ඉතාම සංවේදී කතාවක්.. ලෝකෙට පරකාසේ (part II)
http://www.elakiri.com/forum/showthread.php?t=1680428
ලිපිය දැකපු නිසා මේකේ ලියන්න හිතුන. මේක මිනිස්සු නොමග යවන ලිපියක්.
immigrant විදිය මෙහෙට අවහම පොඩි පොඩි රස්සාවක් හොයාගන්න එක අමාරු දෙයක් නෙවි. මෙහෙ එහෙම රස්සාවක් හොයාගන්න බැරි වෙච්ච කෙනෙක් අපි නම් දැකල නැහැ. සමහර වෙලාවට රස්සාවක් හොයාගන්න ටික කාලයක් යනවා. මස 6ක් විතර. මොකද මේ රටවල අද්යාපන සුදුසුකම් හෝ පළපුරුද්ද නැති නිසා. මොන රස්සාව කරත් හොදින් ජීවත් වෙන්න් පුළුවන් (homeless මිනිස්සු හෝ හිගන්නන නොවී).
“මෙහේ තරම් හිඟන්නෝ නැතිව ඇති ලෝකෙ කොහේවත්.”
මිනිස්සු හිතන් ඉන්නේ සංවර්දිත රටවල නිකම් හිටියම අතට ආණ්ඩුවෙන් සල්ලි දීල ගෙවලුත් දීල ඉන්න දෙනවා කියල. රටක් බලන්නේ පුළුවන් තරම් රැකියා අවස්ථා උත්පාදනය කරන්න මිසක් නිකම් ඉන්න මිනිස්සුට කන්න බොන්න දෙන එක නෙවි.
අතපය හතර තියෙනවනම් රස්සාවක් කරන්න බැරි මොකද? කාලකන්නිකම මිසක්. ආර්ථිකය අතින් ගත්තොත් ඇමෙරිකාව කියන්නේ දැවැන්තයෙක්. කැනඩාව අගුටු මිට්ටෙක්. මෙහෙ තියෙන ඔක්කොම වගේ ලොකු retail business ඇමෙරිකාවට අයිතියි. ඇමෙරිකාව සාර්ථකත්වයට එක හේතුවක් තමයි තරගකාරී පුද්ගලික අංශය. පුද්ගලික අංශයට අනුබල දෙන නිසා, නිදහසේ වැඩෙන්න දෙන නිසා, එතුලින් රැකියා අවස්ථා උත්පාදනය වීම තමයි ඇමෙරිකාව ලෝකයේ දැවැන්තයෙක් උනේ. චිනෙත් එහෙමයි
මෙහෙ එන සමහරු අසාර්ථක වෙන්නේ මොකද? රස්සාවක් (professional job) හොයාගන්න් බැරිව ලතවෙන්න් මොකද?
(1) RSM – (රාජ්ය සේවක මානසිකත්වය)- කවුරුහරි රස්සාවක් හොයල දෙනකම් ඉන්නවා. රස්සාවක් කියන්නේ සමාජය එක්ක ගැටීමෙන් ලබාගතයුතු දෙයක් (සමාජවාදී රටවල්වල ඇරෙන්න) . රස්සාවකට අයදුම්පතක් දමනවා කියන එක, සම්මුක පරීක්ෂණයකට සුදානම් වනවා කියන එක ලේසි පහසු දෙයක් නෙවි. හොද CV එකක් හදන්න අඩුමගානේ මාස 3ක් වත් යනවා. රස්සාවකට අයදුම්පතක් දමන්න ඒ කම්පැනි එකේ විස්තර හොයල, ඒ රැකියාවට අදාලව සුදානම් වෙන්න ඕන. සැහෙන කාලයක් කැපකිරීමක් කරන්න ඕන. හුගක් දෙනෙක් කරන්නේ නිකම් CV එකක් යවන එක (ඉදා මෙන්න මගේ CV එක. බොට ඕනේ නම් ගනින් නැතිනම් නිකම් ඉදපන්). යවල රස්සාව එනකම් බලන් ඉන්නවා. රස්සාවක් හම්බුනොත් ලෝක පුදුමයක්

තමුන්ට රස්සාවක් හොයා ගන්න අමාරුනම් බලන්න ඕන එකට හේතු (සෙනසුරු, රවී කුජ ගැන නෙවි මම කතා කරන්නේ). ඉංග්රීසි දැනුම දියුණු කරගැනීම, රස්සාවකට ඕන කරන අනෙත් සුදුසුකම් වගේ දේවල්
සම්මුක පරීක්ෂණයකින් අහන ප්රශ්නවලින් මනුස්සයෙක් මනින්න පුළුවන්. මම උදාහරණයක් කිව්වොත් මෙහෙ එක්කෙනෙක් සම්මුක පරීක්ෂණයකට ගිය. එයට තමයි එතන වැඩියෙන්ම සුදුසුකම්, පළපුරුද්ද තිබ්බේ. රස්සාව යන්නත් ඉස්සෙලා සුවර්. එයාගේ CV එකක් බලල ඇහුව ඇයි කලින් හිටපු හොද රස්සාවෙන් කෙටිකාලයකින් අයින් වෙලා දෙවැනි රස්සාවෙට අවේ කියල. කොලබ ඉදන් යනවට වඩා ගෙදර ඉදන් අලුත් තැනට යන එක පහසුයි කියලා කිව්වා. රස්සාව එතනින් ඉවරයි (50,000 $). මොකද මේ වගේ දුර්වලයෙක් පුද්ගලික අංශයට ගන්න දෙපාරක් හිතනවා.
