ඉතියෝපියාවේ යුද්ධය උත්සන්න වේ

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    11,589
    12,098
    113
    Gotham City
    රටක් හැදෙන කොට වට්ටන්න රටවල් 100ක් ඉන්නවා
    ඔය දේම කටාර් වලටත් උනා.
    උන් ගැහැව්වා එයාර්පොර්ට් එක මැදපෙරදිග එකම තරු 5 එයාර්පොර්ට් එක.
    කටාර් එයාර්වෙස් ලොකෙ අංක 1
    අල් ජසීරා ලොකෙම ෆේමස් චැනල් එකත් ඒකත් කටාර් වල.
    ෆිෆා වර්ල්ඩ් කප් එක ආසියානු මහද්වීපෙ 1 වතාවයි තිබ්බෙ, එකත් දකුණු කොරියාව ජපානෙ සෙට් වෙලා.
    ආසියානු මහද්වීපෙ තනි රටක් ෆිෆා වර්ල්ඩ් කප් එක ඔර්ගනයිස් කරන්නෙ පළවෙනි වතාවට.
    ඒ කටාර්. අච්චර ප්‍රභල සෞදියටවත් දුන්නෙ නැහැ .
    ඉතිං වුණෙ මොකක්ද 2017 දි ඩුබායි ,සෞදි ,ඊජ්පිට් උන් කටාර් වලට බ්ලොකෙඩ් එකක් දැම්මා.හේතුව කටාර් ඉරානෙ එක්ක යන නිසා සහ ත්‍රස්තවාදයට සපොර්ට් නිසා.
    එත් හරි හේතුව ඉරිසියාව .
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    3,715
    6,532
    113
    ඇමරිකාවෙ විතරක් නෙමෙ බන් ඔනිම රටක ඔව්වා තියෙනවා.
    එත් ජාත්‍යන්තර මාධ්‍ය වලට ඇමරිකාව යුරොපය සුරපුරයක් ,අනික් රටවල් අපායක් .
    වැඩිය ඔනි නැහැ අපි කවුරුත් යන්න හදන ඔසී වල බොගන් පොරවල් ඉන්නෙ ? මුඩුක්කු ටයිප් නෙ ?
    අනික ඔසි වල ඇබොරජින්ස් ලායි ඔසියොයි වලි තියෙනවා ඔනි තරම් .
    එව්වා අපිට වාර්තා වෙන්නෙ නැහැ .
    ඇමරිකාව ඉතිං දැක්කානෙ ?
    යුරොපෙත් ජනවාර්ගික ගැටලු තියෙනවා
    ස්පාඤ්ඤයෙ කැටලොනියාව වෙනම රාජ්‍යක් විදියට උන් ඉල්ලනවා.
    බ්‍රිතාන්‍යයෙ ස්කොට් ලන්තෙ උන් වෙනම රාජ්‍යක් විදියට ගේම ඉල්ලනවා.
    ජර්මනියෙ ඊස්ට් ජර්මන් වල සමහරක් උන් තාම ඉන්නෙ අන්තවාදී සීන් එකෙ.
    එතකොට බෙල්ජියමෙ ප්‍රංශ කතා කරන උන් වැඩි දකුණු පැත්තෙ.
    උතුරෙ ඉන්නෙ ඩච් කතා කරන උන් බහුතරය.
    ඉතිං උන් අතරත් බෙදීම් තියෙනවා.

    ස්වීඩන් වල ගැටුම් තියෙනවා
    ඒ වගෙම චීනෙ ටිබෙට් එක්ක වලි ,ශිංජියැන් ප්‍රන්තෙ මුස්ලිම් උන් එක්ක වලි.
    රුසියාව ක්‍රයිමියා ප්‍රශ්ණය තියෙනවා.

    ලොකෙ ජනවාර්ගික ගැටුම් නැත්තෙ (තිබුණත් නැහැ වගෙ තියෙන්නෙ )
    ගල්ෆ් රටවල් වල විතරයි .
    හේතුව උන්ගෙ නීති තදයි .
    සහ පිටින් එන උන්ට සිටිසන් දෙන්නෙ නැහැ.
    උන්ගෙ රටෙ ලොකල් එවුන්ට පවර් එක තියෙනවා සල්ලි තියෙනවා.

    ඉන්දියන් -පක්කො මළ උනත් උන් ගේම ඉල්ලන්නෙ නැහැ.
    හේතුව නීතියෙන් ගහගැනීම තහනම් .
    ඒ වගෙම අපාරධ අගය අඩුත් ගොඩක්ම ගල්ෆ් රටවල් වල.
    කටාර් වතාවක් ඉන්ඩෙක්ස් උනා ආරක්ෂිතම රට කියලා.

