ඉතිහාසයෙන් වසං වූ වැදි කැරැල්ල

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,407
    100,339
    113
    බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයවාදීන්ට එරෙහිව මෙරට ජනතාව නිදහස උදෙසා, ක්‍රි.ව. 1818 සහ 1848 වසර වලදී සිදුකළ ප්‍රධාන අරගල ද්විතවයකි. ඒ අතර ක්‍රි.ව. 1820 දී සිදුවූ අරගලය මෙරට ඉතිහාසයෙන් වසං වූවකි.

    එයට හේතුව කෙටි කාලයක් තුල එය ව්‍යර්ථ වීමත්, වැදි ජනතාව එහි ප්‍රමුඛ කාර්යයක් ඉටු කිරීමත් වන්නට පුළුවන. නමුත් 1818 කැරැල්ලේදී සේම මෙවරත් රජෙකු රාජාභිෂේක ගන්වන්නට ස්වදේශීක ජනතාව කටයුතු කිරීම විශේෂත්වයකි.

    එසේ පත් කරගත් රජු විමලධර්ම නරේන්ද්‍රසිංහ නමින් හඳුන්වා ඇත. මොහු හේවාහැට ප්‍රදේශයේ උපන් බඹරගම කුමාරස්වාමි නමින් හැඳින් වූවකි. 1818 කැරැල්ලේදී රාජ්‍යත්වයට පත් කල විල්බාවේ ශ්‍රී වික්‍රම සර්වසිද්ධි ට පෙර, මොහු අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධිය අසල දී රාජ්‍යත්වයට තෝරාගත් බවත් පසුව සිරගත වූ නිසා විල්බාවේ රාජ්‍යත්වයට පත් කරගත් බවත් කියවෙයි.

    මෙම සටනේ දී සෙන්පති ධූරය දරණ ලද්දේ මහවේ දිසාවේ, කුරුණෑගල මහව ප්‍රදේශයේ උපත ලැබූ, 1818 කැරැල්ලටද දායකත්වය ලබා දුන්නෙකි. ඔහු වැල්ලව දිසාවේ සමඟ විමලධර්ම නරේන්ද්‍රසිංහ රජුට එක් වන්නේ විශාල වැදි ජන සේනාවක් සමඟනි.

    එය සිදුවන්නේ මාරකේ නම් වැදි ගම්මානයේ දීය. විමලධර්ම නරේන්ද්‍රසිංහ රජු මෙම වැදි ගම්මානයට පැමිණි විට වැද්දන් හත් දහසක් පමණ ඔහුගේ රාජ්‍යත්වය පිළිගෙන ඔහුට එක් වී ඇත.

    සිංහලයාට ඉතිහාසයේ සෑම විටම පරාජය උරුම කල, පාවාදීමක් මෙහිදීත් සිදුවිය. ගනේගොඩ දිසාවේ අභිනව රජු පිළිබඳ විස්තර සියල්ල ඉංග්‍රීසීන්ට දැනුම් දී සිටියේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු සෙබල පිරිසක් සමඟ පැමිණ විමලධර්ම නරේන්ද්‍රසිංහ රජු ක්‍රි.ව. 1820 ජනවාරි 12 දී අත්අඩංගුවට ගෙන ඉංග්‍රීසීන්ට භාර කොට ඇත. කෙටි නඩු විභාගයකින් පසුව, විමලධර්ම නරේන්ද්‍රසිංහ සිංහලේ රජු 1818 කැරැල්ලේ සටන්කාමීන් පිටුවහල් කල මුරුසි දිවයිනටම පිටුවහල් කර ඇත.

    රජු අහිමිවීමෙන්, අරගලය නැවතුනේ නැත. මහවේ දිසාවේ අරගලයේ බර තම කර මතට ගෙන සටනට අවතීර්ණ විය. වැදි සටන්කාමීන් සමඟ මාතලේ දිසාවේ බලය අත්පත් කරගත් ඔහු සබරගමුවටද තම අණසක පතුරවන්නට සමත් විය.

