පහත ආදර්ශ රුපයේ පෙනෙන්නේ බෙදුම් නඩුවක් අවසානයේ අධිකරණය විසින් බෙදා වෙනකොට අවසන් කරන ලද ඉඩමක ආදර්ශ සටහනකි. A1 සිට A4 දක්වා අනුයාතව ඇති බිම් කැබලි 4ම එකම පවුලක සහෝදර සහෝදැරියන් හට හට හිමිව ඇති අතර අනෙක්වා නඩු තීන්දුවේ පරිදි විදිහ පවුල් අතර බෙදී ඇත. රතු පාට රවුම් වලින් දක්වා ඇත්තේ බෙදුම් අවස්ථාවේ සිටුවා දැනට කිසිම ගැටළුවක් නැතිව ඉතුරුව ඇති සිමෙන්ති කණු වේ. කොළපාට ඊතල මාර්ගය වේ. සමහර මායිම් කණු අස්ථානගතවී ඇත. සත්‍ය පිඹුරේ විශාල දත්ත ප්‍රමාණයක් පෙන්වා ඇති. මායිම් ගස් වැනි දෑ. (A2-D කට්ටි වල ලකුණු නොකළ මායිම සහ A1/A2 අතර මායිම් වලද පිහිටි ගස් සටහන් කර ඇත)
මෙහි A1 සිට A4 දක්වා සියල්ල එකම පවුලක අයගේ නිසා ඔවුන් බෙදන අවස්ථාවේ වෙන් වෙන් වශයෙන් කණු යොදා 4කට වෙන් කරගෙන නැත. නමුත් වත්මන් අවශ්‍යතා මත නඩු තීන්දුවේ පිඹුර අනුව A1 සිට A4 දක්වා කොටස් වෙනස් කර මායිම් ලකුණු කර කොටස් වෙන් කරගැනීමට හිමිකරුවන් 4 දෙනාට අවශ්‍යව ඇත. කිසිදු බිම් කඩක ඉදිකිරීම් සිදුකර නැත. එක කොටසක පහිටි ගොඩනැගිල්ලක් ඇත.
01. මෙවන් අවස්ථාවකදී A1 සිට A4 දක්වා දක්වා හිමිකරුවන් ඉදිපත්වී මිනින්දෝරු මහතෙකුගේ සහය ඇතිව නඩුවේ අවසන් තීරණය අනුව එයට ලබාදී ඇති පිඹුරේ ඇති බිම් ප්‍රමාණ වෙන්කර කණු සිටුවා ගත හැකිද?
02. එහෙමත් නැති නම් නැවත ඉඩම් නඩුවක් ගොනුකර කාලය කාදමන වැඩකට යොමුවිය යුතුද?
නඩු තීන්දුව ලබාදී දැනට වසර 9ක් සහ මාස කිහිපයක් ගතවී ඇත. නඩු තීන්දුවට විරුද්දව කිසිවෙක් මේ වනතුරු ඉහල උසාවියකට හෝ අභියාචනා ඉදිරිපත් කිරීමක් කර නොමැති තීන්දුවකි.
A1 සිට A4 දක්වා අයගේ මායිම C සහ B පාර්ශව හමුවන එක පොදු මායිම් කණුවක් පවතී. එයට පමණක් පිඹුරේ හිටි භූ ලක්ෂණයක් සටහන් කර නොමැති අතර මනුමේදී සිටුවන ලද කණුව අස්ථානගතව ඇත.