ඉතාලි අත්වැලක්

juroshan

Well-known member
  • Jan 11, 2008
    1,189
    107
    63
    colombo 5
    ඉතාලි අත්වැලක්

    කඩා වැටෙමින් ඇති ඉතාලි ආර්ථිකය හමුවේ රැකියා විරහිත භාවය උග‍්‍ර ලෙස ඉහළ යමින් පවති. 2011 වර්ෂයේදී පමණක් රැුකියා අහිමි වූ තරුණ ප‍්‍රතිශතය සියයට විසි අටකි.
    ඉතාලියේ සිටින අති විශාල ශ්‍රී ලාංකිකයෝ පිරිසක්ද රැකියාවක් සොයා ගැනීමට නොහැකිව ළතැවෙති. මෙවන් පසුබිමක ඉතාලියේ වෙනටෝ හා එමිලා රොමග්නා දෙපළාතේ රැුකියා නොමැති ශ්‍රී ලාංකික තරුණයන් හට රැුකියා සොයා දෙමින් ඔවුන්ට පිහිට වන ආදර්ශමත් ශ්‍රී ලාංකිකයෙක් සිටිති. ඔහු නමින් නාලක පෙරේරායි (29).
    ඉතාලියේ ප‍්‍රධාන පෙලේ කර්මාන්ත සමාගම් සඳහා සේවකයින් සැපයීමේ මධ්‍යම පරිමාණයේ රැකියා ඒජන්සියක් ඔහුට අයත්ය. මේ වන විට නාලක පෙරේරාට අයත් රැකියා ඒජන්සිය යටතේ සේවකයෝ 150ක පිරිසක් සිටිති. සිය දෙනකු ශ්‍රී ලාංකිකයින් වන අතර සෙස්සෝ ඉතාලි රුමේනියා මොරොක්කෝ රටවලට අයත් වූවෝය.
    තමා 2004 වර්ෂයේදී පටන් ගත් රැකියා ඒජන්සිය යටතේ 2008 වර්ෂය වන විට 250ක පිරිසකට රැුකියා සොයා දුන් බවත් එම වර්ෂයේදී බොලොඤ්ඤා නගරයේ කෝප් වෙළෙඳසැල් සමූහයට අයත් ගබඩාවේ සේවය කළ ශ්‍රී ලාංකික සේවකයින් හැත්තෑ දෙනකු විස්කි සොරකම් කොට ඉතාලි පොලිසියට අසුවීමත් සමග තමාට සිදුවූ ලැජ්ජාව මත රැකියා ඒජන්සිය වසා දැමූ බවත් නාලක පැවසීය. නිහඬතාවයකින් පසුව ඔහු විසින් මෑතදී නැවත පටන්ගත් රැකියා ඒජන්සිය යටතේ මේ වන විට 150ක පිරිසක් සිටිති. ඉදිරියේදී මාන්තොවා නගරයේ අලූතෙන් පටන් ගන්නා කර්මාන්ත සමාගම් කිහිපයකට සේවකයින් දෙසියයක් සැපයීමේ කොන්ත‍්‍රාත්තුවද ඔහුට ලැබී ඇත


    Gaththe meken
    http://www.lankadeepa.lk/index.php/articles/42372
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Italy, UK, Spain, France, Portugal ඔක්කොම වැටිලා තියෙන්නෙ..
    හැබැයි Germany තාම කෙලින් ! (යුරෝපෙ ගෑනියෙක් පාලනය කරන එකම රට :P)
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    නාලක පෙරේරා ගේ පොඩි ඇඩ් එකක් දාලා වගේ නේද :P:P