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පනත හරහා නෛතිකව බලාත්මක වන කේවියට් තහනම යනු දේපල හිමිකාරීත්වයට වු ආරක්ෂාකාරී ප්‍රවේශයකි. මෙම පනතේ 32(1) උප වගන්තිය අනුව යම් දේපලක් සම්බන්ධයෙන් තම හිමිකමට ප්‍රතිවිරුද්ධ හිමිකමක් ලියාපදිංචි කිරිම සඳහා අදාල ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට ඉදිරිපත් වුවහොත් ඒ පිලිබඳව තමා දැනුවත් කරන ලෙස ඉල්ලීම කේවියට් තහනම වේ.

    මෙම පනත හරහා යම් දේපලක් සම්බන්ධයෙන් හිමිකමක් නොදරන එහෙත් දේපල කෙරෙහි උනන්දුවක්‌ දක්වන ඕනෑම අයෙකුටද කේවියට් තහනමක් ලියාපදිංචි කිරීමේ ඉඩ ප්‍රස්ථාව ලබා දී තිබේ. උදාහරණයක් ලෙස දේපලක් විකිණීමට වු පොරොන්දුවක් ලද අයෙකු විසින් කරනු ලබන ලියාපදිංචිය දැක්විය හැක.

    යමෙකුගේ දේපලක් සම්බන්ධයෙන් කූට ලේඛනයන් ඉදිරිපත් කර අයිතිවාසිකම් ලබාගැනීමේ උත්සාහයන් වලක්වාලීම කේවියට් තහනමක අරමුණ වේ.එමෙන්ම මෙමගින් යම් දේපලක් මිලට ගැනීමට අපේක්‍ෂාවෙන් සිටින සද්භාවි පුද්ගලයකු ආරක්ෂා වීමද සිදුවේ.

    දැන්වීමක ස්වරූපයක් ගන්නා මෙම ඉල්ලීම පනතේ දෙවන උපලේඛණයේ 8 වන ආකෘතිය අනුව සකස් කල යුතු අතර මෙය ඉදිරිපත් කරන්නා කේවියට්කරැ ලෙස හඳුන්වනු ලැබේ.තවද කේවියට් තහනම ලියාපදිංචි කිරීම වෙනුවෙන් ලියාපදිංචි ගාස්‌තුවක්ද ගෙවිය යුතු ⁣වේ.වර්තමානයේ එය වසර 02 කට රු 2500/= බැගින් ඕනෑම කාලයක් සඳහා අදාළ පරිදි ලියාපදිංචි කල හැක.

    32 (4) වගන්තිය අනුව එකී කේවියට් තහනම වලංගුව පවතින කාලය තුල යම් තැනැත්තෙකු විසින් තහනම ලියාපදිංචි කල අදාල දේපල සම්බන්ධයෙන් ⁣යම් ලේඛනයක් ලියාපදිංචියට ඉදිරිපත් කල විට ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා විසින් ඒ පිළිබඳව කේවියට්කරැට දන්වා යවනු ලැබේ.(කේවියට්කරු විසින් සපයා ඇති ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් ) එවැනි දැනුම්දීමක් ලද කේවියට්කරැ විසින් දැන්වීම ලද දින සිට දින 30 ක් ඇතුළත තම අයිතියට ප්‍රතිවිරුද්ධව ලියාපදිංචි කිරීමට ඉදිරිපත් වී ඇති ලේඛනය නීත්‍යනුකුල නොවන බව යන කරැණ මත නීතිමය පියවර ගැනීමට කටයුතු කල යුතුය.