මෙහෙ මනුස්සයෙක් රස්සාවට ගිහාම තමුන්ගේ විශාම වැටුප ගැන සැකිලිමත් වෙන්න ඕන. රැකියාවේ රක්ෂණය ගැන සැලකිලිමත් වෙන්න ඕන (රස්සාවෙන් අයින් කරොත් අවුරුද්දක් වත් සල්ලි හම්බවෙන විදියක්). Heath insurance coverage ගැන බලන්න ඕනේ. ඒවා ගැන සැහීමකට පත් වෙන්නේ බැරිනම්, සැලසුමක් ඇතිව වෙන රස්සාවක් හෙමිහිට බලන්න ඕනේ. අනාගතය සැලසුම් නොකරොත් අමාරුවේ වැටෙන්න වෙන්නේ. එකට බරක් ඔබාමා ට බැනල වැඩක් නැහැ. තමුන්ගේ අනාගතේ තියෙන්නේ තමුන්ගේ අතේ.
(2) මෙහෙට එන ගොඩක් දෙනෙකුට ඉහල අද්යාපන සුදුසුකම් තිබෙනවා. විශ්මය ජනක කරුණ තමයි සැලසුමකට පිළිවෙලකට වැඩ කරන්න දන්නේ නැහැ. ඒ නිසා අසාර්ථක වෙනවා.
(3) අසුබවාදී සිතුවිලි.
(4) අනාගතය සැලසුම් නොකිරීම
ළමයි හදන එක දෙමව්පිය මත තමයි තීරණය වෙන්නේ. ළමයින් ලොකු උනාම, බැන්දහම උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දෙන්න ඕනේ. ඒගොල්ලෝ ලෝකේ තමුන්ගේ අවස්ථා හොයාගෙන යාවි . කිලෝමීටර් දහස්ගනම් ඇත නගරවලට යාවි. දෙමව්පියෝ විදියට ළමයින්ගේ පස්සේ යාම කරන්න බැරි දෙයක්. ප්රයෝගික නැහැ. එක මහා පිස්සු වැඩක්.
මෙහෙ ළමයි වැඩ කරන්න පුළුවන් වයසේදී පොඩි පොඩි රස්ස්වල් කරනවා (odd jobs) . මම දැකල තියෙනවා දෙමව්පියන් දෙදෙනාම $200,000 රස්ස්වල් කරත් ළමයි රෙස්ටුරෙන්ට් වල වැඩ කරනවා. හේතුව financial independent වෙන්න උවමනාව නිසා. මෙතැනදී කොහොමද කඩේට එන customers ලට සලකන්නේ, ඉහල management එකත් එක්ක වැඩ කරන්නේ කොහොමද? අනාගතේ කොහොමද සැලසුම් කරන්නේ කියන වටිනා දේවල් ඉගෙන ගන්නවා. නැතිනම් ලොකු රස්සාවට ගිහාම customers ලා බල්ලොන්ට වගේ සලකන්නේ.
උත්සහවත්තයින්ට ඇමෙරිකාව කියන්නේ කැනඩාවට වඩා හොද තැනක්. ඉබ්බා දියේ දැම්ම වගේ. තමුන්ගේ ජීවිතයේ අපේක්ෂා මහන්සියෙන් ගොඩ දාගන්න පුලුවන් තැනක්. හැබැයි “ලැබෙන දෙයින් කල බීල සන්තොසයින් ඉන්න” මානසිකත්වයෙන් ඉන්න අයට ලංකාව තමයි ලෝකේ තියෙන හොදම තැන.
ගොඩක් දේවල් තව තියෙනවා. අත රිදෙනවෝ!

Last edited: