ඉතාලි_හරක්‍

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    පපුවේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් රෝහල් ගතවූ පුද්ගලයෙකුට ඉන් දින දෙකකට පසුව කොරෝනා වෛරසය වැළදී ඇති බවට අනාවරණ වීම හේතුවෙන් රාගම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 1 දෙනෙක් ස්වයං නිරෝධායනය කිරිමට සිදුවූ බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා සඳහන් කර සිටිනවා.

    ජා-ඇල ප්‍රදේශයේ පදින්චිකරුවෙක් වන මෙම රෝගීයා පසුගිය 17 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී පපුවේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් රාගම රෝහලට ඇතුල්වී තිබෙනවා.

    මෙහිදී එම රෝගියා තමන් ගේ රෝගය සම්බන්ධයෙන් වෛද්‍ය විමසීම් වලදී ඔහු ඉතාලියේ සිට පැමිණි බවට ප්‍රකාශ නොකට එය වසන් කර ඇත.

    රෝහලේ 15 වන වාට්ටුවට ඇතුලත් කර තිබු එම රෝගියා ඉන් දින දෙකකට පමණ කැස්ස සහ උණ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර පසුව වෛද්‍යවරුන් ඔහුගේ රෝග ලක්ෂණ සම්බන්ධයෙන් සැක සිතී සිදුකළ විමසීමේදී තමන් ඉතාලියේ සිට මෑතකදී ලංකාවට පැමිණ ඇති බවට හෙළිකර ඇත.

    ඒ සමගම වෛද්‍යවරුන් එම රෝගියාගේ සාම්පල් කොරෝනා පරික්‌ෂණය සඳහා යොමු කොට ඇති අතර එම වාර්තා අනුව ඔහුට වෛරසය වැළදී ඇති බව ඊයේ තහවුරු වී ඇත.

    මෙම රෝගියා දින දෙකක් රෝහල තුල නේවාසිකව සිට ඇති අතර එම කාලය තුලදී රෝහල තුල ඇවිදමින් වීවීධ පුද්ගලයින් සමග කතා කරමින් සිට ඇති බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර සිටියේ.

    මෙලෙස කොරෝනා වෛරසය වැළදුණු පුද්ගලයාට ප්‍රතිකාර සිදුකළ සහ ඔහුට උපස්ථාන කළ රෝහල් සේවකයින් ඇතුළු 15 දෙනෙක් මේ වන විට ස්වයං නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ඇති බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

    " මේ රෝගීයා කොහේ කොහේ ඇවිද්දද කාත් එක්ක ඇසුරු කළාද කියා අපි සොයමින් ඉන්නවා. අඩුම වශයෙන් මේ රෝගියා ඉතාලියේ සිට පැමිණියා කිව්ව නම් අපි ඔහුව අනෙක් රෝගීන් ගෙන් වෙන් කරනවා. ඔහු ඇතුලත් කරලා තිබුනේ සාමාන්‍ය වාට්ටුවකට. මේ රෝගියා අඩුම වශයෙන් රෝහල් ගත වුනාට පස්සේ හරි අපිට කිව්ව නම් අපි අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නවා. නමුත් ඔහුගේ ආත්මාර්ථකාමී ක්‍රියාව නිසා අද රෝහල් කාර්ය මණ්ඩලය විතරක් නෙමෙයි ප්‍රතිකාර ගන්න ආපුගොඩක් දෙනෙක් වෛරසයට ලක්වීමේ අවධානමට ලක් වෙලා" රෝහල් අධ්‍යක්ෂක ෂෙල්ටන් පෙරේරා කියා සිටියා.
     

    AlinAli

    Junior member
  • Mar 6, 2016
    110
    12
    18
    උබට නිකන් හිතන්න පුලුවන්ද මේවගෙ ආන්ඩුවක් කොහොමද කොටි පරාජය කලේ කියල.මේ අවස්තාවෙ පට්ටම මරි මෝඩ වැඩ නෙ මුන් කරන්නෙ.බන්දුලගෙ කට ඇරියම රටම පාලුවෙනවා.

    ඉතාලි හරි කොහෙ හරි ඉදල ආපු අය මේ සුමානෙ 16 වෙනිද ඉදල්වත් පොලිස් ඇදිරි නීති දාල හොයාගන්න තිබ්බ දින තුනකින්. එහෙම 16වෙනිද ඉදල්වත් ඕක කලානම් කොරෝන මූලික සෙට් එකේ අය ට්‍රේස් කරගන්න තිබ්බ,දැන් වෙලා තියෙන්නෙ.මුල් කට්ටියගෙන් දෙවන පෙලටත්,දෙවෙන පෙලෙන් තුවෙනි පෙලටත් ගිහිල්ල වෙන්න පුලුවන්.මොකද මිනිස්සු ඇවිදිනව.පුත්තලමෙ එකා කොළඹ එනවා..නමුත් ආන්ඩුවට මූලික වෙලා තිබ්බෙ මොකා මලත් 19 වෙනිද නාමයෝජනා බාරගෙන ඉන්පස්සෙ කොරෝන පශෙනට මුල් තැනක් දෙන්න.ඒකයි මේ ප්‍රශ්නෙ උඩුදුවන්න ලොකුම හේතුව.

    දැන් ඉස්තාලෙ වහන්න යන්නෙ අස්සයො පැනල ගියාට පස්සෙ.නිකමට බලන්න ඊයෙ අර ගහපු චක්‍රලේකෙ.ඒක අන්ජබජල්.මේක සෞඛ්ය ප්‍රශ්නයක් නිසා කාර්සසාදක බලකායට තීරන ගන්න මීට වඩා දොස්තරල ගොඩක් අරන් ඒ අයගෙ පලපුරුද්ද යොදාගන්න තිබ්බ.ආන්ඩුවට ආස වෙලාවලටයි ආන්ඩුවට ජොලි හිතෙන වෙලාවලයි ඇදිරිනීති දාල මේක හරියන් නෑ..