...ඉතිං -[වනචාරී සමාජය ඇවිත් එළිපත්ත ට
...ඉතිං
ප‍්‍රජාතන්ත‍්‍රවාදය කුමට
සුරකිනවා නම් රාජාණ්ඩු
පතනවා නම් හමුදා ආණ්ඩු
අපි අපිම
මර්ධනයට බෙරිහන් දෙනු කුමට
හදිසි නීති - දණ්ඩන නීති
ඉල්ලනවා නම් රට පාලනය ට
අපි අපිම
මාධ්‍ය නිදහස කුමට
පමණ දැනගෙන ලියන්නැයි
දොස් කියනවා නම් ලේඛකයින් ට
අපි අපිම
වාරණයට එරෙහිවනු කුමට
රැඟුම් පාලක කතුරු මණ්ඩල
උවමනා බව කියනවා නම් කලාව ට
අපි අපිම
නිදහස් අධ්‍යාපනය කුමට
සිසු අරගල අතහැර
ඉගෙනීමට බලකරනවා නම් දරුවන් ට
අපි අපිම
උද්ඝෝෂණ වර්ජන කුමට
‘දුප්පත්කමත් අපේ කරුමෙට’
හිත හදා ගන්නවා නම් නිහඬව
අපි අපිම
අල්ලස් දූෂණ කොමිසම් කුමට
හැමදාම නොවැරදීම
බලයට ගේනවා නම් වංචාකරුවන් ව
අපි අපිම
ස්වාධීන අධිකරණය කුමට
තැනින් තැන හමුවන මළමිනී දැක
සාධාරණීය කරනවා නම් ඝාතන
අපි අපිම
කවි ලියනුයෙ කුමට
සටන් කරනුයෙ කුමට
වනචාරී සමාජය ඇවිත් එළිපත්ත ට
දැං ඉතිං බලං ඉමු
අපි අපිම
මහේෂ් මුණසිංහ
2009 11
...ඉතිං -[වනචාරී සමාජය ඇවිත් එළිපත්ත ට]
...ඉතිං
ප‍්‍රජාතන්ත‍්‍රවාදය කුමට
සුරකිනවා නම් රාජාණ්ඩු
පතනවා නම් හමුදා ආණ්ඩු
අපි අපිම
මර්ධනයට බෙරිහන් දෙනු කුමට
හදිසි නීති - දණ්ඩන නීති
ඉල්ලනවා නම් රට පාලනය ට
අපි අපිම
මාධ්‍ය නිදහස කුමට
පමණ දැනගෙන ලියන්නැයි
දොස් කියනවා නම් ලේඛකයින් ට
අපි අපිම
වාරණයට එරෙහිවනු කුමට
රැඟුම් පාලක කතුරු මණ්ඩල
උවමනා බව කියනවා නම් කලාව ට
අපි අපිම
නිදහස් අධ්‍යාපනය කුමට
සිසු අරගල අතහැර
ඉගෙනීමට බලකරනවා නම් දරුවන් ට
අපි අපිම
උද්ඝෝෂණ වර්ජන කුමට
‘දුප්පත්කමත් අපේ කරුමෙට’
හිත හදා ගන්නවා නම් නිහඬව
අපි අපිම
අල්ලස් දූෂණ කොමිසම් කුමට
හැමදාම නොවැරදීම
බලයට ගේනවා නම් වංචාකරුවන් ව
අපි අපිම
ස්වාධීන අධිකරණය කුමට
තැනින් තැන හමුවන මළමිනී දැක
සාධාරණීය කරනවා නම් ඝාතන
අපි අපිම
කවි ලියනුයෙ කුමට
සටන් කරනුයෙ කුමට
වනචාරී සමාජය ඇවිත් එළිපත්ත ට
දැං ඉතිං බලං ඉමු
අපි අපිම
මහේෂ් මුණසිංහ
2009 11
...ඉතිං -[වනචාරී සමාජය ඇවිත් එළිපත්ත ට]
