ඉතිහාසයේ දිනක මෙසේ සිදු විය ...

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉතිහාසයේ දිනක මෙසේ සිදු විය ...

    ඉතිහාසයේ දිනක මෙසේ සිදු විය ...

    11082546_1620898128147862_2292780193885658752_n.jpg



    ලෝකයේ කොතැනක හෝ ජනතාවගේ නිදහස වෙනුවෙන් ඇතිවූ අරගලයන් සියල්ලම ධනේශ්වර ඒකාධිකාරී පාලකයන්විසින් මෘග ලෙස මර්ධනය කරවූ අවස්තාවන්ගෙන් ලෝක ඉතිහාසය පිරී පවතී. පුරාතන වහල් හිමි සමාජයේ සිට මේ දක්වාම පීඩිතයින් තලා පෙලා මරා දැමීමට පීඩක පන්තිය කිසි දිනක පසු බට නොවීය.

    එහෙත් රුදුරු මර්ධනය අභියස දෙයත් බැඳ නිහඬ වූ අවස්තාවන් ඉතිහාසයේ විරලය. මිනිසුන් තම නිදහස වෙනුවෙන් හිස් මිටින් හෝ සතුරා සමග සටන් වැදුණු බව අපි දනිමු. එවන් මිනිසුන්ගෙන් ලෝක ඉතිහාසය විචිත්‍රවී ඇත. ඉතිහාසය විසින්ම එවැනි කාල වකවානුවලට උචිත මිනිසුන් බිහි කළේය. 19 වන සියවස ආරම්භයේදීම ජර්මානු පාලකයන් ගේ දරුණු මර්ධනයට එරට කොමියුනිස්ට් ව්‍යාපාරය හා එහි සාමාජිකත්වය ලක් විය. බොහෝ සමාජවාදී අරගල කරුවන් පාලකයන්ගේ සුවච කීකරු හමුදාවන්, පොලිසි අතින් මරු මුවට පත් විය. විශේෂිත කරුණ වන්නේ මියයන ..දිවිපුදන සෑම කොමියුනිස්ට්වාදියෙක්ම මරණය ඉදිරියේ නොපැකිලිව, එඩිතරව වෙඩි උණ්ඩයට ලය දීමය.

    මෙම චායාරුපයෙන් දිස් වන්නේ 1919 දිනක ජර්මනියේ මියුනිච් නගරයේදී අත්අඩංගුවට ගත් කොමියුනිස්ට් වාදියෙකු සිය මරණයට එඩිතරවමුහුණ දී, තම සගයින්ට විප්ලවීය සදාචාරය ජීවනාදර්ශයකින් කියා දෙමින් මියයන අයුරුයි..



    ලෝකය සියල්ලන්ටම යහපත් වනතෙක් සටන් දිගටම ඇදී යනුඇත. එකෙක් පසුපස තවකේක් ඔහු පසුපස තවකෙක් ඉදිරියටත් අන්ගත්යටත් සටන රැගෙන යුනු අත. ඒවා අවසාන වන්නේ විමුක්තියෙන් පමණි. අද අප හා එක නොවන්නන් හෙට එක වනු අත හෙට එක නොවන්නන් පසු දිනයේ එක්වනු ඇත. ලොව මිට වඩා සුන්දර වූ දිනයක අප තේරුම් නොගත් මිනිසුන් අපව ත්රුම් ගැනු අත. එදාට ඔවුන් අපට වඩා කැපකිරීම් කිරීමට ඉදිරිපත් වනු ඇත. වඩ වඩාත් ආදරය කරනු ඇත
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ලොව මිට වඩා සුන්දර වූ දිනයක අප තේරුම් නොගත්තං අපව ත්රුම් ගැනු අත. එදාට ඔවුන් අපට වඩා කැපකිරීම් කිරීමට ඉදිරිපත් වනු ඇත. වැඩ වඩාත් ආදරය කරනු ඇත