    එහිදී, කපිතාන් විලියම් ඔනිල්, එක්නැලිගොඩ දිසාවේ සමඟ එක්ව මහවේ දිසාවේ පරාජයට පත් කොට, ඔහු ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට කටයුතු කර ඇත. දේශයේ උස් නිදහස වෙනු සිංහලයන් එසවූ ධජය 1818 දී ගිලිහී බිම වැටුණු පසු එය අසුලාගත් දේශප්‍රේමී වැදි ජනයන් ජීවිත පරිත්‍යාගයෙන් සිදු කල සටන අවසන් වන්නේ එලෙසිනි. එහිදී දිවි පිදූ වැදි ජනතාවගේ මුතුන්මිත්තන්ට ඉතිහාසය තුල සාධාරණයක් ඉටුවිය යුතුමය.


    © Kokila Gihan Withanathanthri
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    Ai.......

    වැදි කැරැල්ල

    ආරම්භය සහ පසුබිම

    වැදි කැරැල්ල යනු ශ්‍රී ලංකාවේ වැදි ජනතාව විසින් සිදුකළ විශේෂිත විරෝධතා සහ සටන් මාලාවකි. මෙම කැරැල් වලට මුල් වන්නේ වැදි ජනතාවගේ ඉතිහාසය, සංස්කෘතිය, සහ ඔවුන්ගේ ජීවන රටාවට බලපෑ ආර්ථික, සමාජීය හා දේශපාලන බලපෑම් වේ. වැදි ජනතාව, ශ්‍රී ලංකාවේ ආදිවාසීන් ලෙස සැලකෙන අතර, ඔවුන්ගේ ජීවන රටාව වනජීවී හා ස්වභාවික සම්පත් මත රඳා පවතින අතරම, ඔවුන්ගේ ඉඩම් අයිතිවාසිකම් කෙරෙහි විශේෂ අවධානයක් දක්වයි.

    19 වන සියවසේදී සහ 20 වන සියවසේ මුල් භාගයේදී, බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමය යටතේ වැදි ජනතාවගේ ඉඩම් අයිතිවාසිකම් හා ජීවන රටාව බොහෝවිට අනතුරට ලක් විය. මෙම කාලයේදී බ්‍රිතාන්‍යයන් විසින් වනාන්තර කපා දැමීම, වතුයාය සංවර්ධනය කිරීම, සහ නීතිමය පාලන ක්‍රම හඳුන්වා දීමෙන් වැදි ජනතාවගේ සාම්ප්‍රදායික ජීවන රටාව බිඳවැටිණි.

    1848 කැරැල්ල සමඟ සම්බන්ධතාවය
    1848 කැරැල්ල (Matale Rebellion) යනු ශ්‍රී ලංකාවේ සිංහල ගොවි ජනතාව විසින් බ්‍රිතාන්‍ය ආණ්ඩුවට එරෙහිව කළ විශාල විරෝධයක් වූ අතර, එහිදී වැදි ජනතාවද සෘජුව හෝ අපෘජුව සම්බන්ධ වී තිබිය හැක. 1848 කැරැල්ලෙන් පසු බොහෝ සිංහල ගොවි ජනතාව වනාන්තරයට පලාගොස් වැදි ජනයා සමඟ එකතු වී සිටි බව කියවේ. මෙම තත්ත්වය තුළින් වැදි ජනතාව සහ සිංහල ගොවි ජනතාව අතර සංස්කෘතික හා සමාජීය සම්බන්ධතා වැඩි විය.
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    කැලැ කපලා තෙ දලු වවපු එකෙන් ගොඩ අවා නෙද කලු අඩු කුලෙ එවුන්?
    ඒ කාලෙ හාල් පිටරටින් ගෙන්නන්න ඕනෙ වුණේ නෑ පොන්ස්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,860
    113
    සුද්දෝ ලක්ෂ ගණන් ආවේ නැහැ නේද? මෙහෙ එවුන් තමයි උන්ට ගොට්ට අල්ලලා රට පාවලා දුන්නේ...
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,454
    113
    Colombo, Sri Lanka
    අතීතයේ යුද්ද වලට වැද්දෝ ගොඩක් සහය දීල තියනව. සමාජයේ තැනක් තිබිල තියනව
    කෙටේරියෙන් වෙන්න ඇති වැඩේ දෙන්න ඇත්තේ, නේද අය්යේ