අපේ ඉඩමක් තියෙනවා කළුතර දිස්ත්‍රික්කයේ. ඔවිටක් කියන්න පුළුවන්. පර්චස් 120. අබලන් ගෙයක් තියෙනවා. කවුරුවත් පදිංචි නැහැ. පහුගිය කොරෝනා කාලයේ මේ ඉඩමේ කොටසක් කසිප්පු මුදලාලි කෙනෙක් හාල. මම ගියහම තමා දැනගත්තේ. අපි පොලිසි ගියා. 66 වගන්ති යටතේ නඩු දැම්මා. මාස දෙකකට වඩා බුක්ති වින්දා කියලා බුක්තිය එයාට දුන්නා. බෙදුම් නඩුවක් දාගන්න කියල තියෙනවා නඩු වාර්තාවේ. බුක්තිය බාරදුන්නේ පර්චස් 17.5 ක. දැන් මෙයා කියනවා මුළු ඉඩමම එයාගෙලු. අපේ සමහර අයට යන්න දෙන්නෙත් නැහැ. නැවත මාස 2ක් හිටියම මුළු ඉඩමම අයිති වෙයි. අපිට ඉඩමට ඔප්පුවක් නැහැ. 2016 ලියපු ප්‍රකාශන ඔප්පුවක් තියෙනවා. අවුරුදු 90 ක් අපි පදිංචි වෙලා හිටියා. අපේ ලෝයර් කියන්නේ ඉතිරි කොටසේ අපිට පදිංචි වෙන්න කියල. ඒ ගමන් නඩුව කියමු කියල. එතන පදිංචි වෙන්න නම් මැරයෙක් වෙන්න ඕන. එයාට දුන්න කොටසට ඔප්පුවක් එයාට නැහැ. තරමක් ඈතින් කලින් තිබුණු ඉඩමක ඔප්පුවක් තමයි උසාවියට ඉදිරිපත් කලේ. ඒ මාඉම් අපේ ඉඩම එක්ක ගැලපෙන්නේ නැහැ. උසාවියෙන්එයාට පැවරුවේ හාපු කොටස කියල.
මට එළකිරි වාසීන්ගේ වටිනා අදහස් සහ යෝජනා අවශ්‍යයි. !!!
උදවු කරන්න !!!
මට එළකිරි වාසීන්ගේ වටිනා අදහස් සහ යෝජනා අවශ්‍යයි. !!!
උදවු කරන්න !!!