    නීතිඥ මදුෂානි පතිරාජ එදිරිවීර
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    දැන් නම් ඇඟිලි සලකුනුයි , පොටෝස් එහෙම ගන්නවා නේද ඔප්පු ලියද්දි. ඉස්සරහට හොර වැඩ කරන්න ලේසි වෙන්නේ නැති වෙයි. කේවියට එකක් දාන එක හොඳයි සැකයි නම්. එතකොට ලෑන්ඩ් රෙජිස්ටර් එකේ රෙජිස්ටර් වෙන්න කලින් ඔයාව දැනුවත් කිරීමක් කරනවා හදිසියේ හරි එහෙම දෙයක් කරන්න ගියොත්
    Mama nam kiyanne may finger print seen eka lankawe oya godak legally wena hama process eka katama genna one. Mokada ehema kaloth sahenna hora wada nawattanna puluwan. Mama nam kiyanne banks wala process walatath genna one. Natnam dan lankawe karana hora wada nawattanna amarui
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලංකාවෙ හැටියට උප්පැන්න සහතිකයක් වුනත් දෙන්න බයයි මෙහෙ අයියලාට.. ඊලග දවසෙ මොන කරුමයක් සෙට් කරල තියයිද ශුවර් නෑ... අපි එක පාරක් දුන්නා ඔහොම, ඒ දෙද්දි ඔප්පුව මැදින් ඉරක් ඇදල මැදින් මොකක් හරි ලියල දුන්නෙ හරහට.. අත්සන තියෙන හරිය අයින් කරල දුන්නෙ..
    ehema seen eka news wala giya issara awurud 27 kata kalin da koheda interview ekakata yaddi upanna , degree certificate etc serma nathi wela magadi, loan ekak ganna gihin baladdi crib eke loan aran lu 27 kata kalin gatta eka ahindapu un mege namta serama karala
     
    • Sad
    Reactions: Rahula Kasun

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    දුන්න කියල අවුලක් නෑ..
    නිරවුල් ඔප්පුවක්නම් තියෙන්නෙ කොහොමත් හොර ඔප්පු හද්නන බෑ...

    ගන්න කෙනා ඒ ඔප්පු කොපියෙන් තමා උගෙ ලොයර් හරයා ඉඩම නිරවුල්ද කියල් බලාග්න්නේ. එහෙම බෑ කිව්වොත් ඉඩම ගන්න එක්ක් නෑ...
     
    • Like
    Reactions: CaptainPhillips

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    ඔප්පුවක ඡායාපිටපතක් දුන්නට ගැටළුවක් නැහැ. අත්සන මකලා දෙන්න. ව්‍යාජ ඔප්පුවක් හදනවා නම් පත්ඉරු බලලා ඒවගෙනුත් විස්තර අරන් හදාගන්න පුළුවන්. ඔප්පුවක්ම තියෙන්න ඕනේ නැහැ.

    දැන් හැම ඔප්පුවකටම සාක්ෂිකරුවන් හැර අනෙක් සියළු පාර්ශවයන් ඇඟිලි සළකුණ තියන්න ඕනේ. (නොතාරිස් තියන්න ඕන නැහැ)

    සෑම ඔප්පුවකටම නොතාරිස්වරයා සහතික කළ පාර්ශවයන්ගේ ජාතික හැඳුනුම්පත් හෝ විදෙස් ගමන් බලපත්‍රයේ පිටපතක් අමුණා තිබිය යුතුය.

    පැවරුම්/තෑගි/විකුණුම්කරය/අන්තිම කැමතිපත්‍ර වලට සාක්ෂිකරුවන්ගේ හැර අනෙක් සියළු පාර්ශවයන්ගේ පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූප ඇලවිය යුතුය. (නොතාරිස්ගේ ඡායාරූප ඕන නැහැ)
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704

    හොර බොරු කරන්න බැරි වෙන විදියට ටික ටික හරි ලංකාව හැදෙන එක ලොකු දෙයක්.
     
    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    ගොඩ කාලයක් නිකමන්ම වගේ තියන නිරවුල් ඉඩම් වලටත් හොර ඔප්පු හදන්න පුළුවන්, කිරිබත්ගොඩ පැත්තේ ඒ වගේ වැඩක් උනා, මගේ යාලුවෙක්ගෙ අයියගේ ඉඩමක් අයිතිකාරයා ඉන්නේ රට. වැඩිය කව්රුත් යන්න එන්නේ නැතිනිසා හොරෙක් කච්චේරියේ එකෙකුත් හවුල් කරන් හොර ID එක්කම හොර ඔප්පුත් හදල තව එකෙකුට අඩුවට විකුණලා. ඌ ඉඩම ගත්ත ගමන් තාප්ප ගහල ගේ හදන්න බඩුත් ගෙනත් දාල. ඒ කිට්ටුව ඉන්න අදුරන කෙනෙක් මගේ යාලුවගෙන් නිකටම කෝල් කරලා අහල තියනව අලුතෙන් ගේ හදන්නද යන්නේ කියල. එතකොට තමයි ඉඩමේ අය්තිකරයත් දැනගත්තේ. දැන් තාම ඒකට නඩු.

