ඉතිහාසයටත් මග හැරුණු රාජාධි රාජසිංහ රජතුමා

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    මේ කතා සෙට් එකේ අන්තිම උඩරට රජු විදියට රාජාධි රාජසිංහ රජුගෙන් ඉවර වෙනවා.. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ගැන කලින්ම කියලා තියනවා

    Copied https://archive.roar.media/
    ඉතිහාසයේ රජවරු අතුරින් වැඩිපුරම කියවෙන්නේ නැති රජකෙනෙක් විදියට හැදින්වෙන රාජාධි රාජසිංහ රජතුමන් ගැනයි අපි අද කියන්න යන්නේ, මොකද ඉතිහාසයට මග හැරුණත් ශ්‍රී රාජාධි රාජසිංහ රජතුමන් කියන්නේ කන්ද උඩරට ඉතිහාසයේ සලකුණක් තැබූ රජකෙනෙක්.


    රාජාධි රාජසිංහ රජතුමා (Wikipedia)

    රාජාධි රාජසිංහ රජතුමන්ගේ ළමා කාලය

    කුඩා කල පටන් කන්ද උඩරට හැදී වැඩුණු හෙයින් ශ්‍රී රාජාධි රාජසිංහයන් උඩරැටියෙකු ලෙසින් හැදී වැඩුණු බවත් එවකට මල්වතු විහාරයේ නායක හිමියන්ගේ දක්ෂතම ශිෂ්‍යයෙකු වූ බවත් බවත් ඉතිහාසයේ ලියවී තියෙනවා. භාෂා බොහොමයක් උගත් රාජාධි රාජසිංහයන් කාව්‍ය රසිකයෙකු මෙන්ම දක්ෂ කවියෙක් ද වෙලා තියෙනවා. කොහොම නමුත් කිර්ති ශ්‍රී රාජසිංහ රජතුමන්ටත් දරුවන් නොහිටපු නිසාවෙන් ඔහුගෙන් අනතුරුව 1782 දී රජකමට පත් වෙන්නේ මේ ශ්‍රී රාජාධි රාජසිංහ රජතුමන්. ඒ උඩරට තුන්වන නායක්කර් රජතුමන් විදියට.

    රාජාධි රාජසිංහ රජතුමන්ගේ ආගමික ලැදියාව


    කරතොට ධර්මාරාම හාමුදුරුවෝ සහ රාජාධි රාජසිංහ රජතුමා (danulawickramaarachchi.weebly.com)

    කිර්ති ශ්‍රී රාජසිංහ රජතුමන් ඇති කල ශාසනික ප්‍රබෝධය තමන්ගේ රාජ්‍ය කාලයේ දී ද ඒ විදියටම පවත්වාගෙන යන්න කටයුතු කල ශ්‍රී රාජාධි රාජසිංහ රජතුමන් නිතිපතා දළදා පුජා පවා පවත්වමින් මහා සංඝයා විෂයෙහි පැවැත්වූ දන් වැට ද එලෙසින්ම පවත්වාගෙන යන්න කටයුතු කරලා තියෙනවා. කිර්ති ශ්‍රී රාජසිංහ රජතුමන්ගේ රාජ්‍ය කාලයේ දී සියමෙන් ලක්දිවට වැඩම කොට නැවත උපසම්පදා කර්මය ඇති කල උපාලි නම් මහා තෙරුන්ව රාජාධි රාජසිංහ රජතුමන් විසින් වැඩම කරවලා සෙංකඩගල නුවර දකුණු දෙසින් වූ පුෂ්පාරාම නම් විහාරයේ වාසය කරවා , එහිදී ඥත්තිදුතිය නම් විනය කර්මයක් ද සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසුවා කියලයි කියවෙන්නේ. ඉන් අනතුරුව පුෂ්පාරාමයේ පෝය ගෙය යලිත් ගොඩනංවලා සිව් දිග මහා සංඝයා වහන්සේලාට පුජා කල බවත් සඳහන්.

    ඒ වගේම ශ්‍රී රාජාධි රාජසිංහ රජතුමන් එක් රාත්‍රියක පහන් ලක්ෂයක් දල්වලා දළදා හාමුදුරුවන් පුදන්න කටයුතු කරලා තියෙනවා. තමන්ගේ ශරීර ප්‍රමාණයට ලෝහමය බුද්ධ ප්‍රතිමාවක් ද කරවලා තියෙන රජතුමන් ගංගාරාම විහාරයේ දැකුම්කළු චෛත්‍යයක් ද ගොඩ නංවලා තියෙනවා. වාර්ෂික ව මහා කටින පූජෝත්සව පැවැත්වීමට මෙතුමන් කටයුතු කරලා තියෙනවා. මෙවැනි බොහෝ ආගමික කටයුතු වලට උර දීලා තියෙන ශ්‍රී රාජාධි රාජසිංහ රජතුමන් දැහැමි රජ කෙනෙක් කියලා ආයෙත් කිව යුතු නැහැ.

    රාජාධි රාජසිංහ රජුගේ සාහිත්‍යයට තිබු ඇල්ම

    රාජාධි රාජසිංහ රජතුමන් නායක්කර් වංශික රජෙකු වුනත් සිංහල රජ කෙනෙකුටත් වඩා පාලි සංස්කෘත සිංහල භාෂා ගැන අපුර්ව දැනුමක් තිබු කෙනෙක්. අසදෘස මහා ජාතක කාව්‍යට සිංහල සන්නස ලියලා තියෙන්නේත් මේ රාජාධි රාජසිංහ රජතුමන්මයි.

    රාජාධි රාජසිංහ රජුගේ රාජ්‍ය ප්‍රතිපත්ති

    රාජාධි රාජසිංහ රජතුමන්ගේ කාලය හෙළදිවට දේශපාලනික වශයෙන් වැදගත් වූ කාලයක්. ඒ කාලයේ දී ඉංග්‍රීසින්ගේ බලපෑම් විතරක් නෙවෙයි, උඩරට අල්ලගන්න වෙර දරන ලන්දේසින් සේම ත්‍රිකුණාමල වරාය අල්ලාගන්න වෙර දරන ප්‍රංශ ජාතිකයන්ගෙනුත් විවිධ බලපෑම් එල්ලවූ කාලයක්. ඒ වගේම මේ ත්‍රිකුණාමල වරාය අල්ලාගන්නට බ්‍රිතාන්‍යයන් සහ ප්‍රංශ ජාතිකයන් යුධ වැදුනේ ද මේ කාලයේදීයි.

    1791 දී රාජාධි රාජසිංහ රජතුමන් විසින් උඩරට ආරක්ෂා කරගැනීම සඳහා දේශසිමා වලට ආරක්ෂක හේවායින් යෙදෙව්වා. එය දැන ගත්තු පහතරට පාලනය නතුකරගෙන සිටි ලන්දේසින්ද ඔවුන්ගේ දේශ සීමාවන් වලට ආරක්ෂක භටයන් යෙදෙව්වේ උඩරටින් පැමිණ පහතරට අල්ලාගනිවී කියන බයෙන්.

    පසුව ඇතිකරගත් සම්මුතියකට අනුව දෙපිරිසම දේශසීමා වල උන්නු ආරක්ෂකයන් ඉවත් කරගත්ත ද එකල හැම මොහොතකම රජුගේ රාජ්‍ය බලය බිඳ දැමීම සදහා මාන බලමින් සිටි පිළිමතලව්වේගේ ඔත්තුවක් නිසාවෙන් ලන්දේසින් සහ උඩරට රජු අතර ආයේ හිත් අමනාපකම් ඇති වුනා, පිළිමතලව්වේ විසින් ලන්දේසින් වෙත දෙන ලද ඔත්තුව නිසාවෙන් ලන්දේසින්ට විරුද්ධව කටයුතු කිරීම සදහා රාජාධි රාජසිංහ රජු ප්‍රංශ ජාතිකයන් වෙත යවන ලද රහස් හසුනක් ලන්දේසින් විසින් මගදී අත්පත් කරගනු ලැබුවා.

