ඉඩම් ඇමැති එම්.කේ.ඩී.ඒ.එස්.ගුණවර්ධන මියයයි

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    ඉඩම් ඇමැති එම්.කේ.ඩී.ඒ.එස්.ගුණවර්ධන මියයයි

    ඉඩම් ඇමැති එම්.කේ.ඩී.ඒ.එස්.ගුණවර්ධන මියයයි


    ඉඩම් ඇමැති එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (19) අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 69 වැනි වියේ පසුවිය.
    අසනීප තත්වයෙන් සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලැබූ ගුණවර්ධන මහතා පසුගියදා ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබීය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජයෙන් ඉවත්වී මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂක ජයග්‍රහණය කරවීම සඳහා පැමිණි මුල්ම සාමාජිකයන් අතර ඔහුද එක් අයෙකි.
    1947 මාර්තු 6 වැනිදා උපත ලද ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් විය. 2014 වසරේ මහින්ද රාජපක්ෂ රජයේ නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් දරමින් සිට ඉන් ඉවත්වී මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති ලෙස පත්කරගැනීමේ සටනට පිවිසීමෙන් පසු බිහිවූ නව රජයේ ඇමැතිවරයකු ද වූ ගුණවර්ධන මහතා 2015 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

    http://www.lankadeepa.lk/index.php/top_story/378262