    සුරංගනා කතාවක් වගේ උනාට නීතියේ තියන අඩුපාඩු නිසා ඇත්තටම මේ වගේ දේවල් වෙනවා. ෆොටෝ එකයි ඇඟිලි සලකුණයි දාන එකනම් හොදයි.
    ඒ වගේ ඉඩම් වලට කෙවියට් එකක් දාල තියන ඒකතමයි ටිකක් හරි ශේප්.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,396
    113
    අපිටත් ලොයර් කෙනෙක් කිව්වේ ඔප්පුවේ කොපි දෙනවනම් අත්සන් මකලා දෙන්න කියලා.
    Hehehehe oppu number aka tinawanam ona ekekta oppuwe copy akak ganna puluwanne:P

    Ochchara hora weda karanna anne nee minissu godak welawata…lawyerslath amaruwe ahema heduwama akai
    ------ Post added on Jun 6, 2023 at 12:47 PM
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,240
    1,287
    113
    හඳේ ...
    එහෙම සීන් එකක් අරංචියි,
    සාක්සිකරුවන්ගෙත් පොටොස් ගන්නවා කිව්වා දැන්...
    නෑ මචං. සාක්ෂිකරුවන්ගේ අත්සනයි ,ඇඟිලි සලකුණයි. ගනුදෙනුව කරන දෙපාර්ශවයේ අත්සනයි , ඇඟිලි සලකුණයි , පාස්පෝට් සයිස් ෆොටෝස්. ඕනේ. ආයේ හැමෝගෙම හැඳුනුම්පත් වල පොටෝකොපිස් ඕනේ.

    Mama nam kiyanne may finger print seen eka lankawe oya godak legally wena hama process eka katama genna one. Mokada ehema kaloth sahenna hora wada nawattanna puluwan. Mama nam kiyanne banks wala process walatath genna one. Natnam dan lankawe karana hora wada nawattanna amarui
    ඔව්. මනුස්සයෙක්ගේ Finger Print එකයි DNA එකයිලුනේ ඒ මනුස්සයාමයි මේක කරා කියන්න ඔප්පු කරන්න පුළුවන් POWERFUL ම විදි දෙක කියන්නේ. එක වගේ දෙන්නෙක් ඉන්න බෑ ඔය දෙකට අනුව.
    ------ Post added on Jun 6, 2023 at 1:18 PM

    ඔප්පුවක ඡායාපිටපතක් දුන්නට ගැටළුවක් නැහැ. අත්සන මකලා දෙන්න. ව්‍යාජ ඔප්පුවක් හදනවා නම් පත්ඉරු බලලා ඒවගෙනුත් විස්තර අරන් හදාගන්න පුළුවන්. ඔප්පුවක්ම තියෙන්න ඕනේ නැහැ.

    දැන් හැම ඔප්පුවකටම සාක්ෂිකරුවන් හැර අනෙක් සියළු පාර්ශවයන් ඇඟිලි සළකුණ තියන්න ඕනේ. (නොතාරිස් තියන්න ඕන නැහැ)

    සෑම ඔප්පුවකටම නොතාරිස්වරයා සහතික කළ පාර්ශවයන්ගේ ජාතික හැඳුනුම්පත් හෝ විදෙස් ගමන් බලපත්‍රයේ පිටපතක් අමුණා තිබිය යුතුය.

    පැවරුම්/තෑගි/විකුණුම්කරය/අන්තිම කැමතිපත්‍ර වලට සාක්ෂිකරුවන්ගේ හැර අනෙක් සියළු පාර්ශවයන්ගේ පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූප ඇලවිය යුතුය. (නොතාරිස්ගේ ඡායාරූප ඕන නැහැ)
    සාක්ෂිකරුවනේ ඇඟිලි සලකුණු තියන්න ඕනේ මචං
    ------ Post added on Jun 6, 2023 at 1:22 PM
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    සාක්ෂිකරුවනේ ඇඟිලි සලකුණු තියන්න ඕනේ මචං
    ------ Post added on Jun 6, 2023 at 1:22 PM