    කොහොම නමුත් ඔය කාලේදී බ්‍රිතාන්‍යයෙන් නියෝජිතයෙක් එනවා රාජාධි රාජසිංහ රජුව හම්බවෙන්න, ඒ ලන්දේසින් රටෙන් එළවලා දාන්න සහයෝගය ඉල්ලගෙන. නමුත් දුරදිග කල්පනා කරන රාජාධි රාජසිංහ රජු එයට කැමති වෙන්නේ නැහැ.

    ඉංග්‍රීසිගේ අරමුණ වුනේ මුළු ලංකාවම අල්ලාගැනීම වන නිසාවෙන් කවදාහරි උඩරටත් බලපෑම් කරාවි කියන දේ රජු හිතන්නට ඇති. කොහොම නමුත් රජුගේ අනුදැනුමකින් තොර ඉංග්‍රීසින් ලන්දේසින් සමග යුද වැදිලා ලංකාවම අල්ලා ගන්නවා. කොහොම නමුත් උඩරටට ඊළගට ඉංග්‍රීසින් ඒවි කියන සැකය තිබුන නිසා උඩරට හමුදා සන්නද්ධව තියාගන්න රජු කටයුතු කළා. නමුත් ඉංග්‍රීසින් සුදුසු කාලය එළඹෙන තෙක් නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරා.

    රාජාධි රාජසිංහ රජුගේ මෙවැනි රාජ්‍ය ප්‍රතිපත්ති රැසක් ඉතිහාසයේ දක්නට ලැබෙනවා. රාජාධි රාජසිංහ රජු ලේසියෙන් කිසිවෙකුට නැමෙන රජෙකු උනේ නැහැ. තීරණයක් ගත්තත් ඒ බොහෝ හිතා බැලීමෙන් අනතුරුවයි කියලා තමයි ඉතිහාසයේ පෙන්වා දෙන්නේ.

    රාජාධි රාජසිංහ රජුගේ අභාවය

    1798 ජුලි මාසේ 28 වැනි දා දවසක රාජාධි රාජසිංහ රජුගේ මරණය සිදු උනා කියලා ඉතිහාස පොත් වල ලියවුනත් ඒ ඉතිහාසයේම තවත් අතුරු කතාවකුත් ලියවෙනවා. එනම් බලලෝභයෙන් මත් වුන පිළිමතලව්වේ සහ රජු හදාවඩා ගත්තු රජුගේ ඥාති පුත්‍රයා වූ කන්නාසාමි කුමාරයාගේ කුමන්ත්‍රණයක් නිසා රජුව බොරු වලක වට්ටවා මරා දැමුවායි කියන කතාව.

    ඒ වගේම රජුගේ මරණය සිදු වී දින ගණනාවකට පසුව ඒ ගැන රටට දැනුම් දෙන්න පිළිමතලව්වේ කටයුතු කරලා තියෙනවා. ඒ ඊලග රාජ උරුමය වෙනුවෙන් කන්නසාමි කුමාරයාගේ නම ස්ථිර වන තෙක්.

    කොහොම නමුත් රාජාධි රාජසිංහ රජුගේ අභාවයෙන් පසුව මේ කන්නසාමි කුමාරයා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු නමින් රජ වෙනවා. ඒ වගේම පසුකාලිනව මේ කන්නසාමි කුමාරයා එහෙම නැත්තම් මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිමතලව්වේගේ හිස ගසා මරාදමනවා.

    මේ සියලු මරණ වලට මුලිකම කරුණ වෙන්නේ බල ලෝභය. ඒ වගේම ඉතිහාසයේ ලියවෙන තවත් අපුරු කතාවක් තමයි පිළිමතලව්වේ යනු කන්නසාමි කුමාරයාගේ පියා කියන කතා.

    කොහොම නමුත් බල ලෝභයෙන් මුසපත් උන ශ්‍රී වික්‍රම රාජසිංහ තමන්ගේ පියාණන්ව සහ තමන් හදාවඩා ගත් තමන්ගේ සුළු පියාණන් ව මරා දැමුවා සේම රාජාධි රාජසිංහ රජුගෙන් අනතුරුව ලංකාවේ රජු විදියට රජ වෙනවා.

    Copied https://archive.roar.media/
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,848
    26,267
    113
    output.png