    අනිවා මචන්.
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,208
    113
    Sri Lanka
    එකඟයි මචන්. මුන්ගේ ප්‍රාන්ත ගොඩක් තියෙනවා, එක එක ඒවායේ ඉන්නේ එක එක ජාති. හැම එකකම වගේ ප්‍රශ්න තිබිල තියෙනවා. මිට මස කීපෙකට කලින් ඔරෝමෝ කියල වෙන ප්‍රන්තෙක ජාතිවාදී ගැටුමකින් 100 ගානක් මැරිලා. වැඩිය ප්‍රවුර්ති වල ගියේ නෑ. ඒ කොහොම වුනත් මේ වගේ කෙලින්ම යුද්දයක් 1990 ගණන් වලින් පස්සේ තිබ්බේ නැහැ. දැන් අල්ලපු එරිට්‍රියාවටත් ගහල. උනුත් එන්ටර් වෙයි වගේ.

    මුන්ගේ කලින් හිටපු ආණ්ඩුව දැන් ප්‍රශ්නේ තියෙන tigray ප්‍රන්තේ උන්. උන්ව පරද්දල තමයි දැන් ඉන්න අගමැති ඇවිල්ල තියෙන්නේ. කලින් හිටපු උන්ගේ අක්‍රමිකතා හොයා හොයා හිටිය එකට මලක් තිබ්බ කියලත් තියෙනවා. කෙස් ගොඩයි.

    මම ඔය ජනවාර්ගික ප්‍රශ්න පුදුම ගොඩක් දැක්ක තැනක් අප්‍රිකාව. ලෝකේ කොහෙවත් නැතුව ඇති මේ අප්‍රිකා රටවල තියන ජනවාර්ගික ගැටුම්. රට ඇතුලෙම ඉන්න උන් එකිනෙකා මරා ගන්නවා සත්තු වගේ. එක්කෝ ආගමට. නැත්තන් ජාතියට. නැත්තන් මොකක් හරි පොලිටිකල් බෙදීමක්. කැරලි කාරයොයි කල්ලි ගැහිලා පුදුම මරා ගැනිල්ලක්. ඊටපස්සේ සරණාගත කඳවුරු හැමතැනම. එකනේ අර රටක සවර්ධනයට බලපාන හේතු විදිහට මිනිසුන්ගේ මානසික තත්වය පවා ඇතුලත් කරලා තියෙන්නේ. ජනවාර්ගික, ආගමික ගැටුම් එක්ක යන ජනතාවක් ඉන්න රටක් කිසි දවසක සංවර්ධිත රටක් වෙන්නේ නෑ. අපිටත් අඩු වැඩි වශයෙන් ඔය සේතේම තමයි.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    3,715
    6,532
    113
    මම ඔය ජනවාර්ගික ප්‍රශ්න පුදුම ගොඩක් දැක්ක තැනක් අප්‍රිකාව. ලෝකේ කොහෙවත් නැතුව ඇති මේ අප්‍රිකා රටවල තියන ජනවාර්ගික ගැටුම්. රට ඇතුලෙම ඉන්න උන් එකිනෙකා මරා ගන්නවා සත්තු වගේ. එක්කෝ ආගමට. නැත්තන් ජාතියට. නැත්තන් මොකක් හරි පොලිටිකල් බෙදීමක්. කැරලි කාරයොයි කල්ලි ගැහිලා පුදුම මරා ගැනිල්ලක්. ඊටපස්සේ සරණාගත කඳවුරු හැමතැනම. එකනේ අර රටක සවර්ධනයට බලපාන හේතු විදිහට මිනිසුන්ගේ මානසික තත්වය පවා ඇතුලත් කරලා තියෙන්නේ. ජනවාර්ගික, ආගමික ගැටුම් එක්ක යන ජනතාවක් ඉන්න රටක් කිසි දවසක සංවර්ධිත රටක් වෙන්නේ නෑ. අපිටත් අඩු වැඩි වශයෙන් ඔය සේතේම තමයි.

    ඔව් බන්.

    ලෝක සෞක්‍ය සංවිදානයේ (WHO එකේ ) ලොක්ක Tedros Adhanom Ghebreyesus ට ඉතියෝපියානු රජයෙන් කේස් ඇදල. හෙන චෝදනා ගොඩක් කරලා. ඔහු හිටපු ඉතියෝපියානු විදේශ ඇමති. හැබැයි ඔහු ටිග්රේ ජාතිකයෙක්. දැන් ප්‍රශ්න ඇවිල්ල තියෙන්නෙත් ටිග්රේ ප්‍රාන්තයේ.

     
    • Like
    Reactions: shenic88