    සාක්ෂිකරුවන්ගේ ඇඟිලි සළකුණ අනිවාර්ය නැහැ මචං. මං ලියන ඒවායේ මං සාක්ෂිකරුවන්ගේ ඇඟිලි සළකුණ ගන්නේ නැහැ. ඒත් තියෙනවා නම් හොඳයි.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,079
    10,656
    113
    ඔප්පු කොපි දෙනකොට අත්සන් මකලා ඉරි ඇඳලා එක එක ඒවා අකුරෙන් ලියල දෙනෙක කිසිම ප්‍රයෝජනයක් නැති වැඩක්. උඹලා එහෙම දීපු ඔප්පුවේ තියෙන අංකය , ලොයර් ගේ නම සහ දිනය තියෙනවා නේ විස්තර ටික දීලා 500/= විතර (මතක විදියට) ගෙවුවම අලුතින් ඔප්පු කොපියක් ගන්න පුළුවන් එතකොට උඹලගේ මහන්සිය අපරාදේ

    කේවියට් තහනම ගැන කිවුවොත් ඒක ගොඩක් හොඳ වැඩක් හැබැයි ඒකෙනුත් රිංගපු අයත් ඉන්නවා , ප්‍රසිද්ධියේ ඕවා කියන්න බෑ බන්

    කේවියට් තහනම වලංගුව පවතින කාලය තුල යම් තැනැත්තෙකු විසින් තහනම ලියාපදිංචි කල අදාල දේපල සම්බන්ධයෙන් ⁣යම් ලේඛනයක් ලියාපදිංචියට ඉදිරිපත් කල විට ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා විසින් ඒ පිළිබඳව කේවියට්කරැට දන්වා යවනවා නේ ඒ යන ලියුම පොස්ට්මන් අතින් නැතිවෙන්න පුළුවන් ;):P:rolleyes:නැත්නම් ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා කාර්යාලයෙන්ම ලියුම අස්ථානගත වෙන්න පුළුවන් ;):P:rolleyes: , හොර ඔප්පු හදලා කියලා දැනගන්නේ අවුරුදු ගානකට පස්සේ නේ එතකොට නඩු ගිහින් තීන්දු එනකොට ගොඩක් එවුන් මැරිලා
     
    Last edited:

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,240
    1,287
    113
    හඳේ ...
    සාක්ෂිකරුවන්ගේ ඇඟිලි සළකුණ අනිවාර්ය නැහැ මචං. මං ලියන ඒවායේ මං සාක්ෂිකරුවන්ගේ ඇඟිලි සළකුණ ගන්නේ නැහැ. ඒත් තියෙනවා නම් හොඳයි.
    ආහ්..එහෙම වෙන්න ඇති. මොකද මට සාක්ෂි කාරයෙක් විදියට ඉන්න වෙලා මගේ ඇඟිලි සලකුණ ගත්තා. මම හිතුවේ අනිවාර්‍ය ඇති කියල :)
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    දුන්න කියල අවුලක් නෑ..
    නිරවුල් ඔප්පුවක්නම් තියෙන්නෙ කොහොමත් හොර ඔප්පු හද්නන බෑ...

    ගන්න කෙනා ඒ ඔප්පු කොපියෙන් තමා උගෙ ලොයර් හරයා ඉඩම නිරවුල්ද කියල් බලාග්න්නේ. එහෙම බෑ කිව්වොත් ඉඩම ගන්න එක්ක් නෑ...
    නිරවුල් ඔප්පු කියලා අදාල නැහැ. අපි අහු උනා ඔය වගේ එකකට සුපිරියටම. අය්තිකරයාගෙන් පත් ඉරු ගෙනිහින් ඒ නමට හොර හැඳුනුම්පත් හදලා. ලෝයර්ට හොයන්න බැහැ දැන් අවුරුදු 10 විතර තිබුන ක්‍රමයට. මේ නූලේ දාලා තියෙනවා වගේ ඇඟිලි සලකුණු එහෙම ගන්නවා නම් ඉස්සර වගේ හොර කරන්න බැරුව ඇති.
     
    • Like
    Reactions: kinkon

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,816
    113
    Nugegoda, Sri Lanka
    නිරවුල් ඔප්පු කියලා අදාල නැහැ. අපි අහු උනා ඔය වගේ එකකට සුපිරියටම. අය්තිකරයාගෙන් පත් ඉරු ගෙනිහින් ඒ නමට හොර හැඳුනුම්පත් හදලා. ලෝයර්ට හොයන්න බැහැ දැන් අවුරුදු 10 විතර තිබුන ක්‍රමයට. මේ නූලේ දාලා තියෙනවා වගේ ඇඟිලි සලකුණු එහෙම ගන්නවා නම් ඉස්සර වගේ හොර කරන්න බැරුව ඇති.
    Dan num aluth system eke hatiyata hora identity hadannath baane..